මේ දේවල් ටික හරියට කර ගත්තොත් ඔබේ වැදගත්ම &#35

1987amare

Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    photographer කෙනෙක්ව තෝරා ගන්න නම්...

    :cool:

    හිතේ “මගේ වෙඩින් එකේ ෆොටෝ ටික මෙන්න මෙහෙමයි එන්න ඕනේ” කියලා ඔබේ හිතේ අදහසක් තියෙනවා නම් කරන්න තියෙන හොඳම වැඩේ තමයි, ඔබේ සහකරුවා එක්කත් මේ ගැන කතා කරන එක. දෙදෙනාම එකට කතා කරලා එක තීරණයකට එන එක චායාරුප ශිල්පියාට පහසුයි. ඒ නිසා දැන්ම තීරණය කරන්න. කෙටියෙන් කියනවා නම් හැම ඇල්බම් එකේ පිටු ගානේ සිට ශුට් එක වෙන්නේ කොතනද මොන වෙලාවටද කියන දේවල් ගැන සැලකිලිමත් වෙන්න.

    මේ සැලකිලිමත් වීමේ පරාසය ඔබ තෝරාගන්න සේයාරූශිල්පියා මතත් තීරණය වෙනවා. ඔහු ඔහුගේ පාර්ශවයෙන් සියලු දේ ගැන සොයා බලා කටයුතු කරයි නම් ඔබ දිනුම්, එහෙම නැති නම් ඉතින් ඒ බරත් ඔබටම තමා. ඒ නිසා ප්‍රවේසමින් තෝරාගැනීම් කරන්න.



    1. සොයා බලන්න

    සමහර වෙලාවට විශිෂ්ට වෙළඳ නාම සහිත photographersලාට වඩා අලුත් නිර්මානාත්මක ඇහැකින් බලන්නට හැකි අලුත් photographersලා සිටින්න ඉඩ තියෙනවා. ඒ නිසා වෙළඳ නාම කියන පාට කන්නාඩිය ගලවා පසෙකින් තියන තරමට ඔබේ සාක්කුවට පහසු වේවි. වෙළඳ පොලේ තියෙන වෙඩින් මැගසින් සහ අන්තර්ජාලයේ තියෙන photography groups වල ඔබට ඇති පදමින් photographersලා ගැන තොරතුරු හොයා ගන්න පුළුවන්. මීට අමතරව වාර්ෂිකව පැවැත්වෙන My wedding වැනි විවාහ ප්‍රදර්ශන බලන්න ගිහින් විවිධ ජායාරූප ශිල්පීන් ගැන තොරතුරු එකම වහලක් යටින් දැනගන්න පුලුවන්

    මීටත් වඩා ලේසිම ක්‍රමයක් තියෙනවා. ඔබේ මිතුරාගේ හෝ මිතුරියගේ මංගල්‍යය පින්තුර ඔබේ සිත් ගත්තා නම් ඔවුන්ගෙන් විමසා සිටින්න. ඔබේ මිතුරා හොඳ කෙනෙක් නම් photographer මුණ ගස්සනවා විතරක් නොවෙයි, ඔබට හොඳ වට්ටමකුත් ලබා දෙන්නට කටයුතු කරාවි.



    2. හමුවන්න සාකච්චා කරන්න.


    විවිධ ක්‍රම වලින් තෝරාගත් photographersලා ගොන්න සමඟ ළඟ ළඟ ම හමුවීම් යොදාගන්න. මේ හමුවීම් වලදී ජෝඩුවම යන එකේ ලොකු වාසියක් තියෙනවා. ඒ තමයි සමහර විට ඔබට නොතේරෙන දේවල් ඔබේ සහකරුවාට තේරුම් යන්න තියෙන ඉඩ වැඩියි. ඔබ නිර්මාණශීලි බව ගැන මනස යොමු කරනවා නම් ඔහු/ඇය වියදම් ගැන සැලකිලිමත් වේවි.

    වැදගත්ම දේ තමා පුලුවන්නම් පොඩි නෝට් බුක් එකක් හෝ පොඩි කොලයක ඔවුන් කියනා දේ ගැන සටහනක් තබා ගන්න. ගෙදරඅය සහකරුවා එක්ක පසුව සාකච්චා කරන විට මේ කුඩා තුන්ඩු කෑලි ටික හරිම වැදගත් වේවි.



    3. කලින් කල වැඩ විමසන්න


    ඔබ හමුවූ සහ සාකච්චා කල සියලු දෙනාගෙන් කලින් කල වැඩ ගැන විමසා සිටින්න අමතක කරන්න එපා. ඔවුන් ලබා දෙන්නේ online links නම් ඒවා සමඟම ඒවයේ ඇල්බම් ගැන විමසා සිටින්න. මොකද කොම්පියුටර් තිරයකින් බලනවට වඩා ඇල්බම් එකක් අතට අරන් බලනකොට නිදහසේ තිබෙන ඩිටෙල් ගැන අදහසක් ගන්න පුළුවන්.



    4. සැලසුම හදන්න


    ඔබ දෙදෙනා එක photographer කෙනෙක්ව තෝරා ගත්තා නම් ඔහු හා සාකච්චාවේදී දෙදෙනාගෙන් කෙනෙකු ලියා ගත් කුඩා සටහන් දැන් පාවිච්චියට ගන්න. වෙඩින් එක තියෙන තැන සිට ෆොටෝ ෂූට් වන්නේ කොතනද කියන කාරණාව වෙනකල් ඔබේ හිත තියෙන සැලසුම ලියන්න.

    මොකද මේ සැලසුම හරිම වැදගත් මංගල දිනය කියන්නේ වැඩ රාජකාරි කෝටියක් තියෙන දවසක් නිසා නියමිත පරිදි අවස්ථා සැලසුම් කරගන්න එක හරිම වටිනවා. ඔබ සතුව ඉසව් සංවිධායකයෙක් (event planner) සිටිනවා නම් ඔහුවත් මේ සැලසුම හදන්න එකතු කරගන්න එක වටිනවා. ඔබට අමතක වෙන බොහෝ දේවල් ඔහු පිලිවෙලින් මතක් කර දේවි.



    5. ෆොටෝ පැකේජස් විමසන්න


    කොච්චර සැලසුම් හැදුවත් වැඩක් නැහැ. Photographerගේ අයකිරීම ඔබේ පසුම්බියට ගැලපෙන්නේ නැති නම්, ඒ නිසා ඔබේ සාක්කුවටත් ගැලපෙන, ඔබේ හිතට අල්ලන ෆොටෝ පැකේජ් එක තෝරාගන්න අමතක කරන්න එපා. සමහර වෙලාවට සමහර photographerලා ඒ ඒ පැකේජස් වලට විවිධ වට්ටම් දෙන අවස්ථා තියෙනවා, ඒ නිසා ඒවත් විමසන්න අමතක කරන්න එපා.

    ඔබ එක පැකේජයක් තෝරා ගත්තා නම් හොඳින් කියවා බලා ඒ තුල ඔබට අවශ්‍ය වෙනස්කම් කර දෙන්නට වැඩිපුර කොපමණ ගණනක් යනවාද කියා ඔබ photographerගෙන් අසා දැනගන්න හොඳින් හිත තබාගන්න.



    6. ශිල්පියා ස්ථිර කරගන්න


    හරි ඔක්කොම හරි සැලසුම්, දින, අනෙකුත් කාරනා ඔක්කොම හරිනම් දැන් කරන්න තියෙන්නේ ඔබ කැමති photographerට මුදල් ගෙවීමක් කරලා වෙන් කරගන්න එකයි. Photographer ඔබේ මිතුරෙක් නම් අවුලක් නැහැ. එහෙම නැති නම් කරුණා කරලා ඔබේ පසින් සාක්ෂියක් ලෙස තවත් කෙනෙකු රැගෙන යන්න. රිසිට්පතක් විමසා සිටින්න. බැංකු හරහා මුදල් හුවමාරු වීමක් නම් වන්නේ කරුණා කර ඔහුගේ අතින්ම ගිණුම් අංක ලබා ගන්නට වග බලා ගන්න. එහෙමත් නැතිනම් දෙතුන් වරක් නැතිනම් සිව් වරක් වත් ගිණුම් අංක ගැන සැලකිලිමත් වෙන්න.



    7. ඔබේ අයිතීන් ගැන සැලකිලිමත් වෙන්න


    මංගල්‍යයයෙන් පසුව ඔබට ලබා දෙන්නේ තෝරාගත් පින්තුර පමණද?
    ඉතිරි පින්තුර ලබා දෙන්නේ කෙසේද?
    ප්‍රින්ටඩ් කොපි වලට අමතර සොෆ්ට් කොපි කොපමණ දෙනවාද?
    ලබාදෙන පින්තුර ඉහල විභේදනයක් (high resolution) සහිත වෙනවාද?
    කවදා වෙන විට ඇල්බම් සහ අනෙකුත් දේ ලැබෙනවාද?
    මේ ආකාරයේ සියලුම ඔබේ අයිතීන් ගැන සැලකිලිමත් වීම, හදිසියේ වත් photographer ගැන සිත් තැවුල් ඇති වීමෙන් ඔබව ආරක්ෂා කරාවි.



    8. පසු සැකසුම් ගැන විමසා දැනුවත් වෙන්න.

    ඇල්බම් එක හැදෙන විට ඔබට යම් වෙනසක් කරන්නට උවමනා නම් කරුණා කර එය පැහැදිලිව පවසන්න. එකතු විය යුතු වර්ණ, පින්තුර, මේ ආදී සියලු කාරනා ගැන විමසන්න අමතක කරන්න එපා.
     
    Last edited: