මේ රජය ඔබට දී ඇත්තේ බුද්ධිමතුන්ට පමණක් තේ&#351

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    මේ රජය ඔබට දී ඇත්තේ බුද්ධිමතුන්ට පමණක් තේ&#351

    ගෑස් යනු "නිත්‍ය" දෙයක් නොවේ....වායු වල නිත්‍ය ස්වරූපයක් නැති නිසා එය "අනිත්‍ය" වේ.. අනිත්‍යය මෙනෙහි කිරීමට ගෑස් මිළ ඉහල දමා ඇත...

    සියළු දුක් ඇති වන්නේ උපදින නිසාය.. ඒ නිසා ඉපදී වැඩි කළක් නැති පොඩි උන් බොන කිරි පිටි "දුක්ඛ" වේ...එය මෙනෙහි කිරීමට කිරි පිටි මිළ ඉහළ දමා ඇත.

    ආත්මය යනුවෙන් ස්ථාවරව තැනූ දෙයක් නැති බැවින්, "අනාත්ම" බව පෙන්වීමට, ස්ථාවර නිර්මාණයකට අවශ්‍ය සිමෙන්තිවල මිළ ඉහල දමා ඇත...

    ජනයිනි, කලබල නොවන්න... මේ රජය ඔබට දී ඇත්තේ බුද්ධිමතුන්ට පමණක් තේරුම් ගත හැකි වෙසක් පණිවිඩයකි.. !!.. මේ මොහොතේ ක්‍රෝධය සහ වෛර ගිනි පසෙක ලා එම පණිවිඩය තේරුම් ගෙන සැනසෙන්න... !!

    ඔබට තෙරුවන් සරණ යි!
     
    • Like
    Reactions: Mirrors

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    Gas+Price+Hike-.jpg