මේ දින වල පැතිරෙන වෛරස් උණ

7204

Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    මේ දින වල පැතිරෙන වෛරස් උණ සම්බන්දවයි 😷😷😷😷

    පළමු කාරණය අනවශ්‍ය බියක් ඇති කර ගන්න එපා

    දැනට අනුමාන කරන පරිදි එය adenovirus නම් වෛරසය නිසා ඇති වන අසාමාන්‍ය (atypical) නියුමෝනියා තත්වයකි
    මෙය ඕනෑම අයෙකුට වැළඳිය හැක, නමුත් එහි සංකූලතා හෝ අසාධ්‍යවන්නේ අවදානම් සහිත රෝගීන්ට පමණි
    1) අවුරුදු 3 ට අඩු දරුවන්
    2) අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්
    3) දීර්ඝ කාලීන කායික රෝග ඇති අය, ඇඳුම හතිය, දීර්ඝ කාලීන ශ්වසනාබාද (COPD) සහිත රෝගින්, දියවැඩියා රෝගීන්, වකුගඩු රෝගීන්
    4) ප්‍රතිශක්තිය අඩු රෝගීන්, උදා පිළිකා රෝගීන්, වකුගඩු රෙගින්, දීර්ඝ කාලීනව ප්‍රෙඩ්නිසොලොන් වැනි ඖශද භාවිතා කරන රෝගීන්
    5)ගර්භනී මවුවරු

    රෝග ලක්ශන ලෙස
    *සාමාන්‍ය සෙම්ප්‍රතිෂ්‍යාවට වඩා වැඩි රෝග ලක්ශන පෙන්නුම් කරන සෙම්ප්‍රතිෂ්‍යාව්, වැඩි පුර සෙම් සොටු බැහැර වීම,
    *උගුරේ ආසාදනය කට හඬ රළු වීම,
    *වියලි හෝ සෙම කැස්සක් ඇති වීම,
    *පාචනය වමනය
    *ඇස් රතු වීම කබ ගැලීම

    ළදරුවන්ගේ නම්...
    * අඩු ක්‍රියා කාරිත්වය,
    * කිරි උරා බී ම අඩු කම,
    * ශ්වසන අපහසුතා (වේගයෙන් හුස්ම ගැනීම, ඉල ඇට අතර මාංශ පේශී ඇතුලට ඇදෙමින් හුස්ම ගැනීම )

    රෝගයට නිශ්චිත ප්‍රථිකාර නොමැති අතර එය ස්වයංව නිවාරණය වේ,
    රෝහල් තුල සිදු කරනුයේ රුධිරයේ ඔක්සිජන් අඩු වීමෙන් හා ද්විතීයික බැක්ටීරියා ආසාදිත නියුමෝනියාව නිසා ඇති වන සංකූලතා ඇතිවීම අවම කිරීමයි

    කල යුතු දේ
    1) රෝග ලක්ශන දිනකට වඩා පවතී නම් සුදුසු කම් ලත් වෛද්‍යවරයෙක් හෝ භාහිර රෝගී අංශයට යොමු වන්න
    2)විවේකය, දියර හැකි පමණ ගන්න
    3) ස්නානය හා දෑත් සේ දීම, දරුවන් දිනපතා නැහැ වීම, රැකියාවට ගො'ස් පැමිනි විගස හෝ පොදු ස්ථනවලට ගොස් පැමිණි විගස ස්නානය කිරීම, පොදු ස්ථාන වල ගැවසුන පසුව දෑත් හොඳින් සේ දීම, ලේන්සුවක් භාවිතා කිරීම
    4) මෙ ම වෛරසය තාපයට සංවේදී නිසා හුමාලය ඇල්ලීම, උණු වතුර භාවිතය මගින් යම් තාක් මර්දනය කල හැක
    5) පෙර පාසැල් හා ප්‍රාථමික දරුවන්ගේ පංති කාමර සෙල්ලම් බඩු විශබීජ නාශක යොදා දින පතා පවිත්‍ර කිරීම
    6) සෙනග ගැවසෙන ස්ථාන වලදී මුඛ වාඩමක් භාවිතා කරන්න

