Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක්ද මේ අති උද්ධමනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැතුවාම මොකද වෙන්නෙ? අර තියෙන භාණ්ඩ හා සේවා ලබාගන්න, අතට වැඩිපුර සල්ලි ලැබුණු ඒ රටේ මිනිස්සු උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ඒ භාණ්ඩ වල මිළ ඉහල යනවා. ඇයි සැපයුම සීමිතයි, ඉල්ලුම අති මහත්. එවිට ඉල්ලුම අතරින් සීමිත පිරිසකට සැපයිය හැකි දේ දෙන්නෙ තරඟකාරීව ඉහළ ගිය මිළකට. අන්න එවිට තමයි උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යන්නෙ.

මේ කරුණ නිසා, අපට ඉතාම සුපැහැදිලිව හඳුනාගන්න පුලුවන් “මුදල් අච්චු ගසා, යම් ආර්ථිකයකට පොම්ප කිරීම” තමයි, රටක උද්ධමනය “අසාමාන්‍ය ලෙස, අධික වේගයකින්” ඉහළ යෑමට බොහොම පහසුවෙන් සහ සෘජුව බලපෑ හැකි ප්‍රධානතම හේතුව ලෙස.

අන්න එහෙම, ප්‍රඥාවන්ත පාලනයකින් තොරව, දිගින් දිගටම යම් ආර්ථිකයක මුදල් සැපයුම ඉහළ දැමීම නිසා, එක්තරා අවස්ථාවක පාලනය කරගත නොහැකි තරම් බිහිසුණු ලෙස භාණ්ඩ සහ සේවාවල මිළ ඉහල යන්න පටන් ගන්නවා. එවිට මුදල් ඒකකයේ ක්‍රය ශක්තිය සහ වටිනාකම පහළ වැටෙනවා. ජනතාවට මූලික අවශ්‍යතා මිළට ගන්නත් සංඛ්‍යාත්මකව වැඩි අගයක් සහිත මුදලක් ඕන වෙනවා. පාලකයන් එයට විසඳුමක් ලෙස ජනතාවගේ ආදායම වැඩි කරන්න තවත් මුදල් අච්චු ගසනවා. ඒ විදියට උද්ධමනයට සම්බන්ධයෙන් වැරදි පිළියමක් යෙදුවොත්, උද්ධමනය චක්‍රීයව ඉදිරියට ගිහින්, අවසානයේ අරුම පුදුම ගණන් වලින් වැඩිවෙන්න ගත්තාම, අන්න ඒ තත්වයට අපි කියනවා “අති උද්ධමන” ( Hyper Inflation ) හෙවත් අවස්ථාවක් කියලා.

උද්ධමනය එහි ක්‍රියාකාරීත්වය, රාජ්‍ය මුදල් ප්‍රතිපත්තිය සහ ආර්ථික ප්‍රතිපත්ති උද්ධමනයට දක්වන ප්‍රතිචාර ආදිය අනුව බොහෝ ප්‍රභේද වලට බෙදෙනවා. නමුත් මේ මාතෘකාවෙදි අපිට වැදගත් වෙන ප්‍රභේද වර්ගීකරණය තමයි පහතින් තියෙන්නෙ :

ආර්ථික විද්‍යාවේදී උද්ධමනය එය සිදුවීමේ ශීඝ්‍රතාවය සහ ප්‍රතිශතය අනුව ප්‍රධාන ඛාණ්ඩ 4 කට වර්ගීකරණය කර ඇත….

1. Creeping Inflation – හෙවත් ප්‍රසර්පණ උද්ධමනය ( සමහරු ක්ෂුද්‍ර / අව උද්ධමනය කියලත් කියනවා ) – සාමාන්‍යයෙන් උද්ධමන වර්ධන වේගය 5% කට අඩුවෙන් වගේ තියෙනව නම් අන්න ඒ උද්ධමනය මේ ඝණයට ලා සැළකිය හැකියි…මෙවැනි උද්ධමන තත්වයන් තුළ පාරිභෝගිකයන් වැඩි වශයෙන් භාණ්ඩ හා සේවා මිළට ගැනීමට පෙළඹෙන බැවින් එබඳු ආර්ථිකයන් තුළ මුදල් සංසරණය ශීඝ්‍ර වන අතර ආර්ථිකය ප්‍රසාරණය වීමද සිදුවේ…

2. Trotting Inflation හෙවත් ජවන උද්ධමනය – උද්ධමන වේගය 5% – 10% ( ඇතැම් සමාජයන් වල – විශේෂයෙන්ම සාපේක්ෂව විශාල ආර්ථිකයන් වල 13% වගේ උනත් වෙන කල් ) අතර රඳා පවතින විට අන්න ඒ වගේ උද්ධමන වේගයන් මේ ඛාණ්ඩයට අයත් වෙනවා.උදා: ශ්‍රී ලංකාව මේ ඛාණ්ඩයට දාන්න පුලුවන්.ශරී ලංකාවේ මේ වනවිට උද්ධමන වේගය 6% ක පමණ පවතිනවා.මේ වගේ තත්වයක් යම් රටක පවතින විට අනාගතයේ මේ උද්ධමන වේගය මීට වඩා වැඩි වෙයි කියන බිය නිසා මිනිසුන් භාණ්ඩ හා සේවා අපාලිතව මිළට ගන්න යෑමේදී ඉල්ලුම සමග මිළ ඉහල යෑම නිසාත්, ආර්ථිකය අසාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කිරීම නිසාත් අර්බුදකාරී තත්වයන් නිර්මාණය විය හැකියි…

3. Galloping Inflation හෙවත් අතිධාවන කාරී උද්ධමනය – සාමාන්‍යයෙන් උද්ධමන වේගය 15% ක වගේ සිට 900% පමණ දක්වා අගයන්ගෙන් වෙනස් වේ නම් ( 2012 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකයන්ට අනුව ) එවැනි රටක උද්ධමන වේගය මේ ඛාණ්ඩයට දාන්න පුලුවන්….මේ තත්වය භයානක තත්වයක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ…සමස්ථ ආර්ථික කඩා වැටීමකින් මෙහා මෙවැනි තත්වයක් පාලනය කරලා වෙන්න යන විනාශය වළක්වා ගැනීම ඉතාම දුෂ්කර වැඩක්….මුදලේ අගය ශීඝ්‍රයෙන් පහත වැටෙන අතර, ඉහළ යන භාණ්ඩ හා සේවා මිළ හමුවේ වැටුප්, ඉතිරි කිරීම්, තැන්පතු ආදී කිසිවක අපේක්ෂිත ක්‍රය ශක්තිය පිහිටුවා ගත නොහැකි වනු ඇත….

4. Hyper Inflation හෙවත් අති උද්ධමනය – සමස්ථයක් ලෙස සියළු පද්ධති සහ සංකීර්ණයන් කඩා වැටුණු අසාර්ථක රාජ්‍ය වල උද්ධමන වේගය 1000% ඉක්මවා යන විට මෙවැනි තත්වයක් යැයි සැළකිය හැකියි…..මෙවැනි රටවල මුදල් ඒකකය “පිළිස්සුණු මුදල්” ඒකකයක් ලෙස සළකනු ලබයි….මේ බිහිසුණු තත්වය සඳහා 20 වැනි සියවසේ හොඳම උදාහරණයන් තුනක් තමයි –

1923 – 1924 කාළය තුළ ජර්මනිය හෙවත් වයිමාර් ජනරජය – පළමු ලෝක සංග්රාමයෙන් පරාජිත වූ ජර්මනියේ උපන් ආර්ථික අර්බුදය එරට 1923 දි “පාන් ගෙඩියක” මිළ වන මාර්ක් 170 ක අගය 1924 වන විට මාර්ක් මිලියන 20 ක් දක්වා ඉහළ දැම්මා… ( ඉතිරි ටික කියන්න ඕන නෑනේ )

