මේවා අලින්ගේ නරින්ගේ වැඩ..! පිටරට කරෝල වන ලා&#

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මේවා අලින්ගේ නරින්ගේ වැඩ..! පිටරට කරෝල වන ලා&#

    මේවා අලින්ගේ නරින්ගේ වැඩ..! පිටරට කරෝල වන ලාංකික මළ සිරුරු: අරක්කු විකුණා කෝටිපතියන් වන තානාපතිලා

    Kisholi_Perera.jpg
    (ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.25, ප.ව.11.45)



    එක් අවස්ථාවක අලියෙක් කැලෑවක සිටින සතුන්ට ගමන් කරන්නට හැකිවන පරිදි ගස් බිඳ දමමින් පාරක් සකස්කරමින් යන්නට පටන් ගත්තේය. අලියා සකස්කරමින් ගිය මග යමින් සිටි බීමත් නරියෙක් මහා ශබ්දයක් නගමින් කෑ ගසමින් ගමන් කරන ගමන් මෙසේ ප්‍රකාශ කෙළේය. “බලාගනිල්ලා මේවා නරින්ගේ අලින්ගේ වැඩ තේරුණාද?“

    ඉහත කථාව මතකයට පැමිණියේ මෑත කාලයේදී රාජපක්ෂවාදීන්ව සිට ඩබල් කරණම් ගසමින් ගමරාලගේ පශ්චාත්භාගය සිප වැළඳගෙන යහපාලන ආණ්ඩුව යටතේ ඇමතිකම් ලබාගත් අයවලුන් කියන කථා අසන විටයි. මේ අය අතර හිටපු ආණ්ඩුවේ අතිශයින් දූෂිත ඇමතිවරයෙක් වන ඩිලාන් පෙරේරා නැමති පෙරේතයා ප්‍රධාන තැනක් ගනී. ඔහු විසින් කරන ලද නොපණත්කම් ඉමක් නැත. මොහු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් තමන්ගේ සැප සහ තමන්ට සැප සපයන වේසාවියන්ට වියදම් කළ මුත් ඒවා සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගන්නට වත්මන් විදේශ රැකියා ඇමතිණිය කටයුතු කරන බවක්ද නොපෙනේ. ඇය ලෝකෙට ඇසෙන්න ශබ්ද නගමින් පසුගිය කාලයේ කියා සිටියේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් මිලියන 150 කට සිදුවූ දෙයක් නැති බවයි. එහෙත් ඩිලාන් සමග සිටි හොරු රංචුවම තබාගෙන ඇය තව දුරටත් එම දූෂිත කටයුතු සිදු වන්නට ඉඩ හැර දෑස් වසා සිටින්නීය.

    ඉහත සඳහන් අලියාගේ සහ නරියාගේ කථාව සිහි ගන්වමින් තලතා අතුකෝරාල විදේශ රැකියා ඇමතිණිය විසින් විදේශ ඇමති මංගල ඇමතිගේ රාජතාන්ත්‍රික දක්ෂතාව නිසා මරණයෙන් බේරුණු ලාංකික කාන්තාව බේරා ගත්තේ තමන්ගේ බියුරෝව බව කියා සිටියාය. ඇත්ත වශයෙන්ම ඇය කළ කෙංගෙඩියක් නැත. කොළඹ සිටින සෞදි තානාපතිවරයා කීප වතාවක් ගෙන්වා දැඩි ලෙස ඉල්ලීමක් කර මෙම තත්ත්වය වෙනස් කෙළේ විදේශ අමාත්‍යංශයයි. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය සමන්තා හරහා ඇමරිකානු රජය ලවා සෞදියට බලපෑම් කෙළේ විදේශ අමාත්‍යාංශයයි. ඒ මංගල සමරවීර ඇමතිවරයාගේ මග පෙන්වීම යටතේය. තලතා අතුකෝරාල ඇමතිණියගේ නිලධාරීන් මෙම කාන්තාව පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිටි සිරගත කර සිටින බවක් හෝ දන්නේ නැත.

    සාමාන්‍ය පිළිවෙතට අනුව නම් සෑම තානාපති කාර්යාලයක්ම මසක් පාසා එම රටවල සිරගතව සිටින ලාංකිකයින්ගේ තොරතුරු විදේශ අමාත්‍යංශයට යැවීම කළ යුතුයි. එසේම එම ලාංකිකයින්ට අවශ්‍ය නීති සහාය ලබාදිය යුතුයි. එහෙත් තලතාගේ ගෝලයෝ සිරගෙයක් පැත්තේ ගිය දවසක් නැති බව සෞදියෙන් දැන ගන්නට ලැබිණි. මොවුන් වඩාත් මහන්සි වී කටයුතු කරන්නේ රැකියා ඒජන්සිකරුවන් සමග ඩීල් දමන්නටය. මොවුන් විසින් ගකරගෙන යනු ලබන තවත් වෙළඳාමක් නම් තනාපති කාර්යාලයේ රැකවරණය පතා එන කාන්තාවන් වෙනත් හාම්පුතුන්ට දී මුදල් ගැනීමයි. මෙම තත්ත්වය කුවේටය, ලෙබනනය, ජෝර්දානය, අරාබි එක්සත් එමීර් රාජ්‍ය සහ ඕමානයේ සිදුවන බව දැන ගන්නට ඇත. ලෙබනනයේ සිටින ‘ටිකට් කුමාරි‘ නැමති තානාපති කාර්යාලයේ කම්කරු නිලධාරිණිය විසින් කරනු ලැබූ වංචා ගණනාවක් ගැන තොරතුරු අණාවරණය වී ඇතත් ඇය ගාමිණි ලොකුගේ ඇමතිගේ හිතවතියක් සහ ඇගේ සැමියා රත්නපුර ප්‍රදේශයේ නීතිඥයෙක්වීම ද නිසා ඇයට විරුද්ධව පියවර ගන්නට ඇමතිණිය පසුබවට වි තිබේ. ලෙබනනයේ තානාපති කාර්යාලයේ සේවය කළ ජමීල් නැමති කම්කරු නිලධාරියාට විරුද්ධව රුපියල් මිලියන දෙකක වංචාව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් කරගෙන යනු ලබන පරීක්ෂණ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු තලතා ඇමතිණියගේ අමාත්‍යංශය විසින් ඉදිරිපත් නොකරන බව දැන ගන්නට ඇත. ඒ අතර මෙම වංචාවට සම්බන්ධ ජමීල් නැමති නිලධාරියාට උසස්වීමක් ලබාදීමට තලතා අතුකෝරාල ඇමැතිණිය කටයුතු කර තිබේ. එසේ කර ඇත්තේ මොහු ඩිලාන් පෙරේරාගේ කීකරු ගෝලයෙක් නිසාය. මේ අකාරයෙන්ම නීති විරෝධි ගබ්සාවක් සම්බන්ධයෙන් චෝදනා ලත් ඕමානයේ හිටපු කම්කරු නිලධරියා සම්බන්ධ පරීක්ෂණද අත්හිටුවා ඇත. මෙම දූෂිත ක්‍රියාවේ අනෙක් වැරදිකරුවන විදේශ සේවා නිලධාරියෙක් වන හලීම් නැමැත්තාද කිසිදු කරදරයක් නැතිව විදේශ අමාත්‍යංශයේ සේවය කරයි.

    කුවේටයේ තානාපති කාර්යාලය නැවතත් දූෂිතයන්ගෙන් පිරි ආයතනයක් බවට පත්ව තිබෙන බව ද දැන ගන්නට ඇත. හිටපු සියලු තානාපතිවරුන් ගිය මග යමින් වත්මන් තානාපතිවරයාද තීරුබදු රහිතව ලැබෙන සැර මත්පැන් අලෙවිය ජයටම කරගෙන යන බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. කුවේයේ මත්පැන් බෝතලයක් නියමිත මිල මෙන් දස ගුණයකට අලෙවි කළ හැකිය. වසරකට දෙවරක් මෙම මත්පැන් තොගය ලැබෙන අතර මෙම ජාවාරමෙන් තානාපතිවරයෙකුට එක්වරකදී රුපියල් මිලියන 07 ක පමණ ආදායමක් ලබාගත හැකිය. කුවේටයේ තානාපති කාර්යාල නිලධාරියෙක් අප සමග කියා සිටියේ විදේශ ඇමතිවරයා පසුගිය වසර 08 ක කාලයක් තිස්සේ මිලදී ගත් තීරුබදු රහිත මත්පැන් පිළිබඳ පරික්ෂණයක් කල යුතු බවයි. මේවා ලැබෙන්නේ අමුත්තන්ට සංග්‍රහ කිරීමටය. වරකට ලබා ගන්නා බෝතල් 2000 ක පමණ ප්‍රමාණය පුද්ගලයින් 20,000 කට පමණ බීමට සෑහේ. ඒසා පිරිසකට තානාපතිවරයා සංග්‍රහ කර නැත. මෙම මත්පැන් පිළිබඳ තොරතුරු කුවේටයේ විදේශ අමාත්‍යංශයෙන් හෝ භූටාන තානාපති කාර්යාලයෙන් ලබාගත හැකිය. මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරිම විදේශ ඇමතිවරයාගේ වගකීමයි.

    හොරුන් සම්බන්ධ කිසිදු පියවරක් ගන්නට තලතා ඇමතිණියට හැකියාවක් නැත. එයට එක් හේතුවක් නම් මේ බොහෝ දෙනෙක් ඩිලාන් පෙරේරාගේ ගෝලයින්ය. තලතා අතුකෝරාල ඇමතිණිය ඩිලාන් සමග ඩීල් ගසා ඇති බවක් දැන් අපට වැටහේ. එසේ ප්‍රකාශ කරන්නට හේතු ඇති පදම් තිබේ.

    අනෙක් පැත්තෙන් මැදපෙරදිග රටවල මියගිය අයගේ මෘත දේහ ලංකාවට එවීමේ අනවශ්‍ය ප්‍රමාදයක් ඇති බවට දැන ගන්නට තිබේ. විවිධ හේතු නිසා මෙසේ මිය ගිය අයගේ මෘත දේහ මාස ගණන් කරෝලවීමක් මීට ඉහතදී සිදුව නැති බව විදේශ අමාත්‍යංශයේ නිලධාරියෙක් පවසා සිටියේය. මෙයට ප්‍රධාන හේතුව බොහෝ පත් කර ඇති තානාපතිවරුන් තමන්ගේ කාර්ය හරියට නොදන්නා තනතුර සඳහා නිසි පළපුරුද්දක් සහ අත්දැකීම් අඩු අය වීමය.



    මේ සම්බන්ධයෙන් අද දිනයේ සිංග්පූරුවෙන්ද සිදුවීමක් වාර්තා වී ඇත. සිංගප්පූරුවේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් තට්ටු ගණනක බිල්ඩිමකින් පැන හෝ වැටී හෝ මරණයට පත්ව ඇත. මරණ වාර්තාව පවසා ඇත්තේ ඇය සිය දිවි හානි කරගත්තා කියා ය. ඇයගේ සිරුර ලංකාවට එවීමට තවමත් නොහැකිව තිබේ. මන්ද යත් එරට තානාපති කාර්යාලයට අනුයුක්ත කර සිටින කම්කරු කොන්සල් වරිය මැලේසියාවේ විනෝද ගමනක් ගොස් ඇති නිසාය. ඇය නම් ඩිලාන් පෙරේරාගේ සොයුරිය වන කිෂෝලි පෙරේරා ය. තානාපති කාර්යාලයට පවා ඇය සිටින තැනක් අල්ලා ගත නොහැකිය. මරණය වෙනුවෙන් ගෙවිය යුතු ඩොලර් 5000 ක මුදල විදේශ රැකියා කාර්යාලය විසින් ගෙවිය යුතුය. එය කොළඹ විදේශ රැකියා එකෙන් ගෙන්වා ගැනීමට කම්කරු කොන්සල් වරිය ලෙස පත් කර සිටින කිශෝලි සිටිය යුතුය. ඇය නැත. මේ හේතුව නිසා එම මළ සිරුරද කරෝල වෙමින් ඇත.
    මිය ගිය ලාංකිකයන් සම්බන්ධයෙන් වන්දි මුදල් ලබාගැනීමේ අසාමාන්‍ය ප්‍රමාදයක්ද තිබේ. මේ තත්ත්වය ගැන කථා කළ නිලධාරියෙක් කියා සිටියේ මෙම කටයුතු සම්බන්ධයෙන් විදේශ ඇමතිවරයා විසින් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව සහ වැරදිකරුවන්ට නිසි දඬුවම් කළ යුතු බවයි.

    මේ අතර දැන ගන්නට ඇති තවත් කරුණක් වන්නේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පිස්සු මහාචාර්යවරයෙක් වන කටාර් තානාපතිවරයා රජයේ මුදල් රෙගුලාසි සහ පිළිගත් රාජතාන්ත්‍රික සම්ප්‍රදායන් උල්ලංඝණය කරමින් තානාපති කාර්යාලය වෙනත් ගොඩනැගිල්ලකට ගෙන ගොස් තිබේ. මෙම ඩීල් එකෙන් ඔහුට සියයට විස්සක කොමිස් මුදලක් මාස් පතා ලැබෙන බව එම තානාපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

    මෑතකදී අගමැතිවරයා වැරදි කරන තානාපතිවරුන් නැවත ගෙන්වන බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි ඉහත සිදුවීම් ගැන කොමිටි පත්කිරීමකින් තොරව පරීක්ෂණයක් කළ යුතු බව අපගේ හැඟීමයි.

    -ලංකා වීරසිංහ-


    ---------------------------​