Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේනකා ප්‍රනාන්දු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේනකා ප්‍රනාන්දු

මේනකා ප්‍රනාන්දු

ගුවන් යානයක් පැදවීම කෙසේ වෙතත් සමහරු ගුවන් යානයක නැඟී ගමනක් යාමට පවා දක්වන්නේ බියකි. එහිදීත් වැඩිපුරම බියක් දක්වන්නේ කාන්තා පාර්ශ්වයේ අය බව සඳහන් කළ හැකිය. එනිසාම ගුවන් යානයක් පැදවීම සඳහා කාන්තා අංශයේ නියෝජනයද ඉතා අල්පය. එසේ තිබියදී කාන්තාවක් ගුවන් නියමු අංශයට පිවිසෙන්නේ නම්, එය එක්තරා විදියක දුර්ලභ මෙන්ම ධෛර්ය සම්පන්න අවස්ථාවක් ලෙස ගෙනහැර දැක්විය හැකිය.

එය එසේ නම් මේ කාන්තාව යනු අතිශයින්ම ධෛර්ය සම්පන්නවූත්, අභීතවූත් කාන්තාවක්ම යැයි හැෙඟන්නේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් නියමුවරිය ඇයවීම ඊට එක් හේතුවක් පමණි. නමුදු ඇය ශ්‍රී ලංකාවේ පළමු ගුවන් නියමුවරිය පමණක් නොව එම අංශයේ මෙන්ම තවත් අංශ කීපයකටම සම්බන්ධව සේවය සහ දැනුම ලබාදෙන අපූරු කාන්තාවකි. එනිසාම ඇය ගැන ඔබ දැන ගත යුතුයැයි අපි හඟිමු. මේ කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් නියමුවරිය වන මේනකා ප්‍රනාන්දු නමැති ඇය ගැන වූ කතාවයි.

මේනකා ප්‍රනාන්දු උපත ලබා ඇත්තේ මහනුවරට නොදුරු පිළිමතලාවේදීය. මාතලේ බාලිකා විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකාවෙන් පාසල් අධ්‍යාපනය ලබා ඇත. මව පියාට අමතරව ඇයගේ පවුලේ සිටින්නේ නැගණිය සහ මළණුවන්ය. ඉගෙනුමට සහ නැටුමට මෙන්ම ගැයුමට ආදී කලා අංශයේ කටයුතුවලටද දක්ෂ වූ ඇය ගුවන් නියමුවරියක වුණේ කොහොමද? මේනකාගේ හඬින් ඒ ගැන දැන ගනිමු.

අපේ ගම් පළාතේ ගුවන් යානා හෝ හෙළිකොප්ටර පවා දකින්න ලැබෙන්නෙ කලාතුරකින්. පාසල් යන කාලයේදී මම කී‍්‍රඩා කටයුතුවලට සම්බන්ධව හිටියා. මහනුවර පොලිස් කී‍්‍රඩා පිටියේ පුහුණුවීම්වල යෙදී සිටියදී හෙලිකොප්ටරයක් ඇවිත් එහි නතර කළා. මේ දර්ශනය නිසා මම හරියට ප්‍රබෝධමත් වුණා. ලොකු සතුටක් ලැබුවෙ. දන්නෙම නැතිව එදා ඉඳලාම ඒ ගැන ඇතිවුණේ ලොකු උනන්දුවක්. මොන දේ කළත් හිත ඇතුළේ වැඩ කළේ මේ අදහසයි. කොළඹ ආ දවසක මගේ යෙහෙළියකගේ තාත්තා නිසා රත්මලාන ගුවන් තොටුපොළ දැක ගන්න පුළුවන් වුණා. එතැනදි කපිතාන් සුසන්ත ජයසේකර මහතාගෙන් මේ අදහස ගැන ඇසුවාම පාසල් අධ්‍යාපනය ඉවර කරලා ඇවිත් හමුවන්න කීවා. මේ විදියට කාලය ගෙවී ගියා. පාසල් අධ්‍යාපනයට සමුදුන්නට පස්සෙ කොළඹ ඇවිත් මගේ අභිප්‍රාය වෙනුවෙන් කටයුතු කරන්න පටන් ගත්තා. මුලින්ම මට යන්න වුණේ රත්මලාන ගුවන් තොටුපොළට. නමුත් ගුවන් නියමු අංශය සඳහා බලපත්‍රය ලබාදෙන්නේ සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවෙන්. එදා එය පිහිටා තිබුනේ කොළඹ කොටුවෙ. කි‍්‍රස්ටි රත්නායක කියන මහත්මයා තමයි ලයිසන් එක ලබාදීමට කටයුතු කළේ. 1983 අවුරුද්දෙ ඒ දවස මට අද වගේ මතකයි.

