මේ ඔක්කොම ගතිගුණ තියෙන කෙල්ලෙක් උඹටත් ඉන&#353

මේ ඔක්කොම ගතිගුණ

  • ඔව්

    Votes: 11 47.8%
  • නෑ

    Votes: 0 0.0%
  • සමහර දේවල් තියෙනවා

    Votes: 10 43.5%
  • මෙහෙම එක ගතිගුනයක්වත් නෑ.. ඔක්කොම අනිත් පැත්ත

    Votes: 2 8.7%

  • Total voters
    23
Aug 11, 2015
394
40
0
මේ ඔක්කොම ගතිගුණ තියෙන කෙල්ලෙක් උඹටත් ඉන&#353

1. හැමදේටම උනන්දුවෙන් උදව් කරනවා

2. නිදහස් විදියට හිතනවා (ඕනවට වඩා නෙමෙයි, සීමාව ඉක්මවලත් නෙමෙයි)

3. ඇතුලතින් මෙන්ම පිටතිනුත් හරිම සුන්දරයි (ඉන්ජෙක්ෂන් විදල ගන්න සුදවත් , ලොකු පස්සවල්වත් නෙමෙයි නැචුරල් ලස්සන වගේම හදවතේ සුන්දරත්වය / කරුණාවන්තකම, අනුන්ගේ විපතේදී දුක්වෙන පිහිටවෙන අනුකම්පා කරන කෙල්ලෙක්)

4. හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා.. (කිසි දේකට / වැඩකට නෑ බෑ කියන්නේ නෑ.. බැරිනං හොයාගෙන ඉගෙනගෙන හරි වැඩේ කරනවා)

5. ඔබට ගොඩාක් ගරු කරනවා (හ්ම්ම්ම් කිව්වොත් මීය වගේ.. සද්ද නෑ , කියන දේ හොඳින් අහනවා.. ඔබව නායකයෙක් ලෙස දකිනවා.. ඔබේ තීරණයන්ට ගරු කරනවා.. මේක බයක් නෙමෙයි ගරු කිරීම (ගොඩක් උන් පටලවන් ඉන්නේ)

6. කතා කරන්න ඕනේ තැන නොතැන දන්නවා (උවමනා තැනදී කතා කරනවා / තර්ක ඕන තරම්)

7. ඉතා හිතවත් / පක්ෂපාතී (ඔබට විරුද්ධව කවුරුවත් මුකුත් කියනවට ආස නෑ , හැමතිස්සෙම ඇය ඔබේ පැත්තේ වරදින්න හරි හරියන්න හරි , ඔබේ සෑම තීරනයකදිම ඔබ එක්ක ඉන්නවා .. උපරිමයෙන් ආදරය කරනවා / ඒවගේම ඔබේ අවධානය බලාපොරොත්තු වෙනවා)

8. ඔබේ ධනය හෝ සමාජ තත්වය සමඟ නොවෙයි ඔබ සහ ඔබේ හිතත් සමඟ ආදරයෙන් බැඳෙනවා (මේ වගේ කෙල්ලෙක් කවදාවත් දුකක් කරදරයක් උනාම දාල යන්නේ නෑ .. ඔබ ලෝකෙටම නයකාරයෙක් උනත් ඔබ එක්ක ඉන්නවා..)

9. හරිම සරලයි, පොලවේ අඩිය ගහල ඉන්න සාමාන්‍ය කෙල්ලෙක් (ලස්සන වෙන්න සැලෝන් ගානේ දුවන්නේ නෑ , බොරු සෝබන නෑ , මොන දේ ලැබුනත් ආඩම්බර වෙන්නේ නෑ .. ඕන මනුස්සයෙක් එක්ක හදවතින්ම හිනාවෙනවා .. කුලමල ආගම් බේද තකන් නෑ.. හැමෝටම එක වගේ කරුණාවන්තයි )

10. ඔබ ජීවිතය සමග හොඳින් මුසුවෙනවා .. ඔබව හොඳින් තෙරුම්ගන්න උත්සාහ කරනවා .. ඔබ පමණක් නෙමෙයි , ඔබ ඇසුරු කරන අය සහ ඔබේ පවුලේ අය සමගත් හොඳින් මුසුවෙන්න උත්සාහ කරනවා.. (පවුලේ තොරතුරු දැනගන්න උනංදුයි , අම්මා , තාත්තට සලකන්න ඔබව උනන්දු කරවනවා. යාළුවො එක්ක ඔබ ඇසුරු කරාට තරහ ගන්නෙවත් කලබල වෙන්නෙවත් නෑ , ඔබව හොඳින් විශ්වාසකරනවා)
 

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,129
    4,284
    113
    Sri Lanka
    අවංකවම මගේ කෙල්ලට මේ හැම දේම තියෙනව.. අවුරුදු 4ක් ති‍ස්සෙ ආදරය රණ්ඩු මේ හැම එකක්ම තියාගෙන අද මේ වෙද්දි මගේ කෙල්ල තරම් විශ්වාස එකෙක් මේ ලෝකෙ නෑ මට නම්... මේ හැම ලක්ෂණයක්ම තියෙනව. ඒ වගේම මීටත් වඩා තියෙනව කියලයි මට හිතෙන්නෙ..

    මලාට බොරුවක් කියන්නෙ නෑ... කොල්ලෙක් දැකල ලස්සනයි කියල හිතුනොත් ඌ දිහා බලල හොරෙන් ආතල් එක අරන් ඉන්නෙ නෑ. ඒක කෙලින්ම මට කියනව ලස්සන කොල්ලෙක්ව දැක්ක කියල... ඒ තරමටම අවංකයි... I'm so lucky and proud.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,986
    1
    9,808
    113
    Gampaha
    මෙහෙම එක ගතිගුනයක්වත් නෑ.. ඔක්කොම අනිත් පැත්ත
     
    Aug 11, 2015
    394
    40
    0
    අවංකවම මගේ කෙල්ලට මේ හැම දේම තියෙනව.. අවුරුදු 4ක් ති‍ස්සෙ ආදරය රණ්ඩු මේ හැම එකක්ම තියාගෙන අද මේ වෙද්දි මගේ කෙල්ල තරම් විශ්වාස එකෙක් මේ ලෝකෙ නෑ මට නම්... මේ හැම ලක්ෂණයක්ම තියෙනව. ඒ වගේම මීටත් වඩා තියෙනව කියලයි මට හිතෙන්නෙ..

    මලාට බොරුවක් කියන්නෙ නෑ... කොල්ලෙක් දැකල ලස්සනයි කියල හිතුනොත් ඌ දිහා බලල හොරෙන් ආතල් එක අරන් ඉන්නෙ නෑ. ඒක කෙලින්ම මට කියනව ලස්සන කොල්ලෙක්ව දැක්ක කියල... ඒ තරමටම අවංකයි... I'm so lucky and proud.

    ehenan aniwaa umba patta lucky ban............. congratz........