මේඝිය සුත්‍ර දේශනාව.

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මේඝිය සුත්‍ර දේශනාව.

    බුදු රජාණන් වහන්සේ වාලිකා නම් පුරවර වාලිකා නමින් වු පර්වත සමීපයෙහි වැඩ වසන සේක. ඒ දිනවල බුදු රජාණන් වහන්සේ සමග මේඝිය නමින් යුතු භික්ෂුන් වහන්‍සේ ද වැඩ සිටි අතර එහි වෙනත් කිසිවෙක් නොවීය. පසු දා උදෑසන මේඝිය තෙරණුවන් පාත්‍ර සිවුරු ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමීණ මෙසේ පවසන ලදි, "ස්වාමීණි භාග්‍යවතුන් වහන්ස මා ජන්තු නම් ගමට පිණ්ඩපාතය පිණිස වඩින්න යයි කියා අවසර ගෙන වැද නික්ම ගියේය.

    ජන්තු ගමෙහි පිඩු පිණිස වැඩම කල මේඝිය තෙරුනුවෝ පිඩු සිඟා නිමවා. කිමිකාලා නමින් යුතු ගංගා තීරයට වැඩම කළහ. එයින් පසු එහි දන්වළදා අවසන්හි කිමිකාලා නදී තීරයේ ඔබ මොබ සක්මන් කළේය. එසේ ඔබ මොබ සක්මන් කරනා ඒ ‍මේඝිය තෙරුණ් වහන්සේට හදි‍සියේම ගංතෙරට නුදුරින් වු විසල් සෙවනැති මනරම් වු අඹ උයනක් දැක ගන්නට ලැබිණි. ඒ දුටු උන්වහන්සේට මෙසේ සිත්විය. මෙතනම් කොයිතරම් වටිනවද භාවනා වඩන කෙනෙකුට මේ තියන හැම දෙයක් ම හොදින් ම භාවනාවට ගැලපෙනවා"

    එසේ සිතු තෙරණුවෝ බුදු රජාණන් වහන්සේගෙන් අවසර ලදහොත් මා මෙහි පැමිණ භාවනා කරනවා යන අදහස ඇතිව වෙහෙරට වැඩම කළේය. බුදු රජාණන් වහන්සේ සමීපයට ගොස් භාග්‍යවතුන් වහන්සේට වන්දානා කරනු ලබන මේඝිය තෙරනුවෝ දහවල් කිමිකාලා ගංතෙරට වැඩම කල බවත් එහිදී නෙත ගැටුනු ඒ මනරම් අඹ උයන ගැනත් එහි ගොස් භාවනා කරන්නට සිතුනු ආකාරයත් බුදු රජාණන් වහන්සේට සැල කර සිට

    " ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස ! මා එහි ගොස් භාවනා කරන්නදැයි කියා අසා සිටියේය.

    බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේ සමීපයෙහි වෙනත් කෙනෙකුන් නැති බව පවසා තවත් කව්රුන් හෝ භික්ෂුවක් ‍එහි වඩින තුරු බලාපොරොත්තුව සිටින්නැයි කියා වදාළ සේක. එකල්හී ඒ මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කර සිටියේ භාග්‍යවතුන් වහන්සේ සියළු ධර්මයන් සර්වාකාරයෙන් අවබෝධ කර ගෙන ඇති බවත් එනිසාම භාග්‍යවතුන් වහන්සේට ඒ වෙනුවෙන් කල යුතු පුහුණුවක් නැති බවද , එසේ නමුත් තමන් වහන්සේට ඒ සියල්ලම තවමත් කරගත යුතු ව ඇති බවත් එබැවින් තමන් අදහස් කල ඒ අඹ උයනට ගොස් භාවනා කරන්නට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය. එවිට බුදු සමිදාණෝ තුන් යල දක්වා තමන් වහන්සේ වෙත කෙනෙකුන් පැමීණෙන තුරු මදක් රැදෙන්න යන්න පැවසු නමුත් තුන් වතාවක්ම මේ භික්ෂුවද ඒ වෙනුවෙන් අවසර ඉල්ලා සිටියේය .එවිට බුදු රජාණන් වහන්සේ භාවනා කරන්නට ඕනේ යයි කියා පවසන ඔබට වෙන කුමක් කියන්නද යන්න ගොස් භාවනා කරන්න යයි කියා අවසර දී වදාළ සේක.

    ලද අවසරයෙන් සතොස් වු මේඝිය තෙරණුවෝ කිමිකාලා ගංතෙර අඹඋයනට වැඩම කළේ භාවනාවට පටන් ගති මොහිතින් මොහොත ගෙවී යති. විටින් විට සිතට නැගෙන සිතිවිලි වරෙක රාගයටද වරෙක ‍ද්වේෂයටද වරෙක මෝහ මුලික වද වරෙක විහිංසා විතර්කද යනාදී අකුසල සිතිවලි වලින් වෙලා ගනු ලැබුයේ හෙම්බත් විය. එසේ වු කල්හි උන්වහන්සේ මෙසේ සිතා බැලූ සේක .

    මෙය හරිම පුදුම කාරණාවක් නෙවැ මා මොනතරම් ශ්‍රද්ධාවක් ඇතිවද මේ උතුම් බුදු සසුනේ පැවිදි බව ලැබුයේ එසේ වු මා තුලමේ ලෙසට අකුසල් සිතිවිලි ඇතිවීම හරිම පුදුමයි කියා සිතාබැලු සේක. එයින් පසුව සවස් කාලයේදී බුදු රජාණන් වහන්සේ වෙත වැඩම කල මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට වන්දනාකොට නිමවා. තමන් වහන්සේ භාවනාවට වැඩම කළ මොහෝතේ පටන් සිදු වු සියල්ලම තථාගතයන් වහන්‍සේට සැළ කර සිටියේය. එවිට භාග්‍යවතුන් වහන්සේ මේඝිය හිමියන්ට මෙසේ වදාළ සේක.
    > "අපරි පක්කාය මේඝිය චේතෝ විමුත්තියා ඉමේ පඤ්ච ධම්මා පරිපක්කාය සංවත්තන්ති"

    මේඝියෙනි, නිවන් අවබෝධය පිණිස නොමේරු සිතක් මෝරන්නට උපකාර වත් වු මේ කරුණු පහක් ඇත්තේ ය. යි දේශනා කොට වදාරා ඒ කරුණු විස්තර කොට වදාරණ බුදු රජාණන් වහන්සේ

    මේඝියෙනි, මේ සාසනයෙහි භික්ෂුව කළ්‍යාණ මිත්‍රයෙකු විය යුතුය, කළ්‍යාණ මිතුරන්ගේ ඇසුරේ ම පසු විය යුතුය, කළ්‍යාණ මිත්‍රයන්ගේම අදහස් වෙතට නැඹුරුව කටයුතු කල යුතුය.

    තවද මේඝියෙනි, මේ සාසනයෙහි භික්ෂුව මානාව දුක් කෙලෙවර කීරීම පිණිස පවතින ප්‍රාතිමොක්ෂ සංවර සීලයෙන් යුක්ත විය යුතුය. චාරිත්‍ර වාරිත්‍ර ධර්මයන් ද නොයික්මවා ඒ සමාදන්ව ගත් සික්ෂාපද මැනවින් ආරක්ෂා කරගත යුතුය. ඉතාම කුඩා වරදක් පවා කරන්නට බිය කෙනෙකුන් ලෙස මේ සීලය මැනවින් ආරක්ෂා කර ගත යුතුය.

    තවද මේඝියෙනි, මේ සාසනයෙහි භික්ෂුව දස කතාවන්ගෙන් යුක්තව වාසය කල යුතුය. යම් කතාවක් මනා සැහල්ලු බාවය පිනිස පවතී ද, සිතේ සමාධිය නොබිද ආරක්ෂා කරන සුළුද, අල්පේච්ඡ තාදි දස කතාවන්ගෙන් යුක්තව වාසය කල යුතුය

    තවද මේඝියෙනි, මේ සාසනයෙහි භික්ෂුව වීර්ය වන්ත විය යුතුය. සිත තුල හට ගෙන නැති අකුසල් හට ගන්නට ඉඩ නොදීමටත් හට ගෙන ඇති අකුසල් බැහර කීරීම පිණිසත්, තවමත් තමන් තුල උපදවා නොගත් කුසල ධර්මයන් ගුණ විශේෂයන් උපදවා ගැනීම පිණිසත්, තමන් තුල ඇති කුසල ධර්මයන් පිරිහීමට නොදී ආරක්ෂා කර ගැනීම පිණිසත් , ඉතාමත් හොද උත්සාහයෙන් යුතුව කටයුතු කල යුතුය. ඒ‍ වෙනුවෙන් සිත තුල ඇති කරගත් උත්සාහය අත් නොහැරිය යුතුය.

