මේ දවස්වල හැමෝම කතා කරන්නේ VAT එක 15% ට වැඩි කරපු එක ගැනනේ. මං දැක්කා කිහිපදෙනෙක්ම එළකිරි එකේ අහලා තිබ්බා මොකද්ද මේ VAT කියන්නේ කියලා ඒක නිසා මං හිතුවා මං දන්න විදියට VAT ගැන post එකක් දාන්න...
VAT කියන්නේ Value Added Tax, එහෙම නැත්තම් එකතු කළ අගය මත බද්දට. ගොඩක් අය අහනවා බද්ද අය කරන්නේ විකුණුම් මතද නැත්තම් ලාභය මතද කියලා. හරි උත්තරේ තමයි ඒ දෙකම නෙමේ ඔයාගෙ business එකේ එකතු කළ අගය මත තමා 15% ක් බදු අය කරන්නේ.
එතකොට මොකද්ද එකතු කල අගය කියලා කියන්නේ. ඒක පැහැදිලි කර ගන්න පොඩි උදාහරණ කිහිපයක් ගමු.
1. බඩඉරිගු වවලා විකුණන ගොවියෙක් ඉන්නවා. එයා කිසිම දෙයක් පිටින් ගන්නේ නෑ බීජ විදියට ගන්නේත් එයා වවන එවාමයි. පොහොර වත් සල්ලි දීලා ගන්නේ නැහැ. එහෙම වවන එක කරලක් රුපියල් 10 කට විකුණනවා. ඒ කියන්නේ බඩ ඉරුගු කරලක අගය නැත්තම් වටිනාකම රු 10 යි. එයා මුකුත් පිටින් ගත්තේ නැති නිසා මුළු වටිනාකම වන 10ම එකතු කරලා තියෙන්නේ එයා විසින්.
ඒ කියන්නේ මුළු රුපියල් 10 ම වටිනාකම එයා තමා එකතු කරලා තියෙන්නේ එයා විකුණපු භාණ්ඩයට. එම නිසා එයාගේ බද්ද 10 x 15% = Rs. 1.50
2. තව කෙනෙක් ඉන්නවා. එයත් බඩඉරිගු වවලා විකුණන එක තමා කරන්නේ. හැබැයි බීජ හා පොහොර ගන්නේ කඩෙන්. ඒක බීජයකට රූ l ක් සහ එක කරල කට ඕනි පොහොරවලට රු 2 ක් ගෙවනවා. ඒ කියන්නේ එයා 10 කට විකුණන කරලක රු 3 ක් තියෙන්නේ පිටින් ගත්ත බඩු.
ඒ කියන්නෙ එයා එකතු කළ වටිනාකම රු 7 ක් විතරයි. එතකොට එයාගෙ බද්ද 7 x 15% = 1.05
3. සිල්ලර වෙළෙන්දෙක් රු 10 ට බඩ ඉරුගු කරලක් අර ගොවියාගෙන් අරගෙන රු. 12 කට විකුනනවා. ඒ කියන්නේ දැන් බඩ ඉරුගු කරලක වටිනාකම රු. 12යි. හැබයි එකෙන් 10කම එකතු කලේ අර ගොවියා. සිල්ලර වෙළෙන්දා එකතු කල අගය රු. 2ක් විතරයි.
එතකොට එයා ගෙවන්න ඕනි බද්ද 2 X 15% = 0.30 ක් විතරයි.
ඕක තමා VAT ගැන සරල කතාව. හැබැයි ඇත්ත ලෝකේදී ඔයිට වඩා ටිකක් සංකීර්ණයි ඒ ගැන තව post එකක් දාන්නම්.