මේ පෝලන්තය නොවේ....

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මේ පෝලන්තය නොවේ....



    22308821_10213141404682687_8895652399023555897_n.jpg

    සුන්දර ශ්‍රී ලංකාව වනසන එවුන් පන්නමු.
    උපුටා ගැනීමකි.
    මේ ලෝප්‍රකට නැශනල් ජෝග්‍රෆික් මාධ්‍ය ආයතනය විසින් 1987 වසරේ ලොව විශිෂ්ටතම ඡායාරූපය ලෙස තෝරාගත් චායාරූපයයි.
    මෙහි දැක්වෙන්නේ Dr. Zbigniew Religa නම් පෝලන්ත ජාතික ශල්‍යවෛද්‍යවරයා විසින් අපමණ බාධක මැද්දේ එරට ප්‍රථම හෘද බද්ධ කිරීමේ ශල්‍යකර්මය නිම කිරීමෙන් පසු රෝගියාගේ තත්වය පරීක්ශා කරමින් සිටිනා අයුරුයි.
    පැය විසිතුනක් පුරා දිවුනු ශල්‍යකර්මයෙන් අනතුරුව විඩාවට පත් ඔහුගේ සහායක ශල්‍ය වෛද්‍යවරයා ශල්‍යාගාරය්ම මුල්ලක නිදන අයුරු රූපයේ පෙනේ.
    සිදුවිය යුතු පරිද්දෙන්ම මේ අසමාන ජීවයකයාට පෝලන්ත ජනතාවගෙන් ලැබුනේ ඉමහත් හරසරයකි. ඔහු ඉමහත් ජනතා බුහුමානයට පාත්‍ර වූ අතර ඔහුගේ ශල්‍යකර්මය පෝලන්තයේ පසුකාලීන හෘද බද්ධ කිරීම්වලට පදනම දැමීය...
    ඒ පෝලන්තයයි...
    මේ ආකරයටම ලංකාවේද වෛද්‍යවරයකු තමන් උගත් දෙයින් රටට දෙයක් කරන්නට සිතා පිටරටකදී තමන්ට ඉපයිය හැකි මුදල මෙන් දහගුණයකටත් අඩු පඩියකට රැකියාවක් ලබාගෙන ලංකාවට පැමිණියේය. ඔහු සහ ඔහුගේ සිහිනය ගැන විශ්වාසය තැබූ අනිකුත් වෛද්‍යවරුන් හෘද බද්ධ කිරීමකට අවශ්‍ය උපකරණ තම පෞද්ගලික වියදමින් විවිධ රටවලින් ලංකාවට ගෙන ආහ. බියුරොක්‍රැටික කඩයිම් පැන කෙසේ හෝ එක් පුද්ගලයෙක්ගේ හදවත තවත් පුද්ගලයෙක්ට බද්ධ කිරීමට ඔවුහු අවසරයද ලබා ගත්හ.
    අවසන ඔවුන් කෙසේ හෝ (බොහෝවිට ලොව අඩුම පහසුකම් යටතේ) ලංකාවේ පලමු හෘද බද්ධ කිරීම සිදු කලහ.
    ප්‍රශ්නය ආවේ ඉන් පසුවය. මේ කාළකණ්නි දූපතේ සියල්ලෝම හෘද ශල්‍ය වෛද්‍යවරුන් බව ඒ වෛද්‍යවරයා නොදැන සිටින්නට ඇත.
    දෙවන සැත්කම වන විට රෝගියාගේ නිර්වින්දන යෝග්‍යතාව නිර්ණය කලේ මාධ්‍ය මගින් උසිගන්වනු ලැබූ ආවේගශීලී මෝඩයෙක් වන (හැඟුම්බර වීම මෝඩයෙක් ලෙස එක එකාගේ පදයට නැටීමට සාධාරණ හේතුවක් ලෙස මා දකින්නේ නැත) රෝගියාගේ පියා සහ මිනිසකුගේ ජීවිතය බිල්ලට දී දේශපාලන ලකුණු දමා ගැනීම අරමුණු කරගත් පරිගණක විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙකි.
    දූපත් වාසීන්ගේ මානසික ඇරියස් හොඳින්ම දත් දූපතේ මාධ්‍යවේදීන් කලේ මොවුන් පුම්බමින් අර වෛද්‍යවරුන් යක්ශයන් ලෙස හංවඩු ගැසීමය.
    ඉන්පසු භූමිකාවට අවතීර්ණ වන මේ අරුම පුදුම දූපතේ සෞඛ්‍ය ඇමතිවරයාගේ බලපෑම් මත කෙසේ හෝ දෙවන සැත්කමත් සිදුවේ. කෙසේ නමුත් පලමු රෝගියාට වඩා ගැටලු රැසකින් පීඩා විඳි දෙවන අසරණ රෝගියා ඉතා ඉහල මරණ අනුපාතයක් සහිත හෘද බද්ධ කිරීමේ ශල්‍යකර්මයෙන් සුවය නොලබාම මිය යයි.
    මේ දූපත පෝලන්තයක් නොවන බව පසක් කරමින් සෞඛ්‍ය ඇමතිවරයා සැත්කම කල වෛද්‍යවරුන්ට දඬුවම් දෙන බවට මාද්‍ය වලට වහසි බස් දොඩයි. මාද්‍යකරුවන් ශෝකයෙන් කම්පිත රෝගියාගේ පියා උසිගන්වා වෛද්‍යවරුන් රෝගියා මැරූ ආකාරයට ප්‍රකාශ ගෙන ප්‍රධාන පුවත් විකාශයන් වල තලුමරමින් පලකරති.
    මේ වන විට දූපත පුරා සිටි හෘද ශල්‍යවෛද්‍යවරුන් වඳවී ගොසිනි. වෛද්‍යවරුන්ට බලපෑම් කර සෞඛ්‍ය ඇමතිවරයාටද දැන් ඒවා මතක නැත.
    අවසන දූපත්වාසීන් ලංකාවේ මුල්ම හෘද බද්ධ කිරීම කල වෛද්‍යවරුන්ට දඬුවම් කිරීමට පිලිවෙතින් පෙලගැසී සිටිති.
    ඔවු, මේ වෛද්‍යවරුන් වැරැද්දක් කලහ.
    ඒ මේ දූපත පෝලන්තය යැයි සිතීමය.
    මේ ඡායාරූපයට ලෝකයෙන් ලැබුනු ආචාරය ඔවුන්ටද මේ දූපතේදී ලැබේ යැයි සිතීමය.
    ඒ වරදට ඔවුන් වන්දි ගෙවනු ඇත.
    මේ දූපතේ නැවතත් හෘද බද්ධ කිරීම් වේ යැයි මට සිතෙන්නේ නැත.
    මේ පෝලන්තය නොවේ....
    උපුටා ගැනීමකී.
     
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    උපුටා ගැනීමක් වුවත් ඉතා වැදගත් පෝස්ටුවක්.ස්තුතියි ෂෙයාර් කලාට.:love::love::love:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අපේ ලංකාවෙ මිනිස්සු වෙලාවකට ළිඳේ ඉන්න ගෙම්බො වගේ, තවත් වෙලාකට උසි ගැන්විය හැකි බලු රෑනක් වගේ, තවත් විටක සිංහ හම පෙරෝගත් බැටළුවන් වගේ. තමන් කව්ද මොනාද කරන්නෙ කියල එකිනෙකාට තමන් ගැන අවබොඨයක් එනකන් රට හදන්නත් බෑ, අනිත් අය තේරුම් ගන්නත් බෑ. හැබැයි දැන් අපේ පරපුර බුද්ධිමත්. :D
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    අපේ ලංකාවෙ මිනිස්සු වෙලාවකට ළිඳේ ඉන්න ගෙම්බො වගේ, තවත් වෙලාකට උසි ගැන්විය හැකි බලු රෑනක් වගේ, තවත් විටක සිංහ හම පෙරෝගත් බැටළුවන් වගේ. තමන් කව්ද මොනාද කරන්නෙ කියල එකිනෙකාට තමන් ගැන අවබොඨයක් එනකන් රට හදන්නත් බෑ, අනිත් අය තේරුම් ගන්නත් බෑ. හැබැයි දැන් අපේ පරපුර බුද්ධිමත්. :D

    :angry::angry::angry::angry::angry:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් බන් අඩු පහසුකම් යටතේ අඩු සාර්තක්වයක් තියෙන ඔපරේශන් කරලා ඇයි බන් දොස්තරලා ඉල්ලන් කන්නේ?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෘත්තිකයින්ට මනුස්සකම තියෙන නිසා හොඳයි.
    එක එකා කියන විදියට කඩේ යනවා නම් එක එකා කැමති වෙයි. හැබැයි ලෙඩා වලට යයි.
    පාලකයෝ කැමති නැල්ලුනේ ජනතාව බුද්ධිමත් වෙනවට.
    ඒක නිසා මොන මන්ද බුද්ධික වැඩේ කලත් ජනතාව බුද්ධිමත් කියලා විශේෂණේ දාලා ශේප් වෙනවා