    තවද මේඝියෙනි මේ සාසනයෙහි භික්ෂුව, ප්‍රඥාවන්ත විය යුතුය. ලෝකොත්තර මාර්ග ඵල කාරා අපව මෙහෙයවාලන ප්‍රඥාවෙන් යුක්ත විය යුතුය.(උදය වය දකින ණුවනින් යන අර්ථය මෙතන දක්වා ඇත්තේ යයි කියනු ලැබේ නමුත් සමස්තයක් වශයෙන් මේ ලෞකිය ජිවිතය අවසන් කර දැමීම සදහා පවතින් ප්‍රඥාව යන අදහසින් ඉහත අදහස ලබා දී ඇත්තේ ය.) අර්ය වු කලකිරීම පිණිස පවතින් මානාව දුක් කෙලෙවර කර ගැනීම පිණිස පවතින ඒ අසිරිමත් ප්‍රඥාවෙන් යුක්ත විය යුතුය.

    මේඝියෙනි මේ දහම් පස ‍නිර්වාණාවබෝධයට නොමේරු සිතක් මෝරන්නට අවශ්‍ය කරන කාරණාවන් යයි කියා දේශනා කොට වදාළ සේක.

    නිර්වාණාවබෝධය පිණිස නොමේරු සිතක් මෝරන්නට අවශ්‍යම කරන ඒ කරුණු පස දක්වා වදාරණ බුදු රජාණන් වහන්සේ ඉන් අනතු තව දුරටත් ඒ ධර්මාව බෝධය පිණිස උපකාර වන භාවනාවන් ගැන දේශනා කොට වදාළ සේක.

    අසුභා බාවේතබ්බා රාගස්ස පහාණාය. අසුභය වැඩිය යුතුය රාගය (රාගයෙන් වෙන පිඩාකාරි බව ) දුරු කර ගන්නට මෙත්තා භාවේතබ්බා දෝසස්ස පහාණාය මෛත්‍රිය වැඩිය යුතුය ද්වේෂය(ද්වේෂයෙන් එන පිඩා කාරීබව) දුරු කරගන්නට. ආනාපානසතී භාවේතබ්බා විතක්කුපච්ඡෙදාය අනාපාන සතිය වැඩිය යුතුය (ගඟක් ගලන්නාක් මෙන් එන සිතිවිලි ප්‍රවාහය)විතර්කයන් දුරු කර ගැනීම පිණිස. අනිච්ච සඤ්ඤා භාවේතබ්බා අස්මි මාන සමුග්ගාතාය. අනිච්ච සඤ්ඤාව වැඩිය යුතුයි අස්මිමානය(මමය යන හැඟීම)සහමුලින්ම දුරු කර දැමීම පිණිස

    මේඝියෙනි අනිච්ච සඤ්ඤාව වඩන විට අනාත්ම සඤ්ඤාව වැ‍ටහෙන්නට පටන් ගනී,අනත්ත සඤ්ඤාවෙන් යුක්ත තැනැත්තා, මේ ඝිය අස්මිමානය(මමය යන හැඟීම) සහමුලින් ම දුරු කර දමන්නේ ය.

    මේඝිය මෙයටයි කියන්නේ මේ ජිවිතයේ දී ම උතුම් අමා නිවන් සුව අවබෝධ කරගන්නවා යයි කියා.

    අපගේ භාග්‍යවත් බුදු සමිදාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේඝිය සුත්‍ර සරලව කරන ලද පරිවර්ථනය නිමි.
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොහොම පින්.

    නොමේරු සිතක් මේරීමට අවශ්‍ය කරුණු අපි හැමෝටම වැදගත්.
    ඒත් මේ කතාවෙ පසුබිම මට පොඩ්ඩක් ගැටලු සහගතයි. ඇයි නිතරම අප්‍රමාදය ගැන දේශනා කරන බුදුන් වහන්සෙ මේඝිය තෙරුන් වහන්සෙව නතර කරව ගන්න හැදුවෙ? ඒ උන් වහන්සෙගෙ සිත තවමත් නොමේරු ස්වභාවයෙන් පැවති නිසානම්, ඇයි මේ කරුණු කලින් දේශනා නොකළෙ?
    තමන්ට පරිවාර භික්ෂුන් වහන්සෙ නමක් නැති නිසාම මේඝිය තෙරුන් වහන්සේට ඉන්න කිවා වෙන්න බැහැනෙ.

    කොහොම උනත්, මම මේ අල්ලගෙන ඉන්නෙ වැඩකට නැති කොටස. විචිකිච්ඡාව! අල්ල ගන්න ඕනෙ අර සිත මෝරන්න ඕනෙ ටිකයි. :)