මෛත‍්‍රීපාල සිරිසේනගේ අවබෝධතා ගිවිසුම

Feb 3, 2014
860
125
0
මෛත‍්‍රීපාල සිරිසේනගේ අවබෝධතා ගිවිසුම

ක්ෂණික කාර්යයන්

  1. දැනට පවත්නා විධායක ජනාධිපති ක‍්‍රමය දින සියයක් ඇතුළත සම්පූර්ණයෙන්ම අහෝසි කර ජනතාවට වගකියන පාර්ලිමේන්තු ක‍්‍රමයක් ස්ථාපිත කිරීම. අලුතින් ඇතිකෙරෙන පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමය තුළ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන අතර ජනාධිපති ධූරයට ඊට උචිත වගකීම් සහ බලතල පැවරීමට ද ජනාධිපති ධූරය රටේ ජාතික සමගියේ ප‍්‍රතිමූර්තියක් ලෙස ස්ථාපිත කිරීම.
  2. 18 වන සංශෝධනය අහෝසි කර, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණය සඳහා අත්‍යාවශ්‍ය වන්නා වූ අධිකරණය, පොලීසිය, රාජ්‍ය සේවය, මැතිවරණ බලධාරීන්, නීතිපති, විගණකාධිපති වැනි ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනවල සහ කොමිෂන් සභාවල ස්වාධීනත්වය නැවත ඇති කර වඩාත් ශක්තිමත් කිරීම.
  3. මනාප ඡන්ද ක‍්‍රමය මුළුමනින්ම අහෝසි කර සෑම මැතිවරණ ආසන කොට්ඨාශයකටම තමන්ගේම මන්ත‍්‍රීවරයෙකු ලැබෙන සහ සියලූ ජනකොටස් සහ දේශපාලන මතවලට නිසි නියෝජනයක් ලැබෙන, පැරණි මන්ත‍්‍රී ආසන ක‍්‍රමයේ සහ සමානුපාතික ක‍්‍රමයේ සම්මිශ‍්‍රණයෙන් නව මැතිවරණ ක‍්‍රමයක් ඇති කිරීම.
  4. ජනතාව මත පටවනු ලැබ ඇති අතිමහත් ජීවන බර සැහැල්ලූ කිරීම සඳහා ජීවන වියදමට සරිලන ලෙස රාජ්‍ය හා පුද්ගලික අංශයේ සවිස්තරාත්මක වැටුප් සංශෝධනයක් කිරීම, ආර්ථිකයේ කාර්මික, කෘෂිකාර්මික, වැවිලි, ධීවර සහ සුළු කර්මාන්ත වැනි අංශ ශක්තිමත් කිරීම සහ දේශීය නිෂ්පාදනයන්ට සාධාරණ මිලක් සහතික කිරීම, සමාජයෙන් කොන් වී ඇති සහ දිළිඳු ජනකොටස් ද විශේෂයෙන්ම ස්ත‍්‍රීන්, ළමුන්, වැඩිහිටි ජනයා, විශ‍්‍රාමිකයින් සහ විවිධ ආබාධ සහිත පුද්ගලයින් ද ඉලක්ක කරගත් විශේෂ සහ ශක්තිමත් සමාජ ආරක්ෂණ දැළක් ස්ථාපිත කිරීම.

    බැලූ බැල්මට ලෝකෙ තියන ලස්සනම අවබෝධතා ගිවිසුම් වලින් එකක් වෙන්න මේකට පුළුවන්. ඒත් මේ වගේ දේවල් කියන්න විතරයි පුළුවන්, කරන්නේ කා එක්කද?
    ඉස්සල්ලාම පේන දේ තමයි පාර්ලිමේන්තුවට වග නොකියන ව්යුහයන් සමූහයක් මේකෙන් ඇති වීම, ඒකෙන් වෙන්න අධිකාරී වාදය සහ බාහිර බලපෑම වර්ධනය වීම විතරයි. මේ පරිබාහිර ආයතන වලට පත්වෙන විද්වතුන් යයි කියාගන්නා අය අත්තනෝමතිකව ක්‍රියාකීරීම නිසා, කෙලවරක් නැති නඩු මගට බැසීම් ඇති වෙලා, අධිකරණයෙන් නඩු අහනතුරු, හැම කටයුත්තක්ම කල් යන එක විතරයි වෙන්නේ. උදාහරණය්ක හැටියට ඔය කියන කොමිශන් සභා තිබුනා නම් පොලිස් කොස්තාපල් කෙනෙක්ව වත් මාරු කරගන්න බැරි තත්වයක් ඇති වෙනවා.
    අපි මේ හැම දේම කරන්නේ හොරු මැඩලන්න කියන මානසිකත්වයෙන්, එහෙම කලාම හැම තැනම හැම දේම චෙක් කරන්න පටන් ගැනීම නිසා නීලධාරි මට්ටමේ උපරි ව්යුහයන් ඇති වෙලා, දැනට නීතියෙන් සිදුකර්න දෙයක්වත් කෙරෙන්නෙ නැති තත්වයට පත් වෙනවා.
    දැන් උදාහරණයක් බලන්න, 9/11 න් පස්සෙ ඇමරිකාවට ආයේ ඒ වගේ ප්‍රහාරයක් එල්ල වුනේ නෑ, ඒත් එහෙම නොකර තියාගන්න ඇමරිකාවට සිද්ධ වෙනවා මිනිසුන් ගැන කරුනු හොයන්න, ඒක ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් තමයි, හැබැයි සුපිරි ප්‍රජාතන්ත්‍රවදයක් තුල පවා එහෙම කටයුතු සිදුවෙනවා, මේ විනිවිද බව කියන්නෙ ඉතාම සාපේක්ශ දෙයක්.
    හැම දෙයක ස්ව්වාෂීන කොමිශන් වලට දුන්නාම අන්තිමට වෙන්නේ ජනතාවගේ පැත්තෙන් කිසිම තීරණයක් නොගැඊම, දේශපාලකයා කියයි “මට කරන්න දෙයක් නෑ කොමිසමට පැමිනිලි කරන්න” කියලා. මේ කොමිසන් වලින් පැමිනිලි පිලිගනියි, ඒත් මේවා වල ඉන්න විද්වතුන් වැඩි හරියක් විශ්‍රාමිකයො, මේ පොඩි රටේ එයාලා අත්තනෝමතික වුනාම එයාලව එලවන්න චන්දෙන් වත් බෑ.

    මේවා බොරු ගැල විජ්ජා, ඔහොම ඒවා කියවලා මෝඩ ආතල් එකක් ගනන් ඕන කෙනෙක්ට පුලුවන්, ලියනවා නම් සිංහල වචනද නැත්තේ. නමුත් මේවා වලින් කරන්නේ පුළුවන් තරම් රාජ්‍ය බලය විසුරුවා දුබල කිරීම. අමතක කරන්න එපා, මේ කොයි කොමිසමේත් ඉන්නේ ලංකාවේ අය. අද ගෞරවනීඅ පුරවැසියා කියලා හඳුන්වන පුරවැසි විද්වතා ට හෙට කියන්නේ ‘බල්ලා’ කියලා. නන්දක්කා ‘පූජාසනය මත ඔබ හිඳුවා’ ගීතයෙන් කියූ දේ සහතික ඇත්ත.
    මේවා කරවනවා කියලා අපට පොරොන්දු වෙන මූනවල් බලන්න. සිරිපාල මහත්තයා සිගරට් පැකට් වල ලේබල් අලෝනොවා කියන කොට ලඟ ඉන්නේ බීමතින් රටක් ගෙනියපු ගෑනියෙක්. ස්වාධීන කොමිසන් කියනකොට එහා පැත්තේ ඉන්නේ තමන්ගේ බලතල වලින් නොලැබුනු බලයක් පාවිච්චි කරලා රටට වින කරන ත්‍රස්තයො එක්ක ගිවිසුම් ගහපු උද්දච්ඡයෙක්. ඒ උද්ධච්ඡයා හිතන්නෙ රටට හොඳ දේවල් දන්නෙ ඒකා විතරයි කියලා.
    ලොකුවට උඩ පනින්න එපා, 100% ගුඩ් කියන්න එපා, කොල වල ලියලා ඔයිට වඩා ලස්සන ට ඉදිරිපත් කරපු ජ වි පෙ චන්ද්‍රිකා ගිවිසුම අනුව නම් ජනපති ක්‍රමයක් දැන් තියෙන්න බෑ.
    ඉස්සල්ලා බලන්න සමානුපාතික ක්‍රමය ඇති වුනේ ඇයි කියලා, ඒක ඇති වුනේ, 70 – 77 සෝදාපාලුව නිසයි. ජේ ආර් හිතුවා හැමදාම එ ජා පය බහුතරය කියලා ත් නිසා. ඒත් දැන් පරන ක්‍රමයට ගේනවා නම් මෙහෙම සම්මිශ්ණ වලින් හරියන්නෙ නෑ, එතකොට සමානුපාතික ක්‍රම්යෙන් එන අය වෙන්නේ පක්ශ නායකගේ බත් බැලයො, උන් හැමෝම කද්දි ආසන මන්ත්‍රී මිනිසුන්ට වගකියන්න ඕන. හැමෝම පලාතකට වගකියන්න ඕන. ඇත්තටම දැන් ඇමතිලා මෙච්චර වැඩි වෙලා ඉන්නෙ ඇමතිකමකින් ඇර වෙන දේකින් කලහැකි කෙන්ගෙඩියක් නැති නිසා.
    පාලාත් සභා වැනි ව්‍යහ මහාණ්ඩුවට බැඳුනු ක්‍රමයක් තමයි අවශ්‍ය. නැත්තම් සමගාමී ව්යුහයක් හැටියට උන් පිස්සු කෙලිනවා, තනතුරු ඩුප්ලිකේට් වෙනවා.
    පලාත් සභාව පාර්ලිමේන්තුව තුල නියෝජනය වෙන්න ඕන, එහෙම වුනොත් ඔය බලතල සියල්ලට වටිනාකමක් ලැබෙනවා.

    මේ සිහින ගිවිසුම් ලියන එවුන් වත් මේවා බලන්නෙ නෑ , ටී වී එකෙන් යුද්ද කරපු, ටී වී එකෙන් ප්‍රජාතන්ත්‍රවදය ගේන එවුන්ට මේවා මැජික්. ඔය ලොකු රටවල් ඔක්කොම දියුනු වුනේ කලකට පෙර තමන්ගේ ජනතාවගේ වගේම ලොව පුරා ජනතාවගේ අයිතීන් උදුරාගන. උඩට ගියාට පස්සෙ දැන් මානව අයිතීන් ගැන කතා කිරීම, බලෙන් ඉඩම් අල්ලාගන මැදුරක් හදලා ඉහල මාලයේ බුදුගෙයක් හදගන පහල ඉන්න අයට දේශනා කරනවා වගේ වැඩක්.
    පත්තර කියෝ කියෝ ලොකු නැව් ටෝක් දෙන එවුන්ට මේවා මැගික්. ඒ අයට මතක නෑ, වී කිලෝ එකක සහතික මිල පටන් ගත්තේ රුපියල් 18 ත් අඩුවෙන් කියලා ( ඒ කාලේ 10 ටත් දුන්නා ), උද්ධමනය අතෑරලා ගත්තත්, වැඩි වීම විශාලයි.
    පොඩි මිනිහා ගැන් කිසිම සැලසුමක් 1989 – 2004 වෙනකම්ම කටවත් තිබ්බෙ නෑ කිව්වොත් වැරදි නෑ . හැමෝම කලේ එන හැටියට උලුවස්ස ගැසීමයි..
    අවුරුදු ගණන් තමන්ගේ අකාර්යක්ශමතාවය පෙන්නපු අයම ඇවිල්ලා මෙහෙම කියන කොට ඒක පිලිගන්නෙ ඕන අතේ රෝලක් තමන් කියෝන පත්තරේ තියනවා නම් පිලිගන්න අයයි.
    ඇමරිකාව සුපිරි ප්‍රජාතන්ත්‍රව්වාදයක් කියපු එකට සමහරු කිපෙයි සමහරු හොඳයි කියයි. ඒත් මම සුපිරි කියන වචනය පාවිච්චි කලේ උපහාසාත්මක විදියටයි.
 

lasa1106

Member
Apr 26, 2012
626
197
0
2010 එකක් ගැහුවා මතකයක් තියෙනවා.... එකම තම මේක ..... 2010 ප්‍රතිෂේප කල ගිවිසුම හා එම බලවේග, 2015 මිනිසුන් පිලිගනිවිද...........දවස් 100 අලුත් ව්‍යවස්ථාවක් හදනවා කියන්නේ පට්ට පල කෙබරයක්........ පඩි වැඩි කරන්න පුළුවන් ඊලග budget එකෙන්.... ඉත්න් ඊලග budget වෙනකන් පොඩ්ඩක් ඉවසගෙන ඉදපල්ලා කියලා දින්නොත් කියාවි ....................

පට්ට set එක...... රනිල් කතා කරනකොට කියන්නේ චන්දෙ දිනලා රැකියා ලක්ෂ ගානක් ගේනවා කියලා , සංවර්ධනය ගැන කියනවා....... මෛත්‍රී කියන්නේ විදායකය අහෝසි කරනවා කියලා ... චන්ද්‍රිකා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත වරක් හදනවා කියල.............. තිස්ස හා සජිත් කියන්නේ විදායක අගමැති කෙනෙක් ගේනවා කියල....... චම්පික කියන්නේ විධායකය අහෝසි කරන්නේ නැතුව විධායකයේ තියෙන සමහර බලතල අඩු කරනවා කියල....... සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති ගන්නවා කියලා තියෙන්නේ............


පට්ට set එක..................
 

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    මායාරත්න මහත්තයෝ. තර්කානුකූල පිළිතුරක් දෙන්න අපොහොසත්ව පරණ වීඩියෝ කෑලි දම දමා ඔබේ හිස් බව ප්‍රදර්ශණය කරන්න එපා. ඔය ඔබ ප්‍රදර්ශණය කරන්නේ ඔබේ මතවාදය ඔබේ හෘදසාක්ෂියට විරුද්ධ බව නේද? ඔබ පෙනී සිටින්නේ ඵුස්සක් වෙනුවෙන් බව නේද?