    නොකලයුතු දේ
    1) පොදු ස්ථාන වල ගැවසීම අවම කිරීම
    2) විනෝද චාරිකා, උත්සව වැනි දේ හැකි තරම් මඟ හරීම, විශේශයෙන්ම දරුවන්ව
    3)අනවශ්‍ය ලෙස කළබල වී එක් දිනකින් දින දෙකකින් හෝ වෛද්‍ය නිර්දේශයක් නොමැතිව රෝහල් ගතවීම අවම කිරීම, මන්ද යත් මේ දින වල රෝහල් තුල අධික තදබදයක් ඇති නිසා සාමාන්‍ය උණ සහිත දරුවෙකුට වුවත් ඉක්මනින් මේ රෝගය බෝ විය හැකි නිසා
    4) අනවශ්‍ය ලෙස කල බල වී විවිද එන්නත් වලට මුදල් නාස්ති නො කරගන්න,
    නමුත් අවුරුදු 1-3 දක්වා දරුවන්ට නියුමොකොකල් (pneumococcal) එන්නත වෛද්‍ය නිර්දේශ මත ලබා දිය හැක, එසේම අවුරුදු 3 ට වැඩි දරුවන්ට ඉන්ෆ්ලුවන්සා එන්නත දිය හැක...
    නමුත් මේ අවස්ථාවෙදී එය අත්‍යවශ්‍යම නැත, ඉන් මෙ ම රෝගය මර්දනය වන්නේ නැත, නමුත් ද්වීතීක නියුමෝනියා තත්වයන් වලකා ගැනීමට පිටුවහලක් විය හැක
    5) අනවශ්‍ය ලෙස රෝහල් වලට පැමිනීම

    රෝහල් ගතවිය යුතු අවස්ථාවන්
    1) අධික උණ (ෆැ 102 ට වැඩි ) දින 3 ක් පවතී නම්
    2) නවජන්මයින් (මාසයකට අඩු ) තද උණ හෝ ඉහත රෝග ලක්ශන ඇත් නම්, විශේශයෙන්ම ශ්වසන වේගය වැඩි වීම, ශ්වසන අපහසුතා, ක්‍රියා කාරිත්වය අඩු වීම

    අනවශ්‍ය ලෙස භිය නොවන්න, නිසි ප්‍රථිකාර සඳහා ඉක්මණින් යොමු වන්න, අන් අය දැනුවත් කරන්න....

    Ranil Vithanage:cool:

    Rep+ Added
     
    • Like
    Reactions: Sri_Sampath

    Pulli_Gona

    Banned
  • May 13, 2018
    214
    25
    28
    ලෙඩ හදන්න බැරිද බන් biological theory වලින් ? biologically ඒක වෙන්න ඕන මොකක්ද කියලා ඒකෙ ආබාධ හොඳ කරන්න පුළුවන්ද බැරිද ඒ අදාල විදිහට රෝග නිර්මාණය කරන්න බැරිද ? බයෝලොජිකල් වෙපන් ඕන නැහැනේ. රටක්ම විනාස කරන්න පුළුවන් ඒ විදිහට හැදුවොත්. යුද්ධ මොනවත් නැතුව සීක්‍රට් ගේමක් ගහලා පරාද කරන්න පුළුවන්. අපි හිතමු උතුරෙ යුද්දෙ තියෙනකොට ඒ විදිහට හදපු වායුවක් මගින් බෝ වන ඇස් ලෙඩක්. ඒ ලෙඩේට ඔරොත්තු දෙන්න ප්‍රතිශක්ති කාරක එන්නතක් විදගෙන තියෙන්නෙ කොටි. ඇස් ලෙඩ නිසා අපේ හමුදාවට තුවක්කු ඒම් කරන්න බෑ. කඳුළු එනවා. කනාවට තමයි කොටින්ට තියන්නෙ. ඇස් ලෙඩ නිසා අපේ උන් අපිටම තියා ගන්නවා. කොටි ආතල් එකේ වෙඩි තියනවා එන්නත ගහපු නිසා. කොටින්ට නිකන් ලේසියෙන්ම දිනන්න තිබුණා එහෙම කරා නම්. :sorry: