මේ වහින්නේ එදා

Stein

Member
Jul 29, 2016
67
30
0
මේ වහින්නේ එදා

පද - සීතා රංජනී
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - දිපිකා ප්‍රියදර්ශණී

මේ වහින්නේ එදා මල් වරුසාවමයි
මහළු නොවනා පෙම්වතුන්ගේ
සොඳුරු මල් වරුසාවමයි
එදා මල් වරුසාවමයි
මේ වහින්නේ

ආදරය කරන කාලේ පෙම්වතුන් පෙම්වතියන් වැඩිපුරම කැමති දෙන්නා එක්ක පොඩ්ඩක් රවුමක් ගිහිල්ලා කාලා බීලා වෙනම ලෝකෙක ඉඳලා ඒ හැඟුම්වල රසය විඳින්න . සමහර වෙලාවට මෙහෙම අය තියෙන තියෙන පාරවල්වල ඇවිදිනවා හරියට අර " පිස්සට හැතැප්මක් නෑ " කියලා කියනවා වගේ . ඉතින් මේ ආදරය කරන අය කොච්චර කුඩ ගෙනිච්චත් අන්තිමට පාවිච්චියට ගන්නේ පොඩි , එක කුඩයක් .

වැස්සක් වැස්සත් අව්වක් පෑව්වත් ඔය දෙකටම ඉහලන්නේ එක කුඩයක් විතරයි . එතකොට පුළුවන්නේ දෙන්නට තුරුල් වෙලා කුඩේ යටින් යන්න . ඔය කුඩේ යටින් යන එක කොච්චර රොමැන්ටික් දෙයක්ද කියනවනම් ඒ ගැන කියලා ලියවිච්ච ගීත ගොඩක් තියෙනවා .

එක කුඩේ යටින් සරසවි පාරේ
හතර වටින් කලුකරගෙන වහින වෙලාවේ
මන්දාරම් අඳුර මැදින්

වගේ ගීත ගොඩක් තියෙනවා . ඉතින් මේ ගීතයේ කියවෙන්නේ ඔහොම කුඩයක් යටින් ගිහින් පස්සේ විවාහ වෙච්ච දෙන්නෙක් ගැන . විවාහ වෙලා කාලයක් යනකොට ජීවන අර්බුදයත් එක්ක ස්වාමියට අමතක වෙනවා බිරිඳ එක්ක ටිකක් ආයෙත් ආදරෙන් කාලය ගත කරන්න . සමහරවිට මේ බිරිඳ රස්සාවක් කරන්නේ නැතුව ගෙදරටම වෙලා ඉන්න බිරිඳක් වෙන්න පුළුවන් . ඒ නිසා වැඩිය ගෙදරින් එලියට යන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන් . ඒත් දවසක් මෙයා ගෙදරින් එලියට යනකොට වැස්සක් වහිනවා . ඉතින් බිරිඳ කියනවා

" හිමියනි මේ වහින්නේ , අපි දෙන්නා එදා ආදරය කරන කාලේ වැහැපු මල් වරුසාමව තමයි , මේ වැස්ස අයිති වෙන්නේ පෙම්වතුන්ටමයි . කොටින්ම කියනවනම් කවදාවත්ම මහළු නොවන , පරණ නොවන ආදරයක් තියෙන පෙම්වතුන්ගේ මල්වරුසාවමයි " කියලා . සමහරවිට පෙම්වතිය හිතන දෙයක් වෙන්නත් පුළුවන් . ඒත් මේ ගීතයේ විවිධ තැන වල කියවෙන විදියට මමනම් හිතන්නේ අන්තිමට බිරිඳ ස්වාමියාට මේ පැමිණිල්ල ඉදිරිපත් කරනවා කියලා .

ජිවිතේ දෝතින් දරා අපි
එදා පෙම් බස් මිමිණුවේ
සිරිපොදේ හීතලෙන් අවදිව
ජීවිතේමයි හිනැහුණේ

ආදරේ කරනකොට පෙම්වතුන් පෙම්වතියන් කියන සමහර කතා මෙලෝ මිනිහෙකුට කරන්න පුළුවන් දේවල් නෙවෙයි . ඉර ගේන්නම් , හඳ ගේන්නම් , අහස තරම් ආදරෙයි පොළව තරම් ආදරෙයි වගේ අහසයි පොලවයි දෙකටම වඩා තව පොඩ්ඩක් වැඩියෙන් ආදරෙයි වගේ දේවල් ගොඩක් කියනවා . ඒවා ඇත්ත ලෝකෙදී විහිලු උනාට පෙම්වතුන්ගේ පෙම්වතියන්ගේ ලෝකයේ මේවා ඇත්ත කියලා තමයි හිතාගෙන ඉන්නේ .

ගීතයේ පළවෙනි අන්තරා කොටසේ කියනවා " ජිවිතේ දෝතින් දරා අපි එදා පෙම් බස් මිමිණුවේ " කියලා . ඒ කියන්නේ අන්න අරවගේ දේවල් කතා කරන ගමන් මේ පෙම් යුවල ජීවිතේ සැලසුම් කරා කියලා . සමහර වෙලාවට පෙම්වතුන් බඳින්නත් කලින් කටින් බතල හිටවන ගානට බැඳලා ළමයිත් හදලා ළමයින්ට නමුත් දානවා .

ජීවිතය කොච්චර ගැඹුරු උනත් සංකීර්ණ උනත් පෙම්වතුන් පෙම්වතියන් ආදරය කරන කාලේ ජීවිතේ ගැන හිතන්නේ තරමක පටු රාමුවක් තුල හිර වෙලා . ඒක එයාලා හදා ගත්ත ලෝකයක් . ඒවගේ දේවල් ගැන පොදුවේ කියන්න තමයි මෙතනදී කියන්නේ ජීවිතේ දෝතින් දරා කියලා .

හිරිපොදේ හීතලෙන් අවදිව ජීවිතෙමයි හිනැහුනේ කියන තැනදී කියන්නේ ආදරය කරන කාලයේ සීතල දැනෙනකොට පෙම්වතුන් පෙම්වතියන් කිට්ටුව ඉන්නවනම් ප්‍රේමයෙන් අවදි වෙලා තුරුල් වෙලා ආදරයේ උණුසුම විඳගන්නවා කියලා . වෙන වලාවට වහිනකොට හීතලට රෙද්දක් පොරවගෙන නිදාගත්තට ආදරය කරන වෙලාවට සීතල දැනෙනකොට වැඩිපුරම කරේ මේ දෙය තමයි කියලා ගීතයෙන් කියවෙනවා .

එදා මල් වරුසාවමයි මේ
මුවාවක් ඇයි සොයන්නේ
එක වහල යට එකතු වූ දා
එක කුඩේ ඇයි මදි වුණේ

ප්‍රේම කරලා විවාහ වෙලා දැන් කාලයක් ගිහිල්ලා . ගෙදර ප්‍රශ්න , රස්සාවේ ප්‍රශ්න , අම්මලා තාත්තලාගේ නැන්දම්මා මාමන්ඩිගේ ප්‍රශ්න වගේ ඔක්කොම ප්‍රශ්න නිසා ස්වාමියට ටික ටික අමතක වෙනවා බිරිඳ තාමත් තමන්ගේ උණුහුම හොයනවා කියලා . ඒ නිසා බිරිඳ හිතෙන් විඳවනවා තමන්ට කලින් තරම් ආදරය ලැබෙන්නේ නැහැ කියලා .

දවසක් දෙන්නා යනකොට වැස්සක් වහිනවා . ඒ වෙලාවේ ස්වාමියා කුඩයක් අරගෙන ගිහින් නැහැ . බිරිඳ විතරයි කුඩයක් අරගෙන ගිහින් තියෙන්නේ . මේ වෙලාවේ ස්වාමියා කරන්නේ වැස්සට මුවා වෙන්න බිරිඳගේ කුඩේ යටට යන්නේ නැතුව මුවා වෙන්න වෙන තැනක් හොයන එක . ස්වාමියාට අමතක වෙනවා තමන් දැනට කාලෙකට කලින් පෙම්වතෙක් වෙලා ඉන්න කාලේ බාගෙට තෙමීගෙන ගියපු කුඩේ යටට අදත් යන්න පුළුවන් කියලා . ඉතින් බිරිඳ අහනවා " එදා මල් වරුසාවමයි මේ මුවාවක් ඇයි සොයන්නේ , එක වහල යට එකතු වූ දා එක කුඩේ ඇයි මදි වුණේ " කියලා .

මමනම් කියන්නේ මේකට බිරිඳත් හේතු වෙනවා කියලා . දවසක් මට මතකයි දොරමඩලාව වැඩසටහනේ මනෝවිද්‍යා සාකච්චාවක මනෝ වෛද්‍ය කෙනෙක් කිව්වා
" විවාහයට පෙර වැඩිපුරම කතා කරන්නේ පෙම්වතා , ඊට පස්සේ වැඩිපුරම කතා කරන්නේ බිරිඳ " කියලා .

http://sinduwagemiyasiya.blogspot.com/2015/02/blog-post.html
 
  • Like
Reactions: Nu1Dnk

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මමනම් කියන්නේ මේකට බිරිඳත් හේතු වෙනවා කියලා . දවසක් මට මතකයි දොරමඩලාව වැඩසටහනේ මනෝවිද්‍යා සාකච්චාවක මනෝ වෛද්‍ය කෙනෙක් කිව්වා
" විවාහයට පෙර වැඩිපුරම කතා කරන්නේ පෙම්වතා , ඊට පස්සේ වැඩිපුරම කතා කරන්නේ බිරිඳ " කියලා .

Mata nam hithenne ehema wenna hethuwak thamai wiwaheta kalin bf kiyana hamadema aththa kiyala gf mawagena inna 1
 
Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ප්‍රේම කරලා විවාහ වෙලා දැන් කාලයක් ගිහිල්ලා . ගෙදර ප්‍රශ්න , රස්සාවේ ප්‍රශ්න , අම්මලා තාත්තලාගේ නැන්දම්මා මාමන්ඩිගේ ප්‍රශ්න වගේ ඔක්කොම ප්‍රශ්න නිසා ස්වාමියට ටික ටික අමතක වෙනවා බිරිඳ තාමත් තමන්ගේ උණුහුම හොයනවා කියලා . ඒ නිසා බිරිඳ හිතෙන් විඳවනවා තමන්ට කලින් තරම් ආදරය ලැබෙන්නේ නැහැ කියලා .

    :eek::eek::eek::eek: :frown::frown::frown::frown: :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    blue_in_rio

    Well-known member
  • මමනම් කියන්නේ මේකට බිරිඳත් හේතු වෙනවා කියලා . දවසක් මට මතකයි දොරමඩලාව වැඩසටහනේ මනෝවිද්‍යා සාකච්චාවක මනෝ වෛද්‍ය කෙනෙක් කිව්වා
    " විවාහයට පෙර වැඩිපුරම කතා කරන්නේ පෙම්වතා , ඊට පස්සේ වැඩිපුරම කතා කරන්නේ බිරිඳ " කියලා .

    http://sinduwagemiyasiya.blogspot.com/2015/02/blog-post.html

    මමනම් කියන්නේ මේකට බිරිඳත් හේතු වෙනවා කියලා . දවසක් මට මතකයි දොරමඩලාව වැඩසටහනේ මනෝවිද්‍යා සාකච්චාවක මනෝ වෛද්‍ය කෙනෙක් කිව්වා
    " විවාහයට පෙර වැඩිපුරම කතා කරන්නේ පෙම්වතා , ඊට පස්සේ වැඩිපුරම කතා කරන්නේ බිරිඳ " කියලා .

    Mata nam hithenne ehema wenna hethuwak thamai wiwaheta kalin bf kiyana hamadema aththa kiyala gf mawagena inna 1

    ඔව්.අර කතාවකුත් තියෙන්නේ "කොල්ලෝ, කෙල්ලන්ට කැමති වෙන්නේ, කෙල්ලගේ ලස්සනටලු.කෙල්ලෝ, කොල්ලන්ට කැමති වෙන්නේ, කොල්ලන්ගේ ලස්සන කතාව නිසාලු.අන්න ඒ නිසා, කෙල්ලෝ මේකප් කරනවලු.කොල්ලො බොරු කියනවලු"

    මම මේක කිව්වේ, ඇත්තටම අද අපේ සමාජේ ප්‍රේම සම්බන්ධ කම් ඇති වෙන්නේ, මේ විදියට නිසා.කොල්ලෝ රටේ නැති බොරු කියලා කෙල්ලොන්ව දා ගන්නවා.කොල්ලෝ කෙල්ලන්ගේ ලස්සනට රැවටිලා, උන් එක්ක යාලු වෙනවා.බැඳලා එකට ඉන්නකොටයි ආතල් එක එන්නේ.සමහර විට කෙල්ල කොච්චර ලස්සනට හිටියත්, තුන් වේලටම කඩෙන් කන්න වෙනවා.ඇයි, කෙල්ලට උයන්න බෑ. එතකොට කොල්ලා, රට වටේට ණය වෙනවා.ඌට ඇති සල්ලියක් නැ, බොරු කියලනේ කෙල්ලව අරන් ආවේ.ඉතිං ඌ සල්ලි කාරය කියලා හිතන් ඉන්න කෙල්ල කරන වියදම් අරූට දරාගන්න බෑ.වෙනත් වෙනත් හේතුත් බලපානවා පවුල් ආරවුල් වලට.ඒත් ගොඩක්ම වෙන්නේ ඔය ටික.ඉතින් අරූට වෙන්නේ ගෑණිගේ කන්දොස්කිරියාව අහගෙන ඉන්න.දෙන්නාගෙම ඇත්ත තත්ත්වේ දැන කියාගෙන සම්බන්ධයක් පටන්ගන්න එක වටින්නේ ඒ නිසා. :yes::yes: