මෛත්‍රී ආර්ථික පංතියේ නිව්යෝක් යයි(economy class)

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෛත්‍රී ආර්ථික පංතියේ නිව්යෝක් යයි(economy class)

ජනපති ඇමරිකාවට ළඟාවෙයි
(අජන්ත කුමාර අගලකඩ නිව්යෝක් නුවර සිට)

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වැනි සැසිවාරයට සහභාගිවීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශී‍්‍ර ලංකා වේලාවෙන් අද (18) පෙරවරුවේ නිව්යෝර්ක් නුවර ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපළින් එරටට ළඟා විය.

නිව්යෝර්ක් නුවර ජනපති නවාතැන් ගන්නා හෝටලයේදී ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් විසින් ජනපති සහ ජයන්ති සිරිසේන යුවළ ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූහ.

”ජනතා කේන්ද්‍රීය තිරසර ලෝකයක් මත සැමදෙනා හට වැදගත් ජීවිතයක් සහ සාමය සඳහා ප‍්‍රයන්ත දැරීම” තේමාව යටතේ එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 72 වැනි සැසිවාරය නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

එහි ප‍්‍රධාන සැසිවාරය සැප්තැම්බර් 19 වැනිදා ආරම්භ කෙරෙන අතර එදින පස්වරුවේම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ඔහු එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන තෙවැනි අවස්ථාව මෙයයි.