මේ ලිපියේ අන්තිම කොටස කියවනකොට ඇග හිරිවැටුනා

aravinda86

Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93


    වෙනිසියුලාව නොහොත් යුගයක නිමාව : ලක්ෂ ගණන් ජනතාවක් රට හැර යන මහා සංක්‍රමණයක
    10 October 2020 10:57 am

    වෙනිසියුලාව ඉතිහාසයේ විශාලතම මිනිස් සංක්‍රමණයට මුහුණ දී සිටියි. ඔවුහු ලක්ෂ ගණනින් රට හැර යති.
    * * *
    සැහැල්ලු වැස්සක්, හිමාංකයට ආසන්න උෂ්ණත්වය සහ ට්‍රක් රථ පසුකර යන ඝෝෂාව මධ්‍යයේ එලියසාර් හර්නාන්ඩෙස් පදික වේදිකාවක නිදාගන්නවා.
    මේ 23 හැවිරිදි වෙනිසියුලානු සංක්‍රමණිකයා, මාස හතක ගැබිනියක් වන ඔහුගේ බිරිඳ සමඟ කොලොම්බියානු මෙඩලින් නගරයට පැමිණීමට උත්සාහ කරමින් සිටිනවා.
    නමුත් මෙම යුවළ ඔවුන්ගේ අවසාන ගමනාන්තයට සැතපුම් 300 ක් (කි.මී. 482) දුරින් පිහිටි කුඩා කඳුකර නගරයක් වන පැම්ප්ලෝනා වෙත ළඟා වන විට ප්‍රවාහනයට තිබුණු මුදල් අවසන් වෙලා. බස් ටිකට් පතක් මිලදී ගන්න ඔවුන්ට නොහැකි වුණා. ඒ නිසා හර්නන්ඩෙස් ට්‍රක් රථයක පිටිපස්සේ නැග යාමට ඉටා ගත්තා. අඩි 13,000 (මීටර් 4,000) ක් උසින් පිහිටි හිම මිදුණු පාරමෝ ඩි බර්ලින් සානුව තරණය කිරීමට තිබෙන එකම ආරක්ෂිත ක්‍රමය එයයි.
    පදික වේදිකාවේ දින හතරක් නිදාගෙන සිටි හර්නන්ඩෙස් මෙසේ කියනවා.. ‘‘ මගේ බිරිඳට යන්තම් ඇවිදගන්න පුළුවන්. අපිට මෙහෙන් යාගන්න ඕනෙ..‘‘
    1111.jpg

    කොලොම්බියාවේ බොගෝටා අගනුවර වෙත ඇදෙන වෙනිසියුලානු සංක්‍රමණිකයෝ වරින් වර විවේක ගනිති. 2020 ඔක්තෝබර් 06. කොලොම්බියානු සංක්‍රමණික බලධාරීන් අපේක්ෂා කරන්නේ ඉදිරි මාස කිහිපය තුළ වෙනිසියුලානුවන් 200,000 ක් සිය රටට පැමිණනු ඇත කියායි. ඉහළ වැටුප් ඉපැයීම සහ වෙනිසියුලාවේ කුසගින්නේ සිටින සිය පවුල්වල අයට යම් මුදලක් යැවීම ඔවුන්ගේ අපේක්ෂාවයි. (AP Photo/Ivan Valencia)
    COVID-19 ලොක්ඩවුන් තත්වය විසින් ලෝකයේ විශාලතම මිනිස් සංක්‍රමණයක් මාස කිහිපයක් දක්වා නතර කර දමා තිබුණා. දැන් කොවිඩ් තත්වය මදක් අඩු වීමෙන් පසුව වෙනිසියුලානුවන් නැවතත් දස දහස් ගණනින් අසල්වැසි කොලොම්බියාව බලා සංක්‍රමණය වන්නට පටන් අරන්. ඔවුන් දිවි රැක ගන්නට නම් සිය රට මුහුණ දී ඇති ආර්ථික සහ මානුෂීය අර්බුදයෙන් පළා යා යුතුයි.
    කොලොම්බියානු ආගමන නිලධාරීන් බලාපොරොත්තු වන්නේ ඉදිරි මාස කිහිපය තුළ වෙනිසියුලානු ජාතිකයින් 200,000 ක් රට තුළට පැමිණෙනු ඇති බවයි. .
    %C2%A9-Provided-by-Associated-Press-Venezuelan-migrants-rest-as-they-receive-free-food-in-front-of-passages-from-the-Bible-in-Pamplona-Colombia-Wednesday-Oct.-7-2020.jpg

    ආහාර ගැනීම සඳහා කොලොම්බියාවේ පැම්ප්ලෝනා හි නතර වී විවේක ගන්නා වෙනිසියුලානු සංක්‍රමණිකයන් පිරිසක් © Provided by Associated Press
    COVID-19 ට පෙර තම මව්බිමෙන් පලා ගිය අයට වඩා නව සංක්‍රමණිකයින්ට වඩා අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකියි. නවාතැන් ස්ථාන වසාදමා තිබෙනවා. රියැදුරන් විදේශිකයන්ව කුලී රථවලට නංවා ගැනීම ප්‍රතික්ෂේප කරනවා. බෝවන රෝගයට බිය වන ප්‍රදේශවාසීන් ආහාර පරිත්‍යාග කිරීමට උදව් කිරීමට ඇති ඉඩකඩ අඩුයි.
    වෙනිසියුලානු ගුවාරිකෝ ප්‍රාන්තයේ ඉවුම් පිහුම්කරුවෙකු වන අනහීර් මොන්ටිලා පැවසුවේ දින 27 ක් තිස්සේ සිය පවුලේ අය සමඟ කොලොම්බියාවේ අගනුවරට ළඟා වෙමින් සිටි බවයි.
    වසංගතයට පෙර වෙනිසියුලානු ජාතිකයන් මිලියන 5 කට වැඩි පිරිසක් තම රට හැර ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. දුප්පතුන් ගමන් කරන්නේ පයින්. ඒ පොළොව පුපුරු ගසන තරම් රස්නයකින් යුතු වුවත් ඊළඟ මොහොතේදී හිම මිදුණු ශීතලකට පත් වෙනවා.
    දකුණු ඇමරිකානු මහාද්වීපයේ බොහෝ රටවල් COVID-19 පැතිරීම නැවැත්වීමේ අපේක්ෂාවෙන් සිය ආර්ථිකයන් වසා දැමුවා. විරැකියාව දෙගුණ තෙගුණ වුණා. විදේශවල සේවය කළ වෙනිසියුලානු ජාතිකයින් 100,000 කට වැඩි පිරිසක් නැවත සිය රටට පැමිණ තිබෙනවා. නමුත් ඔවුන්ට ජීවත් වෙන්නට හිසට වහළක් පවා තිබෙනවාද යන්න සැක සහිතයි.
    Provided-by-Associated-Press-Venezuelan-migrants-sleep-on-a-mattress-on-the-side-of-the-highway-in-Pamplona-Colombia-Wednesday-Oct.-7-2020.jpg

    වෙනිසියුලානු දේශසීමාවේ සිට පැය කිහිපයක ගමනකින් පසුව කොලොම්බියාවේ පැම්ප්ලෝනා නුවර මහපාරේ වැතිරී විවේක ගන්නා සංක්‍රමණිකයෝ. 2020 ඔක්තෝබර් 07. © Provided by Associated Press
    අද වන විට කොලොම්බියාවට ඇතුළු වන නිල භූමිය සහ පාලම් තවමත් විවෘත කර නැහැ. ඒ නිසා වෙනිසියුලාවේ සිට සැතපුම් 1,370 (කිලෝමීටර් 2,200) ක දුරක් සහිත දේශ සීමාව ඔස්සේ සංක්‍රමණිකයින්ට නීති විරෝධී මාර්ග ඔස්සේ පලා යන්නට බල කෙරෙනවා. මේ අපිරිසිදු මාර්ග පාලනය කරන්නේ ප්‍රචණ්ඩකාරී මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි සහ ජාතික විමුක්ති හමුදාව වැනි කැරලිකාර සංවිධාන විසින්.
    BB19Qv9y.jpg

    වෙනිසියුලාවේ සිට පැමිණි සංක්‍රමණික මවකට සහ ඇගේ දරුවාට ටොයිලට් පේපර්ස් සහ ආහාර තෑගි කළ කොලොම්බියා කාන්තාවක්. 2020 ඔක්තෝබර් 06. කොලොම්බියාවේ රැකියාවක් කිරීම මේ මවගේ අරමුණයි. කොලොම්බියාවේදී ඇගේ අවම මාසික වේතනය ඩොලර් 260 ක් වේවි. එය ඇගේ මව්රට වන වෙනිසියුලාවේ මාසික වේතනය වන ඩොලර් 2 ට සාපේක්ෂව අති විශාල මුදලක්. (AP Photo/Ivan Valencia) © Provided by Associated Press
    ‘‘දේශසීමාව වසා තැබුවත් වෙනිසියුලානු සංක්‍රමණිකයන් නැවතත් එන්නට පටන් අරන්‘‘ සංක්‍රමණිකයන්ට ආධාර කරන International Rescue Committee නමැති ලාභ නොලබන ආයතනයේ නිලධාරියෙක් පවසනවා.
    ඇතැම් මානුෂීය ආධාර කණ්ඩායම් මෙම සංක්‍රමණිකයන් හට ආහාර සහ තොප්පි සහිත බැක්පැක් ලබා දෙනවා. ඔවුන්ව ලියාපදිංචි කර ගන්නවා. මේ අතර හර්නැන්ඩස් මෙසේ කියනවා. ‘‘මගේ දුවට කුසගින්නේ නිදාගන්නා රටක ඉපදෙන්න ඉඩ දෙන්න මට බැහැ..‘‘
    කොලොම්බියාවට ගිය පසු, සංක්‍රමණිකයන්ට අධිවේගී මාර්ග ඔස්සේ යන්නට හෝ වාහනයකට නැග ගන්නට පුළුවන්. නමුත් එය හැමවිටම පහසු නැහැ.
    වසංගතය ඇතිවීමට පෙර ඩග්ලස් කබීසා, පැම්ප්ලෝනා හි පිහිටි ඔහුගේ නිවස අසල මඩුවක රාත්‍රියක සංක්‍රමණිකයන් 200 ක් පමණ රැඳී සිටි නිවාසයක් බවට පත් කර තිබුණා. දැන් ඔහු පිටත නිදා සිටින අයට මෙට්ට ලබා දෙනවා. ඒ, සීතලෙන් යම් ආරක්ෂාවක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන්.
    “සපුරාලීමට නොහැකි බොහෝ අවශ්‍යතා තිබෙනවා,” කබීසා පවසනවා. “නමුත් අපි ඔවුන් වෙනුවෙන් පුංචි දෙයක් හරි කරන්න උත්සාහ කරනවා..‘‘
    BB19Qv9A.jpg

    ඇතැමුන් පැමිණෙන්නේ සිය සුරතල් සතුන් ද සමගිනි. වෙනිසියුලානු සංක්‍රමණිකයෙක් සිය සුරතල් බලුපැටවා සමග. 2020 ඔක්තෝබර් 07 වැනිදා. (AP Photo/Ferley Ospina) © Provided by Associated Press
    සංක්‍රමණිකයන් ඔවුන්ගේ ගමනාන්තයට ළඟා වූ පසු, ඔවුන්ගේ ප්‍රශ්න අවසන් වන්නේ නම් නැහැ. ඒ වෙනුවට ඔවුන් කණස්සල්ලට පත් කරන අලුත් ප්‍රශ්න ලැයිස්තුවක් ඔවුන්ට ලැබෙනවා. කොලොම්බියාවේ විරැකියා අනුපාතය මාර්තු මාසයේ 12% ක් වුණා. එය කෝවිඩ්-19 බලපෑමත් සමග අගෝස්තු මාසයේදී 16% දක්වා ඉහළ ගියා. කුලිය ගෙවීමට නොහැකි අයව වේගයෙන් ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කරමින් තිබෙනවා. මේ අතරේ කොලොම්බියාවට පැමිණෙන වෙනිසියුලා ජාතිකයන්ගෙන් අඩකටත් වඩා ලකුණු වන්නේ නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙසයි. ඔවුන්ට කොලොම්බියාවේදී නෛතික තත්වයක් නැති වීම නිසාම, ඔවුන්ට විශාල ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නට සිදුව තිබෙනවා.
    නමුත් වෙනිසියුලාවට සාපේක්ෂව තවමත්, මෙහි තත්වය ඉතාම හොඳයි. කොලොම්බියාවේ අවම මාසික වැටුප ඩොලර් 260 ක්. ඔවුන් වෙනිසියුලාවේ සිටියා නම් මාසයකට ඩොලර් 2 කට වඩා උපයන්නට බැහැ.
    උදාහරණයක් විදිහට හර්නැන්ඩස් ගනිමු. ඔහු මව්රටේදී වීදියේ කේක් විකුණූ වෙළෙන්දෙක්. ඒ කේක් පුළුස්සන්නේ ඔහුගේ බිරිඳ. නමුත් වෙනිසියුලාවේදී කේක් කන්නේ කවුද? සාමාන්‍ය වැසියන්ට කේක් තබා එදිනෙදා කුස පුරවාගන්නා ආහාරවත් මිලදී ගන්නට මුදල් නැහැ. ඒ නිසා සැතපුම් 860 ක් දුර ගෙවා කොලොම්බියාවේ මෙඩලින් වෙත පැමිණීම ඔවුන්ට ලොකු දෙයක්.
    හර්නැන්ඩස් මෙහෙම කියනවා. ‘‘මම වෙනිසියුලානු ජාතිකයෙක්. මම මගේ රටට ආදරයෙි. නමුත් මගේ රටේ ජීවත් වෙන්න නම් බැහැ...‘‘
    පසු සටහන
    වරෙක ඛණිජ තෙල් ලෝකයේ දැවැන්තයෙකු සේ වැජඹුණු වෙනිසියුලාව මේ වන විට යුගයක් නිමා කරමින් සිටියි. ගෝලීය බලශක්ති ක්ෂේත්‍රෙය් සිදුව ඇති කඩාවැටීමත් සමග මේ වන විට වෙනිසියුලාව බලශක්ති නිෂ්පාදනය ශුන්‍යයක් බවට පත් කර තිබේ. රටවැසියන් බහුතරයක් කුසගින්නේ පසුවන අතර, නායක නිකොලස් මඩූරෝ සිය ව්‍යවස්ථාපිත බලතල තවදුරටත් වැඩි කරගනිමින් සිටියි. මේ වන විට රටේ දළ දේශීය නිෂ්පාදිතය පවතින්නේ සෘණ5% -සෘණ15% අතර ප්‍රමාණයක ය.
    Cover Photo: Foreign Policy
    දිනිති විජේරත්න https://outboundtoday.com
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    us games thamaaaaa..

    ලොකේ තියන ඔයිල් රිසර්ව් වලින් 18%ක් තියෙන්නේ වෙනිසියුලාවේ... ලෝකේ ලොකුම පංගුව තියෙන්නෙ මෙයාලට. පැහැදිලිනේ හේතුව.. :lol: :lol: :lol:
     
    Last edited:

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    තවත් ඇමෙරිකාවෙ ගේමක් නේද ??
    ඔව්, උන්ට නම් ඇමෙරීකාව දුන්නා, අපිට චිනෙන්, ඇමරිකාවෙන්, ඉන්දියාවෙන් වගේ වටෙන්ම කන්න වෙන සින් එකක් තියෙන්නෙ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මුහුදෙන් වට වෙලා ටිබිලත් මේකේ දවස්කට එක ත්‍රෙඩ් එකක් යනවා රට යන විදි අහගෙන.බෝට්ටුවෙන් කොච්චර පැන්නද පහු ගිය කාල්‍ර්‍ර්.අපෙත් පයින් යන්න පුලුවන් න්න ඔහොම වෙයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    මුහුදෙන් වට වෙලා ටිබිලත් මේකේ දවස්කට එක ත්‍රෙඩ් එකක් යනවා රට යන විදි අහගෙන.බෝට්ටුවෙන් කොච්චර පැන්නද පහු ගිය කාල්‍ර්‍ර්.අපෙත් පයින් යන්න පුලුවන් න්න ඔහොම වෙයි
    අපිටත් පයින් පුළුවන් විදිහේ රටක් තියෙන්න තිබ්බ ප්‍රභාකරන්ට ඊලම දුන්න නම්.
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මුහුදෙන් වට වෙලා ටිබිලත් මේකේ දවස්කට එක ත්‍රෙඩ් එකක් යනවා රට යන විදි අහගෙන.බෝට්ටුවෙන් කොච්චර පැන්නද පහු ගිය කාල්‍ර්‍ර්.අපෙත් පයින් යන්න පුලුවන් න්න ඔහොම වෙයි
    ඔව්, පුලුවන්
    අැමරිකාව ඵක්ක වලි නේද උන්?
    කට්න් පොර ටොක් දුන්නා, අන්තිමට ඇමරිකන් කාරයා සම්බාධක දැම්මා කෙල වෙලා යන්නම.
     
    • Like
    Reactions: pavanruka

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    වරෙක ඛණිජ තෙල් ලෝකයේ දැවැන්තයෙකු සේ වැජඹුණු වෙනිසියුලාව මේ වන විට යුගයක් නිමා කරමින් සිටියි. කුසගින්නේ පසුවන අතර, නායක නිකොලස් මඩූරෝ සිය ව්‍යවස්ථාපිත බලතල තවදුරටත් වැඩි කරගනිමින් සිටියි.
    මෙහේ කාව හරි මතක් වෙනවද බන්
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    අපේ රටත් දශක ගානක් තිස්සේ ණය අරගෙන දැන් ලොකෙට රුපියල් ටිලියන 11 ක් ණයයි. ට්‍රිලියනට කියන්නෙන් 1යි බ්ංදු 12ක් 🤣
     
    • Sad
    Reactions: Champ HB

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මෙහේ කාව හරි මතක්
    අපේ රටත් දශක ගානක් තිස්සේ ණය අරගෙන දැන් ලොකෙට රුපියල් ටිලියන 11 ක් ණයයි. ට්‍රිලියනට කියන්නෙන් 1යි බ්ංදු 12ක් 🤣
    Total Debt LKR 11,000,000,000,000