මේක 1990 ගණන් වල වෙච්චි සිද්ධියක්.
පේරාදෙණිය කැම්පස් එකේ lecturer කෙනෙක් දවසක් නුවර බස් ස්ටෑන්ඩ් එක පැත්තට ගිණි අවුවේ ඇවිදගෙන යද්දී මිනිහට වෙලාව දැනගන්න ඕන වුනත් අතේ ඔරලෝසුවක් දාගෙන හිටියේ නැති හින්දා කාගෙන් හරි වෙලාව අහගන්න ඕන කියලා හිතාගෙන වට පිට බලද්දී පාර අයිනෙ කරත්තයක් නවත්තලා එකේ හෙවනට වෙලා බිම පාරේ කණ්ඩියට හේත්තුවෙලා ගිමන් අරින වයසක කරත්තකාරයෙකුගෙන්
"ලොකු උන්නැහේ දැන් වෙලාව කීයට විතර ඇතිද?"
කියලා ඇහුවා. කරත්තකාරයා පැත්තක තිබ්බ කෙවිට අතට අරගෙන හරකගෙ ඇට දෙක පොඩ්ඩක් හොල්ලලා
"දොළහයි පහයි"
කිව්වා. මේ යකා පිස්සෙක්ද කොහෙද කියලා හිතපු lecturer ඒ ලඟින් ඇවිදගෙන ගිය ඔරලෝසුවක් බැඳපු මිනිහෙකුගෙන් වෙලාව ඇහුවාම
"දොළහයි පහයි"
කිවුවා. lecturer කාරයට ටිකක් අවුල් වගේ
. කරත්තකාරයා හරකගෙ ඇට දෙක හොල්ලලා හරියටම වෙලාව කිවුවේ කොහොමද කියලා කුතුහලයක් ඇතිවුනා.
කරත්තකාරයා කණාවට වගේ වෙලාව කිවුවද දන්නේ නෑ කියලා හිතාගෙන ටික වෙලාවක් එහෙ මෙහෙ රස්තියාදු වෙලා ආයෙම සැරයක් අර කරත්තකාරයා ළඟට ගිහින්
"ලොකු උන්නැහේ දැන් වෙලාව කීයට විතර ඇතිද?"
කියලා ඇහුවා. කරත්තකාරයත් කලින් වතාවේ වගේ කෙවිටෙන් හරකගෙ ඇට දෙක හොල්ලලා
"දොළහයි තිස්පහයි"
කිවුවා. කලින් සැරේ වගේම lecturer ඒ ලඟින් ඇවිදගෙන ගිය ඔරලෝසුවක් බැඳපු මිනිහෙකුගෙන් වෙලාව ඇහුවාම
"දොළහයි තිස්පහයි"
කිවුවා. lecturer කාරයට හිතාගන්න බෑ. පුදුමයි!
මේ යකා මාර මිනිහෙක්නේ. මූව හරියටම test කරන්න ඕනේ කියලා හිතපු lecturer සෑහෙන වෙලාවක් රස්තියාදු වෙලා තුන්වෙනි වතාවටත් ඇවිල්ලා කරත්තකාරයාගෙන් වෙලාව ඇහුවා. කරත්තකාරයත් කෙවිටෙන් හරකගෙ ඇට දෙක හොල්ලලා
"එකයි දහයයි"
කිවුවා. lecturer ඒ ලඟින් ඇවිදගෙන ගිය ඔරලෝසුවක් බැඳපු මිනිහෙකුගෙන් වෙලාව ඇහුවාම
"එකයි දහයයි"
කිවුවා. හම්මට...
දැන් නම් කිසිම සැකයක් නෑ කරත්තකාරයා මොකක් හරි අමුතු සාත්තරයක් දන්න මිනිහෙක්. කොහොම හරි චාටුවෙන් මේ විදියට හරියටම වෙලාව කියන විදිහ අහලා දැනගන්න ඕන කියලා හිතපු lecturer, කරත්තකාරයා ළඟට කිට්ටුකරලා
"අනේ ලොකු උන්නැහේ ඔහොම හරකෙක්ගේ ඇට දෙක කෙවිටෙන් හොල්ලලා හරියටම වෙලාව කියන සාත්තරේ මටත් කියලා දෙන්න පුලුවන්ද?"
කියලා ඇහුවා. එතකොට කරත්තකාරයා මෙහෙම උත්තර දුන්නා.
"අනේ ඕකෙ අමුතු සාත්තරයක් නෑ මහත්තයෝ. අර ඈතින් පේන ඔරලෝසු කනුව මම මෙහෙම ඉද්දි මේ හරකගෙ ඇට දෙකට මුවාවෙලා හින්දා පේන්නේ නෑ. ඉතින් මම මේ කෙවිටෙන් උගේ ඇට දෙක පොඩ්ඩක් මෙහාට කරපුවාම මට ඔරලෝසු කණුව පේනවා. එහෙම බලලා තමයි මම වෙලාව කිවුවේ."
lecturer කාරයා සනිකව අතුරුදහන් වුනා

පේරාදෙණිය කැම්පස් එකේ lecturer කෙනෙක් දවසක් නුවර බස් ස්ටෑන්ඩ් එක පැත්තට ගිණි අවුවේ ඇවිදගෙන යද්දී මිනිහට වෙලාව දැනගන්න ඕන වුනත් අතේ ඔරලෝසුවක් දාගෙන හිටියේ නැති හින්දා කාගෙන් හරි වෙලාව අහගන්න ඕන කියලා හිතාගෙන වට පිට බලද්දී පාර අයිනෙ කරත්තයක් නවත්තලා එකේ හෙවනට වෙලා බිම පාරේ කණ්ඩියට හේත්තුවෙලා ගිමන් අරින වයසක කරත්තකාරයෙකුගෙන්
"ලොකු උන්නැහේ දැන් වෙලාව කීයට විතර ඇතිද?"
කියලා ඇහුවා. කරත්තකාරයා පැත්තක තිබ්බ කෙවිට අතට අරගෙන හරකගෙ ඇට දෙක පොඩ්ඩක් හොල්ලලා
"දොළහයි පහයි"
කිව්වා. මේ යකා පිස්සෙක්ද කොහෙද කියලා හිතපු lecturer ඒ ලඟින් ඇවිදගෙන ගිය ඔරලෝසුවක් බැඳපු මිනිහෙකුගෙන් වෙලාව ඇහුවාම
"දොළහයි පහයි"
කිවුවා. lecturer කාරයට ටිකක් අවුල් වගේ
. කරත්තකාරයා හරකගෙ ඇට දෙක හොල්ලලා හරියටම වෙලාව කිවුවේ කොහොමද කියලා කුතුහලයක් ඇතිවුනා.කරත්තකාරයා කණාවට වගේ වෙලාව කිවුවද දන්නේ නෑ කියලා හිතාගෙන ටික වෙලාවක් එහෙ මෙහෙ රස්තියාදු වෙලා ආයෙම සැරයක් අර කරත්තකාරයා ළඟට ගිහින්