අල්ලස දූෂණය පිටුදැකීමට තිබෙන කැපවීම
දූෂන සංවේදක දර්ශකයේ (Corruption Perception Index-2023) රටවල් 180 කින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 115 වන ස්ථානයයි. https://www.newswire.lk/2024/01/31/sri-lanka-drops-further-in-corruption-index-for-2023/ මෙය යහපත් තත්වයක නොමැති බව තහවුරු කරන සාධක බොහෝමයක් ඇත. IMF විසින් ලෝකයේ රටකට ණය දීමේදි පළමු වතාවට එම රටේ රාජ්‍ය ආයතන වල පවතින දූෂනය සම්බන්ධව අධ්‍යයනයක් කොට (Governance Diagnostic Assessment (GDA)) නිර්දේශ ඉදිරිපත් කරන තත්වයට 2023 දී ලංකාව පත්විය. ඔවුන් විසින් ලංකාවෙ රජය ක්‍රියාත්මක කල යුතු නිර්දේශ රාශියක් ලබා දී ඇත. https://www.imf.org/en/Publications...eport-Governance-Diagnostic-Assessment-539804 අල්ලස දූෂනය පිටුදැකීමට අනුර කුමාර ජනාධිපතිවරයාගේ රජයේ තිබෙන කැපවීම මත ඉදිරි වසර පහ තුල මෙම දර්ශකය ඒකක 50 න් පහළට ගෙන ඒමට හැකි වනු ඇත. එය රටක් හැටියට අප ලබාගන්නා විශාල ජයග්රහනයකි. එය රටේ ආයෝජන ඉහළ නැන්වීමට, නීතියේ ආධිපත්‍ය තහවුරු වීමට, රාජ්‍ය ආයතන කාර්යක්ෂම වීමට, රටේ සංවර්ධනය ඉහල යාමට මහත් රුකුලක් වනු ඇත. පසුගිය සමයේ පැවති පාලනයන් කොතෙක් දූෂිත ගණුදෙනු වල නිරත වී ඇත්ද යන්න පැහැදිලි වන කැඩපතක් වන්නේ මේ දිනවල පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සාකච්ඡා නැරැඹීමෙනි. ජාතික තරුණ සේවා සභාව, ඖෂධ නියාමන අධිකාරිය, මැණික් හා ස්වර්ණාභරන අධිකාරිය කදිම නිදසුන් ය. https://www.parliament.lk/en/business-of-parliament/webcast/committee-live-on-demand මොවුන් රජයේ ප්‍රසම්පාදන නීති අමු අමුවේ උල්ලාංඝණය කොට මහජන මුදල් බිලියන ගනනින් වංචාකර තිබෙන අයුරු අසන විට ඇඟ හිරි වැටෙනු ඇත.
ඔබ අල්ලස දූෂනයට විරුද්ධ නම්, දූෂිතයන්ට දඬුවම් කරනවාට එකඟ නම්, අයතා ලෙස උපයාගත් වත්කම් යලි ජනසතු කිරීමට අවංකව කැමැති නම්, රජයේ ප්‍රසම්පාදන දූෂන මැඩපවත්වා එවන් දූෂිතයන්ට අනුබල දෙන්නන්ට නීතිය ක්‍රියාත්මක කිරීම අනුමත කරන්නේ නම් අනුර කුමාර දිසානායකගේ රජය අප ආරක්ෂා කරගත යුතුය.
නාස්තිකාර රාජ්‍ය වියදම් සම්පූර්ණයෙන් කපාහැරීමට තිබෙන උනන්දුව
ජනාධිපතිවරයාගේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වගේම කැබිනට් අමාත්‍යවරුන්ගේ සියලු වියදම් 60% වඩා කපා හැර ඇත. මන්ත්‍රී විශ්‍රාම වැටුප්, සුඛෝපභෝගී වාහන, බදු රහිත වාහන බලපත්‍ර, අසීමිතව පාවිච්චි කල ආරක්ෂාව යනාදී සියල්ල මේ වන විට අහෝසි කොට ඇත. පසුගිය රජයන් වල අමාත්‍යවරයකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයකු නඩත්තුව සඳහා වසරකට මිලියන 35 ක් වැයකර ඇත. අමාත්‍ය මණ්ඩලයේ නඩත්තුව සඳහා වසරකට රුපියල් මිලියන 2,600 කට ආසන්න මුදලක් වැය කොට තිබෙන බව පහත දිගුවෙන් බලාගත හැක. අද ජනාධිපති, අගමැති ඇතුලු මුළු අමාත්‍ය මණ්ඩලය නඩත්තුව සඳහා මින් ¼ ක් වත් වැය නොවෙයි. https://publicfinance.lk/en/topics/...isters-cost-of-offices-are-similar-1620729803 එමෙන්ම රජයේ අමාත්‍යංශ දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල ගොඩනැගිලි කුලියට ගැණීම තුල සිදුකල වංචා සහ අනවශය වියදම් බිලියන ගනණින් අඩු කිරීමට අනුර කුමාර ජනාධිපති පියවර ගෙන ඇත. පසුගිය පාලන සමයේ මේ අන්දමින් ගොඩනැගිලි කුලියට ගැණීමේදී උදාහරණ ලෙස රාජගිරියේ “සබීතා” ගොඩනැගිල්ල කෘ ෂිකර්ම අමාත්‍යංශයට කුලියට ගැණීම, පසුගිය දා කෝප් කමිටුවේදී හෙළිදරව් වුණු මිලියන 2000 කට වඩා වියදම් කොට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කුලියට ගත් ගොඩනැගිල්ල පෙන්වා දිය හැක. https://www.ft.lk/article/605353/Whopping-Rs--150-m-monthly-rent-bill-for-ministries අනුරගේ රජය මේ අන්දමේ දූෂිත කුලී ගෙවීම් නොකරණු ඇත. මහජනයාගේ සෑම රුපියලකටම අනුර වගකියන බව නොබියව කියයි. එවැනි ජනාධිපති වරයකුගේ රජයක් අපි ආරක්ෂා කරගත නොගත යුත්තේ ඇයි?
නව දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීම
ලංකාවේ සෑම මැතිවරණයක් සමයේම මිනී මැරීම්. පහර දීම්, වෙඩිතියාගැනීම් අප දැක ඇත. එහෙත් පසුගිය මැතිවරණ කිහිපයම වාර්ථා වූයේ දේශපාලන ප්‍රචන්ඩක්‍රියා නැති මැතිවරණ හැටියටය. පසුගියදා ලංකාවේ පැවති මැතිවරණ ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ පැසසුමට ලක්වූයේ එම නිසාය. ඒ ජනාධිපති අනුරගේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සඳහා ඇති කැපවීම නිසාය. මේ වන විට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයද ඉතා සාමකාමීව පැවත්වෙන බවට සැකයක් නැත.
පාර්ලිමේන්තු කමිටු ශක්තිමත් කරමින් මහජන වගවීම තහවුරු කොට ඇත. වෙනදා ගාලකෝට්ටි මැද පැවැති පාර්ලිමේන්තුව මේ වන විට හරවත් සාක්ච්ඡා සිදුවන ස්ථානයක් බවට ක්‍රමයෙන් පත් වෙමින් ඇත. මෙතෙක් කාලයක් යමක් කර ගැණීමට දේශපාලකයන් පසුපස යෑමට තිබූ තත්වය වෙනස් වී වර්තමාන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් තම ආසන වලට ගොස් මහජනයාට සවන් දෙන තත්වයට පත්වෙමින් සිටී. ආසනයේ අවශ්‍යතා පිළිබඳ විමසමින්, ඒවා සපුරා දීමට උනන්දු වෙති. මීට පෙර පැවති තත්වය හාත්පසින්ම වෙනස් ය. සෑම කටයුත්තක් සඳහාම දේශපාලකයෙක් පසුපස යෑම අනිවාර්ය විය. පගාවක් නොදී යමක් කරගත නොහැකි විය. දේශපාලකයා ගමේ ඉඩකඩම් කොල්ලකන චෞරයෙක් විය. අද එවන් තත්වයක් නැත. සහෝදරයා කියා ඕනෑම මන්ත්‍රීවරයකු ඇමැතිය හැක. කටුකන්නන් ගැවසෙන්නේ නැත. බිරිඳ හෝ ඥාතීන් තනතුරු දරන්නේ නැත.
එවන් මහජන හිතකාමී ප්රජාතන්ත්රවාදී දේශපාලන සංස්කෘතියක් අප නැතිකර නොගත යුතුද? එමනිසා අනුර ඇතුළු මේ රජය කෙසේ හෝ රැක ගැණීම රටේ සැබෑ වෙනසක් බලාපොරොත්තු වන අපට වගකීමක් ඇත. අනුර මේ ඇතිකරණ “ආණ්ඩුකරන ප්‍රමිතිය (Governance Standard) ” අනාගත රජයකට ඊට වඩා හොඳට කිරීමට පෙළඹවීමක් ඇති කරනු ඇත. අවාසනාව, දැනට සිටින නායකයන් වන සජිත් ප්‍රේමදාසට හෝ අනෙක් කිසිවෙකුට මේ අහලකටවත් පැමිණිය නොහැක. ඔවුන් සහ ඔවුන් වටා සිටින්නන් ඔවුන් විසින්ම සිය චරිතය විනාශ කරගෙන ඇත.
