මේරට තරුණයෙකු හා විවාහ වූ මැහැල්ල

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේරට තරුණයෙකු හා විවාහ වූ මැහැල්ල

    26 හැවිරිදි ලාංකික තරුණයෙකු හා විවාහ වූ 60 හැවිරිදි බ්‍රිතාන්‍ය කාන්තාවගේ ඛේදනීය ඉරණම එක්සත් රාජධානිය කලඹයි :baffled:

    image_2f68f4f1d6.jpg


    image_e63c4b4804.jpg


    බ්‍රිතාන්‍ය කාන්තාවක විවාහ කරගත් ළාබාල ශ්‍රී ලාංකික තරුණයකු ඝාතනයට ලක්වීමේ පුවත වාර්තා වූයේ මීට මාස කිහිපයකට පෙරය. බ්‍රිතාන්‍ය ජාතික එම කාන්තාව ඩයෑන් ය.


    ඩයෑන් තම ශ්‍රී ලාංකිය තරුණ සැමියා වෙනුවෙන්, ජීවිත කාලය පුරාවට ඉතිරි කළ ඇමෙරිකන් ඩොලර් 1,60,000 ක මුළු මුදලම වියදම් කළාය. සැමියා ප්‍රියංජනගේ ඝාතනයෙන් පසු අන්ත අසරණ වූ ඩයෑන් පසුගියදා යළි බ්‍රිතාන්‍යයට පැමිණියාය. ඒ, අතේ සතේ නැතිවය. ඇගේ කතාව මේ වනවිට බ්‍රිතාන්‍ය වෙබ් අඩවි කිහිපයක පළවී ඇත. ඒ අතරින් ‘ඩේලි රෙකෝඩ්’ සහ ‘ඩේලිමේල්’ වෙබ් අඩවි කැපී පෙනෙයි.


    මවු රට පැමිණීමෙන් පසු, අත්විඳින්න සිදුවුණු කටුක අමිහිරි අත්දැකීම පිළිබඳ විස්තර ඩයෑන් බ්‍රිතාන්‍යයේ ‘ඩේලි රෙකෝඩ්’ වෙබ් අඩවියට පවසා තිබුණේ ඉතා හැඟීම්බරවය. පසුගිය දා ඇගේ කතාව සම්බන්ධයෙන් විශේෂාංග ලිපියක් ද පළ විය. මේ ‘ඩේලි රෙකෝඩ්’ වෙබ් අඩවියේ පළවුණු එම වාර්තාවේ පරිවර්තනයයි.


    එඩින්බරෝ වැසියකු වන 60 හැවිරිදි ඩයෑන් සහ 26 හැවිරිදි ලාංකික තරුණයා එකිනෙකා මුණගැසී ඇත්තේ ඩයෑන් ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි අවස්ථාවේදී යැයි ‘ඩේලි රෙකෝඩ්’ වාර්තා කර තිබේ. ඩයෑන් ශ්‍රී ලංකාවට පැමිණියේ, මීට වසර 7 කට පෙරය. මාස හයක කෙටි ඇසුරකින් පසු තරුණයා සමඟ විවාහ වූ ඩයෑන්, ඩයෑන් ද සොයිසා වූවාය. තරුණයාගේ ඝාතනය සිදුවූයේ පසුගිය වසරේදීය. ඒ සමඟ තමන් ලොකු අමාරුවක වැටුණු බව ඩයෑන් කියයි. ඇය පවසන පරිදි අතේ සතේ නැතිව අසරණ වුණු ඇය ශ්‍රී ලංකාවේ සිරවූවාය.අමිහිරි අත්දැකීම් විස්තර කරමින්, ඩයෑන් පවසා ඇත්තේ, තම සැමියාගේ ඝාතනයෙන් පසු තමා තමාගේ නිවසේ සිරකාරියක බඳු තත්ත්වයට පත්වුණු බවය. තමා සන්තකයේ තිබූ සියලු මුදල් අවසන් වනතුරු තමා, එම පවුලේ සාමාජිකයන්ගේ තාඩන පීඩනවලට ලක්වුණු ප්‍රාණ ඇපකාරියක වූ බව ඇය පැවසුවාය.


    එපමණක් නොව, තමාට හොරෙන් තම සැමියා වෙනත් ළාබාල තරුණියක විවාහ කරගෙන සිටි බව තමන් පසුව දැනගත්තේ යැයි ද ඩයෑන් කියා සිටී. තමාගේ මුදලින් ඉදිකළ නිවස පවා විකුණා දැමීමට ඥාතීන් ඉඩ ලබා නොදුන් බව ඩයෑන් වැඩිදුරටත් පවසා ඇත.


    ‘මට තවත් එහෙ ඉන්න බැරිවුණා. දැන් මට වැටහෙනවා මම මෝඩ වුණා. මගේ පවුලේ ඥාතීන්, මගේ මිතුරන් කීවා ඔහු මා විවාහ කර ගන්නේ මගේ සල්ලිවලට බව. ඒත් මං ඊට කන් දුන්නේ නැහැ. මම තරම් මෝඩයෙක් වෙන නැහැ. මේක මට හොඳ පාඩමක්. ඔහු අවංකවම මට ආදරේ කරනවායි මම හිතුවා. ඒත් මම හිතුවා වැරදියි.’ යැයි ඩයෑන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත.


    ඩයෑන් සහ එම තරුණයා මීට වසර හතකට පෙර මුලින් හමුවෙද්දී, ඩයෑන් ලංකාවට පැමිණි සංචාරක කාන්තාවක වූ අතර, තරුණයා ඇය නැවැතුණු හෝටලයේ සේවකයෙකු විය. එම හමුවෙන් පසු, යළි බ්‍රිතාන්‍යය බලා ගිය පසු ද ඩයෑන් සහ ඔහු අතර කතාබහ පැවැතිණි. මාස 7 කට පසු, යළිත් වරක් නිවාඩුවක් සඳහා ඩයෑන් ලංකාවට පැමිණි අවස්ථාවේදී, දෙදෙනාගේ විවාහය සිදුවී ඇත. නැගෙනහිර ලොතියන් ප්‍රාන්තයේ මුසෙල්බර්ග් හි තමා සතු ඉඩකඩම් විකුණා එම මුදල් යොදාගෙන තමා සහ තමාගේ ළාබාල සැමියා වෙනුවෙන් නිවසක් ඉදි කළ බවත්, ඇමෙරිකන් ඩොලර් 55,000ක් වියදම් කොට, ඔහු වෙනුවෙන් මිනි බස් රථයක් මිලදීගෙන දුන් බවත් ඩයෑන් පවසා ඇත.


    ඇගේ ළාබාල සැමියා ඝාතනයට ලක් වූයේ පසුගිය මැයි 30 වැනිදා, ඔහුගේ මිතුරකුගේ නිවසේදීය. ඩයෑන් චෝදනා කරන්නේ, ඔහු සතුව මුදල් ඇති බව දැන එම මුදල් ලබා ගැනීමට ඔහු ඝාතනය කළ බවය. ‘ඔවුන් සිතන්න ඇති ඔහුට හොඳට මුදල් තිබෙන බව. ඔහුට අලුත් ගෙයක් තිබුණා. මිනි බස් රියක් වගේම ත්‍රීරෝද රියකුත් තිබුණා. ඔහු ඔවුන්ට මුදල් දුන්නා. ඒත් ඔවුන් ඔහුගෙන් තවත් මුදල් බලාපොරොත්තු වුණා යැයි ඩයෑන් අවසන් වශයෙන් ඩේලි රෙකෝඩ් වෙබ් අඩවියට පවසා තිබේ.


    පැය 20 දීර්ඝ ගමනකින් පසු එඩින්බරෝ ගුවන්තොටුපොළට යළි පැමිණි ඩයෑන් ඇය හමුවීමට ගුවන්තොටුපොළට පැමිණ සිටි මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ, තමන් තමාගේ ඥාතියකු ළඟ නැවැතී සිට ජීවිතය යළි ගොඩ නැගීමට උත්සාහ ගන්නා බවය. යළි බ්‍රිතාන්‍යය බලා පැමිණීමට තමන්ට විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාලයේ උපදෙස් සහ සහාය ලැබුණු බව ද ඩයෑන් එහිදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියාය.

    http://www.lankadeepa.lk/sunday/tha...විවාහ-වූ-බ්‍රිතාන්‍ය-කාන්තාවගේ-ඉරණම/55-542627
     
    • Like
    Reactions: sithija.h

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉතින් සුද්දියො අපිට කැමතිවෙයිද
    කො මේ සර්මාහ්
     

    Similar threads