මේ ඉන්නෙ අපේ ආදරණීය හාමිනා..
ඔයා පේරාදෙණිය පශු වෛද්‍ය ශික්ෂණ රෝහලට (Veterinary teaching hospital, Peradeniya) නිතර එනයන කෙනෙක් නම් මෙයාව දන්නවා ඇති..Practical ඇතුලුව ,පශුවෛද්‍ය ශික්ෂණ රෝහල වෙනුවෙන් දශකයකට අදික කාලයක් ඇය කළ මෙහෙය අප්‍රමාණයි..
ඇයගේ ලේ වලින් දිවි රැකගත් බව්වන් බොහෝමයි..ඇය ඒ වෙනුවෙට හොයපු එකම දේ ආදරයයි...
Lectures වලදී, Clinical practical වලදී හාමිනා තමයි අපට උදව් කරන්නේ.
දහස් වෙද සිසු ඇස් පාදපු, සියක් බව්වන් වෙනුවෙන් ලේ දන් දීපු, ආදරණීය හාමිනා අද නොයෙන ගමනක් යනවා...ඒ ආදරනීය රෝහලම හඩවමින්...
ඇය කළ මෙහෙයට කෘතගුණ දක්වමින්, ආගමික වතාවත් ඉටුකරමින්, අපි සියල්ලෝම ඇයට අවසන් ගෞරවය දක්වමු...
ආදරණීය හාමිනා..
නුඹ නොඑන ගමන් ගියත් , නුඹ අප කාගෙත් සිත්වල අමරණීයයි...
සුභ ගමන් හාමිනා....
https://www.facebook.com/ reel/ 926171426560019
Last edited:


