මේක නම් මාර කෑමකි....ක‍්‍රිකට් ගහන ජනාධිපති&#3

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    මේක නම් මාර කෑමකි....ක‍්‍රිකට් ගහන ජනාධිපති&#3

    [FONT=Malithi_Web]මේක නම් මාර කෑමකි....


    [/FONT]
    [FONT=Malithi_Web]වැඩි දෙනා නො දන්නවාට ශ‍්‍රී ලංකාවට ලොකු අඩුපාඩුවක් ඇත. ඒ තමයි ක‍්‍රිකට් ගහන ජනාධිපතිවරයකු මෙහි නොසිටීම. ශ‍්‍රී ලංකාව යනු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ රටකි. එවැනිම ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ රටක් වූ පාකිස්තානයට ක‍්‍රිකට් ක‍්‍රීඩක අගමැතිවරයකු (ඉම්රාන් ඛාන්* පසුගියදා ලැබිණ. අපේ රටේ ඊළඟ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු (කුමාර් සංගක්කාර* පත් කරන්නට සමහර පාර්ශ්ව කැමැත්තෙන් සිටියත් කුමාර් සංගක්කාර එයට එකහෙළාම විරුද්ධ විය. අපට ක‍්‍රිකට් ගහන ජනාධිපතිවරයකු සිටියේ නම් ඔහු මෙහි සිට බෝලයට වේගවත් පහරක් එල්ල කරන විට අගමැති ඉම්රාන් ඛාන්ට පාකිස්ථානයේ සිට එම බෝලය ඇල්ලිය හැකිය. එය රාජ්‍යතාන්ත‍්‍රික කැච් එකකි!

    **** **** **** ****

    ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග පවත්වන විට ඒවායේ රූපවාහිනි විකාශන අයිතිය රුපවාහිනි විකාශනායතන වලට විකුණනු ලැබේ. මේ විකිණීම බොහෝ විට සිදුවන්නේ වෙන්දේසියක් හරහා ය. මේ වෙන්දේසිවල ලන්සුව තුන් ඈවර කරන විට ගිවිසගත් මුදලින් 10% ක් එවෙලේම ගෙවිය යුතුය. තව 40% ක් මැච් එකට මාස 2 කට පෙර ගෙවිය යුතුය. ඉතිරි 50% මැච් එක ගැසීමට මාසයකට පෙර ගෙවා අවසන් කළ යුතුය. සමහර අවස්ථාවලදී ඉහත සඳහන් ගෙවීම් අනුපාතවල ප‍්‍රමාණයන් වෙනස් වීමට ඉඩ ඇත. වාරික වලින් මුදල් ගෙවන කාල පරාසයේ වෙනසක් විය හැකිය. එසේ වුවද ක‍්‍රීඩා තරග, විකාශන අයිතිය පිළිබඳ වෙන්දේසිවල ලන්සු තුන් ඈවර කළ පසු එළඹෙන තත්ත්වය මේ හා සමානය.

    ලබන මස ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන එංගලන්ත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තරගයේ විකාශන අයිතිය මිලට ගන්නා ලද්දේ Sonyliv ආයතනය මගිනි. ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ, මුම්බායි නගරයේ පිහිටුවා ඇති Sony Pictares Networks India (Pvt) Ltd සමාගමේ බද්ධ ව්‍යාපාර වස්තුවක් වන Sonylive සමාගම පසුගියදා පැවැති එංගලන්ත ක‍්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය ද වෙන්දේසියකින් මිලට ගත් කීර්තිමත් සමාගම ය. ඔවුන් ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන එංගලන්ත ක‍්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය මිලට ගත්තේ ඩොලර් මිලියන 11කට ය. එය මෙරට මුදලින් රුපියල් කෝටි 200 ඉක්මවන මුදලකි. මේ මුදලින් 50% ක් සෝනි ආයතනය විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ගෙවා ඇති බව දැන ගන්නට තිබේ. ඒ අනුව ගෙවීමට ඉතිරිව තිබුණේ තවත් 50% කි. එනම් ඇමරිකන් ඩොලර් පනස්පන් ලක්‍ෂයක් හෙවත් මිලියන 5.5 (රුපියල් කෝටි 100 ක් පමණ* කි. මේ මුදල අහවල් දවස වන විට ක‍්‍රිකට් ආයතනයට එන බව දැන සිටි පුද්ගලයෙක් විය. ඒ වූ කලී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ එකවුන්ටන් ය. එකවුන්ටන් කළේ කුමක්ද? ීදබහකසඩැ ආයතනයට කතා කර පෙරකී ඩොලර් පනස්පන් ලක්‍ෂය පිටරට බැංකුවක

    ගිවිසුමකට බැර කරන ලෙස දැන්වීමය. එකවුන්ටන් එවැනි ඉල්ලීමක් කළේ ඇයි? එයට උත්තර වශයෙන් පහත සඳහන් උපකල්පනයන් කිරීමේ අයිතිය අපට තිබේ. එනම්

    1. ීදබහකසඩ සමාගම මේ එකවුන්ටන්ගෙන් කලකට පෙර ඩොලර් පනස්ලක්‍ෂයක් ණය වශයෙන් ලබා ගෙන තිබීම නිසා ලංකාවට ගෙවිය යුතු මුදලින් එම මුදල පියවා ගැනීමට එකවුන්ටන් කල්පනා කිරීම.

    2. ීදබහකසඩ සමාගම ඩොලර් පනස්පන් ලක්‍ෂයේ ඒවායින් දුප්පත් මිනිසුන්ට ආධාර කරන බවට ව්‍යාජ ආරංචියක් පැතිර යෑම සහ එකවුන්ටන් එම බොරු ආරංචියට හසු වී ීදබහකසඩ සමාගමෙන් මුදල් ඉල්ලීම.

