මෛත්‍රීට සහාය ?

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
මෛත්‍රීට සහාය ?

විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහාය දැක්වුවහොත් ආගම්වාදී කෝලාහල ඇතී විය හැකි බවට බොදු බල සේනා සංවිධානය කරන අනතුරු ඇඟවීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව බියෙන් පසුවන්නේ යයි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය පවසයි.
"විශේෂයෙන් බොදු බල සේනා මතයක් ප්‍රකාශ කරලා තියෙනව මුස්ලිම් ජනතාව මේ රජයට විරුද්ධව ඡන්දය දුන්නොත් 1915 දී ඇතිවුනා හා සමාන ප්‍රශ්නයක් 2015 දී ඇතිවෙන්න පුළුවන් කියල පවා," යනුවෙන් පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් නිසාම් කාරියප්පර් බීබීසී සංදේශයට පැවසීය.
එවැනි වාතාවරණයක් මතු වී තිබෙන බැවින් ජනපතිවරණයේදී සහාය දක්වන්නේ කවර අපේක්ෂකයාටද යන්න තීරණය කිරීමට ප්‍රථම මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නය පිළිබඳව අවධානය පළ කිරීමට මුස්ලිම් කොන්ග්‍රසයට සිදු වී තිබෙන බවයි, පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා පවසන්නේ.
'ආණ්ඩුව අවිශ්වාසයි'

එබැවින් ජනපතිවරණයේදී සහාය පළ කරන්නේ කවරෙකුටද යන්න සම්බන්ධයෙන් පක්ෂය මෙතෙක් අවසාන තීන්දුවකට එළැඹි නොමැති බව ඔහු අවධාරණය කළේය.
බොදු බල සේනා මතයක් ප්‍රකාශ කරලා තියෙනව මුස්ලිම් ජනතාව මේ රජයට විරුද්ධව ඡන්දය දුන්නොත් 1915 දී ඇතිවුනා හා සමාන ප්‍රශ්නයක් 2015 දී ඇතිවෙන්න පුළුවන් කියල පවානිසාම් කාරියප්පර්, මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය මහ ලේකම්

එම ප්‍රශ්නය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අවධානයට යොමු කළ බවද නිසාම් කාරියප්පර් බීබීසී සංදේශයට පැවසීය.
"ඔහු පැහැදිලිවම කිවුවා, බොදු බල සේනාව ඔහුට සහාය දෙන බව කිවුවට ඔහු ඔවුන්ගේ සහාය බලාපොරොත්තු වුනේ නෑ, බොදු බල සේනා ප්‍රතිපත්ති ඔහු අනුමත කරන්නේ නෑ කියන අදහස තමයි එතුමා ප්‍රකාශ කළේ," යනුවෙන් නිසාම් කාරියප්පර් සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම් වස් මහින්ද රාජපක්ෂ පාලනය මෙතෙක් ගෙන තිබෙන පියවර පිළිබඳව පක්ෂයට හෝ මුස්ලිම් ජනතාවට කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවද ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කළේය.
"නමුත් දැන් වර්තමානයේ සහ අනාගතයේදී ඒක කරගන්න පුලුවන්ද කියන එක සම්බන්ධයෙන් තමයි අපි දැන් සාකච්චා කරන්නේ. අතීතය ගැන පිට ප්‍රශ්න ගොඩක් තිබෙනවා, අපේ ජනතාව අතරත් ලොකු අවිශ්වාසයක් පවතිනවා," යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


bbc
 

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඕකුන් පට්ට එකමුතුයි බන් උන්ගෙ ජාතිය වෙනුවෙන්. අපේ උන් පක්ශ වලටත් මරාගන්නවා. අපේ ඔෆිස් එක ලග හම්බ ඔෆිස් එකක් තියෙනවා. ඊයේ රෑ 10ඉදන් 10ක් විතර මීටිමක් තිබිලා. මුන් මොනාට එන්න යනවද මන්දා
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10426747_10152872871001763_8451997963513426500_n.jpg
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අද රණවිරුවන් පිඟන් හෝදනවා. ගල් කඩනවා, ලොක්කන්ගේ ගෙදර තණකොළ කපනවා. අද රණවිරුවා කම්කරුවෙක් කරලා. නිල ඇඳුමට ගරුත්වයක් දී ත්‍රිවිධ හමුදාවේ සැමදෙනාටම සැබෑ ගෞරවය අපි දෙනවා. ත්‍රිවිධ හමුදාවේ සියලු සාමාජිකයන්ට ගරුත්වයක් සහිතව වෘත්තීයේ නියැලෙන්න ඉඩ සලසනවා.

    -මෛතීපාල සිරිසේන - ලංකාදීප
     

    Similar threads