මේනියාවක තරම!

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    මහින්ද රාජපක්ශ ජනාධිපතිවරයාට, තමන් ලෝකයේ පිලිගත් නායකයෙකු බව පෙන්වා සිටීමට ඇත්තේ පුදුමාකාර ආශාවකි. කෙතෙක් වලිකෑවත් ආශාව ඉස්ඨකරගැනීමට නොහැකිවීම නිසා දොලදුකක් සෑදී ඇති බව පෙනේ. නවදිල්ලියේ පොදුරාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උත්සවයේ ආරාධිත අමුත්තා බවට රටවටා ප්‍රචාරයක් ගෙනගොස්, ඉන්දීය තානාපතිකාර්යයාලයේ විරෝධය නිසා කතාව හෙමින්ම අකුලාගැනීම රාජපක්ශ ලෝක නායක මේනියාවේ අලුත්ම වටය වී ඇත.

    එතුමා හා එතුමාගේ කේවට්ට රැළ සිතාගෙන සිටින්නේ ලෝකයේ වෙනත් රටවල (දියුණු රටවල පමණක් නොවේ) කටයුතු සිදුවන්නේද ලංකාවේ දේශපාලන භූමිකාවේ වැඩ සිදුවෙන ආකාරයටම කියායි. ලංකාවේ ඕනෑම ජඩ වැඩක් කල එකෙකුට ආණ්ඩු බලය ඇත්නැම් ජාතික නායකයෙකු විය හැකිය.

    විමල් වීරවංශ නැමති ආත්මවංචනිකයාට ජාතික නායකයෙකු ලෙස පෙනී සිටිය හැකිවී ඇත්තේ එබැවිනි. මිනින් ලංකා අඩු මිල ගුවන්යානා සමාගමෙන් කෝටි ගණන් සොරකම් කරගත් සජින් වාස් අද කෝටිපති ව්‍යාපාරිකයෙක් හා ජනාධිපතිවරයාගේ හිතවත්ම ප්‍රාදේශීය දේශපාලකයෙකු ලෙස ඔහු සමග නිළ විදේශ සංචාරවල පවා යෙදෙන්නේ එබැවිනි. මෙවැනි තව ගොඩක් අව-ජාතික නායකයින් රජපස අනුහසින් බිහිවී ඇතත් පිටු ගණන් ලිවිය නොහැකි නිසා දෙදෙනෙකුගෙන් නැවතිය යුතුව තිබේ.

    රාජපක්ශලාගේ දුර්දාන්ත වැඩපිලිවෙල ගැන රටේ ජාතික පුවත්පත්, රූපවාහිනී නාලිකා නිහඬව සිටින්නේ ජීවිතාශාව, තම ව්‍යාපාරික කටයුතු ආරක්ශාකර ගැනීම මෙන්ම බොරු චෝදනා යටතේ සිරගතවීමෙන් වැලකී සිටීමට බව අපි සැවොම දන්නා නිසා ජනමාධ්‍යවලට චෝදනා කිරීමෙන් පලක් නැත.

    රටේ වගකිවයුතු මිනිසුන් නිහඬව සිටිනා නිසා රාජපක්ශලා සිතාගෙන සිටින්නේ ලෝකයත් එසේමය කියලා වන්නට ඇත. ලෝකයේ රටවල් එලිපිට මහින්ද රාජපක්ශ ජනාධිපතිවරයාට කිසිවක් නොකියන බවත්, රාජතාන්ත්‍රිකව ලබාදිය යුතු ගරු සැලකිලි ලබාදෙන බවත් සැබෑවකි. එහෙත් එසේ රාජපක්ශට සැළකිලි ලැබෙන්නේ එතුමාට ලෝකයෙන් ඇති සැළකීම, ගෞරවය නිසා බව රාජපක්ශලා සිතාගෙන සිටිනවානම් එය ඉමහත් විහිලුවකි.

    රාජපක්ශලා වටකරගෙන ඉන්නා හොරු රැළගැන හොඳ වැටහීමක් බොහෝ රටවල්වලට ඇත. වැදගත් සෑම රටකටම තමන්ගේ රජයට තොරතුරු වාර්තාකරන රාජ්‍යතාන්ත්‍රික තොරතුරු ජාල හා ඔත්තු සේවා ඇත. ලංකාවේ අහිංසක මිනිසුන්ට කොළේ වැහුවාට ඉංදියාවට, චීනෙට, ජපානෙට කොලේ වහන්නට රාජපක්ශ සමාගමට නොහැකිය. මෙරට සිදුවෙන්නේ කුමක්ද යන්න මේ සියලු රටවල් හොඳින් දැන සිටී. රාජපක්ශතුමාට හා කේවට්ටයින් නොදන්නේත් මේ ටිකමය.රාජපක්ශ ජනාධිපතිවරයාට සැළකුම් ලැබෙන්නේ ඔහු වදගත් රාජතාන්ත්‍රිකයෙකු ලෙස ලෝකය සලකණ නිසා නොව, ලෝකයේ රටවල් සියල්ලකම රාජ්‍යනායකයෙකුට ලබාදිය යුතු ගරුසැළකිල්ල, ආරක්ශාව හා වරප්‍රසාද පිළිබඳව සම්ප්‍රදායන් තිබෙන නිසාය.

    රාජපක්ශ වැනි නායකයෙකුට වුවද නොපැකිල එම සැළකිලි ලබාදීම ලෝක ප්‍රජාවතුල එම රටවල වැදගත්කම හා එම රටවල්වල නායකයින්ගේ ගෞරවය ආරක්ශා ආරක්ශා කිරීම සඳහා ගන්නා පියවරයන් පමණකි. යම් ලෙසකින් රාජපක්ස ජනාධිපතිවරයාට රාජ්‍යනායකයෙකුට ලබාදිය යුතු ගරු සැළකිලි ලබානොදී සිටියහොත් එයින් කැළලක් වන්නේ තම රටටම පමණක් බව ඔවුන්ගේ පිලිගැනීමයි. රාජ්‍යනායකයෙකුට සලකන්නට නොදන්නා රටක් ලෙස පාච්චල් වීමට ඔවුන් කැමතිනැත.

    රටපාවා දෙන්නේ නෑ, සුද්දන්ට රට විකුණන්නේ නෑ කියමින් ගැලරියට කෑගසමින් රට චීනාට හා ඉන්දියාවට ලියාදෙමින් සිටිනා රාජපක්ශ චර්යාව මුලු ලොවම හොඳින් දනී. ඒ නිසා රාජපක්ශට දියයුතු සැලකිල්ල දුන්නත් ඉන් එහාට කිසිවක් නොකරන්නට එම රටවල් වගබලාගනී. ඡායාරූපයක් ගත්තත් එය නිළ සම්ප්‍රදායට අනුව අවශ්‍යතාවක් ඇතිනම් පමණක් මිස වෙන කිසිම විටෙක රාජපක්ශ ජනාධිපතිවරයාට එවැනි අවස්ථා නොලැබෙන්නේ එබැවිනි. රාජපක්ශ වෙනත් රටකට ගියවිට ඔවුන් හැසිරෙන්නේ තමුන් අකමැති කරදරකාර නෑදෑයෙක් ගෙදරකට ආවිට ගෙදර ඇත්තන් හැසිරෙන විධියටමය. දිය යුතු සැළකිල්ල දෙන මුත් ඉන් එහාට මුකුත් නැත. යන්නේ කවද්දැයි දින ගනිමින් සිටීම එවැනි නෑයන් ආවිට ගෙහිමියන්ගේ පුරුද්දයි.

    විස්සක් යන්නට ඕනෑ රාජ්‍යතාන්ත්‍රික සංචාරයට එකසිය විස්සක් දක්කාගෙන යන මෝඩ නායකයාට විදෙස් රටවල් වල රාජ්‍ය නිළධාරීන් කාටවත් නෑසෙන්නට මොනවා නොකියනවා ඇත්ද? සියගණන් බත්බැළයින්, හොර ගෑණුන්, කොමිස් කාක්කන් ජනාධිපති දූතමණ්ඩල සාමාජිකයින් යයි ලේබල් අලවාගෙන ප්ලේන් පිටින් ගොඩබසින විට එම රටවල් වල රජයේ උසස් නිළධාරීන් පමණක් නොව මැති ඇමතිවරුන් පවා උපහාසයෙන් සිනාවෙනවා නොඅනුමානය. මේ මිනිස්සුන් මේ පුච්චන්නේ ඒ රටේ දුප්පත් මිනිහාගේ සල්ලිනේදැයි මෙහේ සිටිනා රාජපක්ශවාදී මෝඩ දේශප්‍රේමීන්ට නොසිතුනාට ඒ රටවල්වල සිටිනා නායකයින් හොදින් තේරුමගත්තාට සැකනැත.

    මේවා ගැන වගේ වගක් නැති එතුමා " මුන්ට මං වගේ ජගතෙක් එක්ක පොටෝ එකක් ගන්නට එන්නට බැරි ඇයිදැයි " සිතමින් විස්සෝපවෙමින් ඉන්නවා ඇත.

    දැන් උන්නැහේ හිතාගෙන ඉන්නේ පොදුරාජ්‍යමණ්ඩල ක්‍රීඩා උලෙල සමාප්තකිරීමේ නිළ උත්සවයේ නිළ ආරාධිතයා වෙන්නට එකම සුදුස්සා තමා කියා වන්නට ඇත. ඉංදියාවේ ජනාධිපති පටෙල් නෝනා, සිං අගමැතිතුමා, අගමැති සිං පිටුපසින් සිටිනා ඉන්දියාවේ කිරුළු නොපන් රැජින සෝනියා ගාන්ධී යන කවුරුවත් මේ ගරුකටයුතු රාජකාරියට සුදුසු නැත. සුදුසු එකම එක්කෙනා අපේ රාජපක්ශ මහරජතුමාම පමණි...

    මේනියාවක තරම!
     

    Similar threads