මේ කොයි යාන්නේ…?
සමාජය දිනෙන් දින සංවර්ධනය කරා යනවාද නැත්තන් අවරට යනවාදැයි සිතාගත නොහැකි සමයක් එලැඹී ඇත. දෙමාපියන් දරුවන්ට ( Children ) හොඳ නරක කියා දිය යුතු අතර දරුවන් යහ මඟට ගන්නා පළමු පියවර තැබිය යුතු වන්නේ දෙමාපියන් විසිනි. නමුත් එලෙස දරුවන්ට යායුතු නිවැරදි මඟ කියාදිය යුතු අම්මා තාත්තාම දරුවන් වැරදි මඟක රැගෙන යන්නේ කාගේ අවාසනාවටදැයි සිතාගත නොහැක.
පසුගිය දිනවල පියෙක් සිය සිඟිති දරුවාට ( Children ) බියර් පොවන වීඩියෝ දර්ශනය සෑම කෙනෙකුම දකින්නට ඇතැයි සිතමි. ඒ දර්ශනය කෙතරම් සෝචනීයද…? පියාට හෝ දරුවාට එය වීරකමක් ලෙස පෙනුනද සමාජ සම්මතයෙන් බැලූ කළ එය ඉතාම පහත් ක්‍රියාවක් ලෙස සැළකිය හැක. වයසින් වැඩෙන විට එම දරුවා සමාජට නොගැලපෙන දේ කිරීමට පෙළඹුනහොත් ඒ පියාට කිසි දිනක දරුවාට අවවාදයක් දීමට හැකියාවක් නොමැත. පියා විසින්ම දරුවා නොමඟ යැවීමේ පළමු පියවර තැබූ පසු නැවත කිසිදිනෙක ඒ දරුවාට අවවාදයක් දීමේ මඟ ඒ පියාම අහුරාගෙන ඇත.
දරුවාට බියර් පොවනවා පමණක් නොව එය වීඩියෝ කර සමාජජාලා වෙබ් අඩවි වලටද මුදා හැර ඇත. එය කාගේ වුවමනාවකට සිදුවූවා දැයි අප දන්නේ නැත. නමුත් එය සිදුනොවිය යුතු සහ ඒ පිළිබඳව නීතීමය පියවර ගැනීමට, පියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපට හැකියාවක් ඇත. බාල වයස්කාර දරුවන්ට සිය නිවසේ සුරක්ෂිත භාවයක් නැතිනම් දරුවා නීතියෙන් සුරැකීමට ඉඩ හසර සළසා ඇත.
බටහිර රටක වුවද මෙවන් දේ සිදුවන්නේ නැත. එම රටවල් කෙතරම් නිදහස් වුවද සංස්කෘතික වශයෙන් අපේ රටට වඩා වෙනස් මත දැරූවද ඒ දෙමව්පියන් සිය දරුවන්ට ළමා කාලයේ ජීවත් වීමට ඉඩ හසර සළසා දීමට කටයුතු කරයි. දරුවන්ට ළමා මනසට ගැලපෙන දේ ලබාදීමට සෑම සියළු දෙනාම වග බලාගත යුතු වේ.
දරුවන් යනු රටක අනාගතයයි. දරුවන්ගේ සුරක්ෂිත භාවය පිළිබඳව වගකීම රටේ සෑම සියළු වැඩිහිටියෙකුම සතුවේ. දෙමාපියන් පමණක් නොව, ගුරුවරුන් සහ අනෙකුත් සියළුම වැඩිහිටියන් දරුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව සහ ඔවුන්ට සිදුවන අකටයුතුකම් ගැන හොඳ අවධානයෙන් සිටිය යුතුය.
දරුවාගේ ( Children ) අනාගතය පිළිබඳව වගකිව යුත්තා කවුරුන්ද…?
කුඩා දරුවන් නව අත්හදා බැලීම් වලට නිතැතින්ම යොමුවන පිරිසකි. එහි අවධානමක් තිබුණද නැතිවුවද ඔවුන්ට ඒ පිළිබඳව නිසි අවබෝධයක් නැත. එම නිසා දරුවන් කරන දේ ගැන දෙමාපියන්, වැඩිහිටියන් අවබෝධයෙන් සිටිය යුතුම වේ. එවන් අවධානයකින් රැකගත යුතු මල් වැනි දරු පැටවුන් සිය පියා අතින්ම නොමඟ යන්නේ නම් ඒ දරුවාගේ අනාගතය පිළිබඳව වගකිව යුත්තා කවුරුන්ද…?
බුදු දහමින් පෝෂණය වූ අප රට තුළ දිනෙන දින ඇසෙන පෙනෙන අභාග්‍යසම්පන්න සිදුවීම් සමූහය අතරේ මෙයත් එක් සිදුවීමක් පමණක් යැයි සිතා අහක බැලිය නොහැක. මන්දයත්, එම පියා විනාස කරමින් ඉන්නේ අපේ රටේ අනාගතයයි. එම වැරදි ආදර්ශය කිසිවෙක් ලබානොගන්නේ නම් එය රටේ යහපතට හේතු වේ. නමුත් එම ආදර්ශය තවත් එක් නූගත් පියෙක් ලබාගතහොත් එම තත්වය එතරම් සුබ නොවේ. මෙවන් සිදුවීම් නැවත සිදුනොවීමට අප සියළුදෙනාම වග බලාගතයුතු වන අතර ඒ සඳහා ක්‍රියාත්මක විය යුතු නීතීමය ආයතනද ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුය.
දරුවන් දිනෙක මහා වෘක්ෂයන් ලෙස වැඩෙන ළපටි පැල මෙනි. කුඩා අවධියේ ඔවුන්ට ලැබෙන නිසි පෝෂණය ඔවුන්ගේ අනාගතය තීරණය කරනු ඇත. යහපත් දෙයින් යහපත් දරු කැලක්ද, අයහපත් දෙයින් අයහපත් දේද ලැබෙනු ඇත. දරුවන් ලොවට ගෙනියන්නේ දෙමව්පියන්ගෙන් ලබන දායාදය. දරුවන්ගේ අනාගතය සහ රටක ලොවක අනාගතය යහපත් එකක් කරනවාද අයහපත් එකක් කරනවාද යන්න තීරණය කළ යුතුවන්නේ ආදරණීය දෙමව්පියනි, ඔබ විසිනි.
source http://thewoman.lk/children-life/
මේ කොයි යාන්නේ…? වල පල්ලටයි යන්නේ