වගකිවයුතු ආර්ථික කළමනාකරණයක්
IMF වැඩසටහන අනුර කුමාර දිසානායකගේ තේරීම නොවේ. එහෙත් ඔහු බලයට ඒමට පෙර රනිල් වික්‍රමසිංහ එය ගැටගසා තිබූ ආකාරයට අනුරට විකල්පයක් නොවීය. රට ණය උගුලක පටලවා තිබුණි. ගිවිසුමෙන් ඉවත් වූයේ නම් ණය ගෙවීමට රටේ විදේශ සංචිත ප්‍රමානවත් ව තිබිය යුතුය. ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ ණය තිරසර විශ්ලේෂනයට අනුව 2024 සිට 2032 දක්වා සෑම වසරකම විදේශ ණය සහ පොලී වාරික ගෙවීම සඳහා පමණක් ඩොලර් බිලියන 6 ක් පමණ අවශ්‍ය විය. පහත දිගුවෙන් ගොස් මෙම ප්රකාශනයේ 6 වන වගුවේ External Gross Financing Need යන තීරුව පරීක්ෂා කිරීමෙන් වසරකට කොපමණ ඩොලර් බිලියන ගණනනක් අවශ්‍යද යන්න ඔබවට වැටහෙනු ඈත. https://www.imf.org/en/Publications...eview-Under-the-Extended-Fund-Facility-550261 එමනිසා, අනුර කුමාර දිසානයක ජනාධිපති එම ගිවිසුමෙන් ඉවත්වූයේ නම් රට විශාල අර්බුදයකට ගොස් නැවත පෝලිම් යුගයක් නිර්මාණය වී රට අත්ථාවර වීම නොවැලැක් විය හැකිව තිබුණි. අනුර කලබල නොවී නිවැරැදිව රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙසින් කටයුතු කරමින් රට වැටීමට ගියා අගාදයෙන් බේරාගෙන ඉතා සීරුවෙන් රුවල පැදගෙන ඉදිරියට යන බවක් පේන්නට තිබේ. IMF සමග ගිවිසුම් ගත වී වසරකට වැඩි කාලයක් ගත වී ඇතත් තවමත් රට සතුව ඇත්තේ ඩොලර් බිලියන 6.1 කට ආසන්න සංචිතයකි. මෙය 2027 වනවිට ඩොලර් බිලියන 20 ක මට්ටමට ගෙන යෑමට හැකි වුවහොත් අපිට අනතුරක් නැතිව රට ගොඩනගා ගත හැකි වනු ඇත.
අනුර කුමාරගේ දැන් උත්සාහය විය යුත්තේ කෙසේ හෝ දැනට උපයන ඩොලර් බිලියන 20 ට අමතරව අවම වශයෙන් වසරකට අමතර ඩොලර් බිලියන 6 ක් උපයාගැණීමය. ඒ සඳහා සෘජු විදේශ ආයෝජන කැඳවිය යුතුය. දැන් ක්‍රමයෙන් එය සිදුවෙන් පවතී. අපනයනය ඉහල නංන්වා ගත යුතු වනවා වගේම https://economynext.com/sri-lanka-foreign-exchange-earnings-rise-to-us26bn-in-2024-analysis-206739/ අගය එකතු කිරීම සංවර්ධනය කල යුතුය https://economynext.com/sri-lanka-services-exports-rise-24-37-pct-in-february-edb-211593/ ඒ සඳහා පර්යේෂන සහ සංවර්ධනය සඳහා ලෝකප්‍රසිද්ධ මහාචාර්යවරයකු වන ගෝමිකගේ ප්‍රධානත්වයෙන් වෙනම ආයතනයක් පිහිටුවා ඇත. ආනයන වියදම් පාලනය කරමින් රටේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය රට තුල නිෂ්පාදනය කරගත යුතුය. ඒ සඳහා නිෂ්පාදන සමුපකාර 1000 ක වැඩසටහනක් ආරම්භ කොට ඇත. ඔවුන්ගේ නිෂ්පාදන මිළදී ගැණීම සඳහා සතොස සහ විවිධ සේවා සමුපකාර අලෙවිසැල් ජාලය සූදානම් කර ඇත. රට තුලට ආනයනය කරන වාහන සහ අමතර කොටස් පාලනයකට යටත් කොට ඇත. සංචාරක පැමිණීම සීඝ්රයෙන් ඉහළ යමින් සංචාරක ආදායම වැඩිවෙමින් ඇත. https://economynext.com/sri-lankas-2024-tourism-revenue-tops-us2bn-in-first-eight-months-179001/ නිවැරැදි මාර්ග සිත්යමකට අනුව රට දැන් ඉදිරියට යමින් ඇත. මෙවන් වගවීමක් සහිත ආර්ථික කළමනාකරනයක් සිදු කරන ජනාධිපතිවරයකු ගෙන යන ආණ්ඩුව අප ආරක්ෂා කර නොගත යුත්තේ ඇයි?
උපායමාර්ගික හවුල්කාරිත්වය මත පදනම් වූ විදේශ ප්‍රතිපත්තිය
ලංකාව කිසිදු කලාපීය බලකේන්ද්‍රයක අතකොලුවක් නොවී උපායමාර්ගික හවුකාරිත්වයන් මත පදනම් ව තම විදේශ ප්‍රතිපත්තිය දිශාගත කිරීමට අනුර කුමාර සමත් වී ඇත. ඉන්දියාව, චීනය, මැදපෙරදිග සමග මේ වන විටත් යහපත් සම්බන්ධකම් ආරම්භ කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය අගමැති වරයා දින තුනක සංචාරයක් සඳහා අප්‍රේල් 4 වන දා ලංකාවට පැමිණේ. වසර ගණනක් ඇදි ඇදී තිබුණු සාම්පුර් ගල් අඟුරු විදුලි බලාගාරය වෙනුවට පරිසර හිතකාමී සූර්යබල ව්‍යාපෘතියක් බවට එය පත්කර ගැණීමටත්, රනිල් වික්‍රමසිංහ රජය ඩොලර් ශත 8 කට මිලදී ගැනීමට එකඟ වී තිබුණු අදානිගේ සුලං විදුලි බලාගාර යෝජනාව වෙනුවට ඩොල් ශත 4 කට විදුලි ඒකකයක් මිලදී ගන්නා තැනට එකඟ කරවා ගැනීමට හැකි වීම අනුරගේ රාජ්‍ය තාන්ත්‍රික බවේ උපායශීලී බව නොවේද? https://www.ft.lk/front-page/Presid...t-in-Sampur-to-commission-in-April/44-773302# මීට අමතරව චීනය සමග අත්සන් කල තෙල් පිරිපහදුව ඩොලර් බිලියන 3.7 ක සෘජු විදේශ ආයෝජනය කැඳවාගැණීමට මෙම කෙටි කාලය තුල අනුර සමත් වී ඇත. https://www.ft.lk/columns/Sinopec-s-3-7-billion-oil-refinery-investment-in-Sri-Lanka/4-773663 මේ සියල්ල උපායමාර්ගික ආයෝජන වන්නේය. රටේ විදේශ විනිමය බොහෝ සෙයින් රට තුල ඉතිරි කරගැණීමට අමතරව මේ හරහා ලැබෙන රැකියා අවස්ථා, ප්‍රවාහන සහ නිවාස අවශ්‍යතා කොපමණ රටේ සංවර්ධනයට විශාල වශයෙන් දායක වනු ඇත. වෙනදා මෙවැනි ආයෝජන තීරණය කලේ එක පවුලකි. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් කොපමණ කොමිස් ගත්තාද කියා වැඩිහිටි ජනයා දනී. https://www.ft.lk/columns/Sinopec-s-3-7-billion-oil-refinery-investment-in-Sri-Lanka/4-773663
වර්තමානයේ සිදුවන ආයෝජනයකදී, දේශීය හෝ විදේශීය, කිසිදු කොමිස් ගෙවීමක් අවශ්‍ය නැත. එසේ ගෙවීමට යමෙක් සූදානම් වුවහොත් , ඔහුට ආයෝජනය කෙසේ වෙතත් පොලිස් අත්අඩංගුවට පත් වීමට නම් සිදුවනු ඇත. අනුර කුමාර ජනාධිපතිගේ ආණ්ඩුවේ කිසිදු මන්ත්‍රීවරයකුට අල්ලස් දූෂන චෝදනා ඇති නොවන බව නම් හිරු සඳු මෙන් විශ්වාසය. එවන් රජයක්, එවන් ආණ්ඩුවක් අප ආරක්ෂා නොකර ගන්නේ ඇයි? දැනට කරලියේ සිටින නායකයන් අතුරින් අනුරට වඩා හොඳ ජනාධිපතිවරයකු බවට පත්වීමට ආසන්නයට වත් පැමිණිය හැකි එක් අයෙකු හෝ සිටී නම් එවන් අයකු නම් කරන ලෙස බිය නැතිව අභියෝග කරමි.