බස්නාහිරින් ගිය අය සති දෙකක් නිරෝධායනයට
October 31, 2020 08:03 am
පසුගිය 29 සහ 30 යන දෙදින තුළ බස්නාහිර පළාතෙන් බැහැරට ගිය පුද්ගලයින්ව, දැනට ඔවුන් රැඳී සිටින ස්ථානයේදීම දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කරන බව පොලීසිය පවසයි.
අද (31) උදෑසන “දෙරණ අරුණ“ සමග එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසා සිටියේ, සමාජ මාධ්‍ය තුළ බස්නාහිර පළාතෙන් පිටවීම පිළිබඳ අදහස් පළකර යම් යම් ලිපි පළකළ අය සම්බන්ධයෙන් ද මේ වන විට අන්තර්ජාලය හරහා මෙහෙයුමක් දියත් කර ඇති බවය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,
“ෆේස්බුක් එකේ ඉන්ස්ටර්ග්‍රැම්වල දාලා තිබුණා ‘අපි වෙලාවට පැන්නා‘ කියලා කට්ටිය. ඒ අය ගැන අන්තර්ජාලය හරහා අපි මෙහෙයුමක් දියත් කරලා තියෙනවා තාක්ෂණික සහය ලබාගෙන. ඔවුන්ගේ ඊමේල් හා ෆේස්බුක් ඇඩ්‍රස් අරගෙන. ඒ අයට එරෙහිවත් අපි ක්‍රියාකරනවා. මේක කැමැත්තෙන් නෙමෙයි කරන්නේ. නමුත් රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට නම් අනිවාර්යයෙන්ම මේ ක්‍රියාමාර්ග ගන්න වෙනවා. “
ප්‍රශ්නය - සඳුදා උදේ එනකොට කවදා ද මේ අය ගියේ කියලා කොහොම ද හඳුනා ගන්නේ ?
“පොලිස් වසමක තියෙන හේටල්වල නවාතැන්පොළවල්වල විස්තර පොලීසිය සතුව තියෙනවා. කළමනාකරුවන් කියන්න එපැයි තමන්ගේ ආයතනයට ආවේ කවද්ද කියලා. එහෙම කිව්වේ නැත්නම් ඒ හෝටලයේ කළමනාකරුවන් සම්පූර්ණයෙන්ම වරදක් කරනවා. අනිවාර්යයෙන්ම ආපු දිනේ කියන්න ඕනේ. 29 හෝ 30 හරි ඇවිල්ලා තියෙනවා නම් ඒ අයගේ පොත් මේන්ටේන් කරන්න ඕනේ එන යන අය ගැන. ඇත්ත කිව්වේ නැත්නම් ඒ අයට විරුද්ධවත් කටයුතු කරනවා. ඔවුන්ගෙන් විස්තර අරන් වැඩිදෙයක් කරන්නේ නෑ. ඉන්න ස්ථානයේ ම දින 14ක් තියනවා.“