මෛත්‍රිට_නොතීසි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,157
    113
    මෛත්‍රිට_නොතීසි

    රෝයල් පාර්ක් ඝාතන නඩුවේ දොන් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ යන අයට ජනාධිපති සමාව ප්‍රධානය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මැයි මස 29 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නොතීසි නිකුත් කළා.

    මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති සමාව හිමි වූ විත්තිකරුට රටින් පිටව යාම වළක්වාලන අතුරු තහනම් නියෝගය ජූනි මස 01 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

    කෙසේවෙතත් ජනාධිපති සමාව ප්‍රධානය වීමෙන් පසු මෙම විත්තිකරු නොවැම්බර් මස 15 වැනිදා විදේශ ගමන් බලපත්‍රයක් සාදා ගෙන නොවැම්බර් මස 15 වැනිදා රටින් පිටව ඇති බවට නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා . ඔහු මේ වන විට සිංගප්පූරුවේ සිටින බවට තොරතුරු වාර්තා වන බවට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පවසා සිටියා.

    ඒ අනුව මෙම පෙත්සම මැයි මස 29 වැනිදා සලකා බැලීමට විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද නියෝග කළා.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට විධායක ජනාධිපති ධූරයේ කටයුතු නොකරන බැවින් ඔහු මෙම පෙත්සමේ වග උත්තරකරුවකු ලෙසට නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර අවසර ලබා දුන්නා. ඒ අනුව නීතිපතිවරයා ඔහු වෙනුවෙන් පෙනී නොසිටිනු ඇති.

    ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ජනාධිපති සමාව ප්‍රධානය කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් කාන්තා මාධ්‍ය එකමුතුව නැමැති සංවිධානයක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

    කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කාන්තා මාධ්‍ය එකමුතුව නැමැති සංවිධානයක් විසින් මෙම පෙත්සම ගොනු කළ අතර එහි වගඋත්තරකරුවන් ලෙසට නීතිපතිවරයා, ජනාධිපති සමාව ලැබූ දොන් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, ආගමන විගමන පාලකවරයා, අධිකරණ අමාත්‍යවරිය ඇතුළු පාර්ශ්ව 10ක් නම් කර තිබෙනවා.

    2005 වර්ෂයේ රාජගිරිය ප්‍රදේශයේ පිහිටි රෝයල් පාක් නිවාස සංකිර්ණයේ නිවසකදී දොන් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ විසින් තම පෙම්වතිය වූ යුවොන් ජොන්සන් නැමැත්තිය ඉතා අමානුෂික ලෙසට ඝාතනය කිරීමේ චෝදනාවට නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබුණා.

    එහිදී මහාධිකරණය වසර 12 ක බරපතළ වැඩ සහිත සිර දඩුවම් ලබා දෙන්නේ මෙම සාපරාධී මනුෂ්‍ය ඝාතනය මිනීමැරීමේ තත්ත්වයක් නොවන බවට තීන්දු කරමින්.

    කෙසේවෙතත් මහාධිකරණයේ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා අභියාචනාධිකරණයේ අභියාචනපෙත්සමක් ගොනු කරමින් විත්තිකරු ට මහාධිකරණය ලබා දුන් දඩුවම් ප්‍රමාණවත් නොවන බව පවසා සිටියා . ඒ අනුව අභියාචනාධිකරණය විසින් විත්තිකරුට මරණීය දණ්ඩණය නියම කරන ලදී . විත්තිකරු විසින් අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචන පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය 2012 වර්ෂයේ නියෝග කර තිබුණි .

    ඒ අනුව මරණීය දණ්ඩණය නියමව සිටි විත්තිකරුට ජනාධිපති සමාව ප්‍රධානය කිරීම නීතියේ ආධිපත්‍යයට කර ඇති අභියෝගයක් බවත් එම තීරණය අත්හිටුවීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරු ඉල්ලා සිටියා.

    තවද විත්තිකරු රටින් පිටව යාම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ද පෙත්සම්කරු ඉල්ලා සිටියා.

    Neth
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,884
    40,644
    113
    Oya karapu wadeta my3 daduwam denna oone. Eth mukthiya nisa mukuth karanna ba. Mukuth karana ekakuth na. News site walata news liyanna hodai
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    qKW2jZ2.png
     

    Similar threads