    3. ඩොලර් පනස්පස් ලක්‍ෂය බැංකුවේ දැමූ විට මාසයකට රුපියල් කෝටි දෙක තුනක පොලියක් එන නිසා එම මුදල ක‍්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයට වියදම් කිරීමට එකවුන්ටන් සැලසුම් කිරීම. ඉන්පසු ඩොලර් පනස්පන්ලක්‍ෂය බැංකුවෙන් ඇද ක‍්‍රිකට් ආයතනයේ ගිණුමට දමා කිසිත් නොවුණා සේ කරබාගෙන සිටීම.

    ඉහත සඳහන් උපකල්පනයන් තුනෙන් එකක් නිවැරැදිය. එකී නිවැරැදි උපකල්පනය කුමක්ද යන්න පාඨකයා තේරුම් ගන්නා බව අපට නිසැකය.

    මේ එකවුන්ටන්ට දැන් සිදු වී ඇත්තේ කුමක් දැයි බලමු. ඉහත සඳහන් සිද්ධිය පත්තු වූ දිනයේ දී එකවුන්ටන් වැඩට ආවේ නැත. ඊළඟ දිනයේ දී ඔහු වැඩට පැමිණිපසු ක‍්‍රිකට් ආයතනයේ ම වෙනත් අංශයකට මාරු කරන ලදී. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය යනු බුලත් විට කඩයක් හෝ සුරුට්ටු දුම්කොළ කඩයක් නොව ආණ්ඩුවට අයිති දේපළකි. මෙය පෞද්ගලික පරිපාලනයක් යටතට මුදාහරින ලද්දේ ආණ්ඩුවේ ආයතනයක තිබෙන හිඟන ස්වභාවය, වැටකොළු පරිපාලනය සහ පතෝල ප‍්‍රතිපත්තිය යනාදී වූ පරාභවයට බර කාරණාවලින් එය ගලවා ගැනීමටය. ඒ අනුව කළ යුතුව ඇත්තේ එකවුන්ටන් වෙනත් අංශයකට මාරු කිරීම නොව පොලිසියට භාර දී රිමාන්ඞ් කරවීමය. මෙය ඉතා භයානක ලෙස මුදල් අවභාවිත කිරීමකි. ප‍්‍රතිමාවක් හැදුවා යැයි කියා ගෝඨාභය රාජපක්‍ෂ එල්ලූම් ගස් යැවීමට සැරසෙන ආණ්ඩුව කළ යුත්තේ මෙවැනි සොරුන් අල්ලා උල තැබීමය. එය වුවද කල්පනාවෙන් කළ යුත්තකි. මන්ද යත්

    අළුගෝසුවාගේ ඇස් වසා, උල ගලවාගෙන ගොස් විකිණීමට මෙවැනි හොරුන්ට හැකි බැවිනි.

    [/FONT]
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කාලයක් තිබුනා අම්මගේ පෙන්ෂන් එක සබ් පෝස්ට් ඔෆිස් එකෙන් ගන්න ගියාම සල්ලි එවල නෑ කියලා හැරිලා එන....... පස්සේ පස්සේ කෝල් කරලම සල්ලි එන දවස කියන සීන් එකක් තිබුනා.
    බලන්ගියාම සබ් පොස්ට් ඔෆිස් එකේ ගෑනු කෙනා දවස් පොළියට සල්ලි දෙනවා........:baffled::baffled: නොදන්නා මිනිස්සු ආණ්ඩුවට බැන බැන ඉන්නවා........... පස්සේ වැඩේ තේරිලා පෙන්ෂන් එක බැංකුවට එන්න හදාගත්තා
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    කාලයක් තිබුනා අම්මගේ පෙන්ෂන් එක සබ් පෝස්ට් ඔෆිස් එකෙන් ගන්න ගියාම සල්ලි එවල නෑ කියලා හැරිලා එන....... පස්සේ පස්සේ කෝල් කරලම සල්ලි එන දවස කියන සීන් එකක් තිබුනා.
    බලන්ගියාම සබ් පොස්ට් ඔෆිස් එකේ ගෑනු කෙනා දවස් පොළියට සල්ලි දෙනවා........:baffled::baffled: නොදන්නා මිනිස්සු ආණ්ඩුවට බැන බැන ඉන්නවා........... පස්සේ වැඩේ තේරිලා පෙන්ෂන් එක බැංකුවට එන්න හදාගත්තා
    Post office එකේ ගෑනිව පොලිසියට අල්ලලා දෙන්න තිබ්බෙ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Post office එකේ ගෑනිව පොලිසියට අල්ලලා දෙන්න තිබ්බෙ
    වැඩේ වැරදි වුනත් අමාරුවේ දාන්න බෑ මචන්:dull::dull: පොඩි දරුවෝ ඉන්න තනියෙන් ඉන්න ගෑනියෙක්. අම්ම කොහොමත් වලියට යන්නේ නෑ එයා එයාගේ වැඩේ කාටත් කරදයක් නොවෙන්න කරගන්න කෙනෙක්. :)
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    වැඩේ වැරදි වුනත් අමාරුවේ දාන්න බෑ මචන්:dull::dull: පොඩි දරුවෝ ඉන්න තනියෙන් ඉන්න ගෑනියෙක්. අම්ම කොහොමත් වලියට යන්නේ නෑ එයා එයාගේ වැඩේ කාටත් කරදයක් නොවෙන්න කරගන්න කෙනෙක්. :)

    hukahan
     

    Similar threads