මේක දැක්කද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    බස්නාහිරින් ගිය අය සති දෙකක් නිරෝධායනයට
    October 31, 2020 08:03 am



    පසුගිය 29 සහ 30 යන දෙදින තුළ බස්නාහිර පළාතෙන් බැහැරට ගිය පුද්ගලයින්ව, දැනට ඔවුන් රැඳී සිටින ස්ථානයේදීම දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කරන බව පොලීසිය පවසයි.
    අද (31) උදෑසන “දෙරණ අරුණ“ සමග එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසා සිටියේ, සමාජ මාධ්‍ය තුළ බස්නාහිර පළාතෙන් පිටවීම පිළිබඳ අදහස් පළකර යම් යම් ලිපි පළකළ අය සම්බන්ධයෙන් ද මේ වන විට අන්තර්ජාලය හරහා මෙහෙයුමක් දියත් කර ඇති බවය.
    මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,
    “ෆේස්බුක් එකේ ඉන්ස්ටර්ග්‍රැම්වල දාලා තිබුණා ‘අපි වෙලාවට පැන්නා‘ කියලා කට්ටිය. ඒ අය ගැන අන්තර්ජාලය හරහා අපි මෙහෙයුමක් දියත් කරලා තියෙනවා තාක්ෂණික සහය ලබාගෙන. ඔවුන්ගේ ඊමේල් හා ෆේස්බුක් ඇඩ්‍රස් අරගෙන. ඒ අයට එරෙහිවත් අපි ක්‍රියාකරනවා. මේක කැමැත්තෙන් නෙමෙයි කරන්නේ. නමුත් රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට නම් අනිවාර්යයෙන්ම මේ ක්‍රියාමාර්ග ගන්න වෙනවා. “
    ප්‍රශ්නය - සඳුදා උදේ එනකොට කවදා ද මේ අය ගියේ කියලා කොහොම ද හඳුනා ගන්නේ ?
    “පොලිස් වසමක තියෙන හේටල්වල නවාතැන්පොළවල්වල විස්තර පොලීසිය සතුව තියෙනවා. කළමනාකරුවන් කියන්න එපැයි තමන්ගේ ආයතනයට ආවේ කවද්ද කියලා. එහෙම කිව්වේ නැත්නම් ඒ හෝටලයේ කළමනාකරුවන් සම්පූර්ණයෙන්ම වරදක් කරනවා. අනිවාර්යයෙන්ම ආපු දිනේ කියන්න ඕනේ. 29 හෝ 30 හරි ඇවිල්ලා තියෙනවා නම් ඒ අයගේ පොත් මේන්ටේන් කරන්න ඕනේ එන යන අය ගැන. ඇත්ත කිව්වේ නැත්නම් ඒ අයට විරුද්ධවත් කටයුතු කරනවා. ඔවුන්ගෙන් විස්තර අරන් වැඩිදෙයක් කරන්නේ නෑ. ඉන්න ස්ථානයේ ම දින 14ක් තියනවා.“


     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දඩ ආදායමක් ගන්න නම් හොඳයි. පැතිරීම ගැන මීට වඩා හිතන්න තිබුනා මුලින්. දුවපං කියලා අල්ලන්න පස්සෙන් දුවනවා වගේ වැඩක් මේ. අනික මේ අය අල්ලන්න පොලිසියේ වැඩි හරිය දාන්න වෙයි. Facebook check කරන්නත් එක්ක
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,057
    1
    11,093
    113
    Mona gon huththalada ban me decision ganne.. yanna arala passe allanawa.. tom and jerry wage sellan karanawa mama hithanne minissu ekka.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Mona gon huththalada ban me decision ganne.. yanna arala passe allanawa.. tom and jerry wage sellan karanawa mama hithanne minissu ekka.
    හා හා ඒ ඉස්සර ,
    දැන් එහෙම වෙන්නේ නෑ

    අරය තමා කිව්වේ :rolleyes2:

    දඩ ආදායමක් ගන්න නම් හොඳයි. පැතිරීම ගැන මීට වඩා හිතන්න තිබුනා මුලින්. දුවපං කියලා අල්ලන්න පස්සෙන් දුවනවා වගේ වැඩක් මේ. අනික මේ අය අල්ලන්න පොලිසියේ වැඩි හරිය දාන්න වෙයි. Facebook check කරන්නත් එක්ක
    phi will do the job
    pita gam wala inna ahala pahala minissu dan PHI lata serama wisthara kiyala thiyenne
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    phi will do the job
    pita gam wala inna ahala pahala minissu dan PHI lata serama wisthara kiyala thiyenne

    ඕන නැති වැඩනෙ මේවා. Phi ලට වැඩ නැත්නම් කමක් නෑ මෙහෙම හොරා පොලිස් කර කර ඉන්න.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Me kattiya allanne kohomada? boru katha.

    බස්නාහිර පලාත තුල සේවය කර වතුකරයේ තම නිවාස වලට පැමිණ සිටි පස් දෙනෙකු සහ ඔහුන්ගේ පවුලේ සමාජිකයන් (31) දින ස්වයං නිරෝධානයට යොමු කල බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස්. මැදවෙල මහතා පැවසිය.

    වැල්ලවත්ත ,මට්ටකුලිය යන ප්‍රදේශවල රැකියා වල නිතරව සිට (30) දින මෙම පිරිස හැටන් දික්ඔය, නොර්වුඩ් සහ හැටන් කොටගල යන ප්‍රදේශවලට පැමිණ ඒ පිලිබදව හැටන් පොලිසියේ නිලධාරින්ට හෝ නගර සභාවේ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දිමකින් තොරව සැගවි සිටියදි ප්‍රදේශවාසින්ගෙන් ලද තොරතුරක් මත මෙම පිරිස සොයාගැනිමට හැකි වු බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේය.

    තම බලප්‍රදේශයෙන් පිටත වතුකරයට පැමිණ සැගවි සිටින පිරිස සම්බන්ධයෙන් ඔහුන් පදිංචිව සිටින බලප්‍රදේශයේ පොලිසියට දැනුම් දිමට කටයුතු කරන බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා පැවසිය.