මෛත්‍රී ජනපති - මහින්ද අගමැති-Dayasiri
ඊළඟ මැතිවරණයෙන් මෛත්‍රී ජනපති - මහින්ද අගමැති කිරීමට ගිවිසුමක් ඕනෑ - දයාසිරි
සාමාන්‍ය 6 HOURS AGO
Facebook146TwitterLinkedInEmailWhatsAppShare146
Share
ඊළඟ මැතිවරණවලදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව යළි ජනපති කරවීමටත් මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය ලබාදීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගිවිසුමක් ඇතිකර ගත යුතු බව ශ්‍රීලනිප මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.
රටේ ජනතාව ආදරය කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාට සහ මෛත්‍රීපාල සිරිසේන මහතාට බැවින් දෙපාර්ශ්වය අතර දැන් ඇතිකර ගත යුතු එකම ගිවිසුම මෙය බවයි ඒ මහතා සඳහන් කළේ.
එසේ නොවී ජනපති, අගමැති, කැබිනට් ඇමති ඇතුළු සියළු තනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වයට ලබාදී බෝඩ් ලෑලි වශයෙන් හේත්තු වීමට නම් තම පාර්ශ්වය කිසිසේත්ම සූදානම් නොමැති බවත් ඒ මහතා තරයේ ප්‍රකාශ කළේය.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා සතු බලතල අඩුකර අග්‍රාමාත්‍යවරයාගේ බලය වැඩිකර ඇති බැවින් ඉහත ආකාරයට මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනපති තනතුරත් මහින්ද රාජපක්ෂ මහතාට අගමැති තනතුරත් වශයෙන් තනතුරු බෙදා ගැනීමෙන් කිසිදු ගැටළුවක් ඇති නොවන බව ද ඒ මහතා පැවසීය.
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (02) ත්‍රිකුණාමල ප්‍රදේශයේ පැවති ශ්‍රීලනිප පාක්ෂිකයින්ගේ සමුළුවක් අමතමිනි.