මොකක්ද මේ අති උද්ධමනය

AEG

Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113

    මොකක්ද මේ අති උද්ධමනය ( Hyper Inflation) ?​

    BY දමිත් කේතක

    නව කොරෝනා 2019 වෛරසයට ප්‍රතිදේහ නිපදවන එන්නත් ලොව සතර දෙසින් කරළියට ඒමත් සමග, ලෝකය පුරා ඉන්න විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, “පශ්චාත් කොරෝනා සමයක් ” ගැන කථාබහට ගෙන තිබෙනවා. ලෝකයේ සාතිශය බහුතරයක් ක්ෂේත්‍ර වසංගතය නිසා දින ගණනාවකට නතර වී, දැන් ඒ වසංගතය සමඟ ජීවත් වෙන, එයට විද්‍යාත්මක විසඳුම වන වැක්සීන් ලබාදෙන, “නව සාමාන්‍ය තත්වයකට” හෙවත් “නිව් නෝමල්” එකකට ඇවිත් තියෙනවා. එතනදි තම තමන්ගේ විශේෂඥතා සහිත ක්ෂේත්‍රයන් වල මේ පශ්චාත් කොරෝනා අවධියේ කුමක් බලාපොරොත්තු විය හැකිද කියන එක මේ දිනවල සාකච්ඡාවට බඳුන් වෙනවා.
    ඒ වගේ බහුලව කථා කෙරෙන එක මාතෘකාවක් තමයි “අති උද්ධමනය හෙවත් “Hyper Inflation” කියන්නෙ.
    අපි අති උද්ධමනය ගැන කථා කරන්න කළින් බලමු, මොකක්ද උද්ධමනය කියන්නෙ කියලා.
    උද්ධමනය කියන එක සරලම විදියට ආකාර දෙකකින් පහදන්න පුලුවන් – උද්ධමනය යනු
    1. යම්කිසි සමාජයක පවත්වා ගන්නා ආර්ථිකයක, භාණ්ඩ හා සේවා ඇතුළු මිළක් හෝ වටිනාකමක් නියම කරනු ලබන දේවල් වල මිළ ගණන් පොදුවේ ඉහළ යෑම අපි “උද්ධමනය” කියලා හඳුන්වනවා
    2. ඉහත කියපු දේ සිදුවෙනකොට, ඊට සමගාමීව සිදුවෙන අනිත් දේ තමයි, ඒ සමාජයේ සම්මත මුදල් ඒකකයේ තියෙන මිළ දී ගැනීමේ හැකියාව හෙවත් “ක්‍රය ශක්තිය” ( Purchasing Power) එන්න එන්නම ක්ෂීණ වෙන එක. භාණ්ඩ හා සේවාවන් සඳහා ගෙවිය යුතු වටිනාකම ඉහළ යනවා කියන්නෙ, ඒ සමාජයේ මුදල් ඒකකයට, යම් යම් ගණන් මිමුම් වලින් කළින් කරපු දේවල්, ඒ ලෙසටම කරන්න ඇති හැකියාව අඩුවෙනවා. ඊට පස්සෙ ඒ තත්වයන් පවත්වා ගන්න අවශ්‍ය නම්, ඒ මුදල් ඒකකයෙන් සංඛ්‍යාත්මකව පෙරට වඩා වැඩි අගයක් දෙන්න ඕන
    උද්ධමනයේ මිනුම් දඬු සහ අවශ්‍ය දත්ත මොනවාද?
    යම් ආර්ථිකයක, මුදල් සැපයුමේ ප්‍රමාණය, එම ආර්ථිකයේ භාණ්ඩ හා සේවා වල මිළ ගණන් වල දළ අගයන්ට කරන බලපෑම හඳුන්වා දෙන සිද්ධාන්තය තමයි “මුදල් ප්‍රමාණවාදය” හෙවත් “Quantity theory of Money” කියන්නෙ
    එම සිද්ධාන්තයට සම්බන්ධ ගණනය කිරීම් කරන්න පාවිච්චි කරන සමීකරණය තමයි =
    M x V = P x Y
    අපි දැන් බලමු ඒකෙ විචල්‍ය ටිකේ තියෙන්නෙ මොනවද කියලා –
    M – රටක ආර්ථිකයේ පවතින මුදල් හෙවත් මුදල් සැපයුම
    V – මුදල් සංසරණ වේගය හෙවත් මුදල් ඒකකයක් වසරක ( හෝ සළකනු ලබන කාළයකට ) කාළයක් තුළ නිෂ්පාදනය අවසන් කළ භාණ්ඩ හෝ සේවාවලට කී වතාවක් වියදම් කරනු ලබයිද යන්න
    P – යම් ආර්ථිකයක් තුළ, දී ඇති කාළ සීමාවක් සඳහා, නිමි භාණ්ඩ සහ සේවා වල මිළ වටිනාකම්
    Y – යම් ආර්ථිකයක් තුළ, දී ඇති කාළ සීමාවක් සඳහා “විකිණී ඇති” නිමි භාණ්ඩ සහ සේවාවන්ගේ වටිනාකම
    “දළ ජාතික නිෂ්පාදනය ” කියන්නෙ යම් රාජ්‍යයක් ඇතුලේ, යම් ආර්ථිකයක් ඇතුලෙ නිපදවනු ලබන භාණ්ඩ ( කාර්මික සහ කෘෂිකාර්මික ) සහ සේවා සියල්ලගේම වටිනාකම් වල මුළු එකතුව. එතනදි ඒ සමස්ථ වටිනාකම ඉහළ යනකොට වාර්ෂිකව ඒකෙ තියෙන උද්ධමනයේ බලපෑම ඉවත් කරාම ලැබෙන අගයට අපි කියන්නෙ “මූර්ත දළ ජාතික නිෂ්පාදන” අගය කියලා ( Real GDP )
    මේ සමීකරණයේ දෙපැත්තෙන්ම ගණනය කරනු ලබන්නේ, අන්න ඒ “මූර්ත දළ ජාතික නිෂ්පාදන අගය”
    දැන් ඔබට තේරෙනවානේ, උද්ධමනය මැන ගන්න නම්, ඒ ගැන අදහසක් ලබාගන්න නම්, භාණ්ඩ හා සේවාවල සමස්ථයේ මිළ ගණන් වල දළ අගයන් උච්ඡාවචනය වීම දැනගෙන ඉන්න ඕන කියල මුලින්….අන්න ඒ සඳහා සකස් කරන දර්ශක වලට තමයි අපි “මිළ දර්ශක” හෙවත් “Price Indexes” කියන්නෙ.
    “පාරිභෝගික මිළ දර්ශකය” ( Consumer Price Index = CPI ) හෙවත් යම් සමාජයක පාරිභෝගිකයන්ගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවා වල මිළෙහි “භරිත සාමාන්‍ය” අගය හෙවත් “Weighted Average” එක පිරික්සන දර්ශකය, තොග මිළ දර්ශකය (Wholesale Price Index) හෙවත් තොග මට්ටමේ පවතින භාණ්ඩ වල මිළ දර්ශකය, නිෂ්පාදක මිළ දර්ශකය ( Producer Price Index ) හෙවත්, භාණ්ඩ හා සේවා සැපයුම් ක්‍රියාවලියේ අතරමැදි අවස්ථාවල සිටින අය විසින් ඒවා සඳහා ගෙවනු ලබන මිළ දර්ශකය, මේවා “මිළ දර්ශක” වලට උදාහරණ. ඒ අගයන් භාවිතා කරලා තමයි අපට භාණ්ඩ හා සේවා මිළ වෙනස් වී තිබෙන ආකාරය සහ ඒ අනුව උද්ධමන අගය ගණනය කරගන්න ලැබෙන්නෙ. මෙතනින් ලෝකයේ රටවල් බොහොමයක උද්ධමනය මනින්න බහුලවම භාවිතා කරන්නේ පාරිභෝගික සහ තොග මිළ දර්ශක දෙක.
    දැන් අපි මේ සමීකරණයම තමයි පාවිච්චි කරන්න යන්නෙ, උද්ධමනය ගණනය කිරීම ගැන පහදන්න –
    අපි මෙතන P වියුක්ත කරගත්තොත්, ඔබට පේනවා, පී හෙවත් සමස්ථ භාණ්ඩ හා සේවාවල මිළ ගණන් ඉහළ හෝ පහළ යන්න බළපාන විචල්‍ය තුන තමයි අනිත් පස තියෙන්නෙ කියලා.
    M X V / Y = P
    මෙතන Y අගය විශාල නිසාත්, වෙනස් වීම කෙරෙහි සාධක ගණනාවක් බලපාන නිසාත්, ඒ අගය ලෙහෙසියෙන් විශාල වශයෙන් වෙනස් වෙන්නෙ නෑ….
    ඒ වගේම තමයි මුදල් සංසරණ වේගය (V) කියන එකත්. සාමාන්‍යයෙන් රටක මුදල් සංසරණ වේගයේ අගයෙත් සාමාන්‍යයෙන් විශාල වෙනස්කම් රටක ඇතිවෙන්නෙ නෑ.
    ඒ අනුව ඉහත විචල්‍යයන් දෙකම, අනෙක් විචල්‍ය ස්ථාවරව පවතින විටකදි, ස්වාධීනව හෝ පෝෂිතව ( Sustained), අගයේ විශාල වෙනසක් කරමින් ( සුපැහැදිලි අනුපාතයකට ) වැඩි වෙන්නෙ නෑ….
    එහෙම නම්, ඉතිරි වෙන්නෙ මොකක්ද ? M හෙවත් මුදල් සැපයුම…..
    ආර්ථිකයක නිම වුනු සියළු භාණ්ඩ සහ සේවා නිෂ්පාදනයන්ගේ සමස්ථයේ මිළ ගණන් වල අගයන් සියල්ල වේගයෙන් ඉහළ යවන්න පුලුවන් එකම විචල්‍ය තමයි හෙවත් මුදල් සැපයුම….
    ආර්ථිකයකට මුදල් සැපයීම, හෝ ආර්ථිකයක් ලෙස හඳුන්වන වපසරියකට මුදල් සැපයීම ක්‍රියාවළිය තමයි, ඒ මිළ ගණන් බොහොම පහසුවෙන් සහ බොහොම රැඩිකල් විදියට ඉහළ පහළ යවන්න පුළුවන් වෙන සාධකය.
    දැන් මේ සමීකරණය දිහා බැලුවාම ඔබට කියන්න පුලුවන්, යම් ආර්ථිකයක ඔය “M” අගය හෙවත් මුදල් සැපයුම, “පවතින භාණ්ඩ සහ සේවා සඳහාම” ශීඝ්‍රයෙන් වැඩිකරගෙන ගියොත්, අනිවාර්යයෙන්ම එහි ආකෘතික ප්‍රතිඵලයක් ලෙස “P” හෙවත් මිළ ගණනුත් වේගයෙන් ඉහළ යා හැකි බව. අන්න එහෙම ඉහළ යෑමට තමයි අපි උද්ධමනය කියන්නෙ.
    යම් රටක, මුදල් ඒකකයෙන් කොච්චර ප්‍රමාණයක් සල්ලි මිනිසුන් අතර ගැවසෙන්න ගත්තත්, පවතින භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය වැඩි වෙන්නෙ
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    නැතුවාම මොකද වෙන්නෙ? අර තියෙන භාණ්ඩ හා සේවා ලබාගන්න, අතට වැඩිපුර සල්ලි ලැබුණු ඒ රටේ මිනිස්සු උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ඒ භාණ්ඩ වල මිළ ඉහල යනවා. ඇයි සැපයුම සීමිතයි, ඉල්ලුම අති මහත්. එවිට ඉල්ලුම අතරින් සීමිත පිරිසකට සැපයිය හැකි දේ දෙන්නෙ තරඟකාරීව ඉහළ ගිය මිළකට. අන්න එවිට තමයි උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යන්නෙ.
    මේ කරුණ නිසා, අපට ඉතාම සුපැහැදිලිව හඳුනාගන්න පුලුවන් “මුදල් අච්චු ගසා, යම් ආර්ථිකයකට පොම්ප කිරීම” තමයි, රටක උද්ධමනය “අසාමාන්‍ය ලෙස, අධික වේගයකින්” ඉහළ යෑමට බොහොම පහසුවෙන් සහ සෘජුව බලපෑ හැකි ප්‍රධානතම හේතුව ලෙස.
    අන්න එහෙම, ප්‍රඥාවන්ත පාලනයකින් තොරව, දිගින් දිගටම යම් ආර්ථිකයක මුදල් සැපයුම ඉහළ දැමීම නිසා, එක්තරා අවස්ථාවක පාලනය කරගත නොහැකි තරම් බිහිසුණු ලෙස භාණ්ඩ සහ සේවාවල මිළ ඉහල යන්න පටන් ගන්නවා. එවිට මුදල් ඒකකයේ ක්‍රය ශක්තිය සහ වටිනාකම පහළ වැටෙනවා. ජනතාවට මූලික අවශ්‍යතා මිළට ගන්නත් සංඛ්‍යාත්මකව වැඩි අගයක් සහිත මුදලක් ඕන වෙනවා. පාලකයන් එයට විසඳුමක් ලෙස ජනතාවගේ ආදායම වැඩි කරන්න තවත් මුදල් අච්චු ගසනවා. ඒ විදියට උද්ධමනයට සම්බන්ධයෙන් වැරදි පිළියමක් යෙදුවොත්, උද්ධමනය චක්‍රීයව ඉදිරියට ගිහින්, අවසානයේ අරුම පුදුම ගණන් වලින් වැඩිවෙන්න ගත්තාම, අන්න ඒ තත්වයට අපි කියනවා “අති උද්ධමන” ( Hyper Inflation ) හෙවත් අවස්ථාවක් කියලා.
    උද්ධමනය එහි ක්‍රියාකාරීත්වය, රාජ්‍ය මුදල් ප්‍රතිපත්තිය සහ ආර්ථික ප්‍රතිපත්ති උද්ධමනයට දක්වන ප්‍රතිචාර ආදිය අනුව බොහෝ ප්‍රභේද වලට බෙදෙනවා. නමුත් මේ මාතෘකාවෙදි අපිට වැදගත් වෙන ප්‍රභේද වර්ගීකරණය තමයි පහතින් තියෙන්නෙ :
    ආර්ථික විද්‍යාවේදී උද්ධමනය එය සිදුවීමේ ශීඝ්‍රතාවය සහ ප්‍රතිශතය අනුව ප්‍රධාන ඛාණ්ඩ 4 කට වර්ගීකරණය කර ඇත….
    1. Creeping Inflation – හෙවත් ප්‍රසර්පණ උද්ධමනය ( සමහරු ක්ෂුද්‍ර / අව උද්ධමනය කියලත් කියනවා ) – සාමාන්‍යයෙන් උද්ධමන වර්ධන වේගය 5% කට අඩුවෙන් වගේ තියෙනව නම් අන්න ඒ උද්ධමනය මේ ඝණයට ලා සැළකිය හැකියි…මෙවැනි උද්ධමන තත්වයන් තුළ පාරිභෝගිකයන් වැඩි වශයෙන් භාණ්ඩ හා සේවා මිළට ගැනීමට පෙළඹෙන බැවින් එබඳු ආර්ථිකයන් තුළ මුදල් සංසරණය ශීඝ්‍ර වන අතර ආර්ථිකය ප්‍රසාරණය වීමද සිදුවේ…
    2. Trotting Inflation හෙවත් ජවන උද්ධමනය – උද්ධමන වේගය 5% – 10% ( ඇතැම් සමාජයන් වල – විශේෂයෙන්ම සාපේක්ෂව විශාල ආර්ථිකයන් වල 13% වගේ උනත් වෙන කල් ) අතර රඳා පවතින විට අන්න ඒ වගේ උද්ධමන වේගයන් මේ ඛාණ්ඩයට අයත් වෙනවා.උදා: ශ්‍රී ලංකාව මේ ඛාණ්ඩයට දාන්න පුලුවන්.ශරී ලංකාවේ මේ වනවිට උද්ධමන වේගය 6% ක පමණ පවතිනවා.මේ වගේ තත්වයක් යම් රටක පවතින විට අනාගතයේ මේ උද්ධමන වේගය මීට වඩා වැඩි වෙයි කියන බිය නිසා මිනිසුන් භාණ්ඩ හා සේවා අපාලිතව මිළට ගන්න යෑමේදී ඉල්ලුම සමග මිළ ඉහල යෑම නිසාත්, ආර්ථිකය අසාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කිරීම නිසාත් අර්බුදකාරී තත්වයන් නිර්මාණය විය හැකියි…
    3. Galloping Inflation හෙවත් අතිධාවන කාරී උද්ධමනය – සාමාන්‍යයෙන් උද්ධමන වේගය 15% ක වගේ සිට 900% පමණ දක්වා අගයන්ගෙන් වෙනස් වේ නම් ( 2012 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකයන්ට අනුව ) එවැනි රටක උද්ධමන වේගය මේ ඛාණ්ඩයට දාන්න පුලුවන්….මේ තත්වය භයානක තත්වයක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ…සමස්ථ ආර්ථික කඩා වැටීමකින් මෙහා මෙවැනි තත්වයක් පාලනය කරලා වෙන්න යන විනාශය වළක්වා ගැනීම ඉතාම දුෂ්කර වැඩක්….මුදලේ අගය ශීඝ්‍රයෙන් පහත වැටෙන අතර, ඉහළ යන භාණ්ඩ හා සේවා මිළ හමුවේ වැටුප්, ඉතිරි කිරීම්, තැන්පතු ආදී කිසිවක අපේක්ෂිත ක්‍රය ශක්තිය පිහිටුවා ගත නොහැකි වනු ඇත….
    4. Hyper Inflation හෙවත් අති උද්ධමනය – සමස්ථයක් ලෙස සියළු පද්ධති සහ සංකීර්ණයන් කඩා වැටුණු අසාර්ථක රාජ්‍ය වල උද්ධමන වේගය 1000% ඉක්මවා යන විට මෙවැනි තත්වයක් යැ‍යි සැළකිය හැකියි…..මෙවැනි රටවල මුදල් ඒකකය “පිළිස්සුණු මුදල්” ඒකකයක් ලෙස සළකනු ලබයි….මේ බිහිසුණු තත්වය සඳහා 20 වැනි සියවසේ හොඳම උදාහරණයන් තුනක් තමයි –
    1923 – 1924 කාළය තුළ ජර්මනිය හෙවත් වයිමාර් ජනරජය – පළමු ලෝක සංග්‍රාමයෙන් පරාජිත වූ ජර්මනියේ උපන් ආර්ථික අර්බුදය එරට 1923 දි “පාන් ගෙඩියක” මිළ වන මාර්ක් 170 ක අගය 1924 වන විට මාර්ක් මිලියන 20 ක් දක්වා ඉහළ දැම්මා… ( ඉතිරි ටික කියන්න ඕන නෑනේ )
    සිම්බාබ්වේ – සිම්බාබ්වේ රාජ්‍යයේ අමන ඒකාධිපතියාගේ ක්‍රියාකාරකම් නිසා එරට ඇතිවෙච්ච ආර්ථික අර්බුදයේ තරම කොතෙක්ද කිව්වොත් 2009 වසරේ නොවැම්බර් මාසය අවසාන වනවිට එරට උද්ධමන වේගය නොවැම්බර් මාසය සඳහා පමණක් සියට බිලියන 790 ක් දක්වා ගියා. ( වෙන මොකුත් ඕන නෑ…පුලුවන් නම් ඉලක්කම කියව ගන්න )
    හංගේරියාව – දෙවනි ලෝක යුද්ධය අවසාන වන විට හංගේරියාවෙන් වාර්ථා උන උද්ධමන අගය තමයි ලෝක ඉතිහාසයේ කිසියම් රටක් වාර්ථා කරගත් භයානකම උද්ධමන වේග වාර්ථාව – ඒක මාස වලින්, වසර වලින් කියන්නෙ නැතුව මම දින වලින් කියල දෙන්නම්.හංගේරියානු මහා උද්ධමනයේ දිනක උද්ධමන වේගය 195% යි .. ඒ කියන්නෙ භාණ්ඩ හා සේවා වල පවතින මිළ “දෙගුණයක් වෙන්න” යන්නෙ පැය 14-15 පමණ.සෑම පැ‍ය 14 කට හෝ 15 කට වරක් සියළු භාණ්ඩ හා සේවාවල මිළ දෙගුණයක් වෙනවා….
    වෙනෙසියුලාව ගැන ඔය කවුරුත් දන්නවා… වෙනෙසියුලාවේ උද්ධමන වේගය ( 2016 ) වසර සඳහා 720% යි..එය ලබන වසර වන්නට පෙර 900% – 1000% දක්වා අගයකට යනු ඇතැයි විශ්වාස කරනවා..මිනිසුන් සාගතය ඉවස දරා ගන්න බැරුව යාබද කොළොම්බියාවට පලා යමින් සිටිනවා..රෝහල් වල ඖෂධ හිඟය නිසා දරුවන් මිය යමින් පවතිනවා.අපරාධ රැල්ල දරුණු ලෙස ඉහළ ගිහින්.21 වැනි සියවසේ පළමු “අති උද්ධමන” අර්බුදය කරා වෙනෙසියුලාව වේගයෙන් ළඟා වෙමින් පවතිනවා….
    අති උද්ධමන අවස්ථාවකදී එයට ගොදුරු වෙන රටේ මුදල් ඒකකය “පිළිස්සුණු මුදල් ඒකකයක් ” බවට පත්වීමේ නිදසුන් තමයි, සිම්බාවේ රාජ්‍යයට 2008 වසරෙදි “සිම්බාබ්වේ ඩොලර් ට්‍රිලියන සීයේ නෝට්ටුවක් ” මුද්‍රණය කරන්න සිදුවුනේ සහ වෙනෙසුවේලාව කියන රාජ්‍යයට වෙනෙසුවේලානු බොලිවාර් මිලියනයේ නෝට්ටු මුද්‍රණය කරන්න සිදුවුනේ. ඒ රටවල මුදල් ඒකකයේ ක්‍රය ශක්තිය කොච්චර බිහිසුණු ලෙස පහත වැටුණාද කියලා ඔබට අමුතුවෙන් සිතාගත යුතු නැහැ.
    මේ රාජ්‍ය සියල්ලගේම සිදුවුනේ, දේශපාලන අර්බුදයක් හෝ යුද්දයක් අවසානයේ ඇතිවූ ආර්ථික කම්පනයෙන් මිදීම සඳහා හෝ විශාල ගෙවීම් කිරීම සඳහා, සිය රාජ්‍යයේ නිළ මුදල් ඒකකයෙන් විශාල තොග අච්චු ගසා ආර්ථිකයට එන්නත් කිරීම. සිම්බාබ්වේ රාජ්‍යයේ ඒකාධිපති රොබ්ට් මුගාබේ එරට සුදු ජාතිකයන්ට අයත් ගොවිපළ රාජ සන්තක කිරීමත් සමඟ, සහ එරට ප්‍රජාතන්ත්‍රවාදය වළ පල්ලට දැමීමත් සමඟ ඔහුව ජාත්‍යන්තරයෙන් කොන් වුනා. නිෂ්පාදනය අවම වී තිබෙන පසුබිමක, ආර්ථිකය ගැන අවබෝධයකින් තොරව ඔහු මුදල් අච්චු ගසන්න නියෝග කළා.
    තව නිදසුන් ගත්තොත්, පළමු ලෝක සංග්‍රාමයෙන් පරාජිත වූ ජර්මනිය, මිත්‍ර පාක්ෂිකයන් විසින් ජර්මනිය ගෙවිය යුතු යැයි නියම කළ යුද වන්දි ගෙවන්න විශාල මුදලක් අච්චු ගැසුවා.
    Bundesarchiv_Bild_183-R1215-506%2C_Berlin%2C_Reichsbank%2C_Geldauflieferungsstelle.jpg
    002_e.jpg
    පළමු ලෝක යුද්දයෙන් පසුව, පිළිස්සී ගිය මුදල් ඒකකයක් ලෙස විශ්වාසය අහිමිවූ රයික් “මාක්” මුදල් ඒකකය
    වෙනෙසුවේලාවේ නිකොලස් මඩූරෝ පාලනය සම්බාධක සහ මැතිවරණ වංචා නිසා රට තුළ ඇතිවූ අස්ථාවර තත්වයට විසඳුම් වශයෙන් රාජ්‍ය වියදම් වැඩිකිරීමට කියලා මුදල් අච්චු ගැසුවා.
    ඒ නිසා දිගින් දිගටම රජයක්, භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය වැඩි දියුණු නොකර, මුදල් අච්චු ගසා එරට ආර්ථිකය ඇතුලේ “සංසරණය වෙන්න” එන්නත් කරනවා නම්, ඒකෙන් කියවෙන්නෙ, ඒ රටේ “අති උද්ධමන” තත්වයක් ඇතිවෙන්න අවශ්‍ය පසුබිම සැකසෙමින් තිබෙන බවයි.
    – දමිත් කේතක
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926

    eka eka nam dagena kiyawamu, kelaweemata itha aasannai.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,302
    166,586
    113
    එකමත් එක රටක
    solar panel පාවිච්චි කරන උන් ඉන්නවද ??
    කන බොන එක කෙසේ වෙතත් current එක නැති උනොත් හම්බකිරිල්ල වත් කරගන්න බැරි වෙනවා.:rofl:
    මේ යන විදියට ඔක්කොම ආර්ථිකේ ජෑම් වෙලා current එක දිගටම තියෙයි කියලා හිතන්න අමාරුයි..
     
    • Like
    Reactions: AEG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    solar panel පාවිච්චි කරන උන් ඉන්නවද ??
    කන බොන එක කෙසේ වෙතත් current එක නැති උනොත් හම්බකිරිල්ල වත් කරගන්න බැරි වෙනවා.:rofl:
    මේ යන විදියට ඔක්කොම ආර්ථිකේ ජෑම් වෙලා current එක දිගටම තියෙයි කියලා හිතන්න අමාරුයි..
    baya karanna epa yako. generator ekak ganna hithenawa
     
    • Like
    Reactions: AEG

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔය වැල් බයිලා ලියන් නැතුව ඉදහල්ලා. ජුලි 06 වෙනිදායින් පස්සේ රටට ස්වර්ණමය යුගය උදා වෙනවා.
     
    • Like
    • Love
    Reactions: AEG and dilann

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    solar panel පාවිච්චි කරන උන් ඉන්නවද ??
    කන බොන එක කෙසේ වෙතත් current එක නැති උනොත් හම්බකිරිල්ල වත් කරගන්න බැරි වෙනවා.:rofl:
    මේ යන විදියට ඔක්කොම ආර්ථිකේ ජෑම් වෙලා current එක දිගටම තියෙයි කියලා හිතන්න අමාරුයි..
    baya vuna :eek::nerd:
     
    • Sad
    Reactions: dilann and AEG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    ලන්කාව තාමත් ගොඩ දාගන්න පුලුවන් තත්වෙක තියෙනවා.. ඒ වුනත් හරි හමන් කළමනාකරණයක් නම් අත්‍යාවශ්යයි වගේ

    central bank එකනම් කෙලින් ඉන්නවා සාපෙක්ෂව.. මේ ලගදි පොලී ඉහල දාන්න හේතුව විදිහට එයාල statement එකේ කියල තිබ්බෙත් අන්තිම මාස දෙකේම උද්ධමනය 6%> උන එක කියලා.. (6.1%) .. ඒකයි පොලී අනුපාත වැඩි කරේ....

    මොනව උනත් ඉක්ම්නට tourism ඇරගන්න බැරි උනොත්නම් රෙද්දේ රෙවෙනවා..:(
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    central bank එකනම් කෙලින් ඉන්නවා සාපෙක්ෂව.. මේ ලගදි පොලී ඉහල දාන්න හේතුව විදිහට එයාල statement එකේ කියල තිබ්බෙත් අන්තිම මාස දෙකේම උද්ධමනය 6%> උන එක කියලා.. (6.1%) .. ඒකයි පොලී අනුපාත වැඩි කරේ....

    මොනව උනත් ඉක්ම්නට tourism ඇරගන්න බැරි උනොත්නම් රෙද්දේ රෙවෙනවා..:(
    රෙද්දේ රෙවෙනවා.. ඒක ශුවර්.. ජෙප්පොත් මහා ධාතු සුනඛයෝ සෙට් එකක්. උනුත් මේ අස්සෙම උද්ඝෝෂණ පටන් ගත්තා.. ආණ්ඩුවත් ඊට නොදෙවෙනි ධාතු සුනකයෝ.. අන්තිමට මිනිස්සුන්ට බඩු බනිස් වෙනවා.. මෑරෙන එක ලොක් ඩවුන් එකෙන්වත් නතර වුනොත් ලොකු දෙයක්. මම දන්න හුගක් ටුවරිසම් කරපු එවුන් වාහන විකුණලා හුගක් කල්
     
    • Like
    Reactions: tha123