මචං මම ඉන්නේ තලවතුගොඩ. දැනට ටික කාලෙක ඉඳලා මම මගේ ගේ හදාගෙන යනවා. දැනට ගෙදර ලොකු ලොකු වැඩ ටික ඔක්කොම වගේ ඉවර වෙලා තියෙන්නේ. හැබැයි තව පොඩි පොඩි වැඩ ටිකක් ඉතුරු වෙලා තියෙනවා.
ඉතින් ඒ වැඩ ටික කරගන්න මම බාස්ල දෙතුන් දෙනෙක් එක්කම මේ වෙනකොට කතා කරා. හැබැයි මචං ප්‍රශ්න තියෙන්නේ දැනට ඉන්න ගොඩක් බාස්ලා කරන්න කොන්ත්‍රාත් ගන්න එක තමයි. ඉතින් මගේ වගේ පොඩි වැඩකට අත ගහන්න ගොඩක් කට්ටිය කැමති නෑ. කැමැති වුණත් සෑහෙන්න ලොකු ගානක් ඉල්ලන මේ වගේ වැඩක් කරන්න.
උඹලා හැමෝම දන්නවත් ඇති ගෙයක් හදනවා කියන්නේ අන්තිම හරියෙදි මිනිහෙක් හොඳටම එරිලා තමයි ඉන්නේ. ඉතින් මචන් බාස්ලා කියනවා වගේ ලොකු ගානක් දීල මට මේ වෙලාවේ මේක කරගන්න පුළුවන් කමක් නැහැ.
ඉතින් මචන් මට මේ වැඩේ ගොඩ දාගන්න පුලුවන් මට්ටමේ බාස් කෙනෙක් ගැන විස්තරයක් තියෙනවා නං පොඩ්ඩක් දැනුවත් කරන්න. දවසෙ පඩියට උනත් කමක් නෑ. එහෙම නැත්නම් සාධාරණ විදිහට අය කරන බාස් කෙනෙක් උනත් කමක් නෑ.
මොකක් හරි contact තියෙන කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් විස්තරයක් කියපන්.
හැමෝටම ස්තුතියි.
ජය වේවා