මොකද්ද මේ Bitcoin කියන්නේ ?

dhanush_c

Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    මොකද්ද මේ Bitcoin කියන්නේ ?

    අද වෙනකොට කාගේත් කතාබහට ලක්වෙන ඒ වගේම නිතර අහන්න ලැබෙන වචනයක් තමයි මේ Bitcoin කියන්නේ. සරලව පැහැදිලි කරනවා නම් Bitcoin කියන්නේ අන්තර්ජාලය තුළ භාවිතා කරන ඉලෙක්ට්‍රොනික මුදල් ඒකකයක්. එහෙමත් නැතිනම් cryptocurrency කියන වර්ගයට තමයි අයත් වෙන්නේ. Bitcoin නිර්මාණය වෙන්නේ 2009දී Satoshi Nakamoto ලෙස හඳුන්වාගත් පරිගණක ක්‍රමලේඛකයෙක් විසින්. මේ ලිපිය ලියන වෙලාවේදී Bitcoin එකක් ඇමෙරිකානු ඩොලර් 2361.28ක් වෙනවා. Bitcoin මේ තරමට ජනප්‍රිය වෙන්න ඒකත් එක හේතුවක්.

    Bitcoin මුදල් ඒකකයක් විදියට හැඳින්වුවත් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන මුදල් වලට වගේ අතරමැදි සේවාවක් Bitcoin වලදී නැහැ. තවත් විදියකින් කියනවා නම් බැංකු හෝ වෙනත් නිලලත් ආයතනයක් නැහැ. ඒ වගේම transaction fee වගේ දේවල් එකතු වෙන්නෙත් නැහැ. අනිත් විශේෂම දේ තමයි අපි අපේ අනන්‍යතාව හෙළිකරන්න අවශ්‍යතාවයක් නැහැ, අපි කැමති නමකින් පෙනී හිටින්න පුළුවන්.

    bitcoin mining

    පහුගිය අවුරුදු කීපය ඇතුලත Bitcoin වල සිදුවුණ පෙරළියත් එක්ක Bitcoin මුදල් ඒකකයක් ලෙස පිළිගන්න වෙළඳපලක් ඇතිවුනා. අද වෙනකොට web hosting, domain names වගේ දේවල් වල ඉඳලා pizza වගේ දේවල් උනත් මිලට ගන්න පුළුවන් වෙලා තියනවා.

    Bitcoin එක්කම කියවෙන තවත් වචනයක් තමයි Bitcoin Mining කියන්නේ. සාමාන්‍ය මුදල් මුද්‍රණය කරනවා වගේ Bitcoin නිර්මාණය කරන process එක හඳුන්වන්නේ Bitcoin mining කියන නමින්. Bitcoin mine කරන අය එහෙමත් නැතිනම් Bitcoin miners විශේෂ මෘදුකාංග භාවිත කරලා ගණිත ගැටළු විසඳීමක් තමයි මෙතැනදී වෙන්නේ. මේ විසඳන ගැටළු වල සංකීර්ණත්වය, විසඳන වේගය වගේ දේවල් මත ඊට සරිලන bitcoin ප්‍රමාණයක් ගණනය වෙනවා. මීට අමතරව Bitcoin mining process එකේදී මේ සියලුම ගණුදෙනුවල transaction records සියල්ල Blockchain කියන public ledger එකේ සටහන් කරනවා.

    Bitcoin mining වලට අමතරව bitcoin ලබාගන්න පුළුවන් Bitcoin exchange සහ bitcoin transfer කියන ක්‍රම මගින්. මේ සඳහා නිර්මාණය වුනු mobile application හරහා තමයි මේ ගනුදෙනුව සිදුවෙන්නේ. Bitcoin Exchange වලට නිර්මාණය කෙරුණු marketplaces තියනවා. මේවා වලදී විවිධ මුදල් ඒකක යටතේ Bitcoin selling & buying කරන්න පුළුවන්. Mt. Gox කියන්නේ ඒ වගේ marketplace එකක්.

    exchange

    Bitcoin ලෝකේ තියන අනිත් වැදගත්ම දේ තමයි Bitcoin wallet කියන්නේ.මේ කියන digital wallet වල තමයි අපි earn කරන, buy කරන bitcoin store කරන්නේ. Bitcoin wallet වර්ග කීපයකට බෙදෙනවා.

    Desktop wallet
    Mobile wallet
    Hardware wallet
    Online wallet
    Paper wallet
    මේවා අතුරින් Desktop wallet තමයි security අතින් ඉහලින්ම තියෙන්නේ. පළමු සහ original Desktop wallet එක වෙන්නේ Bitcoin Core. මීට අමතරව Multibit, Armory වගේ wallets තියනවා. මෙතනින් පුළුවන් කැමති වර්ගයක bitcoin wallet එකක් select කරගන්න.

    bitcoin wallet

    Bitcoin ගැන දැනගත යුතුම දේවල් මේ විදියට හඳුන්වන්න පුළුවන්.

    Bitcoin එකක් වටිනාකම ඕනෑම වෙලාවක අඩු වැඩි වීම් වෙන්න පුළුවන්. මේ ගැන සහතික කිරීමක් සිදුවෙන්නේ නැහැ.
    Digital wallet එකේ ආරක්ෂාව භාවිත කරන්න සතු වගකීමක් වෙනවා. සාමාන්‍යයෙන් Wallet service වලින් සැලකිය යුතු ආරක්ෂාවක් ලැබුනත් පරිගණක හා අන්තර්ජාල භාවිතයේදී සිදුවෙන වැරදි අතපසුවීම් නිසා ආරක්ෂාවට ගැටළු මතු වෙන්න ඉඩ තියෙනවා.
    Bitcoin භාවිතයෙන් ගණුදෙනුවක් සිදුවූ පසු එය නැවත හැරවීමක් හෝ අවලංගු කිරීමක් සිදු කරන්න අවස්ථාවක් නැහැ. මේ නිසා සියලුම ගෙවීම් සහ අනෙකුත් කටයුතු සැලකිල්ලෙන් සිදු කලයුතු වෙනවා.
    ඕනෑම කෙනෙක්ට ඕනෑම bitcoin address එකක සියලුම bitcoin transactions සහ account balance නැරඹිය හැකි විදියට public දක්වලා තියනවා. නමුත් ඒ ගිණුම් වල හඳුනාගැනීමේ අංක(ID) පමණක් වෙන අතර අයිතිකරුවන් විසින් හෙළිකළහොත් හැරෙන්නට අයිතිකරුවන් පිලිබඳ තොරතුරු හෙලිවීමක් වෙන්නේ නැහැ. blockchain.info කියන්නේ ඒ වගේ විස්තර බලන්න පුළුවන් website එකක්.
    අනාගතයේ Bitcoin මොන වගේ වෙයිද කියන එක ගැන මේ වනවිට විවිධ මත හා අදහස් පළකිරීම් ලොව පුරා පැතිරෙමින් පවතිනනවා. ඒ වගේම bitcoin වල Community-driven ක්‍රමය නිසා විවිධ රටවල රජයන් විසින් Bitcoin වලට නීති සහ බදු ක්‍රම සම්පාදනය ගැනත් උනන්දු වීමක් දක්නට ලැබෙනවා.

    සම්පුර්ණ ලිපිය බලන්න
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ගිරව තමා දන්නේ බෙනේ ඇතුලේ මොකද වෙන්නෙ කියල...ඒකට රිලව් රිංගන්න ආවම තමා ප්‍රශ්න ඇතිවෙන්නෙ...