සිම්බාබ්වේ – සිම්බාබ්වේ රාජ්‍යයේ අමන ඒකාධිපතියාගේ ක්‍රියාකාරකම් නිසා එරට ඇතිවෙච්ච ආර්ථික අර්බුදයේ තරම කොතෙක්ද කිව්වොත් 2009 වසරේ නොවැම්බර් මාසය අවසාන වනවිට එරට උද්ධමන වේගය නොවැම්බර් මාසය සඳහා පමණක් සියට බිලියන 790 ක් දක්වා ගියා. ( වෙන මොකුත් ඕන නෑ…පුලුවන් නම් ඉලක්කම කියව ගන්න )

හංගේරියාව – දෙවනි ලෝක යුද්ධය අවසාන වන විට හංගේරියාවෙන් වාර්ථා උන උද්ධමන අගය තමයි ලෝක ඉතිහාසයේ කිසියම් රටක් වාර්ථා කරගත් භයානකම උද්ධමන වේග වාර්ථාව – ඒක මාස වලින්, වසර වලින් කියන්නෙ නැතුව මම දින වලින් කියල දෙන්නම්.හංගේරියානු මහා උද්ධමනයේ දිනක උද්ධමන වේගය 195% යි .. ඒ කියන්නෙ භාණ්ඩ හා සේවා වල පවතින මිළ “දෙගුණයක් වෙන්න” යන්නෙ පැය 14-15 පමණ.සෑම පැය 14 කට හෝ 15 කට වරක් සියළු භාණ්ඩ හා සේවාවල මිළ දෙගුණයක් වෙනවා….

වෙනෙසියුලාව ගැන ඔය කවුරුත් දන්නවා… වෙනෙසියුලාවේ උද්ධමන වේගය ( 2016 ) වසර සඳහා 720% යි..එය ලබන වසර වන්නට පෙර 900% – 1000% දක්වා අගයකට යනු ඇතැයි විශ්වාස කරනවා..මිනිසුන් සාගතය ඉවස දරා ගන්න බැරුව යාබද කොළොම්බියාවට පලා යමින් සිටිනවා..රෝහල් වල ඖෂධ හිඟය නිසා දරුවන් මිය යමින් පවතිනවා.අපරාධ රැල්ල දරුණු ලෙස ඉහළ ගිහින්.21 වැනි සියවසේ පළමු “අති උද්ධමන” අර්බුදය කරා වෙනෙසියුලාව වේගයෙන් ළඟා වෙමින් පවතිනවා….

අති උද්ධමන අවස්ථාවකදී එයට ගොදුරු වෙන රටේ මුදල් ඒකකය “පිළිස්සුණු මුදල් ඒකකයක් ” බවට පත්වීමේ නිදසුන් තමයි, සිම්බාවේ රාජ්‍යයට 2008 වසරෙදි “සිම්බාබ්වේ ඩොලර් ට්‍රිලියන සීයේ නෝට්ටුවක් ” මුද්‍රණය කරන්න සිදුවුනේ සහ වෙනෙසුවේලාව කියන රාජ්‍යයට වෙනෙසුවේලානු බොලිවාර් මිලියනයේ නෝට්ටු මුද්‍රණය කරන්න සිදුවුනේ. ඒ රටවල මුදල් ඒකකයේ ක්‍රය ශක්තිය කොච්චර බිහිසුණු ලෙස පහත වැටුණාද කියලා ඔබට අමුතුවෙන් සිතාගත යුතු නැහැ.

මේ රාජ්‍ය සියල්ලගේම සිදුවුනේ, දේශපාලන අර්බුදයක් හෝ යුද්දයක් අවසානයේ ඇතිවූ ආර්ථික කම්පනයෙන් මිදීම සඳහා හෝ විශාල ගෙවීම් කිරීම සඳහා, සිය රාජ්‍යයේ නිළ මුදල් ඒකකයෙන් විශාල තොග අච්චු ගසා ආර්ථිකයට එන්නත් කිරීම. සිම්බාබ්වේ රාජ්‍යයේ ඒකාධිපති රොබ්ට් මුගාබේ එරට සුදු ජාතිකයන්ට අයත් ගොවිපළ රාජ සන්තක කිරීමත් සමඟ, සහ එරට ප්රජාතන්ත්රවාදය වළ පල්ලට දැමීමත් සමඟ ඔහුව ජාත්‍යන්තරයෙන් කොන් වුනා. නිෂ්පාදනය අවම වී තිබෙන පසුබිමක, ආර්ථිකය ගැන අවබෝධයකින් තොරව ඔහු මුදල් අච්චු ගසන්න නියෝග කළා.

තව නිදසුන් ගත්තොත්, පළමු ලෝක සංග්රාමයෙන් පරාජිත වූ ජර්මනිය, මිත්‍ර පාක්ෂිකයන් විසින් ජර්මනිය ගෙවිය යුතු යැයි නියම කළ යුද වන්දි ගෙවන්න විශාල මුදලක් අච්චු ගැසුවා.

පළමු ලෝක යුද්දයෙන් පසුව, පිළිස්සී ගිය මුදල් ඒකකයක් ලෙස විශ්වාසය අහිමිවූ රයික් “මාක්” මුදල් ඒකකය

වෙනෙසුවේලාවේ නිකොලස් මඩූරෝ පාලනය සම්බාධක සහ මැතිවරණ වංචා නිසා රට තුළ ඇතිවූ අස්ථාවර තත්වයට විසඳුම් වශයෙන් රාජ්‍ය වියදම් වැඩිකිරීමට කියලා මුදල් අච්චු ගැසුවා.

ඒ නිසා දිගින් දිගටම රජයක්, භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය වැඩි දියුණු නොකර, මුදල් අච්චු ගසා එරට ආර්ථිකය ඇතුලේ “සංසරණය වෙන්න” එන්නත් කරනවා නම්, ඒකෙන් කියවෙන්නෙ, ඒ රටේ “අති උද්ධමන” තත්වයක් ඇතිවෙන්න අවශ්‍ය පසුබිම සැකසෙමින් තිබෙන බවයි.

– දමිත් කේතක

[QUOTE="AEG, post: 26604113, member: 407630"] නැතුවාම මොකද වෙන්නෙ? අර තියෙන භාණ්ඩ හා සේවා ලබාගන්න, අතට වැඩිපුර සල්ලි ලැබුණු ඒ රටේ මිනිස්සු උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ඒ භාණ්ඩ වල මිළ ඉහල යනවා. ඇයි සැපයුම සීමිතයි, ඉල්ලුම අති මහත්. එවිට ඉල්ලුම අතරින් සීමිත පිරිසකට සැපයිය හැකි දේ දෙන්නෙ තරඟකාරීව ඉහළ ගිය මිළකට. අන්න එවිට තමයි උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යන්නෙ. මේ කරුණ නිසා, අපට ඉතාම සුපැහැදිලිව හඳුනාගන්න පුලුවන් “මුදල් අච්චු ගසා, යම් ආර්ථිකයකට පොම්ප කිරීම” තමයි, රටක උද්ධමනය “අසාමාන්‍ය ලෙස, අධික වේගයකින්” ඉහළ යෑමට බොහොම පහසුවෙන් සහ සෘජුව බලපෑ හැකි ප්‍රධානතම හේතුව ලෙස. අන්න එහෙම, ප්‍රඥාවන්ත පාලනයකින් තොරව, දිගින් දිගටම යම් ආර්ථිකයක මුදල් සැපයුම ඉහළ දැමීම නිසා, එක්තරා අවස්ථාවක පාලනය කරගත නොහැකි තරම් බිහිසුණු ලෙස භාණ්ඩ සහ සේවාවල මිළ ඉහල යන්න පටන් ගන්නවා. එවිට මුදල් ඒකකයේ ක්‍රය ශක්තිය සහ වටිනාකම පහළ වැටෙනවා. ජනතාවට මූලික අවශ්‍යතා මිළට ගන්නත් සංඛ්‍යාත්මකව වැඩි අගයක් සහිත මුදලක් ඕන වෙනවා. පාලකයන් එයට විසඳුමක් ලෙස ජනතාවගේ ආදායම වැඩි කරන්න තවත් මුදල් අච්චු ගසනවා. ඒ විදියට උද්ධමනයට සම්බන්ධයෙන් වැරදි පිළියමක් යෙදුවොත්, උද්ධමනය චක්‍රීයව ඉදිරියට ගිහින්, අවසානයේ අරුම පුදුම ගණන් වලින් වැඩිවෙන්න ගත්තාම, අන්න ඒ තත්වයට අපි කියනවා “අති උද්ධමන” ( Hyper Inflation ) හෙවත් අවස්ථාවක් කියලා. උද්ධමනය එහි ක්‍රියාකාරීත්වය, රාජ්‍ය මුදල් ප්‍රතිපත්තිය සහ ආර්ථික ප්‍රතිපත්ති උද්ධමනයට දක්වන ප්‍රතිචාර ආදිය අනුව බොහෝ ප්‍රභේද වලට බෙදෙනවා. නමුත් මේ මාතෘකාවෙදි අපිට වැදගත් වෙන ප්‍රභේද වර්ගීකරණය තමයි පහතින් තියෙන්නෙ : ආර්ථික විද්‍යාවේදී උද්ධමනය එය සිදුවීමේ ශීඝ්‍රතාවය සහ ප්‍රතිශතය අනුව ප්‍රධාන ඛාණ්ඩ 4 කට වර්ගීකරණය කර ඇත…. 1. Creeping Inflation – හෙවත් ප්‍රසර්පණ උද්ධමනය ( සමහරු ක්ෂුද්‍ර / අව උද්ධමනය කියලත් කියනවා ) – සාමාන්‍යයෙන් උද්ධමන වර්ධන වේගය 5% කට අඩුවෙන් වගේ තියෙනව නම් අන්න ඒ උද්ධමනය මේ ඝණයට ලා සැළකිය හැකියි…මෙවැනි උද්ධමන තත්වයන් තුළ පාරිභෝගිකයන් වැඩි වශයෙන් භාණ්ඩ හා සේවා මිළට ගැනීමට පෙළඹෙන බැවින් එබඳු ආර්ථිකයන් තුළ මුදල් සංසරණය ශීඝ්‍ර වන අතර ආර්ථිකය ප්‍රසාරණය වීමද සිදුවේ… 2. Trotting Inflation හෙවත් ජවන උද්ධමනය – උද්ධමන වේගය 5% – 10% ( ඇතැම් සමාජයන් වල – විශේෂයෙන්ම සාපේක්ෂව විශාල ආර්ථිකයන් වල 13% වගේ උනත් වෙන කල් ) අතර රඳා පවතින විට අන්න ඒ වගේ උද්ධමන වේගයන් මේ ඛාණ්ඩයට අයත් වෙනවා.උදා: ශ්‍රී ලංකාව මේ ඛාණ්ඩයට දාන්න පුලුවන්.ශරී ලංකාවේ මේ වනවිට උද්ධමන වේගය 6% ක පමණ පවතිනවා.මේ වගේ තත්වයක් යම් රටක පවතින විට අනාගතයේ මේ උද්ධමන වේගය මීට වඩා වැඩි වෙයි කියන බිය නිසා මිනිසුන් භාණ්ඩ හා සේවා අපාලිතව මිළට ගන්න යෑමේදී ඉල්ලුම සමග මිළ ඉහල යෑම නිසාත්, ආර්ථිකය අසාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කිරීම නිසාත් අර්බුදකාරී තත්වයන් නිර්මාණය විය හැකියි… 3. Galloping Inflation හෙවත් අතිධාවන කාරී උද්ධමනය – සාමාන්‍යයෙන් උද්ධමන වේගය 15% ක වගේ සිට 900% පමණ දක්වා අගයන්ගෙන් වෙනස් වේ නම් ( 2012 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකයන්ට අනුව ) එවැනි රටක උද්ධමන වේගය මේ ඛාණ්ඩයට දාන්න පුලුවන්….මේ තත්වය භයානක තත්වයක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ…සමස්ථ ආර්ථික කඩා වැටීමකින් මෙහා මෙවැනි තත්වයක් පාලනය කරලා වෙන්න යන විනාශය වළක්වා ගැනීම ඉතාම දුෂ්කර වැඩක්….මුදලේ අගය ශීඝ්‍රයෙන් පහත වැටෙන අතර, ඉහළ යන භාණ්ඩ හා සේවා මිළ හමුවේ වැටුප්, ඉතිරි කිරීම්, තැන්පතු ආදී කිසිවක අපේක්ෂිත ක්‍රය ශක්තිය පිහිටුවා ගත නොහැකි වනු ඇත…. 4. Hyper Inflation හෙවත් අති උද්ධමනය – සමස්ථයක් ලෙස සියළු පද්ධති සහ සංකීර්ණයන් කඩා වැටුණු අසාර්ථක රාජ්‍ය වල උද්ධමන වේගය 1000% ඉක්මවා යන විට මෙවැනි තත්වයක් යැයි සැළකිය හැකියි…..මෙවැනි රටවල මුදල් ඒකකය “පිළිස්සුණු මුදල්” ඒකකයක් ලෙස සළකනු ලබයි….මේ බිහිසුණු තත්වය සඳහා 20 වැනි සියවසේ හොඳම උදාහරණයන් තුනක් තමයි – 1923 – 1924 කාළය තුළ ජර්මනිය හෙවත් වයිමාර් ජනරජය – පළමු ලෝක සංග්රාමයෙන් පරාජිත වූ ජර්මනියේ උපන් ආර්ථික අර්බුදය එරට 1923 දි “පාන් ගෙඩියක” මිළ වන මාර්ක් 170 ක අගය 1924 වන විට මාර්ක් මිලියන 20 ක් දක්වා ඉහළ දැම්මා… ( ඉතිරි ටික කියන්න ඕන නෑනේ ) සිම්බාබ්වේ – සිම්බාබ්වේ රාජ්‍යයේ අමන ඒකාධිපතියාගේ ක්‍රියාකාරකම් නිසා එරට ඇතිවෙච්ච ආර්ථික අර්බුදයේ තරම කොතෙක්ද කිව්වොත් 2009 වසරේ නොවැම්බර් මාසය අවසාන වනවිට එරට උද්ධමන වේගය නොවැම්බර් මාසය සඳහා පමණක් සියට බිලියන 790 ක් දක්වා ගියා. ( වෙන මොකුත් ඕන නෑ…පුලුවන් නම් ඉලක්කම කියව ගන්න ) හංගේරියාව – දෙවනි ලෝක යුද්ධය අවසාන වන විට හංගේරියාවෙන් වාර්ථා උන උද්ධමන අගය තමයි ලෝක ඉතිහාසයේ කිසියම් රටක් වාර්ථා කරගත් භයානකම උද්ධමන වේග වාර්ථාව – ඒක මාස වලින්, වසර වලින් කියන්නෙ නැතුව මම දින වලින් කියල දෙන්නම්.හංගේරියානු මහා උද්ධමනයේ දිනක උද්ධමන වේගය 195% යි .. ඒ කියන්නෙ භාණ්ඩ හා සේවා වල පවතින මිළ “දෙගුණයක් වෙන්න” යන්නෙ පැය 14-15 පමණ.සෑම පැය 14 කට හෝ 15 කට වරක් සියළු භාණ්ඩ හා සේවාවල මිළ දෙගුණයක් වෙනවා…. වෙනෙසියුලාව ගැන ඔය කවුරුත් දන්නවා… වෙනෙසියුලාවේ උද්ධමන වේගය ( 2016 ) වසර සඳහා 720% යි..එය ලබන වසර වන්නට පෙර 900% – 1000% දක්වා අගයකට යනු ඇතැයි විශ්වාස කරනවා..මිනිසුන් සාගතය ඉවස දරා ගන්න බැරුව යාබද කොළොම්බියාවට පලා යමින් සිටිනවා..රෝහල් වල ඖෂධ හිඟය නිසා දරුවන් මිය යමින් පවතිනවා.අපරාධ රැල්ල දරුණු ලෙස ඉහළ ගිහින්.21 වැනි සියවසේ පළමු “අති උද්ධමන” අර්බුදය කරා වෙනෙසියුලාව වේගයෙන් ළඟා වෙමින් පවතිනවා…. අති උද්ධමන අවස්ථාවකදී එයට ගොදුරු වෙන රටේ මුදල් ඒකකය “පිළිස්සුණු මුදල් ඒකකයක් ” බවට පත්වීමේ නිදසුන් තමයි, සිම්බාවේ රාජ්‍යයට 2008 වසරෙදි “සිම්බාබ්වේ ඩොලර් ට්‍රිලියන සීයේ නෝට්ටුවක් ” මුද්‍රණය කරන්න සිදුවුනේ සහ වෙනෙසුවේලාව කියන රාජ්‍යයට වෙනෙසුවේලානු බොලිවාර් මිලියනයේ නෝට්ටු මුද්‍රණය කරන්න සිදුවුනේ. ඒ රටවල මුදල් ඒකකයේ ක්‍රය ශක්තිය කොච්චර බිහිසුණු ලෙස පහත වැටුණාද කියලා ඔබට අමුතුවෙන් සිතාගත යුතු නැහැ. මේ රාජ්‍ය සියල්ලගේම සිදුවුනේ, දේශපාලන අර්බුදයක් හෝ යුද්දයක් අවසානයේ ඇතිවූ ආර්ථික කම්පනයෙන් මිදීම සඳහා හෝ විශාල ගෙවීම් කිරීම සඳහා, සිය රාජ්‍යයේ නිළ මුදල් ඒකකයෙන් විශාල තොග අච්චු ගසා ආර්ථිකයට එන්නත් කිරීම. සිම්බාබ්වේ රාජ්‍යයේ ඒකාධිපති රොබ්ට් මුගාබේ එරට සුදු ජාතිකයන්ට අයත් ගොවිපළ රාජ සන්තක කිරීමත් සමඟ, සහ එරට ප්රජාතන්ත්රවාදය වළ පල්ලට දැමීමත් සමඟ ඔහුව ජාත්‍යන්තරයෙන් කොන් වුනා. නිෂ්පාදනය අවම වී තිබෙන පසුබිමක, ආර්ථිකය ගැන අවබෝධයකින් තොරව ඔහු මුදල් අච්චු ගසන්න නියෝග කළා. තව නිදසුන් ගත්තොත්, පළමු ලෝක සංග්රාමයෙන් පරාජිත වූ ජර්මනිය, මිත්‍ර පාක්ෂිකයන් විසින් ජර්මනිය ගෙවිය යුතු යැයි නියම කළ යුද වන්දි ගෙවන්න විශාල මුදලක් අච්චු ගැසුවා. [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/8/89/Bundesarchiv_Bild_183-R1215-506%2C_Berlin%2C_Reichsbank%2C_Geldauflieferungsstelle.jpg[/IMG][IMG]https://www.sott.net/image/s27/544561/full/002_e.jpg[/IMG]පළමු ලෝක යුද්දයෙන් පසුව, පිළිස්සී ගිය මුදල් ඒකකයක් ලෙස විශ්වාසය අහිමිවූ රයික් “මාක්” මුදල් ඒකකය වෙනෙසුවේලාවේ නිකොලස් මඩූරෝ පාලනය සම්බාධක සහ මැතිවරණ වංචා නිසා රට තුළ ඇතිවූ අස්ථාවර තත්වයට විසඳුම් වශයෙන් රාජ්‍ය වියදම් වැඩිකිරීමට කියලා මුදල් අච්චු ගැසුවා. ඒ නිසා දිගින් දිගටම රජයක්, භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය වැඩි දියුණු නොකර, මුදල් අච්චු ගසා එරට ආර්ථිකය ඇතුලේ “සංසරණය වෙන්න” එන්නත් කරනවා නම්, ඒකෙන් කියවෙන්නෙ, ඒ රටේ “අති උද්ධමන” තත්වයක් ඇතිවෙන්න අවශ්‍ය පසුබිම සැකසෙමින් තිබෙන බවයි. – දමිත් කේතක [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom