මෛත්‍රී භාවනා පද වලින් අදහස් වන්නේ මොකක්&#350

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    අහවල් හාමුදුරුවෝ අහවල් මහත්තයා කියන විදිය නෙමෙයි සූත්‍රාන්තගත දේශනාවලට අනුවම භාවනා කරන්න.

    මෛත‍්‍රී භාවනාව පුරුදු කරමු
    ‍මෛත‍්‍රිය කියා කියන්නේ තමාටත්, අන් අයටත් හදවතින් ම පවත්වන මිත‍්‍රත්වය යි. තමා තමාට මිත‍්‍ර නම් තමා විසින් තමන්ගේ ජීවිතයට හානියක්, කරදරයක් කරන්නේ නෑ. තමා අනුන්ට මිත‍්‍ර නම් අනුන්ගේ ජීවිතයට කරදරයක් කරන්නේ නෑ. මේ නිසා තමාටත්, අනුන්ටත් යහපත සලසන මිත‍්‍රත්වයට මෛත‍්‍රිය කියා කියනවා. මේ මෛත‍්‍රී සහගත බව අපට සිව් ඉරියව්වේ දී ම පුරුදු කරන්න පුළුවන්. එ් වගේ ම, ක‍්‍රියාවෙනුත්, වචනයෙනුත්, සිතිනුත් මෛත‍්‍රිය දියුණු කර ගන්න පුළුවන්. මෛත‍්‍රී සහගත කාය කර්ම, මෛත‍්‍රී සහගත වචී කර්ම, මෛතී‍්‍ර සහගත මනෝ කර්ම වශයෙන් භාග්‍යවතුන් වහන්සේ තිදොරින් ම මෛත‍්‍රිය පුරුදු කර ගත යුතු අයුරු පෙන්වා දී තිබෙනවා. එදිනෙදා ජීවිතයේ දී එලෙසින් මෛත‍්‍රිය තුළ ජීවිතය පවත්වන ශ‍්‍රාවකයාට භාවනාවක් වශයෙන් දියුණු කරමින් මෛත‍්‍රී චිත්ත සමාධිය ඇති කර ගැනීමට අවස්ථාව උදා වෙනවා.
    මෛත‍්‍රී භාවනාව වඩන ආකාර දෙකක් මජ්ක්‍ධිම නිකායේ අනුරුද්ධ සූත‍්‍රයේ සඳහන් වෙනවා. එහි දී අනුරුද්ධ මහ රහතන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට මෛත‍්‍රී භාවනාව වඩන ආකාර දෙක පිළිබඳව පැහැදිලි කර දී තිබෙනවා. එ් තමයි, අප්පමාණ චේතෝ විමුක්තියත්, මහග්ගත චේතෝ විමුක්තියත්. අප්පමාණ චේතෝ විමුක්තිය කියන්නේ ප‍්‍රමාණ රහිත කොට දිශා වශයෙන් මෙත් සිත පැතිරවීමට යි. එ් කියන්නේ දිශා වශයෙන් වෙන් කරගෙන දස දිශාවට ම මෛත‍්‍රිය වැඞීම යි. මහග්ගත චේතෝ විමුක්තිය කියන්නේ ටිකෙන් ටික මෛත‍්‍රිය වඩන ප‍්‍රදේශය පුළුල් කරමින් මෛත‍්‍රිය වැඞීම යි. එ් කියන්නේ පළමුවෙන් ම තමන්ට මෛත‍්‍රිය වඩනවා. ඊ ළඟට ගමේ අයට, පළාතේ අයට, රටට, ලෝකයට වශයෙන් මෛත‍්‍රිය පතුරුවනවා.
    බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ක‍්‍රමයට මෛත‍්‍රී භාවනාව වඩන විට, පංච නීවරණ යටපත් වෙලා මෛත‍්‍රී අරමුණ තුළ ම සිත එකඟ වෙනවා. එ් එකඟ වූ සිතින් යුතුව තවදුරටත් මෛත‍්‍රී භාවනාව වඩන කොට විතක්ක, විචාර සහිත නිරාමිස ප‍්‍රීතිය, සැපය හා එ්කාග‍්‍රතාවය ඇති පළමුවෙනි ධ්‍යානය උපදිනවා. එ් ශ‍්‍රාවකයාට පුළුවන් තව දුරටත් මෛත‍්‍රී භාවනාව දියුණු කරලා ඉතිරි ධ්‍යාන ලබන්න. එ් විදිහට ඇති කර ගන්න මෛතී‍්‍ර ධ්‍යානය තුළ පිහිටා විදර්ශනා වැඩුවහොත් අනාගාමී, අරහත් යන ඉහළ මාර්ග ඵල කරා ම ධර්ම මාර්ගය දියුණු කළ හැකි බව අට්ඨකනගර සූත‍්‍රයේ දී පෙන්වා දී තිබෙනවා. එ් වගේ ම මෙත්තානිශංස සූත‍්‍රයේ දී මෛතී‍්‍ර භාවනාව නිතර, බහුල වශයෙන් වඩන කෙනෙකුට ලැබෙන ආනිශංස ඉතා ම පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. මෛත‍්‍රී භාවනාව වඩන පුද්ගලයා සැප සේ නිදා ගන්නවා. සැප සේ අවදි වෙනවා. නිදා සිටින විට නපුරු සිහින දකින්නේ නෑ. මිනිසුන්ට ප‍්‍රිය වෙනවා. අමනුෂ්‍යයන්ට ප‍්‍රිය වෙනවා. දෙවිවරු ඔහුව ආරක්ෂා කරනවා. වස විෂ අවි ආයුධවලින් විපත් සිදු වෙන්නේ නෑ. සමාධිය ඉක්මනින් ම ඇති කර ගන්න පුළුවන්. ශරීර වර්ණය පැහැපත් වෙනවා. සිහි මුළා නො වී මරණයට පත් වෙනවා. මේ ජීවිතයේ දී ඉහළ මාර්ග ඵල අවබෝධයකට පත් වූයේ නැති නම් බ‍්‍රහ්ම ලෝකයේ උපදිනවා.
    භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මත්තේ සැප විපාක සලසන පින් අතර අග‍්‍ර වන්නේ මෛත‍්‍රී භාවනාවෙන් රැස් වන පින බවයි. එම නිසා මහත් වූ පින් රැුස් වන, මහත්ඵල මහානිශංස ලබා දෙන මෛත‍්‍රී භාවනාව අපි කවුරුත් මෙලෙසින් පුරුදු කර ගනිමු.
    මහග්ගත චේතෝ විමුක්තිය
    මම වෛර නැත්තෙක් වෙම්වා!
    තරහ නැත්තෙක් වෙම්වා!
    ඉරිසියා නැත්තෙක් වෙම්වා! දුක් පීඩා නැත්තෙක් වෙම්වා!
    සුව සේ ජීවත් වෙම්වා!
    ශාන්ත සුවයට පත් වෙම්වා!
    මා මෙන් ම මේ ගමේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ නගරයේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ පළාතේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ රටේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ ලෝකයේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ සියලූ සත්වයෝ ම වෛර නැත්තෝ වෙත්වා!
    තරහා නැත්තෝ වෙත්වා!
    ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා!
    සුව සේ ජීවත් වෙත්වා!
    ශාන්ත සුවයට පත් වෙත්වා!
    අප්පමාණ චේතෝ විමුක්තිය
    උතුරු දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!
    උතුරු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    නැගෙනහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    නැගෙනහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    දකුණු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    දකුණු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    බටහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    බටහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    උඩ දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    යට දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    අහවල් හාමුදුරුවෝ අහවල් මහත්තයා කියන විදිය නෙමෙයි සූත්‍රාන්තගත දේශනාවලට අනුවම භාවනා කරන්න.

    මෛත‍්‍රී භාවනාව පුරුදු කරමු

    මෛත‍්‍රී භාවනාව වඩන ආකාර දෙකක් මජ්ක්‍ධිම නිකායේ අනුරුද්ධ සූත‍්‍රයේ සඳහන් වෙනවා. එහි දී අනුරුද්ධ මහ රහතන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට මෛත‍්‍රී භාවනාව වඩන ආකාර දෙක පිළිබඳව පැහැදිලි කර දී තිබෙනවා. එ් තමයි, අප්පමාණ චේතෝ විමුක්තියත්, මහග්ගත චේතෝ විමුක්තියත්. අප්පමාණ චේතෝ විමුක්තිය කියන්නේ ප‍්‍රමාණ රහිත කොට දිශා වශයෙන් මෙත් සිත පැතිරවීමට යි. එ් කියන්නේ දිශා වශයෙන් වෙන් කරගෙන දස දිශාවට ම මෛත‍්‍රිය වැඞීම යි. මහග්ගත චේතෝ විමුක්තිය කියන්නේ ටිකෙන් ටික මෛත‍්‍රිය වඩන ප‍්‍රදේශය පුළුල් කරමින් මෛත‍්‍රිය වැඞීම යි.
    මහග්ගත චේතෝ විමුක්තිය
    මම වෛර නැත්තෙක් වෙම්වා!
    තරහ නැත්තෙක් වෙම්වා!
    ඉරිසියා නැත්තෙක් වෙම්වා! දුක් පීඩා නැත්තෙක් වෙම්වා!
    සුව සේ ජීවත් වෙම්වා!
    ශාන්ත සුවයට පත් වෙම්වා!
    මා මෙන් ම මේ ගමේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ නගරයේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ පළාතේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ රටේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ ලෝකයේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ සියලූ සත්වයෝ ම වෛර නැත්තෝ වෙත්වා!
    තරහා නැත්තෝ වෙත්වා!
    ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා!
    සුව සේ ජීවත් වෙත්වා!
    ශාන්ත සුවයට පත් වෙත්වා!

    මෙහෙම අදහසක් අනුරුද්ධ සූත්‍රයේ නැහැනේ
    https://suttacentral.net/si/mn127
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අහවල් හාමුදුරුවෝ අහවල් මහත්තයා කියන විදිය නෙමෙයි සූත්‍රාන්තගත දේශනාවලට අනුවම භාවනා කරන්න.

    මෛත‍්‍රී භාවනාව පුරුදු කරමු


    ඔබ කියන විදිහේ තමන්ට මෙත් වඩා අනුන්ට මෙත් වැඩීමක් අනුරුද්ධ සූත්‍රයේ නැහැ.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මම සෝතාපන්න වී සතර අපා දුකින් නිදුක් වෙම්වා
    මම සක්රුධාගාමි වී කාම රාග පටිඝ තුනී වී නීරෝගී වෙත්වා
    මම අනාගාමි වී කාම රාග පටිඝ නිරෝධ වී සුවපත් වෙත්වා
    මම අරිහත් වී පන්චුපාදාස්කන්ධ දුක්ඛයෙන් මිදෙත්වා

    මෙහෙම මෛත්‍රී වඩන්න බුදුහාමුදුරුවෝ වදාලේ කොහෙද, මොන සුත්‍රයේද? කරණීය මත්ත සූත්‍රයේ සහ සංඛ සුත්‍රයේ විස්තර වනවා මෙත් වැඩීම ගැන. මෙහෙම මෙත් වැඩීමක් ගැන තියෙන්නේ කොහෙද?

    මේ කියන මෛත්‍රී භාවනාව තියෙන්නේ මොන සූත්‍රයේද?

    P.S
    අර මීවනපලාණයගේ ගල් කොල්ල කියයිද දන්නෙ නෑ, දැන් එකවුන්ට් 3න්ම ලොග් වුනා කියලා.:D:D


    ඔබ කියන විදිහේ තමන්ට මෙත් වඩා අනුන්ට මෙත් වැඩීමක් අනුරුද්ධ සූත්‍රයේ නැහැ.


    කරුණාකරල පෝස්ට් එකක්, රිප්ලයි එකක් දැම්මම ඒ සම්බන්දව ප්‍රශ්නයක් ඇහුවම පිලිතුරක් ලබා දෙන්න තරම් සදාචාර සම්පන්න වන්න. අහන ප්‍රස්න වලට උත්තර නැහැ.
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    කරුණාකරල පෝස්ට් එකක්, රිප්ලයි එකක් දැම්මම ඒ සම්බන්දව ප්‍රශ්නයක් ඇහුවම පිලිතුරක් ලබා දෙන්න තරම් සදාචාර සම්පන්න වන්න. අහන ප්‍රස්න වලට උත්තර නැහැ.

    :yes:
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    hariyata myithri karanawa nm eka yanawa danenawa e ganta diyunu karanna oni itapase eka ayudayak wage use karathaki habay hodata,
    waradila hari tharaha gihin hituwot e de wenawa eka hinda eka awama wena mattamakadi thama mayithri bawanawa hariytama set wenne