රාජදූත සේවය හෙවත් තානාපති සේවය යම් රටක ජනී ජනයාගේ ස්වරූපය පිටස්තර රටවලට පෙන්වන කැඩපතක් වැන්නකි. රටේ ප්‍රෞඪත්වය උරුමය ලෝකයට පෙන්වාදෙන තානාපතිවරයා එරට වෙළෙඳ දූතයෙකු ලෙසද සේවය කරයි. බොහෝ රටවල් රාදූත සේවයට පත් කර එවන්නේ ස්ථිර විදේශ සේවයේ නිලධාරීන්ය. එහෙත් ශ්‍රී ලංකාව රාජ දූත සේවයට බඳවාගෙන එතෙර පටවන බොහෝ දෙනා සුවබර දිවියක් ගතකිරීම සඳහා පමණක් එම සේවයට බඳවා ගත් අයය. ඔවුන්ගෙන් රටට අත්වන කිසිම සේවයක් නොමැත.
මෑතක සිට හිටපු මැති ඇමතිවරුන්, ඇමති බිරියන් මැති ඇමැතිවරුන්ගේ දූ පුතුන් සහ සමීප ඥාතීන්ගෙන් තනාපති කාර්යාල පුරවා තිබේ. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇත්තේ තානාපති කාර්යාලවලට යවා සිටින මැති ඇමැති ඥාතීන් සියලු දෙනා ආපසු කැඳවන්නටය.යාපහුවේ පළමුවැනි රජතුමාගේ බුවනෙකබාහු තානාපතිවරයකු වන අල්හාජ් අබු - උස්මාන් නමැති දූතයෙකු ක්‍රිස්තු වර්ෂ 1238 වසරේ දී මෙරටින් ඊජිප්තුවේ වාසලට යවන ලද බව ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය කෘතියේ සඳහන් වේ. මෙම තානාපතිවරයා අතර රජතුමා ඊජිප්තු අධිරාජයා වෙත පණිවිඩයක් යවා ඇති අතර එහි ඇත්තේ ඉස්තරම්ම මුතු මැණික් කුරුඳු, අලි ඇතුන් ආදි වෙළෙඳ භාණ්ඩ තම රටෙන් ඊජිප්තුවට සැපයිය හැකි බවය. තානාපති සේවය රටේ ආර්ථිකය දියුණු කර ගැනීම උදෙසා අතීතයේ මෙරට සිටි රජවරුන් පවා යොදා ගත්තේ එපරිදිය. එවන් කීර්තිමත් තානාපති සේවයක් තිබූ අපේ රටේ වර්තමාන තානාපති සේවය දේශපාලන ගැත්තන්ගේ දරුවන්ට විදෙස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා නේවාසිකාගාරයක් වී පැවැතීම කොතරම් ඛේදජනක ද?
වගාව සඳහා ගෙනා ආ ලක්ෂගතව අධික රටක් නැති දෙමළ ජාතිකයන් පිරිසක් මෙරට සිටි අතර එකල දෙරටටම මේ පිරිස මහත් බරක් විය. නිතර දේශපාලන වේදිකාවේ මේ පිරිසට කළ යුතු දේ ගැන සාකච්ඡා හා වාදවිවාද ඇති විය.අවසානයේ ඉන්දියාවේ අගනුවර ලාංකික නියෝජිතයෙකු නතර කර තැබීමටත් කොළඹ ඉන්දීය නියෝජිතයෙකු නතර කිරීමටත් තීරණය විය. මෙය තානාපති සේවයේ උපතය. නවදිල්ලියේ නතර කර තැබීමට යෝජනා වූයේ ශ්‍රීමත් බාරොන් ජයතිලක මහතාය. ඔහුගේ ඉංග්‍රීසි හා සිංහල දැනුම ද මෙම තනතුරට තෝරා ගැනීමට විශේෂයෙන්ම බලපෑවේය. ඒ වන විටත් දරමින් සිටි ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී දිල්ලියේ ලංකා මහ කොමසාරිස් තනතුර බාර ගැනීමට ජයතිලක මහතා කැමැත්ත පළ කළේය. තානාපති තනතුරකට පත් වූ පළමු ලාංකිකයා ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාය. උඩරට සිංහල රජ කාලයේ පටන් තනාපති දූත ගමන්වල යෙදවූ නිලධාරීන් සිටිය ද නේවාසික තානාපති සේවය ඇරඹුයේ ජයතිලක මහතා නව දිල්ලියේ තානාපති ලෙස පත් කිරීමෙන් පසුවය.
රාජදූත හෙවත් විදේශ සේවයේ තනතුරුවලට රටේ ගරු කටයුතු පුද්ගලයන් බුද්ධිමතුන් යැවීම නීතියෙන් තහනම් දෙයක් නොවේ. රටේ ප්‍රතිරූපය නැංවීම සඳහා බොහෝ රටවල් තම රටේ අයින හෙවත් ජාතික සංකේත ඒ සඳහා යොමු කරයි. එහෙත් ඒ ජාතික සංකේත මිස දේශපාලකයන්ගේ දූ පුතුන් නොවේ.
1970දී ශ්‍රීලනිප සමගි පෙරමුණ රජය යටතේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ට එවැනි අවස්ථාවක් දුන්නේය. මහාචාර්යවරයා සමගි පෙරමුණට පක්ෂව දේශපාලන වේදිකාවට ගොඩවීමත් එයට හේතුවක් වන්නට ඇත. 1974දී මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පත්වීමක් ලැබිණ. 1977දී මහාචාර්යවරයා ඉන් ඉල්ලා අස් වී යළි සියරට පැමිණියේය. එහෙත් විදේශ සේවයේ ලෝක දෙකක ජීවත්වන නිලධාරීන්ට දෙකොටසක් ගැන මහැදුරු සරච්චන්ද්‍රයෝ තම පිං ඇති සරසවි වරමක් දෙන්නේ ස්වචරිතාපදානයේ සටහන් කරයි. එක ලෝකයක සිටින්නේ විදේශ සේවයේ ස්ථීර නිලධාරීන්ය. අනෙක් ලෝකයේ සිටින්නේ තමන් වැනි දේශපාලන පත්වීම්ලාභීන්ය. පළමු කොටස නිරතුරුවම දෙවැනි කොටසට සතුරුකම් කරන වග මහාචාර්යවරයා තම පොතේ ලියා ඇත.එකල තානාපති කාර්යාලවල පහළ ශ්‍රේණින්ගේ වැටුප් අල්පය. ඒ ගැනද මෙවැනි සටහනක් තබා ඇත.
“තානාපති කාර්යලයෙහි වැඩකළ පහළ ශ්‍රේණිවල නිලධරයන්ගේ ජීවිතය ඉතා ශෝචනීයයි මට සිතුණි. ඔවුන්ට ලැබුණු පඩියෙන් පැරිසිය වැනි නගරයක පණ නළ ගැටගසා ගැනීම ඉතා අසීරු කාරියක් විය. පැරිසියේ කසළ ශෝධකයන්ගේ පඩි මේ අයගේ පඩිවලට වඩා ෆ්‍රෑන්ක් හාර පන්සීයයක් වැඩි බව මට දැනගන්නට ලැබිණි"
ඒ එකලය. මෙකල තානාපති කාර්යාලවලට මැති ඇමති දූ පුතුන් යැවෙන්නේ රැකියාවට නොව ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු උදෙසාය. ඒ සඳහා කැබිනට් අනුමැතියෙන් තානාපති කාර්යාලයන් නිල නිවාසක් ද නිල නිවසක් නොමැති නම් කුලී නිවසක වටිනාකමට සරිලන මුදලක් ද වාහනයක් ද වැටුපක් ද ලැබෙයි. බොහෝ දේශපාලකයන් හිරිමල් යොවුන් වියේ දීම තම දූ දරුවන් විදේශගත කරන්නේ එතෙර සරසවියක උසස් අධ්‍යාපනය ලබාදීම සඳහාය. ඒ සඳහා විශාල වියදමක් ද දැරීමට සිදුවෙයි. එහෙත් ඉගෙනුම ලබන අතරතුර ඉන්නට නිවසක් ගමන බිමනට වාහනයක් අතට දීමනාවක් ලැබේ නම් එරට ජීවත්වීමට එය මහත් රුකුලක් වනු නොඅනුමානය. ජනාධිපතිවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් තානාපති කාර්යාලයක රැකියාවක් එකී දූ පුතුන්ට ලැබෙන්නේ ඇමති පියාගේ අනුභාවයෙනි.එවැනි දූපුතුන් ගැන සෑම රජයක් යටතේම අසන්නට ලැබිණ. ඒ වරප්‍රසාදය රටේ අන් දරුවන්ට නැත.
සෝවියට් සමාජවා දී සමූහාණ්ඩු සංගමය සමග ලංකාවේ තානාපති සබඳතා ඇරඹුනේ 1957 වසරේදීය. අගමැති බණ්ඩාරනායක මහතා සෝවියට් සංගමය සහ චීනය සමග තානාපති සබඳතා ආරම්භ කිරීමේ පරමාර්ථයෙන් සෝවියට් සංගමයට මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා ද චීනයට ටී.බී. සුබසිංහ මහතා ද පත් කළේය. මහාචාර්ය මලලසේකරයන් තමාගේ සේවය රට වෙනුවෙන් ලබා දෙන්නට තානාපති ධුරයට අමතරව මොස්කව් විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කළේය. රුසියානු සිසුන්ට පාලි හා සංස්කෘත හා සිංහල පන්තිද ඇරඹුවේය. වසර හතරක් සෝවියට් සංගමයේ ලංකා තානාපති වූ මලලසේකර මහතා 1961දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකා නියෝජිතයා ලෙසද කටයුතු කළේය.
අද එවැනි පඬිවරුන් විදේශ සේවයේ දක්නට දුර්ලභය.විදේශ සේවා විභාගය සමත්වීමෙන් තොරව විදේශ දූත මණ්ඩල සඳහා දේශපාලකයන් තම හිතවතුන් සහ ඥාතීන් පත් කරන්නේ බොහෝවිට අමාත්‍ය උපදේශක සහ පරිවාර නිලධාරි තනතුරු සඳහාය. ඒ සඳහා විදේශ සේවයේ තනතුරු සඳහා සම්මත විභාග සමත්වීම අනවශ්‍යය. ලිපිකරු තනතුරු සහ අනෙකුත් අවශේෂ තනතුරු රාජ්‍ය කළමනාකාර සහකාර (ලිපිකාර සේවයේ) සේවයේ සාමාජිකයන් අතරින් පවත්වනු ලබන තරග විභාගයකින් තෝරාපත් කර ගත යුතුය. 2007 වර්ෂයේදී ප්‍රසිද්ධ දැන්වීම් පළකර අයදුම්පත් කැඳවා පැවැත්වූ තරග විභාගයකින් ලිපිකරුවන් 50ක් පත්කරගෙන ඇත. එහෙත් ඒ හා සමානම සංඛ්‍යාවක් කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් විදේශ තානාපති කාර්යාලවල සේවයට යවා ඇත. දේශපාලන හිතවතුන් යවන්නේ කැබිනට් අනුමැතියෙනි. විදේශ සේවයට පත්වීම් දෙන හොර පාර මෙයයි. කැබිනට් තීරණ සියල්ල රහසිගතවන අතර සාමාන්‍ය ජනතාවට එම තීන්දු දැනගත හැකි ක්‍රමවේදයක් නොමැත. විදේශ අමාත්‍යාංශයේ කැබිනට් පත්‍රිකා මගින් මෙම ලැයිස්තු කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යැවෙයි.
තානාපති සේවයට පත්කර සිටින දේශපාලන ඥාතීන් ඇමති බිරියන් පුතුන් දූවරුන් ගැන හොඳම හෙළිදරව්ව කළේ : එවකට ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා 2014 අගෝස්තු මාසයේදීය. එවකට රජය හෙල්ලුම් කවමින් ජනපතිගේත් ඇමැතිවරුන්ගේත් ඥාතී සනුහරය ලොව පුරා පියාසර කරන හැටි අනුර දිසානායක මන්ත්‍රීවරයා හෙළිදරව් කරද්දී කටවාචාල මන්ත්‍රීවරයකු දෙදෙනකු බාධා කළ ද අනෙක් මැති ඇමතිවරුන් අසා සිටියේ තුෂ්නිම්භූතවය. ඔහු සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ඉල්ලා සිටිමින් කතාව ඇරඹුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනිසි ක්‍රියාකාරීත්වය යනුවෙනි.

------ Post added on Oct 2, 2024 at 9:08 PM