මේ දීප්තිමත් රූපයද මට හිමි වූයේ තුන්සිතින් දන්දුන් නිසාය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මුගලන් මහ රහතන් වහන්සේ දේව චාරිකාවේ යෙදෙන විට අපූරු දෙවියෙක් හමුවිය. චන්ද්‍ර මණ්ඩලයක් සේ බබළන ඒ දෙවියා උන්වහන්සේ ඉදිරියට ආවේය. දෙපා නමස්කාර කළේය.
    පැත්තකට විය.
    " එම්බා දේව පුත්‍රය, ඔබ ශරීරය වර්ණවත්ය. ප්‍රභාත්මය. දස දෙස ඒකාලොකමත් වෙයි. ඔබ බොහෝ සම්පත් විදින්නෙකු බවද පෙනෙයි. පූර්වේ සිටියේ කොහේද? "
    උන්වහන්සේ ඇසූහ.
    ස්වාමීනී, රජගහනුවර... වේළුව්නාරාමයට බොහෝ දුර ගමක. එය ඉතා දිළිඳු ගමකි. මම එහි ගොවියෙක් වීමි. දෙවියා උත්තර දුන්නේය.
    ඔතරම් සම්පත් ලබන්න කළ කුසල් කවරේද?
    ස්වාමීනී, දිනක් මා අලුයම සිට කෙතේ වැඩ කළෙමි. දහවල වන විට කුසගිනි ඇතිවිය. ආහාර ගැනීමට ගෙදර ආව්මි. එවිට රහතන් වහන්සේ නමක් පිඩුසිඟා වඩිනවා දුටිමි. දිළිදු ගමක් නිසා පිඬු වශයෙන් කිසිවක් නොලැබිණි. උන්වහන්සේ මගේ ගෙදරටද වැඩියහ. මට උන්වහන්සේ දැක ප්‍රසන්න සිතක් ඇති විය. ගෙයි තිබුණේ මාගෙ බත්පත පමණි.
    මට එම බත්පත රහතන් වහන්සේට පුදන්න සිතුණි. ඒ වනවිට උන්වහන්සේ ඉතා අපහසුවෙන් ඉන්න බවද පස්සක් විය.
    මම ඉක්මනින්ම උන්වහන්සේට අසුන් පැනවීමි. මගේ බත්පත පූජා කළෙමි. රහතන් වහන්සේ එය වැළදූහ. මම ඉන් සතුටට පත් වීමි. මගේ කුසගින්නද දුරු විය. රහතන් වහන්සේ මට දහම් දෙසූ සේක. ඉන් මගේ සිත පහන් විය. අසීමිත ප්‍රීතියක් ලදිමි.
    කලක් ගෙවිණි. මම ගියෙමි. දානයේ කුසල් ආනුභාවයෙන් මේ තව්තිසා රන් විමානෙක උපන්නෙමි.
    ස්වාමීනි! මේ දීප්තිමත් රූපයද මට හිමි වූයේ තුන්සිතින් දන්දුන් නිසාය. දෙවියා කීවේය.
    මුගලන් මහරහතන් වහන්සේ සතුටට පත් වූහ. දහම් දෙසුමක්ද කළ සේක. දෙවියා යළි උන්වහන්සේට නමස්කාර කළේය. අවසර ගෙන අතුරුදහන් වූයේය.