මෛත්‍රී මිනිත්තු 12ක් රස්තියාදු කරයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මෛත්‍රී මිනිත්තු 12ක් රස්තියාදු කරයි

    තිරුපති රියදුරා මෛත්‍රී මිනිත්තු 12ක් රස්තියාදු කරයි


    ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ඓතිහාසික තිරුමාලා කඳුවැටියේ පිහිටි තිරුපති කෝවිලේ පූජාවෙන් පසු ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔහුගේ රියදුරා එන තුරු මිනිත්තු 12ක් බලා සිටීමට සිදුවූ බව ඉන්දියාවේ හින්දු, ඉන්දියන් එක්ස්ප්‍රස් සහ ටයිම්ස් ඔෆ් ඉන්දියා පත්‍ර කියයි. ආන්ද්‍රා ප්‍රදේශ් පොලිස් බලධරයෝ මේ සිද්ධියෙන් දැඩි අසීරුවට පත්වූහ. මිනිත්තු කිහිපයකට පසුව ඔහු කෝවිල ඇතුළේ සිටිය දී සොයා ගත් බව පොලිසිය පවසයි.
    ශ්‍රී ලංකා ජනපතිගේ ආරක්ෂාවේ හිඩස ගැන ආන්ද්‍රා ප්‍රදේශ පොලිසිය පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.
    ශ්‍රී ලංකා ජනපති සෙනසුරාදා රාත්‍රියේ තිරුමාලා වෙත ළඟා විය. තිරුපති කෝවිලට අයත් ශ්‍රී පද්මාවතී ගෙස්ට්හවුසියේ රාත්‍රිය ගත කළ සිරිසේන මහතා ඇතුළු පවුලේ සාමාජිකයෝ කිහිප දෙනෙක් ඉරිදා අලුයම තුනට විශේෂ පූජාවකට සහභාගී වූහ.

    පූජාවෙන් පසුව තම කාරයට පැමිණි නමුත් රියදුරා කාරයේ නොසිටි බව ඉන්දියන් එක්ස්ප්‍රස් පත්‍රය කියයි. සිරිසේන මහතාත් ඔහුගේ බිරිය හා පුතාත් මිනිත්තු 12ක් කාරය ඇතුළට වී සිටි අතර ආන්ද්‍රා ප්‍රදේශ් ආරක්ෂක නිලධරයෝ කාරය වටා මුර සේවයේ යෙදී සිටියහ.
    තිරුපති කෝවිලේ පාලක මණ්ඩලය ද කළබළ වී රියදුරා සොයන්නට වූහ. රියදුරාද දේවාලයේ පූජාවකට ගොස් හිමින් සීරුවේ කාරයට පැමිණියේය. රියදුරා ශ්‍රී ලංකා ජනපති ඇතුළු පිරිස රැගෙන කාරය වේගයෙන් නවාතැන දෙසට ධාවනය කළේය. ඉරිදා උදේ 6.30ට පමණ ශ්‍රී ලංකා ජනපති හා පවුලේ සාමාජිකයෝ යලි දේවාලයට පැමිණ පූජාවකට සහභාගී වූහ.
    ශ්‍රී ලංකා ජනපතිගේ පරිවාර ඇමැති ලෙස ක්‍රියා කළේ ආන්ද්‍රා ප්‍රදේශ් වන සම්පත් ඇමැති බොජ්ජාල ගෝපාල ක්‍රිෂ්ණා රෙඩ්ඩිය. ඔහු දේවස්ථානයේ අනුරුවක් ජනපතිට පරිත්‍යාග කළේය.
    ශ්‍රී ලංකා ජනපති වෙනුවෙන් සැලසුම් කළ ආරක්ෂාව හිඩැසකට ලක්වූයේ කෙසේදැයි සොයා බැලීමට ආන්ද්‍රා පොලිසිය මේ පරීක්ෂණය පවත්වයි. ශ්‍රී ලංකා ජනපති රැගෙන දේවාල භූමියට ගිය රියදුරා සහ ජනපති කණ්ඩායමේ වෙනත් අය කෝවිල ඇතුළට යෑමට අවසර ලබාගෙන සිටි බව දැනගන්නට ඇත. ප්‍රභූවරයකු දේවාලයේ සිටිය දී ඔවුන්ට ද එහි ඇතුළු වීමට ඉඩ ලැබුණු බව කියති. ප්‍රභූවරයකු දේවාලය ඇතුළේ සිටිය දී රියදුරා ඇතුළු වෙනත් පිරිසකට එහි ඇතුළුවීමට ඉඩ දුන්නේ ඇයිද යන්න ගැන තිරුපති නාගරික පොලිස් අධිකාරී ජයලක්ෂ්මී කෝවිල් බලධරයන්ගෙන් ප්‍රශ්න කර ඇතැයි දැනගන්නට තිබේ.
    (ඡායාරූප පීටීඅයි සහ ඉන්දියන් එක්ස්ප්‍රස්)


    President-Maithripala-Sirisena-and-_First-Lady-Jayanthi-receive-prasadam-from-the-priests-of-the-Tirupathi-temple-august-212016.jpg


    Tirumala_2981443f.jpg


    lankadeepa-logo.gif
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මුන්ට පිස්සුද බන් ඔය පකවල් අස්සේ රිංගන්න.ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද මුන්ට. ඔවාගේ ගිහින් බොරු පිලිම ඉඹලා මිතඨ්දෘෂ්ඨික පුසාරියෙන්ගේ එලු හුජ්ජ බීලා එනවා.අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු ඉන්නකම් මේ රට දියුනු වෙයිද?
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මුන්ට පිස්සුද බන් ඔය පකවල් අස්සේ රිංගන්න.ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද මුන්ට. ඔවාගේ ගිහින් බොරු පිලිම ඉඹලා මිතඨ්දෘෂ්ඨික පුසාරියෙන්ගේ එලු හුජ්ජ බීලා එනවා.අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු ඉන්නකම් මේ රට දියුනු වෙයිද?

    mahinda wagemayi.wenasak naha.raniluth giyane oyita issella.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    thibbane paththarayak kiyawa kiyawa inna. naththam cabinet eke wena wisthara danaganne kohomada?