මොකක්ද මේ ChatGPT

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,146
    8,145
    113
    M-Town
    ChatGPT යෙදවුමේ විශේෂය නම්, එය සෙසු සෙවුම් පද්ධති මෙන් දත්ත මතක තබාගෙන අවශ්‍ය වූ විට ලබා දීමේ ක්‍රමයෙන් බැහැරව, දත්ත මත සිට දැනුම නිර්මාණය කිරීමේ හැකියාව අත්කරගෙන තිබීමයි. උදාහරණයක් ලෙස අප දෙන සෙවුම් වචනයක් මත පදනම් ව ගූගල් වැනි යෙදවුමක් අපට බොහෝ දත්ත හා තොරතුරු ලබා දෙනවා. එහෙත් එම දත්ත හා තොරතුරු අමු ඒවා වන විට, chatGPT මගින් කරන්නේ අප දෙන යෝජනාවක් හෝ ප්‍රශ්නයක් පදනම් කරගෙන අන්තර්ජාලයේ හතර දිග්භාගය පීරා අදාළ දත්ත හා තොරතුරු එකී යෝජනාවට අනුව විග්‍රහ කොට අපට ලබා දීමයි. ඒ අනුව, සාමාන්‍ය සෙවුම් පද්ධතිවල next level ලෙස මෙය ගත හැකිය.

    ඉහත සුවිශේෂී තත්වය මත ChatGPT මෙවල ම මේ දිනවල තාක්ෂණ ලෝකයේ සියලු දෙනාගේ ක්‍රෂ් එක වී තිබේ. එසේ වීමට ඊට සියලු සුදුසුකම් තිබෙනවා. කෘතීම බුද්ධිය මේ තරමින් භාවිතා කරන යෙදවුම් අතර chatgpt බොහෝ ඉදිරියෙන් ඉන්න බව තරඟකාරීන් පවා පිළිගන්නා දෙයක්. නමෙහි ඇති GPT එකෙන් අදහස් වන්නේ generative pre-trained transformer යන්නයි. එහි අදහස ජනන හැකියාව සහිත පෙර පුහුණුව ලැබූ වෙනස්කරන්නා යන්න වේ. මෙම යෙදවුම අදහස් ජනනය කිරීම සඳහා පෙර පුහුණුව ලද එකක්. එම පුහුණුවීම් කරල තියෙන්නෙ මිනිසුන් හා කෘතීම බුද්ධිමය සහායකයින් එකට එක්ව. ඉතා බහුශ්‍රැත මෙවලමක් වන මෙයට, කවි ගීත, සංගීත නිර්මාණ ලිවීමේ සිට අතර මැද ඇති සියලු දේ හා පරිඝණක කේත ජනනය කිරීමේ හැකියාව පවා තිබෙනවා. කෙසේ වෙතත්, මීට සීමා තිබෙන බවත් යෙදවුමේ මව් සමාගම වන OpenAI පවසනවා. ඒවා අතර සත්‍ය බව හැඟෙන මුත්, හරසුන් ප්‍රකාශ ජනනය වීම එක් දුබලතාවක්.

    ChatGTP මෙවලම මිනිසාට අභියෝගාත්මක වන්නේ, එය මිනිසාට සමානම reasoning හෙවත් තර්කන කාර්යක නිරත වීම නිසායි. ගූගල් වැනි පද්ධතිවල දී මිනිසාට දී තිබූ දත්ත හා තොරතුරු විග්‍රහ කිරීමේ අවස්ථාව මෙමගින් ම බාරගෙන ඇත. මේ අතර, වත්මන් මිනිසා ද සෙවුම් පද්ධති මත යැපෙමින් දැනුම නිර්මාණය කරන නිසා, ChatGPT ද එම පද්ධතිය මත ම සිටිමින්, එහෙත් මිනිසාට වඩා පුළුල් පරිසරයක තොරතුරු අතැති නිසා වත්මන් මිනිසාට මෙය සම කිරීම හැර ඉක්මවා යාම අභියෝගයක් වනු ඇත. බොහෝ තැන්වල සම කිරීම ද ගැටළුවකි. මිනිසාට ChatGTP ඉක්මවා යෑමට නම් දැනුම පිළිබඳ නව පරිකල්පනීය සීමාවක් ලකුණු කර ගැනීම අනිවාර්ය වනු ඇත.
     
    ගෙදර වැඩ කරලා දෙන්න පුළුවන් එකක් ඉලෝන් මස්ක්ට හදන්න බැරිද දන්නෑ.. නිකන් make me a cup of tea, make a delicious pizza for me… වගේ. තව බල්ලා නාවලා දෙන්න, ගේ අතුගාන්න වගේ පුළුවන් එකක් හැදුවොත් මම හොයාගෙන ගිහින් තෑන්ක් කරනවා.. 😌
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගෙදර වැඩ කරලා දෙන්න පුළුවන් එකක් ඉලෝන් මස්ක්ට හදන්න බැරිද දන්නෑ.. නිකන් make me a cup of tea, make a delicious pizza for me… වගේ. තව බල්ලා නාවලා දෙන්න, ගේ අතුගාන්න වගේ පුළුවන් එකක් හැදුවොත් මම හොයාගෙන ගිහින් තෑන්ක් කරනවා.. 😌
    හායි 😍
     
    • Like
    Reactions: chathura414

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ගෙදර වැඩ කරලා දෙන්න පුළුවන් එකක් ඉලෝන් මස්ක්ට හදන්න බැරිද දන්නෑ.. නිකන් make me a cup of tea, make a delicious pizza for me… වගේ. තව බල්ලා නාවලා දෙන්න, ගේ අතුගාන්න වගේ පුළුවන් එකක් හැදුවොත් මම හොයාගෙන ගිහින් තෑන්ක් කරනවා.. 😌
    mn weda karala dennm
    robo wage laga innm
    ehema akamathimanm
    anuradhayawa ewannm...............
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,146
    8,145
    113
    M-Town
    ගෙදර වැඩ කරලා දෙන්න පුළුවන් එකක් ඉලෝන් මස්ක්ට හදන්න බැරිද දන්නෑ.. නිකන් make me a cup of tea, make a delicious pizza for me… වගේ. තව බල්ලා නාවලා දෙන්න, ගේ අතුගාන්න වගේ පුළුවන් එකක් හැදුවොත් මම හොයාගෙන ගිහින් තෑන්ක් කරනවා.. 😌
    ඉලෝන් මස්ක් වගෙ එකෙක් කිරියෙත් ඉන්නවා, ඉන්ද්‍රජිත් ගමගේ කියලා See more...
     
    • Haha
    Reactions: Geshi95