මේවට මොකද කියන්නේ

manika75

Member
Jul 5, 2011
119
27
0
මේවට මොකද කියන්නේ

යාපනේදී හමුදාව කළ පහර දීමකින් බරපතල තුවාල ලැබූ තිදරු පියෙක් රෝහල් ගත කර තිබේ. ඌරනි රජයේ රෝහලේ ප්‍රතිකාර ලබන විසි නව හැවිරිදි සෙල්වරජා ජෙගන් මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ පසුගිය දින (24) වඩමාරච්චි එල්ලාකුලම් යුධ හමුදා කඳවුර අසලදී ය. සිය මිතුරන් සමග කඳවුරට යාබද පිටියේ පාපන්දු ක්‍රීඩා කරමින් සිටියදී කඳවුර දෙසට එල්ල වූ පන්දුව රැගෙන ඒමට ගිය විට හමුදා සෙබළුන් මොහුට පහර දී ඇති අතර පහර දීමට බියෙන් ජෙගන් සහ මිතුරෝ පලා ගොස් ඇත.

ඊට ස්වල්ප වෙලාවකට පසු ක්‍රීඩා පිටියේ නවතා තිබු ඔහුගේ යතුරු පැදිය රැගෙන යාමට පැමිණි විට වටකරගත් හමුදා සෙබළුන් දැඩි ලෙස පහර දී තිබේ. පසුව ඔහුව රෝහල් ගත කිරීමෙන් පසු පහරදීම ගැන වැල්වැටිතුරෛ පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර පැය කිහිපයකට පසු සිවිල් ඇදුමින් සැරසුණු හමුදා සෙබළුන් කිහිපදෙනෙකු රෝහලට විත් පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙස තර්ජනය කර ඇත.


පැරණි පුරුදු

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ධරන් පවසා සිටියේ පසුගිය වසර ගණනාව පුරාම පැවති ආණ්ඩුවෙන් පුහුණුව ලැබූ හමුදාව ඔවුන්ගේ පුරුදු අත්හැර තවමත් නොමැති බව ය. ඔහු මේ බව කියා සිටියේ පසුගිය සෙනසුරාදා (24) කිලිනොච්චියේ උත්තරීපුරම් පෙර පාසලක පැවති උත්සවයකට සහභාගිවන අතරවාරයේදී ය.

“මෛත්‍රිපාල ජනාධිපති සහ අගමැති රනිල් යහපාලනයක් ගැන කතා කළත් හමුදාව තවමත් අනුගමනය කරන්නේ රාජපක්‍ෂගේ ඒකාධිපතිවාදය යි. දෙමළ ජනතාවට තව දුරටත් වහලුන් ලෙස සැළකීම නතර කළ යුතුයි. පසුගිය ජන්දෙදි දෙමළ ජනයා මෛත්‍රිපාලව දිනෙව්වේ වහල්ලු වගේ ඉන්න නෙමේ. මෙතන රුස්වීමේත් වැඩියෙන්ම ඉන්නේ සිවිල් ඇඳගත්තු හමුදාව. අපි මේ ගැන රජය එක්ක කථා කරනවා. අපේ ළමයින්ගේ සොහොන් කොත් උඩ නැගලා ඒවාට අවමන් කරන තාක් කල් හමුදාව අපේ මිතුරන් වෙන්නේ නැහැ,” යි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී වරයා පැවසීය.☐
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙවැනි පරම අවිහිංසාවාදී සංවිධානයකට මෙහෙම කරන එක වැරදියි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    avatar37140_1.gif

    avatar326070_32.gif