මොකටද බොල නීතිය අධිකරණය හා විනිසුරන්?

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මොකටද බොල නීතිය අධිකරණය හා විනිසුරන්?

    මොකටද බොල නීතිය අධිකරණය හා විනිසුරන්?

    Special%20Bill%2048%20Hours%20Sri%20Lanka%20DONP.jpg

    [2]

    බූන්දි| බදාදා, නොවැම්බර් 14, 2012| 17:01:55

    නිමිත්ත- දිවි නැග්ගීමේ මීළඟ පියවර සැකකරුවෙකු පැය 48ක් මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් නොකර රඳවා තබාගැනීමට ඉඩ සලසන අපරාධ නඩු විධාන (විශේෂ විධිවිධාන) පනතයි.

    යදමින් බැඳ විලංගු ලා සැකකරුවන් රැගෙන යන්න
    ඉඳිකටු ඇණ ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න
    එක දවසක් හොඳටම මදි දවස් දෙකක් ඕනෙ ඔන්න
    පට් පට් ගා පනතට ඇපෲවල් එක අරන් දෙන්න

    උපා යොදා වමාරවා ඇරවා දොරටුව නිවන්
    ඉතා පෙමින් පිරිමැද එල්ලා සිරි සදහම් සකෙන්
    යකා වගේ දඟලන කොට කුළුහරකුන් වැනි එවුන්
    එක දවසින් වැලිගම්පිටි යැවිය හැකිද මට කියන්

    කකා බිබී නටති ඉහළ කැලෑසි වල කුමරුවන්
    නොකා නොබී කැපවෙමු සැකයට ලක් විය හැකි බැවින්
    සැකකරුවන් මිස කොහෙවත් ජනතාවක් නැති බැවින්
    මොකටද බොල නීතිය අධිකරණය හා විනිසුරන්?
    Iwarayi.jpg

    PenIcon.jpg
    Don Putha | ඩෝං පුතා
     
    ඔන්න බඩු හරි