මෛත්‍රීට කණේ පාරක්.
මෛත්‍රීට කණේ පාරක්.
IP ගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම අවලංගු කරයි.
පසුගිය 18 වැනිදා සිදුකළ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාගේ ස්ථාන මාරුව වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ජාතික පොලිස් කොමිසම නියෝග කර තිබෙනවා.
මීගමුව පොලීසියේ සාමාන්‍ය රාජකාරි භාරගන්නා ලෙස ඊයේ (19) පොලිස් පරීක්ෂකවරයා වෙත දැනුම් දී තිබුණු අතර ඔහු මෙම ස්ථාන මාරුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි. එකී අභියාචනය සැලකිල්ලට ගැනීමෙන් පසුව ස්ථාන මාරුව අවලංගු කිරීමට පොලිස් කොමිසම තීරණය කර තිබේ.
කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර්-උපාලි තෙන්නකෝන් ඇතුළු මාධ්‍යවේදීන් පැහැර ගැනීම ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මෙහෙයවූයේ නිශාන්ත සිල්වා මහතාගේ මූලිකත්වයෙනි.
මහින්ද රාජපක්ෂ මහතා නව ආණ්ඩුවක් පිහිටුවීමට මෙතරම් හදිසි වූයේ රාජපක්ෂ පවුලට සහ ඔවුන්ගේ හිතවතුන්ට එරෙහිව ගොනුකර ඇති නඩු සහ අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පරීක්ෂණ කටයුතු අඩපන කිරීමට බව විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වූ අතර හදිසියේ මෙවැනි ස්ථාන මාරු කිරීම් සිදුකිරීම හරහා එම චෝදනාවල සත්‍යයක් ඇති බවට ඒත්තු ගන්වයි.
නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව ගැන පොලිස් කොමිසම වාර්තාවක් ඉල්ලයි
Update : නිශාන්ත සිල්වා මාරු කරනු ලැබුවේ විත්තිකරුගේ වුවමනාවටද ?
රහස් පොලිස් නිලධාරී දඩයම ඇරඹේ ! නිශාන්ත සිල්වාට ස්ථාන මාරුවක් !!