මෛත්‍රීට_ගසනු

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates

    මෛත්‍රීට ඡන්ද ඉල්ලන්න ආවොත් ගස් බැඳ ගසනු

    විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඡන්දය ඉල්ලා එන අයට ගස් බැඳ ගහන්නැයි කර්මාන්ත නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා නාවුලදී පැවැසීය.
    ඔහු එසේ කීවේ නාඋල නගරයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ කාර්යාලය විවෘත කිරිමේ උත්සවයට එක් වෙමිනි.
    තමන් ඝාතනය කිරිම සඳහාද මේ වනවිට කොන්ත්‍රාතුවක් ලබාදි ඇතැයි ද පෙරේරා මහතා කිවේය.
    ‘‘ කිරිවානා සල්ලිය කන්ද ආසන්නයේදි මා ඝාතනය කරන්න සැලසුමි කර තියෙනවා කියලා මට තොරතුරු ලැබි තියෙනවා.මම කියනවා අපි වෙඩි උණ්ඩයට බය නෑ. කව්රුන් හරි ඝාතනය කළොත් දාස් ගණනක් මිනිස්සු ඉන්නවා වෙඩි තියපු එවුන් ඝාතනය කරන්න.
    ‘මතක තියා ගන්න ගම් වලට කට්ටිය එයි ‘මම ආණ්ඩුවේ හිටියට අනික් පැත්තට යනවා මෛත්‍රිට ඡන්දය දෙන්න කියලා, මම තමුන්නාන්සෙලාට කියනවා ඒ එන එවුන්ට ගස්බැඳලා පහර දෙන්න කියලා.
    ජනාධිපතිවරයා මෛත්‍රි අගමැති කර තිබුනා නම් මතක තියා ගන්න මේ ජනාධිපති සටනට එන්නේ අගමැති වරයෙක්.
    අපි ලග්ගල ආසනේ සුදානම් කරලා ඉවරයි. නන්දිකඩාල් කලපුවේදි එල්. ටී.ටී.ඊ එක ඝාතනය කරන්න සැලසුම් කළාට වඩා මේ මැතිවරණය සැලැසුම් සහගතව ජයග්‍රහණය කරනවා කියලා මම තමුන්නාන්සේලාට කියනවා‘‘
    මධ්‍යම පලාත් සභා මන්ත්‍රි තිලක් බණ්ඩාර(එජනිස), නාඋල ප්‍රාදේශිය සභා සභාපති සනත් දසනායක(එජනිස) යන මහත්වරුද කතා කළහ. නියෝජ්‍ය අමාත්‍යවරයා සහ පැමිණි පිරිස පෙළපාළියක් ද පැවැත වුහ.


    http://www.lankadeepa.lk/index.php/articles/277976?utm_medium=facebook&utm_source=twitterfeed
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඔය unpකාරයෝ කෑ ගහනවා කරන හැම දෙකටම උන් දන්නෙ ඔච්චරයි
    එක ගමකට එක වැඩක් කියලා මහින්ද චින්තනය හැමදාම කරගෙන ගිය වැඩ පිළිවෙල වල් තියෙනවා අනිත් ආණ්ඩුවලින් අත ඇරලා දාපු මිනිස්සුන්ට අවශ්‍ය දේවල් මිනිස්සු ගැන හිතලා රාජපක්ෂ ආණ්ඩුවෙන් කරා කොලබ ඉදලා ඒවා බලන්න බැහැ අද හැම ගෙදරකටම විදිලිය තියෙනවා හැම තැනකටම වතුර දීල තියෙනවා
    හැම ගමක් නගරයක්ම සංවර්ධනය වෙනවා මහා මාර්ග තමයි ප්‍රධාන යටිතල පහසුකම් ඒවා නැතුව රටක් සංවර්ධනය වෙන්න බැහැ ඒවගේම වරාය ගුවන්තොටුපොළ කියන්නේ අද හෙට ලාබ බලාගෙන කරපු දේවල් නෙවෙයි අනාගතය ගැන හිතලා කරපු ආයෝජන විශේෂයෙන් සංචාරක අංශයේ උන්නතිය වෙනුවෙන් කරපු දේවල් වරායපාඩුයි කියලා කෑ ගහන unp නඩේ කැමති හම්බන්තොට වරාය උන් හැදුවනම් ඔය වගේ වෛරී දේශපාලනයක් අපේ නැහැ
    උන් කැමති මිනිස්සු හැමදාම දුක් විද විද පැල් පත් වල ඉන්නව නම්
    උන්ට සටන් පාට හදාගන්න
    උන්ට ඕන විදියට රට කරන්න නෙවෙයි මහින්ද පාලනය මිනිස්සු වෙනුවෙන් රට කරන්නට අන්න එකයි මෙදා පාරත් මිනිස්සු මහින්ද දිනවන්නෙ
    මේ පාර විතරක් නෙවෙයි ඊලග පාරත් එහෙමයි