මේකෙන් බේරුන උන් ඉන්නවනම් උන් තමයි වාසනාවන්තයෝ "ප්‍රීති කසානා " :)

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    ඉකිළිය, කිහිල්ල වගේ තෙතමනය රැඳෙන හැංගිච්ච තැන්වල බහුලව ඇතිවෙන එපාකරපු කැසිල්ලක් ඇති කරන රෝගයක් ගැනයි මේ.

    ඒ තමයි රිංග්වර්ම් කියල හඳුන්වන කැසිල්ල. කසන්න කසන්න ආස හිතෙන, සුවදායක බවක් දැනෙන, ඊටපස්සේ දැවිල්ලෙන් දුක් විඳවන මේ කැසිල්ල සාමාන්‍ය වහරෙදි කසානා කියලා තමා හඳුන්වන්නේ.

    මේ කැසිල්ල, ඉකිළිය, කිහිල්ල වගේ තෙතමනය රැඳෙන හැංගිච්ච තැන්වල බහුලව ඇති වෙනවා වගේම ඒ තැනින් නොනැවතී නියපොතු, යටිපතුල වගේ තැන්වලටත් පහර දෙන දිලීර රෝගයක්. සරලව කීවොත් “පුස් බැඳීමක්”. පොදුවේ මේ තත්ත්වයට රිංග්වර්ම් කියන්න හේතුව මේ “පුස්” නිසා ඇතිවන කැසිල්ලත් එක්ක හමේ පාට වෙනස්වෙලා කැඩිලා සම මතුපිට රවුම් හැඩයට කලාප හැදෙන නිසයි. මේ තත්ත්වයට වෛද්‍ය විද්‍යාලාත්මකව කියන්නේ ඩර්මැටොෆයිටෝසිස් Dermatophytosis කියලා. ලෙඩේ හදන අර පුස් වර්ගයට කියන්නේ Dermatophytes එහෙම නැත්නම් Tinea කියල.

    මේ දිලීර අපේ සිරුරේ විවිධ තැන්වල හැදිලා පැතිරිය හැකියි. විශේෂයෙන්ම පාසල් යන වයසේ, නැත්නම් දවසේ වැඩි වෙලාවක් රුකියාවේ ඉන්න වයසේ හුඟදෙනෙක් විඳවන “ඉකිළි” කැසිල්ල, නැත්නම් කළව ප්‍රදේශයේ ඉහළ ඇතිවන කැසිල්ල නම් කරන්නේ Tinea cruris කියලා. මේ කැසිල්ල ඔළුවේ, හිස් කබලේ ආවොත්, කෙස්ගස් හරි පහසුවෙන් ගැලවිලා ගිහින් රවුමට තට්ටය මතුවෙනවා. ඔය විදියට කකුලේ යටිපතුලේදී නියපොතුවල හෝ මුහුණෙදී පුස් බැඳිලා රවුම් හැදීමට හැකියි. මේ දිලිර ආසාදනය හරිම ඉක්මණට බෝවෙන්න හැකි ලෙඩක්, මිනිසුන් විතරක් නොවෙයි, ගෙදර ඉන්න පූසන්, බල්ලන් වගේ සුරතල් සතුන්ගෙනුත් ලෙඩේ එන්න පුළුවනි.

    මේ තත්ත්වය තමන්ට තිබෙන බව දැනගත්තොත් ඉක්මණින්ම වෛද්‍යවරයා හමුවෙලා විශේෂයෙන්ම මේ වෙලාවෙ දෙන ගාන ක්‍රීම් වර්ගය හරි විදියට ආලේප කරගන්න හැටි අහගෙන නිවැරදි උපදෙස් පිළිපැදීමෙන් සහනය ලබාගත හැකියි.

    මේ ලෙඩෙන් පරිස්සම් වෙන්න නම්, මුලින්ම තමන්ගේ ශාරීරික පවිත්‍රතාව හොඳින් පවත්වා ගත යුතුයි. මෙතනදි නාන ඇඟ හෝදන එක ගැන විතරක් නොවෙයි කියන්නේ ඊටපස්සේ හොඳට තෙත මාත්තු කරලා වියළා ගන්න එක ගැනත් අවධානය යොමුවිය යුතුයි. ඒ විතරද ඇඟ පිස්නා, පනාව වගේ තමන්ගේ දේවල් තවත් අයත් එක්ක බෙදාහදා ගන්නේ නැතිව පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. මොකද මේ දිලීර වර්ගය ප්‍රධානවම බෝවෙන්නේ ස්පර්ශය මඟින් නිසයි... ඊළඟ වැදගත් දේ තමන්ට මේ රෝග තත්ත්වය ඇත්නම් ඉක්මණින්ම නිසි ප්‍රතිකාර ගන්න එක. ප්‍රතිකාර ගන්න දවස් ටිකේවත් තමන්ගේ ඇඟළු, පිස්නා, ඇඳ රෙදි තවත් අය එක්ක හුවමාරු නොවෙන්න වෙනම තබා ගැනීම හුඟක් වැදගත්. ගෙදර සුරතලයට ඇති කරන සත්තු ගැනත් අවධානයෙන් ඉන්න. මේ වගේ සැකයක් ඇත්නම් ඉක්මණින් නිසි ෂැම්පු වර්ගයක් මඟින් ප්‍රතිකාරය පටන් ගන්න එක වැදගත්.

    මේ තත්ත්වයදැයි කියල සැකනම් ලැජ්ජ නොවී දොස්තර මහත්තයට කියන්න. සමහරු හිතනවා ඉකිළිවල, සමහරවිට වෘෂණ ආශ්‍රිතව මේ තත්ත්වය ඇතිවුණාම “මහ භයානක සමාජ රෝගයක්, කාටවත් කියන්න බැහැනේ කියල” නැහැ කලබල වෙන්න එපා. මේක එහෙම තත්ත්වයක් නොවෙයි. මේ තවත් අළුහම් වර්ගයක් විතරයි. අනෙක ලොකු පරික්ෂණ කරන්න වෙන එකකුත් නැහැ. මොකද අපේ වෛද්‍යවරුන්ට මේක බලපු ගමන් කියන්න පුළුවන්. හැබැයි ඕනනම් culture එකක් කරල වැඩිදුර හොයන්නත් පුළුවන්.

    හඳුනගත්තට පස්සේ ප්‍රතිකාරය විදියට ප්‍රතිදිලීරක ආලේපයක් anti fungal cream එකක් දේවි. හිසේ නම් ගැටලුව ෂැම්පු වර්ගයකුත් එක්කම, අඩුම තරමේ සති දෙකක් විතර දිගටම ආලේප කරන්න වෙනවා. මෙය සති හයක් විතර වෙනකම් වැඩිකරන්නත් පුළුවන්. ඊට අමතරව සමහරවිට මුඛයෙන් ගන්නට ගිලින පෙති විදියට ඖෂධ දෙන්නත් පුළුවන්. මෙහෙම දුන්නොත් ඒ බෙහෙත පල - අපල ගැන හරියට අහගන්න. ඒ වගේම බෙහෙත ගන්න කාලය තුළ සමේ පාට වෙනස් වීමක්, කහපාට ගතියක්, කෑම අප්පිරියාවක්, බඩේ අපහසුතාවක් ආවොත් සැළකිළිමත් වෙන්න. මොකද හුඟක් ප්‍රති දිලීර පෙතිවලින් අක්මාවට යම් තරමක ආපදාවක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා බෙහෙතත් එක්ක ඊට අදාළ වෛද්‍ය උපදෙස් හරියට ඉල්ල ගන්න එකත්, ඒ උපදෙස් හරියටම පිළිපදින එකත් තවත් ආපදාවකට ලක්වීම වළක්වා ගන්නට මගයි.
    ( අන්තර්ජාලය ඇසුරෙන්)
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,020
    8,805
    113
    In Your Heart
    448 deela vermox beepalla ,60 jarawal bon nathiwa..

    6months walin bona Vermox 500mg peththak ganna salli na kiyanne jivath wela wedak na kiyana ekai..

    Pharmacy wala aththa}}}}}}}}}}}}>>>>>>

    Alzel 400 wage gu jarawal 150%-200% Bonus
    Wermozin 500 100% Bonus

    Zentel 400 10% Bonus

    Vermox 500 0% Bonus ( Original badu)

    Indian anatha kukul brand kelinma pohora..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,507
    1
    62,307
    113
    Mother Earth
    😄😄 ලන්කට් නිතරම මාරු කරන්න ඕනෙ. මම ඒ කාලේ ලන්කට් ගන්න සල්ලි නැති නිසා එකම ලන්කට් එක දෙපැත්ත මාරු කර කර ඇන්දේ. දැන්නම් දවස් හතට ලන්කට් 7ක්‌ තියෙනවා. 😍
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    😄😄 ලන්කට් නිතරම මාරු කරන්න ඕනෙ. මම ඒ කාලේ ලන්කට් ගන්න සල්ලි නැති නිසා එකම ලන්කට් එක දෙපැත්ත මාරු කර කර ඇන්දේ. දැන්නම් දවස් හතට ලන්කට් 7ක්‌ තියෙනවා. 😍
    ඕක ඉතින් නොකරපු එකෙක් ලංකාවේ ඉන්නවද බන් :lol: හොද පිට දවස් දෙකයි නොපිට දවස තුනයි

    😄😄 ලන්කට් නිතරම මාරු කරන්න ඕනෙ. මම ඒ කාලේ ලන්කට් ගන්න සල්ලි නැති නිසා එකම ලන්කට් එක දෙපැත්ත මාරු කර කර ඇන්දේ. දැන්නම් දවස් හතට ලන්කට් 7ක්‌ තියෙනවා. 😍
    උබට කියක් තිබුනත් තාමත් උදේට ලෑස්ති වෙනකොට ඊයේ ඇදපු එක දකින්න තිබුනොත් අදත් මේකම අදිනවා අපරාදෙනේ කියල හිතෙන්නේ නැද්ද ? :lol:
    ------ Post added on Feb 16, 2024 at 5:15 PM
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    ඕක ඉකිලි වල හැදුණාම කියන්නේ ගිටාර් ගහනවා කියලා. 🤣

    කැම්පස් ගිහින් බෝඩිමේ වල හොස්ටල් වල නතර වුන හැම එකාටම හැදිලා ඇති මම හිතන්නේ.

    අපෙත් බෝඩිමේ එකෙක්ට තිබිලා කට්ටියටම බඩු බනිස් වුණා ඒ දවස්වල. කට්ටියම මාස ගානක් ගිටාර් ගහගහ හිටියේ හැදුනට පස්සේ.
    ප්‍රශ්නේ කියන්නේ ඔක්කෝටම හොඳ වෙනකම් එකෙක්ටවත් හොඳ වෙන්නේ නෑ. ආයි ආයී බෝවෙනවා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    ඉකිළිය, කිහිල්ල වගේ තෙතමනය රැඳෙන හැංගිච්ච තැන්වල බහුලව ඇතිවෙන එපාකරපු කැසිල්ලක් ඇති කරන රෝගයක් ගැනයි මේ.

    ඒ තමයි රිංග්වර්ම් කියල හඳුන්වන කැසිල්ල. කසන්න කසන්න ආස හිතෙන, සුවදායක බවක් දැනෙන, ඊටපස්සේ දැවිල්ලෙන් දුක් විඳවන මේ කැසිල්ල සාමාන්‍ය වහරෙදි කසානා කියලා තමා හඳුන්වන්නේ.

    මේ කැසිල්ල, ඉකිළිය, කිහිල්ල වගේ තෙතමනය රැඳෙන හැංගිච්ච තැන්වල බහුලව ඇති වෙනවා වගේම ඒ තැනින් නොනැවතී නියපොතු, යටිපතුල වගේ තැන්වලටත් පහර දෙන දිලීර රෝගයක්. සරලව කීවොත් “පුස් බැඳීමක්”. පොදුවේ මේ තත්ත්වයට රිංග්වර්ම් කියන්න හේතුව මේ “පුස්” නිසා ඇතිවන කැසිල්ලත් එක්ක හමේ පාට වෙනස්වෙලා කැඩිලා සම මතුපිට රවුම් හැඩයට කලාප හැදෙන නිසයි. මේ තත්ත්වයට වෛද්‍ය විද්‍යාලාත්මකව කියන්නේ ඩර්මැටොෆයිටෝසිස් Dermatophytosis කියලා. ලෙඩේ හදන අර පුස් වර්ගයට කියන්නේ Dermatophytes එහෙම නැත්නම් Tinea කියල.

    මේ දිලීර අපේ සිරුරේ විවිධ තැන්වල හැදිලා පැතිරිය හැකියි. විශේෂයෙන්ම පාසල් යන වයසේ, නැත්නම් දවසේ වැඩි වෙලාවක් රුකියාවේ ඉන්න වයසේ හුඟදෙනෙක් විඳවන “ඉකිළි” කැසිල්ල, නැත්නම් කළව ප්‍රදේශයේ ඉහළ ඇතිවන කැසිල්ල නම් කරන්නේ Tinea cruris කියලා. මේ කැසිල්ල ඔළුවේ, හිස් කබලේ ආවොත්, කෙස්ගස් හරි පහසුවෙන් ගැලවිලා ගිහින් රවුමට තට්ටය මතුවෙනවා. ඔය විදියට කකුලේ යටිපතුලේදී නියපොතුවල හෝ මුහුණෙදී පුස් බැඳිලා රවුම් හැදීමට හැකියි. මේ දිලිර ආසාදනය හරිම ඉක්මණට බෝවෙන්න හැකි ලෙඩක්, මිනිසුන් විතරක් නොවෙයි, ගෙදර ඉන්න පූසන්, බල්ලන් වගේ සුරතල් සතුන්ගෙනුත් ලෙඩේ එන්න පුළුවනි.

    මේ තත්ත්වය තමන්ට තිබෙන බව දැනගත්තොත් ඉක්මණින්ම වෛද්‍යවරයා හමුවෙලා විශේෂයෙන්ම මේ වෙලාවෙ දෙන ගාන ක්‍රීම් වර්ගය හරි විදියට ආලේප කරගන්න හැටි අහගෙන නිවැරදි උපදෙස් පිළිපැදීමෙන් සහනය ලබාගත හැකියි.

    මේ ලෙඩෙන් පරිස්සම් වෙන්න නම්, මුලින්ම තමන්ගේ ශාරීරික පවිත්‍රතාව හොඳින් පවත්වා ගත යුතුයි. මෙතනදි නාන ඇඟ හෝදන එක ගැන විතරක් නොවෙයි කියන්නේ ඊටපස්සේ හොඳට තෙත මාත්තු කරලා වියළා ගන්න එක ගැනත් අවධානය යොමුවිය යුතුයි. ඒ විතරද ඇඟ පිස්නා, පනාව වගේ තමන්ගේ දේවල් තවත් අයත් එක්ක බෙදාහදා ගන්නේ නැතිව පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. මොකද මේ දිලීර වර්ගය ප්‍රධානවම බෝවෙන්නේ ස්පර්ශය මඟින් නිසයි... ඊළඟ වැදගත් දේ තමන්ට මේ රෝග තත්ත්වය ඇත්නම් ඉක්මණින්ම නිසි ප්‍රතිකාර ගන්න එක. ප්‍රතිකාර ගන්න දවස් ටිකේවත් තමන්ගේ ඇඟළු, පිස්නා, ඇඳ රෙදි තවත් අය එක්ක හුවමාරු නොවෙන්න වෙනම තබා ගැනීම හුඟක් වැදගත්. ගෙදර සුරතලයට ඇති කරන සත්තු ගැනත් අවධානයෙන් ඉන්න. මේ වගේ සැකයක් ඇත්නම් ඉක්මණින් නිසි ෂැම්පු වර්ගයක් මඟින් ප්‍රතිකාරය පටන් ගන්න එක වැදගත්.

    මේ තත්ත්වයදැයි කියල සැකනම් ලැජ්ජ නොවී දොස්තර මහත්තයට කියන්න. සමහරු හිතනවා ඉකිළිවල, සමහරවිට වෘෂණ ආශ්‍රිතව මේ තත්ත්වය ඇතිවුණාම “මහ භයානක සමාජ රෝගයක්, කාටවත් කියන්න බැහැනේ කියල” නැහැ කලබල වෙන්න එපා. මේක එහෙම තත්ත්වයක් නොවෙයි. මේ තවත් අළුහම් වර්ගයක් විතරයි. අනෙක ලොකු පරික්ෂණ කරන්න වෙන එකකුත් නැහැ. මොකද අපේ වෛද්‍යවරුන්ට මේක බලපු ගමන් කියන්න පුළුවන්. හැබැයි ඕනනම් culture එකක් කරල වැඩිදුර හොයන්නත් පුළුවන්.

    හඳුනගත්තට පස්සේ ප්‍රතිකාරය විදියට ප්‍රතිදිලීරක ආලේපයක් anti fungal cream එකක් දේවි. හිසේ නම් ගැටලුව ෂැම්පු වර්ගයකුත් එක්කම, අඩුම තරමේ සති දෙකක් විතර දිගටම ආලේප කරන්න වෙනවා. මෙය සති හයක් විතර වෙනකම් වැඩිකරන්නත් පුළුවන්. ඊට අමතරව සමහරවිට මුඛයෙන් ගන්නට ගිලින පෙති විදියට ඖෂධ දෙන්නත් පුළුවන්. මෙහෙම දුන්නොත් ඒ බෙහෙත පල - අපල ගැන හරියට අහගන්න. ඒ වගේම බෙහෙත ගන්න කාලය තුළ සමේ පාට වෙනස් වීමක්, කහපාට ගතියක්, කෑම අප්පිරියාවක්, බඩේ අපහසුතාවක් ආවොත් සැළකිළිමත් වෙන්න. මොකද හුඟක් ප්‍රති දිලීර පෙතිවලින් අක්මාවට යම් තරමක ආපදාවක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා බෙහෙතත් එක්ක ඊට අදාළ වෛද්‍ය උපදෙස් හරියට ඉල්ල ගන්න එකත්, ඒ උපදෙස් හරියටම පිළිපදින එකත් තවත් ආපදාවකට ලක්වීම වළක්වා ගන්නට මගයි.
    ( අන්තර්ජාලය ඇසුරෙන්)
    Biprogent කියලා ක්‍රීම් එකක් තියෙනවා
    සල්ෆර තියෙන ඒක පට්ට... ඔය ලෙඩේට
     
    • Like
    Reactions: NRTG

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    ඕක හොද උනාමත් ඉතුරු වෙන කලු පැල්ලම් යවන්න විදිහක් තියේනවද? ඔලිව් ඔයිල් වලට නම් යනවලු. ඇත්තද
     
    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    448 deela vermox beepalla ,60 jarawal bon nathiwa..

    6months walin bona Vermox 500mg peththak ganna salli na kiyanne jivath wela wedak na kiyana ekai..

    Pharmacy wala aththa}}}}}}}}}}}}>>>>>>

    Alzel 400 wage gu jarawal 150%-200% Bonus
    Wermozin 500 100% Bonus

    Zentel 400 10% Bonus

    Vermox 500 0% Bonus ( Original badu)

    Indian anatha kukul brand kelinma pohora..
    Prescription එකක් නැතුව දෙනවද
     
    • Like
    Reactions: NRTG

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    මේක අනිවාර්යෙන්ම චර්ම රෝග ඩොකෙක්ට පෙන්නලාම බෙහෙත් ගන්න ඕනේ එකක් . හැමෝටම එකම බෙහෙත හරි යන්නේ නැ . ඒ නිසා අනිවාර්යෙන් පෙන්නලාම තමයි බෙහෙත් ගන්න වෙන්නේ . ගොඩ වෙදකම් නම් මලා ට හරියන්නේ නැ @pitiye.appu
     
    • Like
    Reactions: NRTG