මොකක්ද බොලේ මේ Regulated Jobs කියන්නේ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මොකක්ද බොලේ මේ Regulated Jobs කියන්නේ



    updated ...............

    කාලෙකට පස්සේ නුලක් දමන්න හිතුන. අපි සමහරවෙලාව විවිද රස්සාවල් වල යෙදෙනවා. අපේ රස්සාව විවිද නම් වලින් හදුන්වගෙන ඉන්න පුළුවන් (dentist, software engineer, doctor, nurse, agrologist).

    අපි ඇත්තටම හෙදියක්ද ? ඉන්ජිනේරුවරයෙක්ද? දොස්තර කෙනෙක්ද ? :rofl::rofl::rofl: මේ ලිපිය ඒ ගැනයි
    රටකට ගිහිල්ල රස්සාවක් කරනකොට අපි දැනගන්න ඕනේ මොනවද ඒ රටේ නියාමිත/පාලිත වෘත්තින් (regulated jobs) කියා. නැතිනම් ගිහිල්ල අපේ අද්යාපන සුදුසුකම් වලට ගැලපෙන හරි හමන් රස්සාවක් හොයා ගන්න එක අමාරු වැඩක්

    general_skilled_migration_f1.jpg


    මොනවද මේ Regulated Jobs?

    යම්කිසි රස්සාවක ගුණාත්මක බවය නිසා සමාජයට සැලකියයුතු බලපෑමක් වෙනව නම්, ආණ්ඩුවක් එම වෘත්තින් නියාමනය කරනවා. උදාහරණයකට නිසි අද්යාපන දැනුම, ප්‍රයෝගික දැනුම නැති පිරිසක් පාලමක් හැදුවොත් මොකද වෙන්න කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. කැනඩාවේ එම වුර්තින් බොහෝවිට මේ ශ්ස්ත්‍ර (fields) වලට අදාලයි

    Health care
    Financial services
    Law and legal services
    Engineering

    පාලිත වෘත්තින් රාශියක් තියෙනවා. මේ ඉන් කිහිපයක් පමණයි.

    Regulated Occupations:

    # Accountant, certified general
    # Accountant, certified management
    # Accountant, chartered
    # Agrologist
    # Agrologist, technical
    # Architect
    # Audiologist and speech-language pathologist
    # Chiropractor
    # Dental hygienist
    # Dentist
    # Denturist
    # Dietitian
    # Engineer
    # Engineering and Applied Science Technician, Technologist
    # Geoscientist
    #..................................

    අනිත් ඒවා මෙතනින් බලාගන්න පුළුවන්

    http://www.canadavisa.com/canada-immigration-discussion-board/regulated-and-nonregulated-professionsmaking-plans-before-landing-t63552.0.html

    nurse_1.jpg


    දෙයියනේ කවුද මේවා පාලනය කරන්නේ?

    මේවා පාලනය කිරීම සදහා නීති රීති අනුමත කිරීම, ඒවායේ වගකීම ආණ්ඩුවෙන් හෝ ප්‍රාන්ත ආණ්ඩු වලින් සිදුකෙරෙනවා. උදාහරණයක් විදියට ඉංජිනේරු වුර්තියට අදාල ආයතන (regulatory bodies) මෙතනින් බලාගන්න පුළුවන්. ලංකාවේ නම් IESL තියෙනවා.

    https://engineerscanada.ca/regulatory-excellence/engineering-regulators

    ඔන්ටාරියෝ ප්‍රාන්තයෙන් නම් ඊට අදාල ආයතනය Professional Engineers Ontario (PEO)

    http://www.peo.on.ca/index.php

    එකේ මේ විදියට තියෙනවා

    "Through the Professional Engineers Act, Professional Engineers Ontario governs licence and certificate holders and regulates professional engineering in Ontario to serve and protect the public.

    Established on June 14, 1922, Professional Engineers Ontario (PEO) is the licensing and regulating body for engineering in the province. It fulfills the same role for engineers as the College of Physicians and Surgeons for doctors or the Law Society of Upper Canada for lawyers."

    මොනවද මේ regulatory bodies?

    අපි රටකට ආවහම අපේ වෘත්තියට අනුව මේවයේ ලියපදින්චි වෙලා තමයි අදාල වෘත්තියේ වෘත්තිකයෙක් විදියට කටයුතු කරන්න පුළුවන්. නැතිනම් නීති විරෝදියි.

    උදාහරණයක් විදියට යම්කිසි පුද්ගලයෙක් කැනඩාවට ඇවිල්ල දන්ත වෙදෙක් විදියට කටයුතු කරන්න නම් ඒ සදහා නිසි සුදුසුකම් සැපිරිය යුතුයි. මට අච්චර experience තියෙනවා......... මට වැඩක් දුන්නොත් කරන්න පුළුවන්..........මේ මේ පාටමාලා කරලා තියෙනවා ....සහතික බලන්න ඕනේ නැහැ......වැඩ දෙනන්කෝ අපි කරලා පෙන්නනම් .......මේවා අවසරයක් නෙවි. පොර ටෝක් දීල වැඩක් නැහැ. යථාර්තය මුහුණ දෙන්න වෙනවා. අනුමත නොවී ඒ වෘත්තියේ කටයුතු කිරීම හිරේ විලංගුවේ යන වැඩක්.

    මේවයේ ලියාපදිංචි වෙන්න අපේ අද්යාපන සුදුසුකම්, experience අවශ්‍ය මට්ටමට තිබිය යුතුයි. එක ටික කාලයක් ගතවෙන වැඩක්. පුද්ගලික හෝ වේවා ආණ්ඩුවේ ආයතන/ විශ්වවිද්‍යාල හෝ වේවා ඇත්තටම අපේ උපාදිය පිළිගන්නවද කියල බලාගන්න පුළුවන් මෙතැනදී.

    website-agrologists-honour-prout.jpg


    ඉංජිනේරු සදහා කැනඩාවේ අවුරුදු 4 ඉංජිනේරු පාටමාලා (BSc engineering) වට සමාන සුදුසුකම් සපුරා තිබිය යුතයි. ලියාපදිංචි නොවී "ඉංජිනේරු" කියන වචනය පාවිච්චි කරන්න බැහැ. programming කරලා මම software engineer කියන්න බැහැ. ආයතනයක් උනත් ඉංජිනේරු වැඩ කරනවානම් ඒ සදහා අවසර ගත යුතුයි (ලියාපදිංචි විය යුතයි).

    කවුරුහරි රටකට යන්න කලින් මේ කරනු දැනගෙන ඉන්න හොදයි කියල හිතුනු නිසා දැම්මේ. අන්තර්ජාලය තුල ගොඩක් කරුණු තියෙනවා. මේවා හැම රටකටම පොදුයි කියල මම හිතන්නේ. හරියට නීති රීති තියෙනවනම්, ඒවා ක්‍රියාත්මක වෙනවා නම්, අදාල ආයතන තියෙනවා නම්, රටේ සමාජය ආරක්ෂා වෙනවා, වෘත්තිකයන් ආරක්ෂා වෙනවා.
    ඕනෑම රටක අපි කරන්න ඕනේ දේ තමයි

    (1) රටේ පාලිත වුර්තින් මොනවාද ? එසේ නොවන ඒවා මොනවද අදුරගන්න එක
    (2) අපේ වුර්තිය පාලිත නම් එය පාලනය කරන ආයතනය හදුනා ගන්න
    (3) එයට අයදුම් කරන විදිය, ඒ වුර්තියේ දීමට අවශ්‍ය අද්යාපන සුදුසුකම් හදුනාගන්න.
    (4) සමහර විට ඒ රටට යාමට පෙර අයදුම් කිරීම පුළුවන් උනොත් කාලය ඉතිරි කරගන්න පුළුවන්. ඉක්මනට තමුන්ගේ වුර්තියේ වැඩ කරන්න පුළුවන්.

    සමහරවිට අපි ඉගෙන ගත්ත ආයතන, විශ්වවිද්‍යාල වලින් සිලබස් (syllabus), අපේ අද්යාපනික වාර්තා (education certificate transcripts) කෙලින්ම පාලිත ආයතන වලට යවන්න සිද්දවෙනවා. ඒ සදහා දැනුවත් වන්න, සුදානම් වන්න.

     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    මේ යන විදිහට තව ටික දවසකින් ඔය කිසිම යාමනය කිරීමක් සිරි ලංකාවට අදාල වෙන්නෙම නෑ
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මේ යන විදිහට තව ටික දවසකින් ඔය කිසිම යාමනය කිරීමක් සිරි ලංකාවට අදාල වෙන්නෙම නෑ

    ලංකාව හරි පුදුමයි. නීති රීති තද මදි. නීති තිබුනත් ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ලංකාවේ regulated jobs මොනවද කියල හරියට දන්නේ නැහැ.