මාලිමාවට ඡන්දය දුන් බහුතර ශ්‍රී ලාංකිකයන්ට බලාපොරොත්තු දෙකක් තිබුණා.
එකක් ඉතාම සැපවත් ජීවිතයක් ගත කරන්න.
අනුර ලා කියපු විදියටම කළින් රජයන් යටතේ සිදු කරපු හොරකම්, වංචා, දූෂණ නැවැත්වූ පසු රටේ බඩු මිල අඩු වෙලා, වාහන මිල අඩු වෙලා, වැටුප් වැඩි වෙලා මිනිස්සු ඉතාම සැපවත් ජීවිතයක් ගත කරන්න සිහින මැව්වා.
එක පඩියෙන් අයි ෆෝන් ගන්න, ලක්ෂ 12 ට විට්ස් කාර් ගන්න පුලුවන් කියලා ඇත්තටම උගත් මධ්‍යම පන්තිය පවා විශ්වාස කළා.
නමුත් ඒ සිහිනයේ දී අනුර ලා තමන්ව රැවටූ බව ජනතාව දැන් අවබෝධ කරගනිමින් ඉන්නවා.
එය හුදෙක් මැතිවරණය උදෙසා තමන් කඩේ යැවීමක් බව ජනතාව දන්නවා.
ඔවුන් දැන් විට්ස් කාර් සිහිනයට හාස්‍යයට ලක් කරමින් තමන්ගේ අතීත බලාපොරොත්තුවට හිනා වී හිත සනසා ගන්නවා.
දෙවැන්න, අඩුම වශයෙන් හොරකම, වංචාව, නාස්තිය සහ මිතුරු සංග්‍රහ වැනි දෑ නවත්වා ලාංකිකයාට අනුරලා ම ලබා දුන් සිහිනයක් වන ගුඩ් ගවර්න්ස් සිහිනය.
නමුත් කණගාටුවෙන් යුතුව වුනත් කිවයුත්තේ එය පළමු සිහිනයටත් වඩා ප්‍රබන්ධ සිහිනයක් පමණයි.
පසුගිය දා තානාපති සේවයට මිතුරන් පත් කිරීමේ සිට, පළාත් පාලන ආයතන වල සභා පිහිටුවීමට මුදල් විසි කිරීමේ සිට ආණ්ඩුවේ යහපාලනයක් නැති බව ඔවුන් ක්‍රියාවෙන්ම ඔප්පු කරමින් සිටිනවා.
ඔවුන් ද හුදෙක් බලයට ප්‍රිය සාම්ප්‍රදායික දේශපාලකයන් පිරිසක් බව ජනතාවට පෙනෙනවා.
ආණ්ඩුව රතු සලකුණු කළ කන්ටේනර් 300 කට අධික ප්‍රමාණයක් හොරෙන් පිට කළා. එහි ලයිස්තුව හෝ වගකිවයුත්තෙක් අදටත් නැහැ.
ආණ්ඩුව බලය උදෙසා ඉන්දියාව මිත්‍ර කර ගැනීමට ගිවිසුම් හතක් අත්සන් කළා. ඒ ගිවිසුම් අදටත් ජනතාවට රහසක්.
කිසිදු රජයක් එලෙස ජනතාවට වග නොකියන තරමින් හැසිරී නැහැ.
ඊයේ පැවැති වාහන වෙන්දේසිය (දන්සැල) රජයේ යහපාලනයක් නොමැති බවටත්, ඔවුන් ද දූෂිතයන් පිරිසක් බවට තවත් හොඳ උදාහරණයක්.
වෙන්දේසියට සුඛෝපභෝගි වාහන 26 ක් ඉදිරිපත් කළා.
මෙය රජයේ ප්‍රධාන ප්‍රචාරණ ව්‍යාපෘතියක්. අලුතෙන් කොන්ක්‍රිට් ගලක් හෝ ඇල්ලීමට නොහැකි තරමේ අසමත් රජය, මේ ව්‍යාපෘතියට බරක් ලබා දුන්නා.
වාහන 26 න් අඩුම ධාවන දුරක් සහ හොඳම තත්ත්වයේ ඇති වාහන 17 ක් අලෙවි වුණා.
ඒ අතර V8 රථ , ලෑන්ඩ් රෝව ඩිස්කවරි, ලෑන්ඩ් කෘසර් සහරා V8 වර්ගයේ මෝටර් රථ තිබුණා.
මේ සියලූම වාහන නිෂ්පාදිත වර්ෂය 2015 හෝ ඊට අඩු වාහන.
ලැන්ඩ් කෘසර් සහරා V8 රථයක් මේ මොහොතේ වර්ෂය, සමාගම, ධාවන තත්ත්වය වැනි සාධක සමග අලෙවි වන සාමාන්‍ය මිල රුපියල් මිලියන 50 ට වැඩියි.
ඇතැම් විටෙක එය මිලියන 100 කටත් වඩා වැඩියි.
ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි රථයක් මිලියන 40 ඉක්මවනවා.
මේ මිල ගණන් සාධක මත වෙනස් වූවත් එහි විශාල වෙනසක් සිදු වන්නේ නැහැ.
මේ තමයි සාමාන්‍ය මිල.
නමුත් සුඛෝපභෝගි වාහන 17 ම විකුණා රජය උපයා ඇත්තේ මිලියන 200 ක් පමණයි.
සාමාන්‍ය වෙළදපොල වටිනාකම අනුව මේ වාහන 17 හි වටිනාකම 900 ඉක්මවනවා.
එහි කිසිඳු තර්කයක් නැහැ. එහි වටිනාකම මිලියන 900 කට වැඩි මිසක් අඩු නැහැ.
නමුත් රජය මේ වාහන විකුණා ඇත්තේ මිලියන 200 කට.
එනම් වෙළදපොල වටිනාකමෙන් 1/5ක මුදලකට. මේ වාහන හිමිකරුවන් වාහන යකඩ වලට විකිණූවත්, චැසි අංකය, ඉන්ජින් අංකය සමග පොත විකිණූවත් ඔවුන්ට පාඩු නොවන මිලක්.
ඒ අනුව මෙය ගජ මිතුරු සංග්‍රහයක්, දන්සැලක් බව පැහැදිලියි.
මෙහි වඩාත්ම වැදගත් කරුණ මේ වාහන මිලදී ගත්තේ කවුරුන්ද යන්න.
මෙවැනි වෙන්දේසියක් පැවැත්වෙන බවත්, ඒ වාහන මිලට ගන්නැයි ද රජය කිසිසේත්ම සාමාන්‍ය ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට ප්‍රසිද්ධියේ (සැබෑවටම ජනතාවට ලඟා වන ආකාරයට) ආරාධනා කළේ නැහැ.
වෙන්දේසිය පැවැත්වෙන දිනය, ස්ථානය, ආකාරය සහ එයට ලියාපදිංචි වෙන ආකාරය පිළිබඳව හොඳින් දැනුවත් කළේ නැහැ.
රජය වෙන්දේසියට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබා දුන්නේ එය සිදුව අවසන් වූ විටයි.
එතෙක් ඔවුන් එය සාමාන්‍ය ප්‍රවෘත්තියක් ලෙස පමණක් තබා ගත්තා.
ඒ ඇයි ?
මේ වෙන්දේසියට ඉදිරිපත් වුණේ ආණ්ඩුවේ දේශපාලන මිතුරන් සහ මිතුරු ව්‍යාපාරිකයන් පමණයි.
රජය අනවශ්‍ය සහ නොදන්නා පිරිස් මේ වෙන්දේසියෙන් ඈත් කිරීමට ඔවුන්ට අවශ්‍ය වුණා.
ආණ්ඩුවේ ගජ මිතුරන් ද සෘජුව මේ වාහන මිලට ගත්තේ නැහැ.
මාලිමා රජය යටතේ ධම්මික පෙරේරා ශ්‍රී ලංකන් ලබා ගත්තා සේ මේ මිතුරන්ගේ ඥාතීන්ගේ නම් වලට සහ ඔවුන්ට හිමිකම් ඇති සමාගම් හරහා මේ වෙන්දේසියට ඉදිරිපත් වුණා.
එනම් රජයේ දේශපාලනයට සම්බන්ධ ප්‍රබලයෙක් සිටිනවා.
ඔහුට දියණියක් සිටිනවා.
ඒ දියණිය අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටින සමාගමක් වෙන්දේසියට ඉදිරිපත් වී වාහනයක් මිලට ගන්නවා.
වෙන්දේසියේ ලියවෙන්නේ ඒ සමාගමේ නම පමණයි.
පසුව සමාගම විසින් අදාල අධ්‍යක්ෂකවරියට එම වාහනය පවරනවා. නමුත් එය වෙන්දේසියට අදාල ලිඛිත ගණුදෙනුවක් නොවෙයි.
කිසිඳු මූලික ලියවිල්ලක ඇයගේ නම නැහැ. ඇයගේ පියා කිසිසේත්ම සම්බන්ධ හෝ වන්නේ නැහැ.
ගජමිතුරු සංග්‍රහය සිදු වුනේ ඉතාම සූක්ෂමව ඒ ආකාරයටයි.
ඔවුන් ජනතාවට මුහුණ සඟවමින් ජනතා බදු මුදලින් රටට ගෙන ආ වාහන වෙළදපොල වටිනාකමින් 1/5 කටත් අඩු මුදලක් ගෙවා මිලට ගත්තා.
එයත් වංචාවක්. එයත් හොරකමක්.
මේ දිනෙක පොදු දේපළ පනතින් නඩු පැවරිය හැකි ජනතා දේපළ.
මේ මොහොතේ කන්ටේනර් 327 ලයිස්තුව හෝ ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් හතට සිදු වූ දේ මේ වාහන ලබා ගත් පුද්ගලයන් සහ සමාගම් වල ලයිස්තුවට සිදුවීමට ඉඩ දිය යුතු නැහැ.
සචින් රත්වත්තෙ