ඔය බුද්දාගම නෙමෙයි ලිබ්බාගම.
ඔය වගේ උන්ගේ ලිබරල් බන වලට සමහර උන් කැමති විනය, සිස්ටම් එක බල්ලට දාල තමන්ට ඕන විදියට සොමියේ ජීවත් වෙන අපත lifestyle වලට නිදහසට කාරනා හදල දෙන නිසා
එතකොට ජීවිතේ කිසිම discipline එකක් නැති අපතයොන්ට උනත් තමන් ආගමික ජීවිතයක් ගත කරනවා කියල හිත හදාගන්න පුළුවන්, ඒකයි
ගොඩක් අයට ඕනේ තමන්ගේ ජීවන රටාව/ විශ්වාස අවුලක් නැ.. කියලා ආගමෙන් වැලිඩේට් කර ගන්න.
සරලව, ආගමානුකූලව සැප විදින්න/ ආතල් ගන්න.
බුද්ධ දේශනාව තමයි ත්‍රිපිටකය. ත්‍රිපිටකයෙන් පෙන්වන්නේ යෝනිසෝ මනසිකාරයට පාර. යෝනිසෝ මනසිකාරයෙන් තමයි චතුරාර්ය සත්‍යය/ අනිච්ච, අනත්ත, දුක්ඛ/ පටිච්ච සමුප්පාදය කියන සියල්ල ඒක චිත්තයෙහි අවබෝධ වෙන්නේ. නැතුව මේ එකක්වත් තියරි හෝ ඉන්ද්‍රිය ගෝචර මටට්මේ දේවල් වත්, වෙන් වෙන් වශයෙන් පවතින ඒවා වත් නෙමෙයි. 'ඇත්ත' කියන සිද්ධියේ විවිධ පැතිකඩ වලින් කරපු පැහැදිලි කිරීම්.
පෘථග්ජන කෙනෙක්ට තනියෙන් ත්‍රිපිටකය කියවලා අවබෝධ කර ගන්න බැරි (imho, technically බැරි වෙන්න විදිහක් නැ.. ඉතාම අමාරුයි/ අධික ප්‍රඤාවක් ඕනේ) නිසා තමයි කළ්‍යාණ මිත්‍රයා (මාර්ගඵල ලබපු උතුමෙක්) ඕනේ වෙන්නේ සූත්‍රය ලෙහලා දෙන්න. නැත්තම් වෙන්නේ වලවල් වල වැටෙන එක. සංකල්ප වලින් සංකල්ප ටිකක් අවබෝධ කර ගෙන නතර වෙන එක.
උදා: දුක්ක ආර්ය සත්‍ය ගැන දේශනාවක් කෙනෙක් ඇහුවොත් කෙලින්ම වලේ පනිනවා, "ආ මේ දැනෙන ශාරීරික, මානසික දුක ගැන කියන්නේ.." කියලා. එහෙම කෙනෙක් නතර වෙන්නේ උපේක්ෂාවෙන්. තමන්ගේ දැනුම/ ඉන්ද්‍රිය ගෝචර මටට්මට ගැලපෙන තැන ලැගගෙන ඉන්න එක වෙන්නේ.
plus, බුද්ධ දේශනාවට ඌණපුර්ණ කොහෙත්ම ඕනේ නැහැ. ඌණපූර්ණ දෙන්න අපි කව්ද? රහතන් වහන්සේලාත් බුදුහාමුදුරුවොන්ගෙන් බන ඇහුවා. සමහර දේශනා බහුජන හිත සුව පිණිස කරන විදිහ ගැන උපදෙස් ගත්තා.
විනය ගැන එක තැනක සදහන් කරනවා අගසව් දෙනමගෙන් එක්කෙනෙක් හරියට මතක නැහැ.., විනය නොකර බාවනාවට වාඩි වෙලා (මේ මහරහතන් වහන්සේ කෙනෙක්. කළයුත්ත කරලා ඉවර වෙලා ඉන්න කෙනෙක්) පස්සේ ඒ වැරැද්ද බුදුන් සහ ශ්‍රාවක සංඝයා ඉස්සරහ සමාව ගත්තා. බුදුන් එතෙන්දි දේශනා කරනවා ඔබ විනය නොසලකා හරිනවම් සෙසු භික්ෂූන් රකියිද කියලා..
බුදු කෙනෙක් ෂඩ් අසාධාරණ ඤාණ වලින් සියල්ලෙන් සියල්ල දැකලා ධර්මය දේශනා කරන්නේ, ශාසනය අනාගත පැවැත්ම සහ බහුජන හිත සුව පිණිස. අපිට හිතන්න පුලුවන් සහ පේන සීමාව හුච්චන්. ඒක ඇතුලේ ඉදන් තමයි ඔය 'මන්නම් විශ්වාස කරන්නැහැ..' වගේ කතා කියන්නේ ගොඩක් අය.
සතර පද ගාථාවෙන් සෝවාන් වෙන අය ඉද්දි බහුතරයකට එහෙම වෙන්න බැහැ. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන සීල => සමාධි => ප්‍රඤා විදිහට හදපු පටිපදාවක් දේශනා කරලා තියෙන්නෙ, ලෞකික සම්මා දිට්ටිය විදිහට පනවලා තියෙන්නේ ඒ නිසා.
නැතුව මාර්ගඵල ලබපු කෙනෙක් මැරිලා ඉපදෙනවා කියලවත්, කර්මපල ඇත්ත කියලවත් ශාස්වථ දෘස්ටියක නැහැ. ඕක වැදගත් වෙන්නේ පෘථග්ජනයට මාර්ගඵල ලබන්නකන් යන ගමනට.
නැවත ඉපදීමක් නෑ කියන්නෙ හේතුවක් නිසා...
ඒකනං මට තේරෙනව
සංසාරෙ අපි දිගටම ගියාට අද ඉන්න මම නෙමේ බං හෙට ඉන්නෙ. මැරෙන්නම ඕනෙ නෑ ඒක වෙන්න
කවරුහරි කෙනෙක් ඉන්නවනේ, නේ?
මම ගෙන් පනින්න සමහරු සිත කියනවා, සමහරු විඤාණය කියනවා.. දැන් කෙනා නෙමෙයි ඊළග ක්ෂණයේ ඉන්නේ.. කියනවා. වෙනසක් නැහැ. ඔය ඔක්කොම කතන්දර සක්කාය දිට්ඨිය උඩ උපදින.
"මම" කියන්නේ සසරේ characteristic එකක් මිසක් අපිට අල්ලන්න, දකින්න පුලුවන් එකක් නෙමෙයි.
අපිට දකින්න පුලුවන් අනාත්ම. එතන තමයි නිවන.