විනෝදාංශයට සමහර කාන්තාවන් ගුවන් යානා පදවා තිබුණට ශ්‍රී ලංකාවේ ගුවන් නියමුවරියක ලෙස බලපත්‍රය ලබාගත් පළමු කාන්තාව මම කියලා එතුමා කීවාම මට එය අදහා ගන්න බැරි දෙයක් වුණා. ඒ වගේම පුංචි පහේ ආඩම්බරකමකුත් ඇතිවුණා.

ඒ ආඩම්බරකම ඇයට ගෙන දුන්නේ පුහු මාන්නයක් නොව වඩා නිහතමානිකමක් යැයි සඳහන් කරන ඇය ඊළඟට පැවැසුවේ පුහුණුවීම් කටයුතු කළ විදිය ගැන සහ පියාසර කරද්දී මුහුණ දුන් අත්දැකීම් ගැනය.

එදා පුහුණුවීම් කළේ සෙස්නා ක125 කියන ආසන දෙකේ ගුවන් යානයකින්. මම හිතන්නෙ අදටත් සමහරවිට පුහුණුවීම් සඳහා යොදා ගන්නෙ ඒ ගුවන් යානායි. නමුත් පසුව පුහුණුවීම් සඳහා යොදා ගන්නා සියලූම පාහේ යානාවලින් පුහුණුව ලැබුවා. මේ විදියට ගුවන් නියමුවරියක ලෙස වෘත්තීයමය පුහුණුවක් ලැබුවත් එක් ආයතනයකට සේවය ලබා නොදී සිවිල් ගුවන් සේවා ආයතනයේ සියලූම අංශවලට සේවය ලබාදීම අදහස වුණා. ඒ නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයට හෝ වෙනත් ආයතනයකට බැඳී කටයුතු කළේ නැහැ. මගේ පළවෙනිම ගුවන් ගමන වුණේ සීගිරියට යාමයි. සංචාරක යුවළක් රැගෙන සීගිරියට ගිය ඒ පළමු ගමනේදීම අමතක නොවන අත්දැකීමකට මුහුණ දුන්නා. ගුවන් යානය පැදවීමේදී මගේ අඩු අත්දැකීම් නිසා සීගිරි පර්වතයේ හිටපු දෙබරු ඇවිස්සී එදා ලොකු අපහසුතාවයකට මුහුණ දුන්නෙ. මේ විදියට රට ඇතුළෙ පියාසර කරන ගුවන් යානා පදවන නියමුවරියක ලෙස කටයුතු කළ මම ටික කාලයකට ඇමරිකාවට ගියේ වැඩිදුර අධ්‍යාපනය ලබන්නයි. එහිදී සරසවි අධ්‍යාපනය ලබන අතරේ එරට ගුවන් සේවයකට එක්වී නියමුවරියක ලෙස කටයුතු කරන්න පටන් ගත්තා. එහිදී ගුවන් යානය ප්‍රථම වතාවට පියාසර කරන විට නම් මට දැනුණෙ බියක් වගේම චකිතයක්. ඒත් පසුව එය අත්දැකීම් සමග හරි ගියා. පළමු වතාවට ඩුබායි සිට ශ්‍රී ලංකාවට ගුවන් යානයක් පදවාගෙන ආ කාන්තා නියමුවරියත් මම කියලා පසුව දැන ගත්තා.

ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා ගුවන් නියමුවරිය ලෙස මේනකා ඉතිහාසගත වුවද එකම ගුවන් ආයතනයකට පමණක් බැඳී කටයුතු කළ කාන්තාවක නොවේ. ආයතන කීපයකටම සම්බන්ධව කටයුතුකර ඇති අතර ඊට අමතරව ඇති විශේෂත්වය වන්නේ උපදේශකවරියක සහ කථිකාචාර්යවරියක මෙන්ම මෙම අංශයට අදාළ විවිධ විෂයයන් ඔස්සේ ඇය සේවය ලබාදීමය. එලෙසින් සිවිල් ගුවන් සේවා අංශයට සම්බන්ධව විවිධ අංශ වෙතින් සේවය ලබාදෙන තවත් කාන්තාවක් නැති ගානය. ඇයගේ දින චරියාව දෙස බලනවිට පෙනී යන ඊළඟ විශේෂිත දේ වන්නේ දවසේ වැඩි කොටසක් රාජකාරිය සඳහා කැප කිරීමය.

”මම නිදා ගන්නෙ සමහර වෙලාවට පැය හතරක් හෝ තුනක් විතරයි. ඒත් මට ඒ පැය ගාණට වඩා වැදගත් වන්නේ මගෙන් රටට වන සේවයයි.” මේනකා විටෙක එලෙස පවසන්නීය. ඇය මෙන් ඇයගේ සැමියාද ගුවන් නියමුවරයෙක් වන අතර මේ දෙදෙනා සතුව පුහුණු කිරීමේ ආයතනයක්ද තිබේ. ඊටත් අමතරව මේ දෙදෙනා විදේශීය රටවල අය සඳහා පුහුණුව සහ උපදේශකත්වය ලබාදීම සඳහා නිරන්තරයෙන් රට රටවල සංචාරය කරති.

කාන්තාවක් ලෙස ගුවන් යානයක් පදවාගෙන යාමට ඔබට කිසිදාක බියක් ඇතිවුණේ නැද්ද? අපි ඒ ගැනත් මේනකාගෙන් විමසීමු.

”හරි පුදුමෙ කියන්නෙ මට කවදාවත් බියක් ඇති වුණේ නැහැ. සමහර වෙලාවට පොළවට වඩා ගුවන ආරක්ෂාකාරියි කියලා මට හිතෙනවා. මම කොහොමටත් වැඩිපුර හුදෙකලාවට පි‍්‍රය කළ කෙනෙක්. මගේ මුළු ආත්මයම බැඳී තිබෙන්නේ ගුවන් යානය හා සම්බන්ධවයි. එතැනින් එහා ජීවිතයත් ගැන මට හිතා ගන්නවත් බැහැ. අද මම ගොඩාක් වින්ඳනය ලබන්නේ පුහුණුව ලබාදෙන නිලධාරිනියක සහ කථිකාචාර්යවරියක ලෙසයි.”

මේනකා ප්‍රනාන්දු යනු එක් අතකට ගුවන් නියමු ක්ෂේත්රයේ අත්දැකීම් සම්භාරයක් සතු කාන්තාවකි. එදා අඩු පහසුකම් යටතේ තිබූ ගුවන් යානා වගේම අද ඇති සුපිරි ගුවන් යානා සියල්ලක් ගැන දැනුම ඇය සතුය. එනිසා ඇය වෙතින් පුහුණුව ලබන අයට උකහා ගත හැකි දැනුම බොහෝය. මෙකී කටයුතු සියල්ලට අමතරව එක්තරා අවස්ථාවක චිත්‍රපට රූගත කිරීමේ දර්ශන සඳහාද ඇය සහ සැමියා දායකවී ඇත. සාමාන්‍ය ගුවන් ගමනකට වඩා ඒ කටයුත්ත ඉතා අසීරු වූ බව ඇය සඳහන් කරන්නීය. ශ්‍රී ලංකාවට සේවය ලබාදීමට අමතරව ඕස්ටේ්රලියාව, බෲනායි, මැලේසියාව, සිංගප්පූරුව යන රටවලටද සේවය ලබාදෙන මේනකා ඒ අතිශය කාර්ය බහුල ජීවිතයේ තව දුරටත් අධ්‍යාපන කටයුතුවලද නිරත වන්නීය.

ඒ අනුව මීළඟට ඇයගේ ප්රයත්නය වන්නේ ආචාර්ය උපාධිය ලබා ගැනීමටය. ඒ සඳහා මේ වනවිට අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින ඇයගේ විෂය දහරාව වන්නේ සිවිල් ගුවන් අංශයේ යෙදී සිටියදී වැළඳෙන සහ ඇතිවන ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීමේ අංශය ගැන දැනුවත්වීමය. මේ සියල්ල සැබැවින්ම කාන්තාවකට කළ හැකිද? යන්න අසනවාට වඩා බොහෝ දේ කළ හැකිය යන්න ඇය කි‍්‍රයාවෙන්ම ඔප්පු කර තිබේ.

රාජකාරියට එලෙසින් කැපවූ මේනකා පවුලකට කාන්තාවකගෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස ඉටු කරන්නේද? යන්න විමසීම ඇයගෙන් කළ යුතු නොවන්නේ, ”ඔව් එයත් හරියටම වටහාගෙන කරන කාන්තාවක් බව කීමට ඇති සාධක බොහෝ නිසාය.” විටෙක ඇය පිරිමින්ද අභිබවා ගිය තරමටම ජීවිතයේ කටයුතු කරන්නීය. නමුත් එහි සැබෑ අරුත වන්නේ කාන්තා ගුණය රැකගෙන ඇය ඒ සියල්ලෙහි නිරත වීමය.

ඇයගෙන් බොහෝ දෙනාට ගත හැකි ඉහළම ගුණාංගය වන්නේ එයයි. ඒ ගුණාංග සහිතව දිවි ගෙවන මේ අපූරු ගුවන් නියමු කත මෙකී සියල්ල කිරීම සඳහා පිටුපසින් සිටින සිවිල් ගුවන් සේවා ආයතනය සහ අධිකාරිය ලබාදෙන දායකත්වය ස්තුති පූර්වකව සඳහන් කළාය.

[QUOTE="ඉන්දු, post: 16565405, member: 500889"] [b]මේනකා ප්‍රනාන්දු[/b] [SIZE="6"]මේනකා ප්‍රනාන්දු[/SIZE] [SIZE="3"][COLOR="DarkGreen"]ගුවන් යානයක් පැදවීම කෙසේ වෙතත් සමහරු ගුවන් යානයක නැඟී ගමනක් යාමට පවා දක්වන්නේ බියකි. එහිදීත් වැඩිපුරම බියක් දක්වන්නේ කාන්තා පාර්ශ්වයේ අය බව සඳහන් කළ හැකිය. එනිසාම ගුවන් යානයක් පැදවීම සඳහා කාන්තා අංශයේ නියෝජනයද ඉතා අල්පය. එසේ තිබියදී කාන්තාවක් ගුවන් නියමු අංශයට පිවිසෙන්නේ නම්, එය එක්තරා විදියක දුර්ලභ මෙන්ම ධෛර්ය සම්පන්න අවස්ථාවක් ලෙස ගෙනහැර දැක්විය හැකිය. එය එසේ නම් මේ කාන්තාව යනු අතිශයින්ම ධෛර්ය සම්පන්නවූත්, අභීතවූත් කාන්තාවක්ම යැයි හැෙඟන්නේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් නියමුවරිය ඇයවීම ඊට එක් හේතුවක් පමණි. නමුදු ඇය ශ්‍රී ලංකාවේ පළමු ගුවන් නියමුවරිය පමණක් නොව එම අංශයේ මෙන්ම තවත් අංශ කීපයකටම සම්බන්ධව සේවය සහ දැනුම ලබාදෙන අපූරු කාන්තාවකි. එනිසාම ඇය ගැන ඔබ දැන ගත යුතුයැයි අපි හඟිමු. මේ කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් නියමුවරිය වන මේනකා ප්‍රනාන්දු නමැති ඇය ගැන වූ කතාවයි. මේනකා ප්‍රනාන්දු උපත ලබා ඇත්තේ මහනුවරට නොදුරු පිළිමතලාවේදීය. මාතලේ බාලිකා විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකාවෙන් පාසල් අධ්‍යාපනය ලබා ඇත. මව පියාට අමතරව ඇයගේ පවුලේ සිටින්නේ නැගණිය සහ මළණුවන්ය. ඉගෙනුමට සහ නැටුමට මෙන්ම ගැයුමට ආදී කලා අංශයේ කටයුතුවලටද දක්ෂ වූ ඇය ගුවන් නියමුවරියක වුණේ කොහොමද? මේනකාගේ හඬින් ඒ ගැන දැන ගනිමු. අපේ ගම් පළාතේ ගුවන් යානා හෝ හෙළිකොප්ටර පවා දකින්න ලැබෙන්නෙ කලාතුරකින්. පාසල් යන කාලයේදී මම කී‍්‍රඩා කටයුතුවලට සම්බන්ධව හිටියා. මහනුවර පොලිස් කී‍්‍රඩා පිටියේ පුහුණුවීම්වල යෙදී සිටියදී හෙලිකොප්ටරයක් ඇවිත් එහි නතර කළා. මේ දර්ශනය නිසා මම හරියට ප්‍රබෝධමත් වුණා. ලොකු සතුටක් ලැබුවෙ. දන්නෙම නැතිව එදා ඉඳලාම ඒ ගැන ඇතිවුණේ ලොකු උනන්දුවක්. මොන දේ කළත් හිත ඇතුළේ වැඩ කළේ මේ අදහසයි. කොළඹ ආ දවසක මගේ යෙහෙළියකගේ තාත්තා නිසා රත්මලාන ගුවන් තොටුපොළ දැක ගන්න පුළුවන් වුණා. එතැනදි කපිතාන් සුසන්ත ජයසේකර මහතාගෙන් මේ අදහස ගැන ඇසුවාම පාසල් අධ්‍යාපනය ඉවර කරලා ඇවිත් හමුවන්න කීවා. මේ විදියට කාලය ගෙවී ගියා. පාසල් අධ්‍යාපනයට සමුදුන්නට පස්සෙ කොළඹ ඇවිත් මගේ අභිප්‍රාය වෙනුවෙන් කටයුතු කරන්න පටන් ගත්තා. මුලින්ම මට යන්න වුණේ රත්මලාන ගුවන් තොටුපොළට. නමුත් ගුවන් නියමු අංශය සඳහා බලපත්‍රය ලබාදෙන්නේ සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවෙන්. එදා එය පිහිටා තිබුනේ කොළඹ කොටුවෙ. කි‍්‍රස්ටි රත්නායක කියන මහත්මයා තමයි ලයිසන් එක ලබාදීමට කටයුතු කළේ. 1983 අවුරුද්දෙ ඒ දවස මට අද වගේ මතකයි. විනෝදාංශයට සමහර කාන්තාවන් ගුවන් යානා පදවා තිබුණට ශ්‍රී ලංකාවේ ගුවන් නියමුවරියක ලෙස බලපත්‍රය ලබාගත් පළමු කාන්තාව මම කියලා එතුමා කීවාම මට එය අදහා ගන්න බැරි දෙයක් වුණා. ඒ වගේම පුංචි පහේ ආඩම්බරකමකුත් ඇතිවුණා. ඒ ආඩම්බරකම ඇයට ගෙන දුන්නේ පුහු මාන්නයක් නොව වඩා නිහතමානිකමක් යැයි සඳහන් කරන ඇය ඊළඟට පැවැසුවේ පුහුණුවීම් කටයුතු කළ විදිය ගැන සහ පියාසර කරද්දී මුහුණ දුන් අත්දැකීම් ගැනය. එදා පුහුණුවීම් කළේ සෙස්නා ක125 කියන ආසන දෙකේ ගුවන් යානයකින්. මම හිතන්නෙ අදටත් සමහරවිට පුහුණුවීම් සඳහා යොදා ගන්නෙ ඒ ගුවන් යානායි. නමුත් පසුව පුහුණුවීම් සඳහා යොදා ගන්නා සියලූම පාහේ යානාවලින් පුහුණුව ලැබුවා. මේ විදියට ගුවන් නියමුවරියක ලෙස වෘත්තීයමය පුහුණුවක් ලැබුවත් එක් ආයතනයකට සේවය ලබා නොදී සිවිල් ගුවන් සේවා ආයතනයේ සියලූම අංශවලට සේවය ලබාදීම අදහස වුණා. ඒ නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයට හෝ වෙනත් ආයතනයකට බැඳී කටයුතු කළේ නැහැ. මගේ පළවෙනිම ගුවන් ගමන වුණේ සීගිරියට යාමයි. සංචාරක යුවළක් රැගෙන සීගිරියට ගිය ඒ පළමු ගමනේදීම අමතක නොවන අත්දැකීමකට මුහුණ දුන්නා. ගුවන් යානය පැදවීමේදී මගේ අඩු අත්දැකීම් නිසා සීගිරි පර්වතයේ හිටපු දෙබරු ඇවිස්සී එදා ලොකු අපහසුතාවයකට මුහුණ දුන්නෙ. මේ විදියට රට ඇතුළෙ පියාසර කරන ගුවන් යානා පදවන නියමුවරියක ලෙස කටයුතු කළ මම ටික කාලයකට ඇමරිකාවට ගියේ වැඩිදුර අධ්‍යාපනය ලබන්නයි. එහිදී සරසවි අධ්‍යාපනය ලබන අතරේ එරට ගුවන් සේවයකට එක්වී නියමුවරියක ලෙස කටයුතු කරන්න පටන් ගත්තා. එහිදී ගුවන් යානය ප්‍රථම වතාවට පියාසර කරන විට නම් මට දැනුණෙ බියක් වගේම චකිතයක්. ඒත් පසුව එය අත්දැකීම් සමග හරි ගියා. පළමු වතාවට ඩුබායි සිට ශ්‍රී ලංකාවට ගුවන් යානයක් පදවාගෙන ආ කාන්තා නියමුවරියත් මම කියලා පසුව දැන ගත්තා. ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා ගුවන් නියමුවරිය ලෙස මේනකා ඉතිහාසගත වුවද එකම ගුවන් ආයතනයකට පමණක් බැඳී කටයුතු කළ කාන්තාවක නොවේ. ආයතන කීපයකටම සම්බන්ධව කටයුතුකර ඇති අතර ඊට අමතරව ඇති විශේෂත්වය වන්නේ උපදේශකවරියක සහ කථිකාචාර්යවරියක මෙන්ම මෙම අංශයට අදාළ විවිධ විෂයයන් ඔස්සේ ඇය සේවය ලබාදීමය. එලෙසින් සිවිල් ගුවන් සේවා අංශයට සම්බන්ධව විවිධ අංශ වෙතින් සේවය ලබාදෙන තවත් කාන්තාවක් නැති ගානය. ඇයගේ දින චරියාව දෙස බලනවිට පෙනී යන ඊළඟ විශේෂිත දේ වන්නේ දවසේ වැඩි කොටසක් රාජකාරිය සඳහා කැප කිරීමය. ”මම නිදා ගන්නෙ සමහර වෙලාවට පැය හතරක් හෝ තුනක් විතරයි. ඒත් මට ඒ පැය ගාණට වඩා වැදගත් වන්නේ මගෙන් රටට වන සේවයයි.” මේනකා විටෙක එලෙස පවසන්නීය. ඇය මෙන් ඇයගේ සැමියාද ගුවන් නියමුවරයෙක් වන අතර මේ දෙදෙනා සතුව පුහුණු කිරීමේ ආයතනයක්ද තිබේ. ඊටත් අමතරව මේ දෙදෙනා විදේශීය රටවල අය සඳහා පුහුණුව සහ උපදේශකත්වය ලබාදීම සඳහා නිරන්තරයෙන් රට රටවල සංචාරය කරති. කාන්තාවක් ලෙස ගුවන් යානයක් පදවාගෙන යාමට ඔබට කිසිදාක බියක් ඇතිවුණේ නැද්ද? අපි ඒ ගැනත් මේනකාගෙන් විමසීමු. ”හරි පුදුමෙ කියන්නෙ මට කවදාවත් බියක් ඇති වුණේ නැහැ. සමහර වෙලාවට පොළවට වඩා ගුවන ආරක්ෂාකාරියි කියලා මට හිතෙනවා. මම කොහොමටත් වැඩිපුර හුදෙකලාවට පි‍්‍රය කළ කෙනෙක්. මගේ මුළු ආත්මයම බැඳී තිබෙන්නේ ගුවන් යානය හා සම්බන්ධවයි. එතැනින් එහා ජීවිතයත් ගැන මට හිතා ගන්නවත් බැහැ. අද මම ගොඩාක් වින්ඳනය ලබන්නේ පුහුණුව ලබාදෙන නිලධාරිනියක සහ කථිකාචාර්යවරියක ලෙසයි.” මේනකා ප්‍රනාන්දු යනු එක් අතකට ගුවන් නියමු ක්ෂේත්රයේ අත්දැකීම් සම්භාරයක් සතු කාන්තාවකි. එදා අඩු පහසුකම් යටතේ තිබූ ගුවන් යානා වගේම අද ඇති සුපිරි ගුවන් යානා සියල්ලක් ගැන දැනුම ඇය සතුය. එනිසා ඇය වෙතින් පුහුණුව ලබන අයට උකහා ගත හැකි දැනුම බොහෝය. මෙකී කටයුතු සියල්ලට අමතරව එක්තරා අවස්ථාවක චිත්‍රපට රූගත කිරීමේ දර්ශන සඳහාද ඇය සහ සැමියා දායකවී ඇත. සාමාන්‍ය ගුවන් ගමනකට වඩා ඒ කටයුත්ත ඉතා අසීරු වූ බව ඇය සඳහන් කරන්නීය. ශ්‍රී ලංකාවට සේවය ලබාදීමට අමතරව ඕස්ටේ්රලියාව, බෲනායි, මැලේසියාව, සිංගප්පූරුව යන රටවලටද සේවය ලබාදෙන මේනකා ඒ අතිශය කාර්ය බහුල ජීවිතයේ තව දුරටත් අධ්‍යාපන කටයුතුවලද නිරත වන්නීය. ඒ අනුව මීළඟට ඇයගේ ප්රයත්නය වන්නේ ආචාර්ය උපාධිය ලබා ගැනීමටය. ඒ සඳහා මේ වනවිට අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින ඇයගේ විෂය දහරාව වන්නේ සිවිල් ගුවන් අංශයේ යෙදී සිටියදී වැළඳෙන සහ ඇතිවන ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීමේ අංශය ගැන දැනුවත්වීමය. මේ සියල්ල සැබැවින්ම කාන්තාවකට කළ හැකිද? යන්න අසනවාට වඩා බොහෝ දේ කළ හැකිය යන්න ඇය කි‍්‍රයාවෙන්ම ඔප්පු කර තිබේ. රාජකාරියට එලෙසින් කැපවූ මේනකා පවුලකට කාන්තාවකගෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස ඉටු කරන්නේද? යන්න විමසීම ඇයගෙන් කළ යුතු නොවන්නේ, ”ඔව් එයත් හරියටම වටහාගෙන කරන කාන්තාවක් බව කීමට ඇති සාධක බොහෝ නිසාය.” විටෙක ඇය පිරිමින්ද අභිබවා ගිය තරමටම ජීවිතයේ කටයුතු කරන්නීය. නමුත් එහි සැබෑ අරුත වන්නේ කාන්තා ගුණය රැකගෙන ඇය ඒ සියල්ලෙහි නිරත වීමය. ඇයගෙන් බොහෝ දෙනාට ගත හැකි ඉහළම ගුණාංගය වන්නේ එයයි. ඒ ගුණාංග සහිතව දිවි ගෙවන මේ අපූරු ගුවන් නියමු කත මෙකී සියල්ල කිරීම සඳහා පිටුපසින් සිටින සිවිල් ගුවන් සේවා ආයතනය සහ අධිකාරිය ලබාදෙන දායකත්වය ස්තුති පූර්වකව සඳහන් කළාය.[/COLOR][/SIZE] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2012/06/16-page7-S2-3.jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2012/06/16-page7-S2-2.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom