මේ විරෝධතාවය බුර්කාවට පමණක්ද?

Sakibura

Member
Sep 20, 2009
226
10
0
මේ විරෝධතාවය බුර්කාවට පමණක්ද?


Written by මායා ජොහානස් Friday, 29 January 2010 05:51 Top Lanka News ජනවාරි 28
1007-niqab.jpg
ඉස්ලාම් කාන්තා ඇදුම් ක‍්‍රම දෙකක් බුර්කා හා නිකාබ් නම්වෙති. පොදුවේ මේ ඇදුම් ක‍්‍රම දෙක සිංහල භාෂාවෙන් මොට්ටැක්කිලිය නමින් හැදින්වේ. ලංකාවේ ඉස්ලාම් කාන්තාවන්ගේ මොට්ටැක්කිලිය මෑතක් වෙනතුරුම සම්පුර්ණ ශරීරය වැසිමක් නොවුයේ ය. ලංකාව වැනි රටවලට ද සම්පුර්ණ ඇග වැසීමේ කාන්තා ඇදුම එන්නේ මුලධර්මවාදී ඉස්ලාම් ව්‍යාපාර ලොව පැතිරීමත් සමගිනි. ඒ මුජහදින්, තලිබාන් ආදී සංවිධාන ආසියාවට බලපෑම් කරන්ට වු මෑත කාලයක සිට සිදුවන දෙයකි.
යුරෝපයට ද සම්පුර්ණ ඇග වැසීමේ ඉස්ලාම් කාන්තා ඇදුම පැතිරීම මෑත කාලයක සිට සිදුවන්නකි. නිදසුනක් දක්වතොත් යුරෝපය වැඩිපුරම ඉස්ලාම් ජන කණ්ඩායමක් වෙසෙන රට ප‍්‍රංශයයි. එහි ඉස්ලාම් ආගමිකයෝ හය ලක්ෂයකට ආසන්න ප‍්‍රමාණයක් සිටිති. නමුත් පොලිස් වාර්තා පරිදි බුර්කාව හා නිකාබ් ඇදුම අදින්නේ 2, 000කට ආසන් කාන්තාවන් සංඛ්‍යාවකි. ප‍්‍රංශයේ අගමැකි සර්කෝසී මීට මාස කිහිපයකට ඉහතදී බුර්කාව හා නිකාබ් ප‍්‍රංශයට නොගැලපේ යයි කිවේය.
මේ සතිය වෙනවිට ප‍්‍රංශයේ පාර්ලිමේන්තු කොමිටියක් බුර්කා හා නිකාබ් ඇදුම ඇදගන ප‍්‍රංශයේ පාසැල් ආරෝග්‍යශාලා ප‍්‍රවාහන සේවා ආදීයට පැමිණිය නොහැකි වෙන නිතියක් ඉදිරිපත් කළේය. නෙදර්ලන්තය, ඩෙන්මාර්කය ,බෙල්ජියම ආදී රටවලින්ද මුස්ලිම් කාන්තා ඇදුමට විරෝධය ඉදිරිපත්ව තිබේ. ඊයේ ඉතාලියේ මාරා කර්පග්නා ඇමතිනිය ප‍්‍රකාශ කළේ බුර්කා නීතිය ඉතාලියේ මෙන්ම යුරෝපයේ අන් රටවලටද අවශ්‍ය බවයි.
යුරෝපීය රටවල බුර්කාව සහ නිකාබ් පමණක් නොව මුස්ලිම්වරුන් සම්බන්ධව වෙනත් නිති හා තහංචි ගෙනඑයි. ස්විස්ටර්ලන්තය මිනරත් ඉදිකිරිම පසුගිය මාසයේ තහනම් කළේය. නෝර්වේ රාජ්‍යය ඉරාක ජාතිකයින් බුරුතු පිටින් අල්ලමින් අනවසරයෙන් පැමිණයවුන්ය කියමින් ආපසු පටවති.
http://www.toplankanews.com/index.p...947:2010-01-29-05-55-42&catid=4:yaka&Itemid=2