මේක උස්සපු එකක්
මචන්ලා... බුකියේ සැරිසරනකොට පට්ට දෙයක් දැක්කා.. දෙයක් කිව්වට මේක නිසදැසක්.. බොක්ක ගැලවිලා කුඩුවෙලා යන තරමටම වැදුණු නිසා share කරගන්න හිතුනා..
පොඩ්ඩක් කියවලා බලපන්. මාරම ගති.. සියලුම තුති මුල් රචකයාට හිමිවිය යුතුයි.. 

එදා වාගේම අදත් ඉදහිට හිනි පොද වැටෙනවා
පාලු මොහොතක ලගින් නුබ නැති අඩුව හොදටම දැනෙනවා
හිතේ නුබ ඉද හිස්ව ගිය තැන දැනුත් උණුහුම තියෙනවා
අතීතය සිහිවන වෙලාවට තාම මගේ හිත රිදෙනවා....

වැටෙන සරසවි කදුලු සගවන් අදත් ගංදිය යයි ගලා
නුවර සරසන අහස පෙරසේ අදත් ඇත නොසැලී බලා
සිහින පොඩි කර දමා විසිකර ගියත් නුබ සෙනෙහස පෙලා
මසිත පාරන සොදුරු මතකය දරාගමි සුසුමක් හෙලා....

දවස් එකිනෙක ගෙවීගෙන ගොස් දැන් මතකයන් වයසට යති
එදා අප ගිය මාවතේ තව පෙම්වතුන් ඇවිදන් එති
නුබට පෙම්කර වින්ද දුක දැන් නුවරටත් අමතක ඇති
නුබත් සොදුරිය කොහේ හෝ මේ අහස යට සතුටින් ඇති....