මේ වහින්නේ එදා
පද - සීතා රංජනී
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - දිපිකා ප්‍රියදර්ශණී
මේ වහින්නේ එදා මල් වරුසාවමයි
මහළු නොවනා පෙම්වතුන්ගේ
සොඳුරු මල් වරුසාවමයි
එදා මල් වරුසාවමයි
මේ වහින්නේ
ආදරය කරන කාලේ පෙම්වතුන් පෙම්වතියන් වැඩිපුරම කැමති දෙන්නා එක්ක පොඩ්ඩක් රවුමක් ගිහිල්ලා කාලා බීලා වෙනම ලෝකෙක ඉඳලා ඒ හැඟුම්වල රසය විඳින්න . සමහර වෙලාවට මෙහෙම අය තියෙන තියෙන පාරවල්වල ඇවිදිනවා හරියට අර " පිස්සට හැතැප්මක් නෑ " කියලා කියනවා වගේ . ඉතින් මේ ආදරය කරන අය කොච්චර කුඩ ගෙනිච්චත් අන්තිමට පාවිච්චියට ගන්නේ පොඩි , එක කුඩයක් .
වැස්සක් වැස්සත් අව්වක් පෑව්වත් ඔය දෙකටම ඉහලන්නේ එක කුඩයක් විතරයි . එතකොට පුළුවන්නේ දෙන්නට තුරුල් වෙලා කුඩේ යටින් යන්න . ඔය කුඩේ යටින් යන එක කොච්චර රොමැන්ටික් දෙයක්ද කියනවනම් ඒ ගැන කියලා ලියවිච්ච ගීත ගොඩක් තියෙනවා .
එක කුඩේ යටින් සරසවි පාරේ
හතර වටින් කලුකරගෙන වහින වෙලාවේ
මන්දාරම් අඳුර මැදින්
වගේ ගීත ගොඩක් තියෙනවා . ඉතින් මේ ගීතයේ කියවෙන්නේ ඔහොම කුඩයක් යටින් ගිහින් පස්සේ විවාහ වෙච්ච දෙන්නෙක් ගැන . විවාහ වෙලා කාලයක් යනකොට ජීවන අර්බුදයත් එක්ක ස්වාමියට අමතක වෙනවා බිරිඳ එක්ක ටිකක් ආයෙත් ආදරෙන් කාලය ගත කරන්න . සමහරවිට මේ බිරිඳ රස්සාවක් කරන්නේ නැතුව ගෙදරටම වෙලා ඉන්න බිරිඳක් වෙන්න පුළුවන් . ඒ නිසා වැඩිය ගෙදරින් එලියට යන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන් . ඒත් දවසක් මෙයා ගෙදරින් එලියට යනකොට වැස්සක් වහිනවා . ඉතින් බිරිඳ කියනවා
" හිමියනි මේ වහින්නේ , අපි දෙන්නා එදා ආදරය කරන කාලේ වැහැපු මල් වරුසාමව තමයි , මේ වැස්ස අයිති වෙන්නේ පෙම්වතුන්ටමයි . කොටින්ම කියනවනම් කවදාවත්ම මහළු නොවන , පරණ නොවන ආදරයක් තියෙන පෙම්වතුන්ගේ මල්වරුසාවමයි " කියලා . සමහරවිට පෙම්වතිය හිතන දෙයක් වෙන්නත් පුළුවන් . ඒත් මේ ගීතයේ විවිධ තැන වල කියවෙන විදියට මමනම් හිතන්නේ අන්තිමට බිරිඳ ස්වාමියාට මේ පැමිණිල්ල ඉදිරිපත් කරනවා කියලා .
ජිවිතේ දෝතින් දරා අපි
එදා පෙම් බස් මිමිණුවේ
සිරිපොදේ හීතලෙන් අවදිව
ජීවිතේමයි හිනැහුණේ
ආදරේ කරනකොට පෙම්වතුන් පෙම්වතියන් කියන සමහර කතා මෙලෝ මිනිහෙකුට කරන්න පුළුවන් දේවල් නෙවෙයි . ඉර ගේන්නම් , හඳ ගේන්නම් , අහස තරම් ආදරෙයි පොළව තරම් ආදරෙයි වගේ අහසයි පොලවයි දෙකටම වඩා තව පොඩ්ඩක් වැඩියෙන් ආදරෙයි වගේ දේවල් ගොඩක් කියනවා . ඒවා ඇත්ත ලෝකෙදී විහිලු උනාට පෙම්වතුන්ගේ පෙම්වතියන්ගේ ලෝකයේ මේවා ඇත්ත කියලා තමයි හිතාගෙන ඉන්නේ .
ගීතයේ පළවෙනි අන්තරා කොටසේ කියනවා " ජිවිතේ දෝතින් දරා අපි එදා පෙම් බස් මිමිණුවේ " කියලා . ඒ කියන්නේ අන්න අරවගේ දේවල් කතා කරන ගමන් මේ පෙම් යුවල ජීවිතේ සැලසුම් කරා කියලා . සමහර වෙලාවට පෙම්වතුන් බඳින්නත් කලින් කටින් බතල හිටවන ගානට බැඳලා ළමයිත් හදලා ළමයින්ට නමුත් දානවා .
ජීවිතය කොච්චර ගැඹුරු උනත් සංකීර්ණ උනත් පෙම්වතුන් පෙම්වතියන් ආදරය කරන කාලේ ජීවිතේ ගැන හිතන්නේ තරමක පටු රාමුවක් තුල හිර වෙලා . ඒක එයාලා හදා ගත්ත ලෝකයක් . ඒවගේ දේවල් ගැන පොදුවේ කියන්න තමයි මෙතනදී කියන්නේ ජීවිතේ දෝතින් දරා කියලා .
හිරිපොදේ හීතලෙන් අවදිව ජීවිතෙමයි හිනැහුනේ කියන තැනදී කියන්නේ ආදරය කරන කාලයේ සීතල දැනෙනකොට පෙම්වතුන් පෙම්වතියන් කිට්ටුව ඉන්නවනම් ප්‍රේමයෙන් අවදි වෙලා තුරුල් වෙලා ආදරයේ උණුසුම විඳගන්නවා කියලා . වෙන වලාවට වහිනකොට හීතලට රෙද්දක් පොරවගෙන නිදාගත්තට ආදරය කරන වෙලාවට සීතල දැනෙනකොට වැඩිපුරම කරේ මේ දෙය තමයි කියලා ගීතයෙන් කියවෙනවා .
එදා මල් වරුසාවමයි මේ
මුවාවක් ඇයි සොයන්නේ
එක වහල යට එකතු වූ දා
එක කුඩේ ඇයි මදි වුණේ
ප්‍රේම කරලා විවාහ වෙලා දැන් කාලයක් ගිහිල්ලා . ගෙදර ප්‍රශ්න , රස්සාවේ ප්‍රශ්න , අම්මලා තාත්තලාගේ නැන්දම්මා මාමන්ඩිගේ ප්‍රශ්න වගේ ඔක්කොම ප්‍රශ්න නිසා ස්වාමියට ටික ටික අමතක වෙනවා බිරිඳ තාමත් තමන්ගේ උණුහුම හොයනවා කියලා . ඒ නිසා බිරිඳ හිතෙන් විඳවනවා තමන්ට කලින් තරම් ආදරය ලැබෙන්නේ නැහැ කියලා .
දවසක් දෙන්නා යනකොට වැස්සක් වහිනවා . ඒ වෙලාවේ ස්වාමියා කුඩයක් අරගෙන ගිහින් නැහැ . බිරිඳ විතරයි කුඩයක් අරගෙන ගිහින් තියෙන්නේ . මේ වෙලාවේ ස්වාමියා කරන්නේ වැස්සට මුවා වෙන්න බිරිඳගේ කුඩේ යටට යන්නේ නැතුව මුවා වෙන්න වෙන තැනක් හොයන එක . ස්වාමියාට අමතක වෙනවා තමන් දැනට කාලෙකට කලින් පෙම්වතෙක් වෙලා ඉන්න කාලේ බාගෙට තෙමීගෙන ගියපු කුඩේ යටට අදත් යන්න පුළුවන් කියලා . ඉතින් බිරිඳ අහනවා " එදා මල් වරුසාවමයි මේ මුවාවක් ඇයි සොයන්නේ , එක වහල යට එකතු වූ දා එක කුඩේ ඇයි මදි වුණේ " කියලා .
මමනම් කියන්නේ මේකට බිරිඳත් හේතු වෙනවා කියලා . දවසක් මට මතකයි දොරමඩලාව වැඩසටහනේ මනෝවිද්‍යා සාකච්චාවක මනෝ වෛද්‍ය කෙනෙක් කිව්වා
" විවාහයට පෙර වැඩිපුරම කතා කරන්නේ පෙම්වතා , ඊට පස්සේ වැඩිපුරම කතා කරන්නේ බිරිඳ " කියලා .
http://sinduwagemiyasiya.blogspot.com/2015/02/blog-post.html