Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මේ සංසාරය කෙතරම් දීර්ඝද කියා දක්වනවා නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිය යන මොහොතේ යහපත් අරමුණක සිත රැඳවීම ඔබ අප සිතන තරම් පහසු නොවන බව පසුගිය ලිපියෙන් ඉදිරිපත් කළෙමු. බොහෝ විට ඇතිවන්නේ පටිඝ මිශ්‍රිත සිතිවිලිය. එසේ නැතහොත් ආශාවට බර සිත්ය. මේ සෑම විටම මෝහය ගැබ්ව ඇත. එබැවින් මරණින් මතු සුගති උපතක් ලැබීම අතිදුර්ලභය. සත්වයන්ගේ මහගෙදර ලෙසින් හඳුන්වන ඔබත් මාත් ඇතුළුව සෑම සත්වයකුම මේ සංසාරයේ වැඩිම කාලයක් ගත කරන සතර අපායන් කෙබදු දැයි සුළු අවබෝධයක් බුද්ධ දේශනාවට අනුව දැන ගනිමු.

සර්වඥතා ඥාණයෙන් යුත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පවා දේශනා කළේ

," මහණෙනි මේ අපායන්හි සත්වයන් විඳිනා දුක මට උපමාවකින් වත් විස්තර කළ නොහැකිය" ලෙසිනි. අප මහා වීරයන් සේ අද අපා දුක් සුළුවෙන් සැලකුවද බුදු රජාණන් වහන්සේ දේශනා කළේ,

" නුඹලා අතීත සංසාරයේ සතර අපායන්හි පැසෙමින් විඳින ලද දුක දන්නේ නම්, හිස ගිනි ගත්තද ඒ ගින්න නොනිවා චතුරාර්ය සත්‍ය අවබෝධ කොටගෙන මේ සසරින් එතෙර වීමට උත්සාහ දරණ බවයි."

මේ සංසාරය කෙතරම් දීර්ඝද කියා දක්වනවා නම්, පහත කරුණු හදවතින් විමසමින් කියවන්න.

දිනක් සෘධියෙන් අග තැන්පත් මුගලන් මහ රහතන් වහන්සේ විශ්වයේ කෙළවර සොයනු රිසි තමන් වහන්සේගේ සෘධි ශක්තියෙන් මේ විශ්වය වටා සංචාරය කළ සේක. දින හතක් පුරා ගමන් කළද කෙලවර දකිනු නොහැකිව හා ආපසු ඒමටද නොහැකිව, පිරිනිවන් පෑමට තීරණය කොට, බුදු පියාණන් වහන්සේගෙන් සිතින් අවසර ගත් සේක. එවිට බුදු රජාණන් වහන්සේ අකුළුවන අතක් දිග හරින තරම් වූ ඉතාමත් සුළු කාලයකින් මුගලන් මහ රහතන් වහන්සේ සිටි තැනින් ගෙන්වා ගත් සේක. සෘධියෙන් අග තැන්පත් මුගලන් මහ රහතන් වහන්සේගේ දින හතක සෘධි බලය බුදු රජාණන් වහන්සේගේ එක් ක්ෂණයක සෘධි බලයට කිට්ටු කිරීමටවත් නොහැක.

තවද එක්තරා වෙනත් දෘෂ්ටියක එලබ සිටි පුද්ගලයෙක් බුදු රජාණන් වහන්සේ වෙත පැමිණ තමන් සමාදන් වී රකින සීලය අතීතයේ සමාදන් වී සුගතියක් කරා ගිය අය සිටින්නේද යැයි විමසා සිටියේය. බුදු පියාණන් වහන්සේ ඉහළට ගත් හුස්ම පහළට ගන්නට පෙර කල්ප අනූවක කාලයක් පුරා එම සීලය සමාදන් වූ සියලු මිනිසුන් සිසාරා බලා එකම එක පුද්ගලයෙක් පමණක් කල්ප අනූවකට පෙර සුගතිගාමී වූ බවත්, ඔහුද එසේ සුගතිගාමී වූයේ ඒ සීලය සමාදන් වීම නිසා නොව කර්මය හා කර්මඵලය ඇදහූ නිසා බව දේශනා කළ සේක. කල්පය යනුද අපේ අවබෝධයට හසු නොවන තරම් අති දීර්ඝ වූ කාලයකි. එවැනි කල්ප අනූවක කාලයක් තුළ ඉපිද මිය ගිය සියළු සත්වයන් ක්ෂණයක තරම් කාලයකදී පිරික්සීමට තරම් අති ජවන ප්‍රඥාවකින් උන් වහන්සේ යුතු වූ සේක.

බුදු රජාණන් වහන්සේගේ සෘධි බලය හා සර්වඥතා ඥාණය ගෙන හැර දැක්වීමට උපමාවකින් පවා නොහැකිය. අපට අපේ සිතේ ඇතිවන එක සිතිවිල්ලක් ඒ මොහොතේ නුවණින් දැකීමට කෙතරම් අපහසුද. අවුරුදු ගණන් සමාධිය වඩමින් භාවනා කළඳ එය අසීරුය. නමුත් බුදු රජාණන් වහන්සේට ඒ එක් සිතක් ඉපිද පැවති නැසෙන ආයු කාලය වන චිත්තක්ෂණය පවා කිසිඳු අපහසුවකින් තොරව දැකිය හැක. එය අසුරු ගසන කාලයකින්, ඇසිපිය හෙලන කාලයකින් කෝටි ලක්ෂයකින් පංගුවක් පමණ කාලයකි. එසේම මේ සත්වයා නිර්මිත පඨවි, ආපෝ , තේජෝ, වායෝ ආදී සතර මහා භූත ලෙසින් හඳුන්වන ධාතුන් උන් වහන්සේට පියවි ඇසට පෙනෙන්නා මෙන් දැකිය හැක. උන්වහන්සේගේ සර්වඥතා ඥාණය ලියා නිම කළ නොහැක. එසේම එය අපේ නුවණැසට ගෝචරද නැත. එසේ වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට එකම සත්වයකුගේ සසර ගමන විමසා ආපස්සට බැලීමේදී, බුද්ධ ජීවිතය නිමා වූවද ඔහුගේ සසරේ ආරම්භය බලා නිම කළ නොහැක. ක්ෂණයකදී කල්ප අනූවක් ආපස්සට බැලිය හැකි නම් බුද්ධ ජීවීත කාලය තුළ බැලිය හැකි කල්ප ගණන කොතෙක් නම් වනු ඇත්ද? එනමුදු ආරම්භය නොපෙනේ නම් එය කෙතරම් නම් දීර්ඝ වනු ඇත්ද ?

ගෙවා පැමිණි සංසාරයේ දීර්ඝ බව අප විසින් නැවත නැවත මෙනෙහි කළ යුතුමය. ගෙවා පැමිණි ප්‍රමාණයටත් වඩා නිවන් දක්නා තෙක් සසරේ ගමන් කළ යුතුය. එහි සීමාවක් නැත.

මේ ගෙවා පැමිණි සංසාරය තුළ අප වැඩිපුරම සිටියේ සතර අපායන්හිමය. ඇට කටු වලින් දුම් විහිදෙන තරම් දැඩි ගින්නවල් වලින් පිළිස්සී යද්දී, පිපාසාවෙන් කෑ ගසද්දී කටට ලෝ දිය වැක්කෙරෙන, නහර වැල් දැවී යන, මස් දැවී යන තරම් ඉවසිය නොහැකි දරුණු වධ වේදනා විඳින්නට සිදුවන අපා දුක අප මේ විස්තර කරන්නේ බුදු පියාණන්ම විස්තර කළ ආකාරයටය. කවුරු අවිශ්වාස කළඳ අපට බුදු රජාණන් වහන්සේ අවිශ්වාස කළ නොහැක. උන් වහන්සේ කිසිවකු තුළ අනිසි බියක් ඇති කරන්නේ නැත. ඒ තරම්ම කාරුණිකය. මහා කාරුණාවෙන් යුක්තය. පාලි පාඨ මෙහි නොදැක්වූවද ත්‍රිපිඨකය විමර්ශනය කරනා ඕනෑම කෙනෙකුට බුද්ධ වචනයෙන්ම මේ අපා දුක් දැන ගත හැකිය.

"මහණෙනි නුඹලා අතීත සංසාරයේදී හරකෙකු වී ඉපිද බෙල්ල කපා මැරෙද්දී පමණක් ගලා ගිය රුධිර ප්‍රමාණය මහා සාගර ජලයට වඩා වැඩියි.."

"එකම මවක් වෙනුවෙන් සංසාරය පුරා හැඩූ කඳුළු මහා සාගරය පරදවයි.."

අප අතීතයේ වූයේ හරකකු පමණක් නොවේ. හරකෙක් වූවද මැරුණේ බෙල්ල කැපීමෙන් පමණක් නොවෙ.. මේ කුලකය කෙතරම් සීමිතද.. එක් වරක් බෙල්ල කැපී මිය යද්දී ගලා යන ලේ ප්‍රමාණය බාල්දියක් තරම් වේ යැයි සිතමු. එසේ නම් මහ සාගර ජලය ප්‍රමාණ කරන්නට කී වරක් නම් බෙල්ල කැපී මිය යා යුතුද.. මේ උදාහරණ බුදු පියාණන්ම දේශනා කරන ඒවා බැවින්, අප විසින් ඒවා සුළුවෙන් සැලකීම කිසිසේත්ම නොකළ යුතුය. ඒ එකම උපමාවක් පමණක් නුවණින් විමසා නිතර මෙනෙහි කරන්නේ නම් ඔබට සංසාරය ගැන කළකිරීමට එයම වුවද ප්රමාණවත්ය..

එසේ වූ සංසාරයේ අප විසින් අවීචී ආදී අපායන්හි විඳි දුක් අද අපට මුළුමනින්ම අමතකය..

අපි ඒවා මෙසේ නැවත මතක් කර ගනිමු.. මන්ද යත් සිත තුළ මේ සසර කෙරෙහි මුල් බැස ඇති ආශාව ක්‍රමයෙන් , නිබ්බිදාවක් බවට පත් කරවා ගැනීමටය.. ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමටය. අති පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ "බෞද්ධයාගේ අත්පොත " ග්‍රන්ථයෙන් උපුටා ගන්න ලද සතර අපායන්හි ඉතාමත්ම කෙටි හැඳින්වීම විමර්ශනශීලී මනසින් කියවන්න.

[QUOTE="asliyanage, post: 28104665, member: 8764"] මිය යන මොහොතේ යහපත් අරමුණක සිත රැඳවීම ඔබ අප සිතන තරම් පහසු නොවන බව පසුගිය ලිපියෙන් ඉදිරිපත් කළෙමු. බොහෝ විට ඇතිවන්නේ පටිඝ මිශ්‍රිත සිතිවිලිය. එසේ නැතහොත් ආශාවට බර සිත්ය. මේ සෑම විටම මෝහය ගැබ්ව ඇත. එබැවින් මරණින් මතු සුගති උපතක් ලැබීම අතිදුර්ලභය. සත්වයන්ගේ මහගෙදර ලෙසින් හඳුන්වන ඔබත් මාත් ඇතුළුව සෑම සත්වයකුම මේ සංසාරයේ වැඩිම කාලයක් ගත කරන සතර අපායන් කෙබදු දැයි සුළු අවබෝධයක් බුද්ධ දේශනාවට අනුව දැන ගනිමු. සර්වඥතා ඥාණයෙන් යුත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පවා දේශනා කළේ ," මහණෙනි මේ අපායන්හි සත්වයන් විඳිනා දුක මට උපමාවකින් වත් විස්තර කළ නොහැකිය" ලෙසිනි. අප මහා වීරයන් සේ අද අපා දුක් සුළුවෙන් සැලකුවද බුදු රජාණන් වහන්සේ දේශනා කළේ, " නුඹලා අතීත සංසාරයේ සතර අපායන්හි පැසෙමින් විඳින ලද දුක දන්නේ නම්, හිස ගිනි ගත්තද ඒ ගින්න නොනිවා චතුරාර්ය සත්‍ය අවබෝධ කොටගෙන මේ සසරින් එතෙර වීමට උත්සාහ දරණ බවයි." මේ සංසාරය කෙතරම් දීර්ඝද කියා දක්වනවා නම්, පහත කරුණු හදවතින් විමසමින් කියවන්න. දිනක් සෘධියෙන් අග තැන්පත් මුගලන් මහ රහතන් වහන්සේ විශ්වයේ කෙළවර සොයනු රිසි තමන් වහන්සේගේ සෘධි ශක්තියෙන් මේ විශ්වය වටා සංචාරය කළ සේක. දින හතක් පුරා ගමන් කළද කෙලවර දකිනු නොහැකිව හා ආපසු ඒමටද නොහැකිව, පිරිනිවන් පෑමට තීරණය කොට, බුදු පියාණන් වහන්සේගෙන් සිතින් අවසර ගත් සේක. එවිට බුදු රජාණන් වහන්සේ අකුළුවන අතක් දිග හරින තරම් වූ ඉතාමත් සුළු කාලයකින් මුගලන් මහ රහතන් වහන්සේ සිටි තැනින් ගෙන්වා ගත් සේක. සෘධියෙන් අග තැන්පත් මුගලන් මහ රහතන් වහන්සේගේ දින හතක සෘධි බලය බුදු රජාණන් වහන්සේගේ එක් ක්ෂණයක සෘධි බලයට කිට්ටු කිරීමටවත් නොහැක. තවද එක්තරා වෙනත් දෘෂ්ටියක එලබ සිටි පුද්ගලයෙක් බුදු රජාණන් වහන්සේ වෙත පැමිණ තමන් සමාදන් වී රකින සීලය අතීතයේ සමාදන් වී සුගතියක් කරා ගිය අය සිටින්නේද යැයි විමසා සිටියේය. බුදු පියාණන් වහන්සේ ඉහළට ගත් හුස්ම පහළට ගන්නට පෙර කල්ප අනූවක කාලයක් පුරා එම සීලය සමාදන් වූ සියලු මිනිසුන් සිසාරා බලා එකම එක පුද්ගලයෙක් පමණක් කල්ප අනූවකට පෙර සුගතිගාමී වූ බවත්, ඔහුද එසේ සුගතිගාමී වූයේ ඒ සීලය සමාදන් වීම නිසා නොව කර්මය හා කර්මඵලය ඇදහූ නිසා බව දේශනා කළ සේක. කල්පය යනුද අපේ අවබෝධයට හසු නොවන තරම් අති දීර්ඝ වූ කාලයකි. එවැනි කල්ප අනූවක කාලයක් තුළ ඉපිද මිය ගිය සියළු සත්වයන් ක්ෂණයක තරම් කාලයකදී පිරික්සීමට තරම් අති ජවන ප්‍රඥාවකින් උන් වහන්සේ යුතු වූ සේක. බුදු රජාණන් වහන්සේගේ සෘධි බලය හා සර්වඥතා ඥාණය ගෙන හැර දැක්වීමට උපමාවකින් පවා නොහැකිය. අපට අපේ සිතේ ඇතිවන එක සිතිවිල්ලක් ඒ මොහොතේ නුවණින් දැකීමට කෙතරම් අපහසුද. අවුරුදු ගණන් සමාධිය වඩමින් භාවනා කළඳ එය අසීරුය. නමුත් බුදු රජාණන් වහන්සේට ඒ එක් සිතක් ඉපිද පැවති නැසෙන ආයු කාලය වන චිත්තක්ෂණය පවා කිසිඳු අපහසුවකින් තොරව දැකිය හැක. එය අසුරු ගසන කාලයකින්, ඇසිපිය හෙලන කාලයකින් කෝටි ලක්ෂයකින් පංගුවක් පමණ කාලයකි. එසේම මේ සත්වයා නිර්මිත පඨවි, ආපෝ , තේජෝ, වායෝ ආදී සතර මහා භූත ලෙසින් හඳුන්වන ධාතුන් උන් වහන්සේට පියවි ඇසට පෙනෙන්නා මෙන් දැකිය හැක. උන්වහන්සේගේ සර්වඥතා ඥාණය ලියා නිම කළ නොහැක. එසේම එය අපේ නුවණැසට ගෝචරද නැත. එසේ වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට එකම සත්වයකුගේ සසර ගමන විමසා ආපස්සට බැලීමේදී, බුද්ධ ජීවිතය නිමා වූවද ඔහුගේ සසරේ ආරම්භය බලා නිම කළ නොහැක. ක්ෂණයකදී කල්ප අනූවක් ආපස්සට බැලිය හැකි නම් බුද්ධ ජීවීත කාලය තුළ බැලිය හැකි කල්ප ගණන කොතෙක් නම් වනු ඇත්ද? එනමුදු ආරම්භය නොපෙනේ නම් එය කෙතරම් නම් දීර්ඝ වනු ඇත්ද ? ගෙවා පැමිණි සංසාරයේ දීර්ඝ බව අප විසින් නැවත නැවත මෙනෙහි කළ යුතුමය. ගෙවා පැමිණි ප්‍රමාණයටත් වඩා නිවන් දක්නා තෙක් සසරේ ගමන් කළ යුතුය. එහි සීමාවක් නැත. මේ ගෙවා පැමිණි සංසාරය තුළ අප වැඩිපුරම සිටියේ සතර අපායන්හිමය. ඇට කටු වලින් දුම් විහිදෙන තරම් දැඩි ගින්නවල් වලින් පිළිස්සී යද්දී, පිපාසාවෙන් කෑ ගසද්දී කටට ලෝ දිය වැක්කෙරෙන, නහර වැල් දැවී යන, මස් දැවී යන තරම් ඉවසිය නොහැකි දරුණු වධ වේදනා විඳින්නට සිදුවන අපා දුක අප මේ විස්තර කරන්නේ බුදු පියාණන්ම විස්තර කළ ආකාරයටය. කවුරු අවිශ්වාස කළඳ අපට බුදු රජාණන් වහන්සේ අවිශ්වාස කළ නොහැක. උන් වහන්සේ කිසිවකු තුළ අනිසි බියක් ඇති කරන්නේ නැත. ඒ තරම්ම කාරුණිකය. මහා කාරුණාවෙන් යුක්තය. පාලි පාඨ මෙහි නොදැක්වූවද ත්‍රිපිඨකය විමර්ශනය කරනා ඕනෑම කෙනෙකුට බුද්ධ වචනයෙන්ම මේ අපා දුක් දැන ගත හැකිය. "මහණෙනි නුඹලා අතීත සංසාරයේදී හරකෙකු වී ඉපිද බෙල්ල කපා මැරෙද්දී පමණක් ගලා ගිය රුධිර ප්‍රමාණය මහා සාගර ජලයට වඩා වැඩියි.." "එකම මවක් වෙනුවෙන් සංසාරය පුරා හැඩූ කඳුළු මහා සාගරය පරදවයි.." අප අතීතයේ වූයේ හරකකු පමණක් නොවේ. හරකෙක් වූවද මැරුණේ බෙල්ල කැපීමෙන් පමණක් නොවෙ.. මේ කුලකය කෙතරම් සීමිතද.. එක් වරක් බෙල්ල කැපී මිය යද්දී ගලා යන ලේ ප්‍රමාණය බාල්දියක් තරම් වේ යැයි සිතමු. එසේ නම් මහ සාගර ජලය ප්‍රමාණ කරන්නට කී වරක් නම් බෙල්ල කැපී මිය යා යුතුද.. මේ උදාහරණ බුදු පියාණන්ම දේශනා කරන ඒවා බැවින්, අප විසින් ඒවා සුළුවෙන් සැලකීම කිසිසේත්ම නොකළ යුතුය. ඒ එකම උපමාවක් පමණක් නුවණින් විමසා නිතර මෙනෙහි කරන්නේ නම් ඔබට සංසාරය ගැන කළකිරීමට එයම වුවද ප්රමාණවත්ය.. එසේ වූ සංසාරයේ අප විසින් අවීචී ආදී අපායන්හි විඳි දුක් අද අපට මුළුමනින්ම අමතකය.. අපි ඒවා මෙසේ නැවත මතක් කර ගනිමු.. මන්ද යත් සිත තුළ මේ සසර කෙරෙහි මුල් බැස ඇති ආශාව ක්‍රමයෙන් , නිබ්බිදාවක් බවට පත් කරවා ගැනීමටය.. ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමටය. අති පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ "බෞද්ධයාගේ අත්පොත " ග්‍රන්ථයෙන් උපුටා ගන්න ලද සතර අපායන්හි ඉතාමත්ම කෙටි හැඳින්වීම විමර්ශනශීලී මනසින් කියවන්න. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom