මේ රත්තරන් බඩු වල ගණන්

danne

Junior member
  • Jan 20, 2016
    46
    0
    18
    කැරටි 22 මාලයක් මේ දවස් වල 48ක් වෙනවද?
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    kohomada machan gold iteam ekak gannawanam balanna oni dewal....
    godak pricess different neda eka eka shop wala...
    godak aya amaruwe watenawa gold items ganna gihin...
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කැරට් ගානෙන් කියන්නේ රත්තරන් වල කොලිටිය

    කැරට් 18 ගන්න එපා තේරුමක් නැහැ. අනික පිළිගත් තැනකින් ගනිං. ඔය ගමේ ගොඩේ තියෙන තැන්වල ඒවා වල කැරට් 22 ගත්තත් කොලිටිය අඩුයි. වෙන වෙන ලෝහ කලවන් කරනවා උන්.

    උඹට ගන්න ඕනේ පවුමක එකක්ද? (පවුමක් කියන්නේ ග්‍රෑම් 8 යි)

    පවුම් බාගෙක එකක්ද?

    පවුම් කාලක එකක්ද?

    බර අනුව තමා ගාන වෙනස් වෙන්නේ. පවුම තමා 48000 ක් වෙන්නේ කැරට් 22 න් හැදුම් කුලිය නැතුව.

    හීනි මාලයක් නම් පවුම් කාලට පොඩ්ඩක් වැඩිවෙයි.

    මමයි බොසයි මේ ලඟදි වෝග් ජුවෙලර්ස් එකෙන් ගත්තා චයිනා වල ඉන්න අපේ ඒජන්ට් කෙල්ලෙකුට දෙන්න හීනි වයිට් ගෝල්ඩ් මාලයක්. 25000 ක් වගේ වුනා.

    පන්චායුධත් එහෙම තමා තුනී පතුරු වගේ ඒවා තියෙනවා ගොඩක් අඩුවට, පොඩි එකා හපලම ඉවර කරයි ඒවා දැම්මොත්. ඒවා දානවනම් නුල වැඩිය දිගට දාන්න එපා. පොඩි එකාට කටේ දාන්න බැරි වෙන්න නුල කොට කරන්න ඕනේ.

    ..
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පවුම් කාලක මාලයක් ගොඩක් දිග නැහැ මචං. උඹේ ගර්ල්ගේ බෙල්ල මහත නම් බෙල්ලේ ගානටම සෙට් වෙන්න ඉඩ තියෙනවා. එතකොට කැතයි. ඒවගේ මාලයක් ලස්සන බෙල්ල හීනි ගර්ල් කෙනෙකුට.

    මාලේ දිග වැඩි වෙනකොට බරත් වැඩි වෙනවා. ගර්ල් එක්ක ගිහින් දෙක තුනක් දාල බලලම ගනිං.

    අනික මාලේ ඩිසයින් එක අනුවත් බරේ පොඩිපොඩි වෙනස්කම් වෙනවා.

    මැෂින් කට් ඒවානම් හැදුම් කුලිය ගොඩාක්ම අඩුයි.

    ස්වර්ණ මහල්, වෝග් වගේ ඒවායින් ගත්තම හැමදාම එකම විදිහට තියෙනවා.

    කොලිටි අඩු තැන්වලින් ගත්තම පාට වෙනස් වෙනවා ටික කාලෙකින්.
    හදිස්සියට උකස් තියන්න ගියත් හම්බ වෙන්නේ අඩු ගානක්.

    ස්වර්ණ මහල් , වෝග් වලින් ගත්තහම හැමදාම එකම විදියට තියෙනවා කියන්නේ ඇයි.?
    ඒවා මැෂින් කට් නිසාද?
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ස්වර්ණ මහල් , වෝග් වලින් ගත්තහම හැමදාම එකම විදියට තියෙනවා කියන්නේ ඇයි.?
    ඒවා මැෂින් කට් නිසාද?

    නැහැ නැහැ. එයාලගේ රත්තරන් කොලිටි. වෙන වෙන ලෝහ කලවම් නැහැ. අනික අලුත් ඩිසයින් තියෙනවා. මම ගන්නේ ඒ දෙකෙන් නිසා ඒ දෙක ගැන දැම්මේ. තව ඕන තරම් තැන් තියෙනවා "අමින්රා", "රදැල්ල" වගේ. නියම කැරට් 22 රත්තරන් වලින් ජුවෙලරි හැදුවම කාලයක් යනකොට රත්තරන් වල පාට වෙනස් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම ඔය කිවුව ජුවෙලරි ෂොප් වල ලාබේ වැඩි කරගන්න කියල රත්තරන් බාල කරන්නේ නැහැ. මොකද ඒවාට එන්නේ බඩුවල කොලිටි එක ගැන සැලකිලිමත් වෙන කස්ටමස්ලා නිසා. හැබැයි මිල වැඩියි. ඔය ටවුන් වල තියෙන සාමාන්‍ය ජුවෙලරි ෂොප් වැඩිහරියක් කරන්නේ මුස්ලිම් අය. එයාලගෙන් බඩු ගන්න එන්නේ ගොඩක් වෙලාවට එච්චර සල්ලි වියදම් කරන්න බැරි එහෙම නැත්නම් වියදම් කරන්න කැමති නැති අය. ඉතිං මේ තැන්වල රත්තරන් බඩු වල මිල ගොඩක් අඩුයි. එහෙම වෙන්නේ එයාල ඒවා හදන්නේ රත්තරන් වලට වෙන වෙන ලෝහ වර්ග කලවම් කරලා, එයාල ගොඩක් වෙලාවට කරන්නේ බැංකුවල තියෙන වෙන්දේසි වලින් රත්තරං බඩු අරගෙන ඒවා උනුකරල ඒවාට තව ලෝහ කලවම් කරලා බඩු හදන එක. එතකොට පිරිසිදු රත්තරන් ප්‍රතිශතය අඩුයි. අනික එයාල හදන්නේ බඩුව ගොඩක් බර අඩු වෙන විදිහට තුනී කරලා. එතකොට අඩු ගානකට දෙන්න පුළුවන්.
     
    Last edited: