කූඹියා දෙවනි කොටස වගේ. සියළුදේම වුනේ හරියට ලස්සනට ලියපු script එකක් වගේ. අන්තිමට පැරදුන රනිල් ජාතික ලයිස්තුවෙන් ඇවිල්ලා රටේ අගමැති වුනා. රනිල්ට පක්ෂ භේදයක් නෑ. තිබුනෙ එකම ප්රශ්නය තමන්ට වඩා දක්ෂ කෙනෙක් මතුවී ජනප්රිය වීමය. ඔහු දක්ෂයි ඒවගේ අය කපල දාන්න. ඒ විතරක් නෙමෙයි, රනිල් යනු "එලී කොහෙන්" (Eli Cohen https://bit.ly/3sqNEVG) වගේ බටහිර ඔත්තු සේවයක ස්ථිර රූකඩයෙක් වැනිය. NASA, Microsoft, Google, SpaceX පවා ඉහල පෙලේ උගතුන් වැඩකරන අපේ රටේ මිනිස්සු ඉදියත්, තාමත් අපිට රනිල්ලා මහා වැඩ කාරයෙකි. හැබයි රනිල් කොහම හරි එන සතියක් වෙනකොට ගෑස්, තෙල්, විදුලිය ප්රශ්නය විස දෙනවා. අවු දෙකක් යනකොට ඩොලර් සංචිතය බිලියන 2-3 ක්වත් කරයි. එතකොට දැනට කට්ට කන උඔලට රනිල්ව හීරෝ කෙනෙක් වෙනවා. සියළු දේම අමතක වෙනවා. රාජපක්ෂලාත් අමතක වෙනවා. තව අවුරුද්දක් යනකොට නාමල් විපක්ෂ නායකයත් වෙන්න පුළුවන්. කැලෑ පැන්න ජොනියත් තව ටික දවසකින් ආයෙත් කරලියට එනවා. පව් අරගලයෙන් මැරිච්ච මිනිස්සු. ඔය රට කවදාවත් හැදෙන්නෙ නෑ උඔලට තුන්වෙනි ඇසක් නැත්නම් දේශපාලනය ගැන. මේ ටික කාලයට රනිල් ඉන්න එක හොද වෙන්න පුළුවන්. ඒත් ඊළග ඡන්දයටවත් අළුත් පක්ෂයකින් හොද, දක්ෂ, ආර්ථික හා තාක්ෂණික විෂයන් ගැන මනා දැුමක් අත්දැකීමක් ඇති අළුත් මුහුණු අය විතරක් ඡන්ද අපේක්ෂක් බවට පත් කරන්න දැන්වත් අරගලය කරන්න පටන් ගනිල්ලා. නැත්තම් හැමදාමත් ජොනී, විමල්, රත්තරන්, දුමියලා වැනි හොරු දේශපාලනයේ වැජබෙනවා.
