මේ සින්දු මොනවද කියහල්ලා....

Roopz

Active member
  • Jan 4, 2015
    216
    50
    28
    මේ සින්දු මොනවද කියහල්ලා....

    මේවා මොන මොන සින්දුවේද කියහන්....
    ගායකයත් කියහන්...

    1. ඇරඹුම කෙලෙසද අවසන කොතැනද නැත කිසිවකු දන්නේ
    මා එක් තැනකය ඔබ තව තැනකය කෙලෙසද හමුවන්නේ
    ගත වන මොහොතක් පාසා හද තුළ ආදරෙ ලියලන්නේ
    සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ....


    2. දෛවය මේ නම් සුදු අපි නාඩමු
    හමුවෙමු මතු සංසාරයේ
    කුරාකුහුඹුවන් හෝ නොවිදීවා ඇවිලෙන මේ ගිනි මා ලයේ
    ඔබ නොව ලදුනේ මමයි සදාකල් අසරනවුයේ කුමාරියේ..


    3. උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
    ඉනූ කඳුලද සිදෙන්නට පෙර යදින්නම්
    ඔබ මැකී යනු මතකෙන්...


    4. නෑ තුන් හිතකවත් අමනාපයක් ලදේ
    මේ අපි පෙර ජාතියේ පැතූ ලෙසයි නගේ
    පිට ගම් ගොහින් මා අමතක වුනත් නගේ
    අතමිට සරුව නුඹ යහතින් ඉදිනු නගේ...


    5. කඳුලින් සමුගෙන වෙන් වී යන මුත්
    සුසුමක රඳවා පැතුම් මෙසේ
    බැඳි සිත් නොබිදින ලොවකදි සසරේ
    හමුවෙමු මතු අපි භවෙන් බවේ...


    6. මිහිරාවියේ කෝ ඔබේ
    වදනින් මැවු ආදරේ
    බොද මීදුමක් සේ ගලා
    දුර ඈත පාවී ගියා..


    7. අනුන් සිටින විට විමසිලි දෑසින්
    නෙත් සගලින් හෝ ඉගි නොකරනු මැන
    සිතින් දෙදෙන එකතැන ඉන්නා බව
    දෙතොල් තෙරපලා ගොළු කරගනු මැන



    8. මහගෙයි උරුමය හිතේ තියාගෙන
    දරුවන් සොහොනින් ඉගිල්ලිලා
    හත්දොහේ දානෙට නාවත් සේරම
    උරුමය බෙදුවා එකතු වෙලා...



    9. තනි වී අද මා මේ වැව රවුමේ
    දළදා පෙරහැර සිරි නරඹනවා
    මහ සෙනග අතර ඔබ කොතැනක හෝ
    එහි හිදිනු ඇතැයි නිකමට හිතිලා...