මේ සිගරට් නිව්ස් එක ඇත්තද

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අද (01) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි දුම්වැටියේ මිල ඉහළ දමා තිබේ.

    සුරාබදු ඉහළ දැමීමත් සමඟ දුම්වැටියක මිල මෙලෙස ඉහළ දැමීමට කටයුතු කළ බව ලංකා දුම්කොළ සමාගම පවසයි.

    ඒ අනුව, කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු. 5/-, රු. 15/-, රු. 20/-, සහ රු. 25/ ක් ලෙස ඉහළ දමා තිබේ.


    කැරි සීන් එක
    දැන් පාරේ සිගරට් එකක් බිබී ඉන්නකොට එකෙක් ඇවිල්ලා බෙල්ලට පිහියක් තියලා සිගරට් එක අරන් යනකොට කොහොමද සැප

    මෙහෙම ගියොත් තැනකට ගිහින් සිගරට් එකක් ගහලා විස්කි බොනවා කියල කියන්නෙ පට්ට සල්ලි කාරය්‍ර්ක් වෙන්න වෙයි
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,391
    113
    Colombo, Sri Lanka
    මගුල
    ඔක උබෙ මොලෙන් උබට කියන කතාවක්.


    කට කපල කෝපි කුඩු හැදි 3ක් දාල , හොද කොපි එකක් ගහපන්.
    උදේට ටොයිලට් යන්න ගියාම සොලෝ අය්යව ආදරෙන් මතක් වෙයි :love2:
     

    Sen-lu

    Well-known member
  • මාත් ඉස්සර සෑහෙන්න බීව. 100 උනාම නැවැත්තුව දැං බොන්නෑ. ඇබ්බැහි වෙලා ඉන්න උං මේ පොත කියවපල්ල
    Screenshot_20230701_121727.jpg
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ඕව නොබී ඉන්න බැරිද ?

    බොන එක අඩු උනොත් ගාන නිකන්ම අඩු වෙයි.
    ලංකාවේ සිගරට් මිල අඩු වෙලා තියෙන්නේ එකම වතාවක් විතරයි.

    70-77 කාලේ එක වසරක ඇන් ඇම් පෙරේරාගේ අය වැයෙන් සිගරට් මිල (දුම්කොළ බද්ද) අඩු කළා. හැම අයවැයකදීම සිගරට් මිල ඉහල යාම සිදු උන නිසා, අයවැයට පෙර සිගරට් ඒජන්ත වරුන් ඔවුනට හැකි පමණ සිගරට් තොග රැස් කර, අයවැයෙන් පසුව ඒවා වැඩිමිලට විකුණා විශාල ලාභයක් ලැබීම එකල බොහෝ ප්‍රසිද්ධ කරුණක්.

    ධනපති භංග වේවා කියන එක තම ආදර්ශ පාඨය කරගත් ඇන් ඇම්, ඔවුනට පාඩමක් ඉගැන්වීමට අය වැයෙන් සිගරට් මිල අඩු කළා. ආචාර්ය උපාධි දෙකක් තිබුනත්, සමාජවාදී ආකල්ප වලින් අන්ධ වෙච්ච එතුමන්ට, තමන් මේ කරන්නේ "පාත්තයින්ට හකුරු බැන්දා" වගේ මෝඩකමක් කියලා තේරෙනකොට හානිය වෙලා ඉවරයි.