මේ කවි පන්තිය උඹලට මතකද කළුවෝ

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    චිචිරි චිරි චිචිරි චිරි උදේ සිට ඇද හැලෙන
    පොද නොකැඩි තෙත බරිව හිරිකිතෙන් කිලි පොළන
    පාර තොට ගහ කොළ ද වසාගෙන හැම අතින
    වහින වැහි වහින වැහි නොපායන මුළු දවස

    තෙමුණ රෙදි ඇඟ ඇලුණු හබුරු කොළ මලිපිටි ද
    දෝර ගොස් හැම තැන ම වක්කලන් ඇලි හැදුණ
    හැට්ට අත් කඳ කලව තෙත රෙද්ද ඇඟ එතුව
    වහින වැහි වහින වැහි නොපායන මුළු දවස

    ඔළුව කෙස් තෙතබරි ව පිට දිගේ වැක්කෙරෙන
    කාර් රෝදෙන් ‘චිරිස්’ ඇඟ පුරා මඩ ඉහෙන
    ආයි මත් හිටි ගමන් තද කරන් එන සැණින
    වහින වැහි වහින වැහි නොපායන මුළු දවස

    ගෙදර ගොස් ඇඳපු දේ මොහොතකින් ඉවර කොට
    තුවායෙන් ඇඟපත ද පිසදමා හිස් කෙස් ද
    තාන් සරමක් ඇඳන් උණට උණු තේ වතුර
    ඇඳෙහි ඉඳ උණුසුමට බොන්නෙ කොයි මොහොතෙ දැයි
    වැහි පොදෙහි පෙඟුණු සිත හිත හිතා ළතැවේය
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගුණදාස අමරසේකර ගේ "වැස්ස"🤩🤩අන්තිම කවිය කියවද්දී ඒ feeling එක ඇඟට දැනෙනවා :yes:
     
    • Love
    Reactions: Ryan08 and ara88

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කලින් කියවලා නෑ. හිතට දැනෙන ලස්සන කවි පන්තියක්
     
    • Like
    Reactions: Ryan08
    Rain Storm GIF by Lazy Corgi
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    200.gif

    ගෙදර ගොස් තෙත බරිත ඇඳුම් ටික උනා දා
    ටවල් එක ගෙන ක්ෂණික වතුර ටික පිහදමා
    විසික් කර පැත්තකට හෙළුවෙන්ම ඇඳට පැන
    අතේ පාරක් ගසන තෙක් නොඉවසයි මුළු හිතම

    :love2: