මේ ස්වාමින් වහන්නෙ හොදයි කියල හිතුණ

ynameiss

Active member
  • Nov 27, 2024
    104
    66
    28
    වෙනත් ආගමක කෙනෙක් හැටියට මගෙ හිතට නැගෙන ප්‍රශ්නයක් ඔයාලගෙන් අහන්නද?
    බුදු වෙනව කියන්නෙ එසේ මෙසේ දෙයක් නෙමේ ඔය කියන විදියට, එහෙනං ඇයි සිදුහත් කුමාරයට දුෂ්කර ක්‍රියා කරන්න වුණේ. එක පාරම තේරුම් ගන්න තිබුණනෙ ශරීරයට දුක් දීල වැඩක් නෑ කියල...





    මේ ස්වාමින් වහන්සෙ එක තැනකදි කිව්ව ජාන විකෘතිය කර්මයට අයිති දෙයක් නෙමේ කියල
    ඒ වුණාට ඒකත් කර්මය තමයි නේද..

    අනිත් කිව්ව හැම දේකටම එකගයි :)
     
    Last edited:

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,012
    3,010
    113
    43
    Wakanda
    මෙයා හිස ගිනිගත්ත මිනිසෙක් ඒ ගිනි නිවනවා සේ කජු සීයා හා නාමල් මහත්තය බලයට පත්කිරීමට කටයුතු කරනව. මෙයා කියවපු ත්‍රිපිටකයට අනුව නැවත ඉපදීමක් නැල්ලු

    කැකිරාවේ විසූකදස්සන
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    වෙනත් ආගමක කෙනෙක් හැටියට මගෙ හිතට නැගෙන ප්‍රශ්නයක් ඔයාලගෙන් අහන්නද?
    බුදු වෙනව කියන්නෙ එසේ මෙසේ දෙයක් නෙමේ ඔය කියන විදියට, එහෙනං ඇයි සිදුහත් කුමාරයට දුෂ්කර ක්‍රියා කරන්න වුණේ. එක පාරම තේරුම් ගන්න තිබුණනෙ ශරීරයට දුක් දීල වැඩක් නෑ කියල...





    මේ ස්වාමින් වහන්සෙ එක තැනකදි කිව්ව ජාන විකෘතිය කර්මයට අයිති දෙයක් නෙමේ කියල
    ඒ වුණාට ඒකත් කර්මය තමයි නේද..

    අනිත් කිව්ව හැම දේකටම එකගයි :)

    Budu wenawa kiyanne ese mese deyak nowana nisama thamai “Siduhath” kumarayata eka amaru une.. nattan easy kranna thibuna.

    Anith de..

    “Siduhath” kiyana identity ekata enna kalin, past lives billions ganaka idan accumulated habits, knowledge wala ekathuwak hatiyata thamai “Budu” une..
     
    • Like
    Reactions: ynameiss

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,953
    113
    ඔය බුද්දාගම නෙමෙයි ලිබ්බාගම.

    ඔය වගේ උන්ගේ ලිබරල් බන වලට සමහර උන් කැමති විනය, සිස්ටම් එක බල්ලට දාල තමන්ට ඕන විදියට සොමියේ ජීවත් වෙන අපත lifestyle වලට නිදහසට කාරනා හදල දෙන නිසා

    එතකොට ජීවිතේ කිසිම discipline එකක් නැති අපතයොන්ට උනත් තමන් ආගමික ජීවිතයක් ගත කරනවා කියල හිත හදාගන්න පුළුවන්, ඒකයි
     

    ynameiss

    Active member
  • Nov 27, 2024
    104
    66
    28
    මෙයා හිස ගිනිගත්ත මිනිසෙක් ඒ ගිනි නිවනවා සේ කජු සීයා හා නාමල් මහත්තය බලයට පත්කිරීමට කටයුතු කරනව. මෙයා කියවපු ත්‍රිපිටකයට අනුව නැවත ඉපදීමක් නැල්ලු

    කැකිරාවේ විසූකදස්සන
    නැවත ඉපදීමක් නෑ කියන්නෙ හේතුවක් නිසා...
    ඒකනං මට තේරෙනව
    සංසාරෙ අපි දිගටම ගියාට අද ඉන්න මම නෙමේ බං හෙට ඉන්නෙ. මැරෙන්නම ඕනෙ නෑ ඒක වෙන්න
     
    • Haha
    Reactions: Little Hulk

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,862
    1
    6,705
    113
    කාටවත් බෑ බණක් ආයාසයෙන් අහන්න
    හැමෝම අහන්නේ කතා
    හැමෝම කියන්නේ කතා
    කතාව බණක් කරගන්න නම් අසන්නාගේ ප්‍රඥාව තර වී සිටිය යුතුයි ...
    ශීලයක හික්මවී විය යුතුයි
    ප්‍රඥා ඇස ශක්තිමත්ව තිබිය යුතුයි

    ධර්ම බීජ දරන්නට සිත නම් කුඹුර සරුසාරව තිබිය යුතුයි,

    එහෙම නැත්තං ... බුදුන් වහන්සේ ඇවිත් බණ කිව්වත්, අපට ඒක හුදු කතාවක්ම විතරක් වේවි අවබෝධයකට පත්නොවී !

    කතාව බණක් වෙන්නේ නිරායාසයෙන්
    ඔබ හික්මෙන්න, බණ ඇහේවි !

    ~ ගොතටුවේ රේවත ස්වාමීන් වහන්සේගේ දේශනාවක් ඇසුරින් !
     
    • Love
    Reactions: bruges

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,012
    3,010
    113
    43
    Wakanda
    නැවත ඉපදීමක් නෑ කියන්නෙ හේතුවක් නිසා...
    ඒකනං මට තේරෙනව
    සංසාරෙ අපි දිගටම ගියාට අද ඉන්න මම නෙමේ බං හෙට ඉන්නෙ. මැරෙන්නම ඕනෙ නෑ ඒක වෙන්න
    එහෙනම් රස්සාවක් කරල හම්බ කරගෙන කන්න කියපන්. අනික ඔය යන ගමන නවතිද රනිල්ගෙ නාමල්ගෙ පුක හේදුවම
     
    • Like
    Reactions: Little Hulk

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    වෙනත් ආගමක කෙනෙක් හැටියට මගෙ හිතට නැගෙන ප්‍රශ්නයක් ඔයාලගෙන් අහන්නද?

    බුදු වෙනව කියන්නෙ එසේ මෙසේ දෙයක් නෙමේ ඔය කියන විදියට, එහෙනං ඇයි සිදුහත් කුමාරයට දුෂ්කර ක්‍රියා කරන්න වුණේ. එක පාරම තේරුම් ගන්න තිබුණනෙ ශරීරයට දුක් දීල වැඩක් නෑ කියල...
    ප්‍රශ්නය නම් පැහැදිලි නෑ.

    විමුක්තිය ලබාගැනීමට ඒ කාලෙ සම්මතව තිබුණ ක්‍රම ටික සිදුහත් තාපසතුමා අනුගමනය කළා.
    ඒක නිවැරදි ක්‍රමය නෙවේ කියන එක තේරුම් ගත්තාට පස්සෙ ඒක අතඇරියා.
    ඊටපස්සෙ මධ්‍යම ප්‍රතිපදාව (ආර්ය අෂ්ඨාංගික මාර්ගය) අනුගමනය කළා.

    -------------------------
    ඒතේ තේ භික්ඛවේ, උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. කතමා ච සා, භික්ඛවේ, මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති: අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ, සෙය්‍යථිදං: සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාආජීවෝ සම්මාවායාමෝ සම්මාසති සම්මාසමාධි. අයං ඛෝ සා භික්ඛවේ, මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති.

    මහණෙනි, මේ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් විසින් මධ්‍යම ප්‍රතිපදාව විශේෂයෙන් අවබෝධ කරන ලද්දේ ය. එය දහම් ඇස ඇති කරවයි. නුවණ ඇතිකරවයි. කෙලෙස් සංසිඳුවීම පිණිස, විශිෂ්ට ඥානය ඇති කරවීම පිණිස, සත්‍යාවබෝධය පිණිස, නිවන පිණිස පවතියි.

    මහණෙනි, තථාගතයන් විසින් විශේෂ කොට අවබෝධ කරන ලද දහම් ඇස ඇති කරවන, ඥානය ඇති කරවන, කෙලෙස් සංසිඳුවන, විශිෂ්ට ඥානය උපදවන, සත්‍යාවබෝධය කරවන, නිවන පිණිස පවතින ඒ මධ්‍යම ප්‍රතිපදාව කුමක් ද? මෙසේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය. එනම්; නිවැරදි දෘෂ්ටිය ය. නිවැරදි සංකල්පනා ය. නිවැරදි වචන භාවිතය ය. නිවැරදි කායික ක්‍රියා ය. නිවැරදි දිවි පැවැත්ම ය. නිවැරදි වීර්යය ය. නිවැරදි සිහිය ය. නිවැරදි චිත්ත සමාධිය ය. මහණෙනි, මෙය වනාහී තථාගතයන් විසින් විශේෂ කොට අවබෝධ කරන ලද දහම් ඇස ඇති කරවන, ඥානය ඇති කරවන, කෙලෙස් සංසිඳුවන, විශිෂ්ට ඥානය උපදවන, සත්‍යාවබෝධය කරවන, නිවන පිණිස පවතින ඒ මධ්‍යම ප්‍රතිපදාව ය.

    https://tripitaka.online/sutta/6075
     
    • Like
    Reactions: Blair Solari

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    තාත්ත මරන්න කෘමන්ත්‍රනය කරපු යුදාස් දැන් බණත් අහනවද??
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    දෙවනි video එකේ thumbnail එකේ තියෙනවා "ජීවිතය තණ අග පිනි බිඳුවක් වගේ කිව්වෙ ජෙෙන මහාවීර (නිගණ්ඨයා)" කියලා.
    මං හිතන්නෙ මෙයා (මේ සිවුරු රඳවනය) ත්‍රිපිටකය අල්ලලාවත් නැති වුණාට නිගණ්ඨ පොත් හොඳට කියවලා ඇති.


    ත්‍රිපිටකය කියවන අයට මේවා පේනවා.

    සෙය්‍යථාපි බ්‍රාහ්මණා, තිණග්ගේ උස්සාවබින්දු සුරියේ උග්ගච්ඡන්තේ ඛිප්පමේව පටිවිගච්ඡති න චිරට්ඨිතිකං හෝති, ඒවමේව ඛෝ බ්‍රාහ්මණා, උස්සාවබින්දුපමං ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහූපායාසං, මන්තාය බොද්ධබ්බං. කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්‍රහ්මචරියං. නත්ථි ජාතස්ස අමරණං.

    බ්‍රාහ්මණවරුනි, එය මෙබඳු දෙයකි. තණ අග ඇති පිණි බිඳ හිරු උදාවන කල්හී සැණෙකින් සිඳී යයි. බොහෝ කලක් නොපවතියි. එසෙයින් ම බ්‍රාහ්මණවරුනි, තණ අග පිණි බිඳුවකට උපමා කළ හැකි මනුෂ්‍යයන්ගේ ජීවිතය පවතින්නේ ඉතා සුළු කලකි. සුළු මොහොතකි. ඉතා කෙටි ය. බොහෝ දුක් ඇත්තේ ය. බොහෝ පීඩා ඇත්තේ ය. එය නුවණින් අවබෝධ කළ යුත්තේ ය. කුසල් කළ යුත්තේ ය. බඹසරෙහි හැසිරිය යුත්තේ ය. උපන්නහුට නොමැරී සිටීමක් නැත්තේ ය.

    ---- අතීතයේ හිටපු "අරක ශාස්තෘවරයා" (බුදුරජාණන් වහන්සේම පෙර ජීවිතයකදී) කියපු දෙයක් බව මේ සූත්‍රයේ තියෙන්නෙ. ඒ වගේම ඒ කරුණ මේ කාලයට වඩාත් සුදුසුයි කියන එකෙන් බුදුරජාණන් වහන්සේ ඒ කරුණ අනුමත කරනවා. ඉතිං මේක බුදු දහමේ සඳහන් කරුණක්.


    ප.ලි.- සූත්‍රයේ link එක https://tripitaka.online/sutta/10888
     
    Last edited:
    • Like
    Reactions: bruges

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,576
    2,023
    113
    බුදු වෙනව කියන්නෙ එසේ මෙසේ දෙයක් නෙමේ ඔය කියන විදියට,

    එසේ මෙසේ තියා හිතාගන්නවත් බැහැ අපිට සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරනවා කියන දේ. බුදු කෙනෙකුගේ නියත විවරණ ගන්නම වෙනම සුදුසුකම් තියෙනවා පූර්ණය කරන්න සහ රහත් වෙලා ඒ බවයෙම නිවන් දකින්ක පුලුවන් පින සහ හැකියාව තියන් තමයි ආයේ සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් දුක් විදින්න සසරට බහින්නේ සියලු සත්වයන් හට මහා කරුණාවෙන්.

    බුදු කෙනෙක්ට බුදු කෙනෙක්ගේ ගුණ කියලා ඉවර කරන්න බැහැ ඊට කලින් පිරිණිවෙනවා.


    එහෙනං ඇයි සිදුහත් කුමාරයට දුෂ්කර ක්‍රියා කරන්න වුණේ. එක පාරම තේරුම් ගන්න තිබුණනෙ ශරීරයට දුක් දීල වැඩක් නෑ කියල...

    අපි හිතන්නේ අපි අහපු තියරි/ අපේ දැනුමට සාපේක්ෂව. අපි අහපු, දැකපු දේවල් එක්ක අපි comfort zone එකක් හදන්, ඒක ඇතුලේ සත්‍ය සොයන්නේ.

    බුදු කෙනෙක් තනියෙන් ස්වයංවූ ඤාණයෙන් සත්‍ය අවබෝධ කර ගන්නේ, comfort zone ඇතුලේ ඉදලා නෙමෙයි.

    ඇත්ත තියෙන්නේ දන්න/ හිතන්න පුලුවන සීමාවට එහා. මනසිකාරයෙන් ස්වයංව මාර්ගඵල වත් ලබන්න බැහැ.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,043
    9,678
    113
    එක තැනක නෑ
    නැවත ඉපදීමක් නෑ කියන්නෙ හේතුවක් නිසා...
    ඒකනං මට තේරෙනව
    සංසාරෙ අපි දිගටම ගියාට අද ඉන්න මම නෙමේ බං හෙට ඉන්නෙ. මැරෙන්නම ඕනෙ නෑ ඒක වෙන්න
    Conclusion ekakata enna hadissi wenna epa. Mulinma hariyata study karala inna, eka nam ube real intention eka.
     
    • Like
    Reactions: Little Hulk

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,576
    2,023
    113
    ඔය බුද්දාගම නෙමෙයි ලිබ්බාගම.

    ඔය වගේ උන්ගේ ලිබරල් බන වලට සමහර උන් කැමති විනය, සිස්ටම් එක බල්ලට දාල තමන්ට ඕන විදියට සොමියේ ජීවත් වෙන අපත lifestyle වලට නිදහසට කාරනා හදල දෙන නිසා

    එතකොට ජීවිතේ කිසිම discipline එකක් නැති අපතයොන්ට උනත් තමන් ආගමික ජීවිතයක් ගත කරනවා කියල හිත හදාගන්න පුළුවන්, ඒකයි

    ගොඩක් අයට ඕනේ තමන්ගේ ජීවන රටාව/ විශ්වාස අවුලක් නැ.. කියලා ආගමෙන් වැලිඩේට් කර ගන්න.
    සරලව, ආගමානුකූලව සැප විදින්න/ ආතල් ගන්න.

    බුද්ධ දේශනාව තමයි ත්‍රිපිටකය. ත්‍රිපිටකයෙන් පෙන්වන්නේ යෝනිසෝ මනසිකාරයට පාර. යෝනිසෝ මනසිකාරයෙන් තමයි චතුරාර්ය සත්‍යය/ අනිච්ච, අනත්ත, දුක්ඛ/ පටිච්ච සමුප්පාදය කියන සියල්ල ඒක චිත්තයෙහි අවබෝධ වෙන්නේ. නැතුව මේ එකක්වත් තියරි හෝ ඉන්ද්‍රිය ගෝචර මටට්මේ දේවල් වත්, වෙන් වෙන් වශයෙන් පවතින ඒවා වත් නෙමෙයි. 'ඇත්ත' කියන සිද්ධියේ විවිධ පැතිකඩ වලින් කරපු පැහැදිලි කිරීම්.

    පෘථග්ජන කෙනෙක්ට තනියෙන් ත්‍රිපිටකය කියවලා අවබෝධ කර ගන්න බැරි (imho, technically බැරි වෙන්න විදිහක් නැ.. ඉතාම අමාරුයි/ අධික ප්‍රඤාවක් ඕනේ) නිසා තමයි කළ්‍යාණ මිත්‍රයා (මාර්ගඵල ලබපු උතුමෙක්) ඕනේ වෙන්නේ සූත්‍රය ලෙහලා දෙන්න. නැත්තම් වෙන්නේ වලවල් වල වැටෙන එක. සංකල්ප වලින් සංකල්ප ටිකක් අවබෝධ කර ගෙන නතර වෙන එක.

    උදා: දුක්ක ආර්ය සත්‍ය ගැන දේශනාවක් කෙනෙක් ඇහුවොත් කෙලින්ම වලේ පනිනවා, "ආ මේ දැනෙන ශාරීරික, මානසික දුක ගැන කියන්නේ.." කියලා. එහෙම කෙනෙක් නතර වෙන්නේ උපේක්ෂාවෙන්. තමන්ගේ දැනුම/ ඉන්ද්‍රිය ගෝචර මටට්මට ගැලපෙන තැන ලැගගෙන ඉන්න එක වෙන්නේ.

    plus, බුද්ධ දේශනාවට ඌණපුර්ණ කොහෙත්ම ඕනේ නැහැ. ඌණපූර්ණ දෙන්න අපි කව්ද? රහතන් වහන්සේලාත් බුදුහාමුදුරුවොන්ගෙන් බන ඇහුවා. සමහර දේශනා බහුජන හිත සුව පිණිස කරන විදිහ ගැන උපදෙස් ගත්තා.
    විනය ගැන එක තැනක සදහන් කරනවා අගසව් දෙනමගෙන් එක්කෙනෙක් හරියට මතක නැහැ.., විනය නොකර බාවනාවට වාඩි වෙලා (මේ මහරහතන් වහන්සේ කෙනෙක්. කළයුත්ත කරලා ඉවර වෙලා ඉන්න කෙනෙක්) පස්සේ ඒ වැරැද්ද බුදුන් සහ ශ්‍රාවක සංඝයා ඉස්සරහ සමාව ගත්තා. බුදුන් එතෙන්දි දේශනා කරනවා ඔබ විනය නොසලකා හරිනවම් සෙසු භික්ෂූන් රකියිද කියලා..

    බුදු කෙනෙක් ෂඩ් අසාධාරණ ඤාණ වලින් සියල්ලෙන් සියල්ල දැකලා ධර්මය දේශනා කරන්නේ, ශාසනය අනාගත පැවැත්ම සහ බහුජන හිත සුව පිණිස. අපිට හිතන්න පුලුවන් සහ පේන සීමාව හුච්චන්. ඒක ඇතුලේ ඉදන් තමයි ඔය 'මන්නම් විශ්වාස කරන්නැහැ..' වගේ කතා කියන්නේ ගොඩක් අය.

    සතර පද ගාථාවෙන් සෝවාන් වෙන අය ඉද්දි බහුතරයකට එහෙම වෙන්න බැහැ. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන සීල => සමාධි => ප්‍රඤා විදිහට හදපු පටිපදාවක් දේශනා කරලා තියෙන්නෙ, ලෞකික සම්මා දිට්ටිය විදිහට පනවලා තියෙන්නේ ඒ නිසා.

    නැතුව මාර්ගඵල ලබපු කෙනෙක් මැරිලා ඉපදෙනවා කියලවත්, කර්මපල ඇත්ත කියලවත් ශාස්වථ දෘස්ටියක නැහැ. ඕක වැදගත් වෙන්නේ පෘථග්ජනයට මාර්ගඵල ලබන්නකන් යන ගමනට.

    නැවත ඉපදීමක් නෑ කියන්නෙ හේතුවක් නිසා...
    ඒකනං මට තේරෙනව
    සංසාරෙ අපි දිගටම ගියාට අද ඉන්න මම නෙමේ බං හෙට ඉන්නෙ. මැරෙන්නම ඕනෙ නෑ ඒක වෙන්න

    කවරුහරි කෙනෙක් ඉන්නවනේ, නේ?

    මම ගෙන් පනින්න සමහරු සිත කියනවා, සමහරු විඤාණය කියනවා.. දැන් කෙනා නෙමෙයි ඊළග ක්ෂණයේ ඉන්නේ.. කියනවා. වෙනසක් නැහැ. ඔය ඔක්කොම කතන්දර සක්කාය දිට්ඨිය උඩ උපදින.

    "මම" කියන්නේ සසරේ characteristic එකක් මිසක් අපිට අල්ලන්න, දකින්න පුලුවන් එකක් නෙමෙයි.

    අපිට දකින්න පුලුවන් අනාත්ම. එතන තමයි නිවන.
     
    Last edited:
    • Like
    Reactions: Yeezus